Tuesday, October 17, 2017

කරන්දෙනියේ තරැණ අපි මතින් තොරයි


    ජාතික තරුණ සේවා සභාව විසින් රටපුරා ක්‍රියාත්මක අපි තරුණයන් මතින් තොරයි - ජාතික මත් නිවාරණ වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් වැඩ සටහන් මාලාවේ සමාරම්භය කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.

    ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, පොලිස් ස්ථානාධිපති, තරුණ සේවා දිස්ත්‍රික් අධ්‍යක්ෂ, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය සහ ඇඩික් ආයතන නිවාරණ නිලධාරීතුමන් සම්පත් දායකත්වයෙන් සහභාගී වූ අතර පාසල් සිසුන්, යෞවන සමාජ සාමාජිකයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළත් 100ක පිරිසක් පුහුණුලාභීන් ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

මත්ද්‍රව්‍ය නිවාරණය සදහා ඉලක්ක හදුනාගෙන සුදුසු පියවර නිසිපිරිදි ක්‍රියාවට නගමින් ආයතනික මට්ටමින් වෙනවෙනම යෙදවීමට වැදගත් කාලෝචිත ක්‍රියාකාරකම් හදුනාගනිමින් දැනුම්වත් වීමට අවශ්‍ය උසස් මට්ටමක සංවාදයක් ගොඩනැගීමට පරිසරය වැඩසටහනතුල මනාව සංවිධානය කොට තිබිණ. 

පුහුණුලාභීන් අතරින් ප්‍රාදේශීය මත්ද්‍රව්‍ය නිවාරණ තරුණ කමිටුවක් මෙහිදී පිහිටුවාගත් අතර මෙම කමිටුව ඇතුළු සම්පූර්ණ කණ්ඩායම කොට්ඨාශයේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ තොරතුරු රැස් කිරීම, එම තොරතුරු අදාල අංශ වෙත වාර්තා කිරීම සහ පාසල්, දහම් පාසල්.විවිධ සමාජ සංවිධාන සහ විශේෂයෙන් සමෘද්ධි සමාජ සංවර්ධන පදනම සමග එක්ව ජනතාවට මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පහදා දෙමින් අඩු ආදායම්ලාභී ප්‍රජාවගේ දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම අරමුණින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙහිදී එකගත්වයන් ඇති කරගැනීමට හැකිවිය.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේද
කරන්දේණිය

No comments:

Post a Comment