Tuesday, November 7, 2017

ලිය සරසන්න සමෘද්ධි කොඩි අරමුදලින් අත්වැලක්


   ළපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඪාශයේ ග්‍රාම නිලධාරී වසම් 52 ක සමෘද්ධි ප්‍රතිලාභී පවුල් වල තරුණියන් සඳහා සය මාසික රූපලාවන්‍ය පාඪමාලාවක් ආරම්භ කිරිමේ සමාරම්භක උත්සවය 2017 ඔක්තෝම්බර් මස 31 වන පෙ.ව.9.30 ට බළපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුනි. 

   බළපිටිය ප්‍රාදේශීය ලේකම් බී.පී.එස්. අනුරාධි මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා උපදෙස් මත ආරම්භ වු මෙම පාඪමාලාවේ උපදේශක ලෙස ප්‍රවීන රූපලාවන්‍ය ශීල්පි කේ.ඩබ්.පත්මානන්ද මහතා කටයුතු කරයි. රු. ලක්ෂ හතක් පමණ මෙම පාඪමාලාව සඳහා වැය වන අතර පුහුණුව අවසානයේ රු.8500.00 ක් වටිනා රූපලාවන්‍ය කට්ටල 52 ක් ද නොමිලයේ පුහුණු ලාභීන්ට ලබා දීමට කටයුතු යොදා ඇත. 

   නොමිලයේ පැවැත්වෙන මෙම පාඪමාලාව සඳහා සමෘද්ධි දුම්වැටි නිවාරණ කොඩි අලෙවියේ මුදලින් රු. ලක්ෂ දෙකක මුදලක් වැය කරන අතර ඉතිරි මුදල් පරිත්‍යාගශීලින්ගෙන් හා ලංකාවේ ප්‍රධාන රූපලාවන්‍ය ආයතන කිහිපයකින් ලබා ගැනීමට බලාපොරොත්තු වේ.  

   මෙහි සමාරම්භක අවස්ථාවට සමෘද්ධි අංශයේ මුලස්ථාන කළමණාකරු චාන්දනී මහත්මිය, සමෘද්ධි ප්‍රජාමුල බැංකු සමිතියේ කළමණාකරු සුභාෂිණි භාග්‍යා මහත්මිය, සහකාර කළමණාකරු ශ්‍රීමාලි ප්‍රදිපිකා මහත්මිය සමඟ සමාජ සංවර්ධන සහකාර අනෝමා චම්පාද සොයිසා මහත්මිය හා සමාජ සංවර්ධන සහකාර ඡගත් ප්‍රියන්ත මහතා සහභාගි වි සිටියහ. මෙම වැඩසටහන සමෘද්ධි සමාජ සංවර්ධන පදනම හා සමෘද්ධි ප්‍රජාමුල බැංකු සමිතිය විසින් සංවිධානය කොට තිබුණි. මෙම පාඪමාලාව අවසානයේ මනමාළියන් දැක්මක් පවත්වා දක්ෂ සිසුවියන්ට වටිනා ත්‍යාග හා පාඪමාලාලාභින්ට වටිනා සහතිකයක් පිරිනැමිමට කටයුතු යොදා ඇත. 

එච්. ජගත් ප්‍රියන්ත ද සිල්වා
සමෘද්ධි සන්නිවේදක
බළපිටිය

No comments:

Post a Comment