Tuesday, November 7, 2017

ඉමදූවේ මායකඩුවටත් හරිත උයනක්


  “නාන්තර අපේ මිතුරන් එය ආරක්ෂා කිරිම අප සැමගේ යුතුකමක් හා වගකිමක්”  බව  පසුගිය දා ඉමදුව ප්‍රාදේශිය මහ ලේකම් ලක්ෂ්මි කාන්ති මහත්මිය පැවසීය. ඇය එසෙ පැවසුවේ ඉමදුව මායකඩුව ප්‍රදේශයේ පැවති  “ සමෘද්ධි හරිත උයන ”  විශේෂ වැඩ සටහනට සහභාගි වෙමිණි.
  
  දිනෙන් දින විනාශ වෙමින් සහ ක්ෂයවෙමින් පවතින වනගහනය ආරක්ෂා කිරිමහා  ඉහල දැමිම සදහා අතිගරු ජනාධිපත්තුමාගේ වන රෝපා වැඩ සටහන යටතේ  ශ්‍රී ලංකා වනගහනය ප්‍රවර්ධනය කරමින් සුරක්ෂිත පරිසරයක් ඇති කිරිමේ අරමුණින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම හරිත උයන වැඩ සටහන ආරම්භ කර ඇත. එමගින් නාගරික ජනාවාස ආශ්‍රිතව කදුමුදුන්, ජල පෝෂක  ප්‍රදේශ, වෙරළ තීර   ආශ්‍රිතව හදුනාගත් නිශ්චිත භුමියක තිරසාර පැවැත්මක් ඇති රුක් රෝපණ වැඩ සටහන් ක්‍රියාත්මක කිරිම සිදුකරන අතර සියලුම ප්‍රදේශවල සමෘද්ධි නිලධාරින්, අනිකුත් රාජ්‍ය නිලධාරින් හා ඒකාබද්ධව සමෘද්ධි ප්‍රතිලාභින්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ.

   මායකඩුව කණිෂ්ඨ විද්‍යාලය හා මායකඩුව ප්‍රජාශාලාව අවට අක්කර භාගයක පමණ භුමි ප්‍රමාණයක මෙම රුක් රෝපණ වැඩ සටහන ක්‍රියාත්මක කෙරුණ අතර පාසල් දරුවන්ගේ සහ සමෘද්ධි ප්‍රතිලාභින්ගේ සහයෝග‍යෙන් වන පැළ සිටුවීම සිදුවිය. නා, මී, ගිනිසපු, නැදුන්, මැහෝගනි, කුඹුක්සහ කොහොඹ වැනි දැව වටිනාකමක් ඇති පැළ වර්ග එදින රෝපණය කරන ලදි. 

   වනාන්තර වල ඇති වැදගත්කම, වනගහනය ආරක්ෂා කිරිමෙන් රටට ලැබෙන ප්‍රතිලාභ පිලිබදව පාසල් දරුවන්  දැණුවත් කිරිමේ දේශණයක් සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර විසින් පවත්වන ලද අතර මෙම අවස්ථාවට මායකඩුව කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති, මායඩුව ග්‍රාමනිලධාරි, සමෘද්ධි මහ සංගම් කළමණාකාර අධ්‍යක්ෂ, මායකඩුව වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි ඇතුඑ ප්‍රදේශවාසි  විශාල පිරිසක් මෙම මහගු කාර්ය සදහා සහභාගි විය.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

No comments:

Post a Comment