Wednesday, November 1, 2017

වැඩිහිටියකුට දිගාසිරි පැතු ‘සමෘද්ධි’ ළමා සමාජ දරැවෝ


   කොළොන්න  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යක්මඩිත්ත ග්‍රාම නිලධාරී වසමේ ‘සමෘද්ධි’ ළමා සමාජයේ දූ දරුවන්ගේ සහභාගිත්වයෙන් වැඩිහිටියකුට දීර්ඝායුෂ ප්‍රර්ථනා කිරීමේ වැඩසටහනක් පසුගිය (31) දින පැවැත්විණි. එස්.එච්. ප්‍රේදිරිස් නම් වන මේ පියාණන්ගේ වයස අවුරුදු 80ක් වන අතර, එම අයගේ නිවසටම ගොස් ධර්ම දේශනාවක් සිදුකර, පිරිකර පූජාවක් කොට සෙත් පතා ආශිර්වාද කරනු ලැබිණි.

   කුඩා දරුවන්ගේ ශික්ෂණය සහ මානව ගුණ ධර්ම සංවර්ධනය අරමුණු කරගෙන මෙම වැඩසටහන සෑම මසකට වරක් ප්‍රදේශයේ වයස්ගත පුද්ගලයකු තෝරා අඛන්ඩවම සිදුකරයි. සමෘද්ධි සංවර්ධන නිලධාරී වයි. සුවිනීතා මහත්මියගේ අදහස් හා මග පෙන්වීම  ද ප්‍රජාමූල සංවිධාන නිලධාරීන්ගේ හා අසල්වාසීන්ගේ සහභාගිත්වය ද මෙහිලා කැපී පෙනෙන බව විශේෂයෙන් සදහන් කළ යුතුය.



කේ.ඩී. වික්‍රමරත්න
සමෘද්ධි ගමන සංනිවේදක
කොළොන්න

No comments:

Post a Comment