Tuesday, October 17, 2017

Queen ' s baton relay (වයිස්රෝයි දුම්රිය) හික්කඩුව දුම්රිය ස්ථානයේදි පිළිගැනේ


     පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රිඩා උළෙලට සමගාමිව නියෝජිත කණ්ඩායම් රැගත් වයිස් රෝයි දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානයට පසුගියදා ලඟාවිය. මෙම දුම්රිය පිළිගැනීම සදහා හික්කඩුව සහකාර ප්‍රාදේශය ලේකම් ඩි.එන්.පි. කුලරත්න මැතිණිය,  කොට්ඨාඨාශ අධ්‍යාපන කාර්යාලයේ එස්.පි. චන්දුවති  මැතිණිය, ජයන්ති  විදුහලේ විදුහල්ති ධම්මික ප්‍රියදර්ශන මහතා, ක්‍රිඩා  නිලධාරි නිශන්ත මහතා, ගුරුමහත්ම මහත්මින් විශාල පිරිසක්ද කාර්යාලයේ නිලධාරින්ද සමෘද්ධි සංවර්ධන නිලධාරින්ද, ග්‍රාම නිලධාරින්ද, අාර්ථික සංවර්ධන නිලධාරින්ද, හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලට අයත් නිලධාරීන්, පාසැල් ළමුන් විශාල පිරිසක්ද සහභාගිවිය.    

     එ් අනුව 2018 අපේල් මස 04  වන දින සිට 12 වන දින දක්වා ඔස්ටේලියාවේ ගෝල්ඩ් කොස්ට් හිදි පැවැත්විමට නියමිතය. බ්‍රිතාන්‍ය මහ රැජින නමින් නම් කරන ලද බැටනයක් රැගෙනයාමද මෙම දුම්රිය මගින් සිදු කරයි. මෙම බැටනය ගාලු කොටුව වෙත රැගෙන යාම සදහා එහි සපැමිණි විෂේශ අාරාධිතා වු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාණ් විජයලාල් මහතා  සමඟ  නියෝජිත පිරිස මෙම අවස්ථාව සදහා එක් විය.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

No comments:

Post a Comment