Friday, October 6, 2017

පහේ හපනුන් සදහා රස වින්දන වැඩ සටහනක්......


ලෝක ළමා දිනයට සමගාමීව ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  2017 වසරේ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටි සිසු දරු දැරියන් සදහා රසවින්දන වැඩසටහනක් 2017.10.06 දින ගෝනාපීනූවල ප්‍රාදේශිය මහ ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

ගෝනාපීනූවල සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් ක්‍රියත්මක කරනු ලැබූ මෙම වැඩසටහන මගින් ශිෂ්‍යත්ව විභාගය සදහා මුහුන දුන් දරු දැරියන්ගේ මානසික සුවය වර්ධනය කිරීම, පීඩනයෙන් පිරී තිබු කුඩා සිත් තුලට සතුට ගෙන ඒම හා ඔවුන්ගේ ළමා ලෝක තුල මොහොතකට නැවතී එහි සුන්දරත්වය විද ගැනීමට අවස්ථාව ලබා දීම ප්‍රධාන කොටගත් අරමුණු රාශියක් සංවිධාකයින් විසින් අපේක්ෂා කරන ලදි.

වැඩසටහන සදහා දිවයිනේ ජනප්‍රිය ළමා වැඩසටහන් ශිල්පීන් වන ගුවන් විදුලි, රූපවාහිණී, ටෙලි නාට්‍ය සංගිත  අධ්‍යක්ෂ වරයෙකු වන සංගිත ශිල්පී ජගත් කුමාර වටවල මහතාත් එම මහතාගේ බිරිද වන ඇල්පිටිය අධ්‍යාපණ කලාපයේ සෞන්දර්ය ගුරු උපදේශීකා ස්වර්ණා වටවල මහත්මිය හා ඔවුනගේ පුත් තනුල නවීන් වටවල මහතාත් සහභාගී විය.

පුරා පැය හතරක පමන කාලයක් දරු දැරියන් ඔවුන්ගේම ලෝකය තුල රදවමින් ගීත, නාට්‍ය හා කථා අනුසාරයෙන් දරුවන් ප්‍රබෝධමත් කිරීමට මෙම ශිල්පීන් විසින් වැඩසටහන මෙහෙයවන ලද අතර කෙට්ඨාශයේ පාසැල් වන අලුත්වල මහ විද්‍යාලය, බේරතුඩුව කණිෂ්ඨ විද්‍යාලය, වුඩ්ලන් වත්ත කණිෂ්ඨ විද්‍යාලය,  ගෝනපීනූවල ප්‍රථමික විද්‍යාලය හා පතන කණිෂ්ඨ විද්‍යාලය යන විදුහල් නියොජනය කරමින් දරු දැරියන් මේ සදහා එක්විය.

ගෝනාපීනූවල සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරී දුමින්ද විජේරත්න මහතා හා සමෘද්ධි අංශයේ නිලධාරීන් විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්මේන්තුව විසින් මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලදි.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධී සංනිවේදක
ගෝනාපීනූවල

No comments:

Post a Comment