Thursday, October 19, 2017

හික්කඩුව ප්‍රා. ලේ නිලධාරීන්ට ගෙවතු වගාවට කෘෂි උපදෙස්


     හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් වෙනුවෙන් පිංකන්ද කෘෂි උපදේශක අතුල මහතා හා කෘෂි උපදේශිකා සුජිවා මහත්මියගේ සම්පත් දායකත්වයෙන් ගෙවතු වගාව හා ගෙවත්ත සකස්කර ගැනිම පිළබඳ දැනුවත් කිරිමේ වැඩ සටහනක්  2017.10.16. වන දින  කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විය. මේ සඳහා හික්කඩුව සහකාර ලේකම් ඩි.එන්.පි. කුලරත්න මැතිණිය කාර්යාල නිලධාරින්, ක්ෂ්‍රේත්‍ර නිලධාරින්, අාර්ථික සංවර්ධන නිලධාරින් අැතුළු විශාල පිරිසක් සහභාගි විය.  
                                                                                                                                                                                මෙහි අරමුණ වන්නේ  වසවිස වලින් තොර අාහාර  ලබාගැනිම, මනසට සතුටක් ගෙන එ්ම අමතර අාදායම් මාර්ගයක් විමයි. මෙහිදි පුංචි ඉඩමකත් වගා කල හැකි බව දැනුවත් කිරිම (ගෙවත්ත සැලසුම් කිරිම) භුමි පන්ති සැලසුම, පොහොර සකස් කරගැනිම, භුමිය උපරිම ලෙස භාවිතා කර ගන්නා අාකාරය පිළිබඳ දැණුවත් කිරිම.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

No comments:

Post a Comment