Friday, October 6, 2017

සීල සමාදනයේ සැදැහැවතුන්ට දවල් දානය....


   අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 81 ගොඩහේන ග්‍රාම නිලධාරි වසමේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දි  වප් පෝහොය වෙනුවෙන් පසුගිය (5) වන දින අෂ්ඨාංග සීල සමාදනයේ යෙදුණු සියයකට ආසන්න සැදැහැවතුන් වෙනුවෙන් දහවල දානය එම වසමේ සමෘද්ධි ගම්මාන සමිති සමාජිකයන් විසින් පිලිගන්වන ලදි.

  එදින එම වසමේ සමෘද්ධි කැකුළු ළමා සමාජයේ දු දරුවන් හා සමෘද්ධි ප්‍රතිලාභින් වැඩි පිරිසක් අෂ්ඨාංග සීල සමාදනයේ පිහිටා සිටි අතර ඔක්තොම්බර් මස (1) වන දින ට යෙදි ඇති ලෝක ළමා හා වැඩිහිටි දින ය වෙනුවෙන් මෙම සීල ව්‍යාපාරය හා දානය පිලිගැන්විම සිදු කල බවත් මෙම කටයුත්ත වසර කිහිපයක සිට සිදුකරන බව වසම්භාර සමෘද්ධි සංවර්ධන නිලධාරි එන්.කේ.එච්. සුනිල් ශාන්ත මහතා පවසන ලදි. එම අවස්ථාවට  වසමේ හිටපු සමෘද්ධි සංවර්ධන නිලධාරි බී. විමල් නිශාන්ත මහතා ද සහභාගි විය.

ජේ.පි. රුවන් ප්‍රසාද්
සමෘද්ධි සන්නිවේදක
අම්බලන්ගොඩ

No comments:

Post a Comment