Friday, October 6, 2017

පොකුරු ගම්මානයට ප්‍රයෝගික පුහුණු වැඩසටහනක්....


     සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුව මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කිහිපයක ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි පොකුරු ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය ක්‍රියාත්මක කරන කරවල නිෂ්පාදන  පොකුරු ගම්මානයේ ව්‍යාපෘතියට එක්ව කටයුතු කරන හිරේවත්ත, පටබැදිමුල්ල, විලේගොඩ, තල්ගස්ගොඩ, ගොඩහේන, තිලකපුර ග්‍රාම නිලධාරි වසම් වල සමෘද්ධි හා අඩු අදායම් ලාභි වවසායකයින් සදහා පුහුණු වැඩසටහන් කිහිපයක් හිරේවත්ත ග්‍රාමයේ දි පසුගිය (28) දින පවත්වන ලදි.

    මේ වන විටත් කරවල උම්බලකඩ සහ ජාඩි නිෂ්පාදනය කර අලෙවි කරනු ලබන මෙම වවසායකයින් ඔවුනට ආවේණික කරගත් ක්‍රමවේදයන්  තුල මෙම ව්‍යාපෘතියේ නියැලෙන අතර එම ක්‍රමවේදයන් තුලදි එම නිෂ්පාදන ගුණාත්මකභාවයෙන් තොරව අලෙවිය සදහා යොමුවන බවත් හදුනාගෙන ඇත.

    මේ පිළිබද වටහාගත් සමෘද්ධි අංශය ඉහත නිෂ්පාදන සදහා නව තාක්ෂණය යටතේ නිෂ්පාදන ක්‍රියාවලිය මෙම ගම්මානයට හදුන්වා දිම සදහා ප්‍රයෝගික පුහුණු වැඩසටහන් කණ්ඩායම් තුනක් ලෙස දින හයක් පුරා ක්‍රියාත්මක කල අතර ඒ සදහා තංගල්ල සාගර විශ්ව විද්‍යාලයේ කතිකාචාර්යවරුන් වන එල්.එච්.එස්. වීරසිංහ හා ඩබ්.ඒ. සංජිව කුමාර යන මහත්වරුන් විසින් පවත්වන ලද  බව ව්‍යාපෘති කළමණාකරු උදය අනුරාධිනි මහත්මිය ප්‍රකාශ කරන ලදි.

    මෙම පුහුණු වැඩසටහන අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් එච්.කේ. සරසි එස්. ගුණසේකර මහත්මියගේ මග පෙන්විම හා අධික්ෂණය යටතේ පැවැත්වු අතර මෙම අවස්ථාවට සමෘද්ධි මුලස්ථාන කළමණාකරු ඩබ්.ඒ. නිහාල් චන්ද්‍රසිරි, බැංකු සමිති කළමණාකරු සුනිල් මල්ලියාවඩු ව්‍යාපෘති සහකාර බුද්ධික නන්දන හා වසම්භාර සමෘද්ධි නිලධාරින් සහභාගි වන ලදි.

ජේ.පි. රුවන් ප්‍රසාද්
සමෘද්ධි සන්නිවේදක
අම්බලන්ගොඩ

No comments:

Post a Comment