Thursday, October 12, 2017

යූත්විත් ටැලන්ට් වැඩසටහනට මහ සගරුවන


    ජාතික තරුණ සේවා සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක 2017 ගමට කෝටියක් වැඩසටහන කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතාම සාර්ථකව ඉදිරියට යන අතර එහි සුවිශේෂී අවස්ථාවක් පසුගියදා දක්නට ලැබිණි.

    92ඒ මඩකුඹුර වසමේ ප්‍රදීප්ත යෞවන සමාජයේ යෝජනාවක් අනුව මඩකුඹුර ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථ සිරි අභයතිස්ස මහ පිරිවෙන සදහා අංගසම්පූර්ණ දෙමහල් වැසිකිළි කැසිකිළි පද්ධතියක් ඉදිකිරීමට පසුගියදා මුල්ගල් ප්‍රතිශ්ඨාපනය ගමට කෝටියක් වැඩසටහනට අදාලව විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත ගිගලපෙදෙසේ සුධ්ම්ම හිමියන්ගේ ඉල්ලීම පරිදි උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
750000/= කට තක්සේරු කොට ඇති මෙම කටයුත්ත සදහා ජාතික තරුණසේවා සභාව රුපියල් 15000/=ක දායකත්වය ලබාදෙන බව කරන්දෙනිය තරුණසේවා නිළධාරි ගාමිණී එදිරිසිංහ මහතා පැවසීය.‍

    මෙම කටයුත්ත සදහා ශ්‍රම දායකත්වය සම්පූර්ණයෙන් නොමිලයේ ලැබෙන බවත් අවශ්‍ය මුදල් සහ උපකරණ සියල්ලද පරිත්‍යාග ලෙස ලැබෙන බවත් නොවැම්බර් මස මැද භාගයේදී සම්පූර්ණ වැඩ අවසන් කිරීම තම ඉලක්කය බවත් යෞවන සමාජයේ නිලධාරීන් පැවසීය.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේද
කරන්දේණිය

No comments:

Post a Comment