Wednesday, October 11, 2017

පානීය ජල ළිං පිරිසිදු කිරීමට සමෘද්ධි අත්වැල


    පුත්තලම ප්‍රදේශයට මේ දිනවල පවතින්නේ දැඩි නියං තත්ත්වයකි. මේ හේතුවෙන් බීමට ජලය ලබාගැනීම පවා ඉතා දුෂ්කර වී ඇත. පුත්තලම නගරයේ ජනතාව බීමට ජලය ලබා ගන්නා විශාල ළිං දෙකක් තිල්අඩිය ග්‍රාම නිලධාරි වසමේ  ආනපුලුත්තුව ගමේ පිහිටා ඇති අතර අධික නියගය හේතුවෙන් ඒවාද සිදී යමින් පවති.

    එම ළිං වල රොන් මඩ ඉවත් කර ඒවා පිරිසිදු කිරීමේ ශ්‍රමධානයක් පසුගිය දිනක තිල්අඩිය සමෘද්ධි සමිති සාමාජිකයින් විසින් සංවිධානය කර තිබිනි. තිල්අඩිය සමෘද්ධි සංවර්ධන නිලධාරි එම්.එන්. නියාස් මහතාගේ මුලිකත්වයෙන් සංවිධානය කර තිබු මෙම ශ්‍රමධානයට පුත්තලම නාවික හමුදා කදවුරේ නිළධාරින් හා පුත්තලම ආපදා කළමණාකරන  කාර්යාලයේ නිළධාරින්ද  සහයෝගය දැක්වීමට එක්ව සිටියහ.

චින්තන රත්නායක
සමෘද්ධි ගමන සන්නිවේදක
පුත්තලම

No comments:

Post a Comment