Thursday, October 19, 2017

ක්‍රියාකාරි ළමා සමාජ පවත්වා ගැනිම පිළිබඳ දැනුවත් කිරිමක් අරණායකදී


     අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ළමා සමාජ 58ක් මේ වන විට ලියාපදිංචි වී ඇති අතර, එයින් ක්‍රියාකාරිව ළමා සමාජ 50ක් කටයුතු කරයි. ළමා සමාජ නිලධාරි මණ්ඩලය ළමා සමාජය පවත්වන ආකාරය හා සෑම මසකම පෝය දිනයේ ළමා සමාජය පවත්වන ලෙසත් එදිනිට ගමේ විශේෂිත පුද්ගලයකු සම්බන්ධ කර ගනිමින් දැනුවත් කිරීමක් හා අරමුදල් වැඩි කර ගැනිමට විවිධ වැඩසටහන් පැවැත්වීම හා නිර්මාණ දැක්මක් ඉදිරිපත් කිරීම ද සිදු කරන ලෙස සමාජ සංවර්ධන සහකාර එස්.ඒ.අයි. සුරවීර මහත්මිය දැනුවත් කල අතර, ඊට උපදෙස් ලබා දීම ද කළමණාකාර අධ්‍යක්ෂ විසින් සිදු කරන ලදි. එසේම ළමා සමාජ දරුවන්ගේ එම නිර්මාණ සමෘද්ධි ගමන මාසික පුවත් සගරාවේ ළමා පිටුවේ හා මහාසංගම් ෆේස්බුක් පිටුව තුල පල කිරිමට කටයුතු සංවිධානය කර ඇත.

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

No comments:

Post a Comment