Tuesday, October 17, 2017

මැදිරිගිරියේ ඌණ පරිහරණ ඉඩම් සංවර්ධනයට



  අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ඌණ පරිහරණ ඉඩම් සංවර්ධනය කිරිමේ ගෙවතු සංවර්ධන වැඩසටහනක් මැදිරිගිරිය 97 වෙඩිකච්චිය ග්‍රාම නිළධාරී වසමේ සමගිපුර ග්‍රාමයෙන් 2017.10.16 දින ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී යු.එච්.එන්.කේ. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
     
    වෂ විසෙන් තොර ආදර්ශමත් ගෙවත්තක් යන තේමාව යටතේ දේශීය කෘෂිකාර්මික දැනුම භාවිතාකර මෙම ගෙවතු සංවර්ධනය කලයුතු අතර ඒ සදහා ගෙවතු සංවර්ධනයට උනන්දුවක් දක්වන පවුල් 20ක් තෝරාගෙන ඇත. මේ අවස්ථාවේදී අදාල ප්‍රතිලාභින් අමතා ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී මහතා ප්‍රකාශකර සිටියේ "අද අපි අපට ගෙවත්තෙන් උපයාගත හැකි දේවල් පවා වෙළද පලෙන් ලබාගන්නා බවත්, ඒවා විෂ රසායණික භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති බවත්, මෙම වැඩසටහන සදහා තෝරාගන්නා ලද ප්‍රතිලාභීන් කොම්පොස්ට් සහ දේශීය කෘමිනාශක භාවිතාකර ආදර්ශමත් තම පවුලට අතයාවශයෙන්ම ගෙවත්තක් නිර්මාණය සදහා ඉදිරියේදී පුහුණු වැඩසටහන් මගින් සියළුදෙනා දැනුවත් කරන බවත්, ගෙවතු පසුවිපරම් කිරීම සදහා ග්‍රාමයේ රාජකාරි කරන සියළු ක්ෂේත්‍ර, නිලධාරී මහත්ම මහත්මීන් ගෙවතු වලට පැමිණෙන අතර ඒ සදහා සියළු දෙනා සහයෝගය ලබාදියයුතු බවද ප්‍රකාශකර ගෙවතු සංවර්ධනය සදහා මුංඇට බීජ ඇතුළු එළවළු බීජ පැකට් පාර්සලයක්, පොල්පැල 05ක් ප්‍රතිලාභින්ට ලබාදෙන ලදි. ඉදිරියේදී කිලෝ පේර, දෙළුම්, කාමරංගා, මිටිමුරුංගා, දෙහි වැනි පැලවර්ගද ලබාදීමට සැලසුම්කර ඇතිබව  ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී මහතා ප්‍රකාශකරන ලදි.

   මෙම අවස්ථාවට සංවර්ධන නිලධාරී විරාජ් සිරිවරිධන මහතා යු.ඩබ්.යු.එස්. වීරසේකර මහතා ඇතුළු ගොවි සංවිධානයේ සභාපති කේ.එම්. කුලරත්න මහතා සහභාගි විය.. 

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment