Thursday, November 16, 2017

සමෘද්ධි සංවර්ධන නිළධාරින් 149 ක් අද සිට ගාල්ලේ ජනතා සේවයට



  මෘද්ධි සංවර්ධන දෙපාර්තෙමේන්තුව වෙත අළුතින් එක්වු නවක සමෘද්ධි සංවර්ධන නිළධාරින්ගෙන් ගාල්ල දිස්ත්‍රික්කය සදහා පත්වීම් ලද නිළධාරින් 149 දෙනකු පිළිගැනිමේ උළෙලක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (16) පැවැත්වින.

  පිළිගත් තරඟ විභාගයකින් මෙම නිළධාරින් 149 දෙනා සමෘද්ධි සංවර්ධන නිළධාරින් ලෙස සේවයට බදවා ගෙන ඇති අතර, ඉදිරියේදී ඔවුන් ගාල්ල දිස්ත්‍රික්කයේ සේවා අවශ්‍යතාවය අනුව සේවයට යෙදවීමට නියමිතය.

  ගාල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති, සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එස්.ටී කොඩිකාර මහතාගේ උපදෙස් පරිදි ගාල්ල දිස්ත්‍රිමක් සමෘද්ධි අධ්‍යමක්ෂ දිස්නා සමන්මලී විතානගේ මහත්මිය ඇතුඵ ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අංශය විසින් මෙම පිළීගැනීමේ උළෙල සංවිධානය කොට තිබින.

  මෙම වැඩසටහනේදී නවක නිළධාරින් ලෙස රාජ්‍ය සේවයට ප්‍රවිශ්ඨ වීමට අවශ්‍ය මුලික දැනුම ලබා දීම මෙන්ම ඉදිරි රාජකාරි කටයුතු පිළිබදව ප්‍රර්ව දැනුවත් කිරීමක්ද සිදු විය. රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව මෙම නිළධාරින් නායකත්ව පුහුණු වැඩ සටහනක් සදහා යොමු කරන අතර ඉන් අනතුරුව ඔවුන් රාජකාරි කටයුතු සදහා යොමු කෙරේ.

  සභාව ඇමතූ ගාල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ මෙය ඵෙතිහාසික අවස්ථාවක් වන අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුවේ අනාගතය පැහැබර එකක් වනවාට මෙය හොද නිදසුනක්ද වන බවයි. රාජ්‍යායත සේවයේ වගකීම් හා ගෞරවය රැකිම හා ජනතාව වෙත වග කියන නිළධාරින් ලෙස තමන්ගේ රට වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට මෙය මාහැඟි අවස්ථාවක් කර ගත යුතු බවද අවධාරණය කරන ලදි.

  ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ දිස්නා විතානගේ මහත්මිය ඇතුඵ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විශාල පිරිසක් මෙම අවස්ථාව හා එක්ව සිටියහ.

ඩී.ඒ.පී. සුරංජිත්
සමෘද්ධි දිස්ත්‍රික් සන්නිවේදක

No comments:

Post a Comment