Wednesday, November 8, 2017

සමාජ ආරක්ෂණ ජාතික සම්මාන උ‍ළෙල 2017


  දා 1999 වර්ෂයේ ඇරඹි සමාජ ආරක්ෂණ මණ්ඩලය අරඹන්නට යෙදුණේ අප රටේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙනි. රාජ්‍ය විශ්‍රාම වැටුප් නොලබන ජනතාවට ස්වකීය ජීවිතයේ සැදෑ සමය අභිමානවත්ව ගත කරන්නට අවැසි ආර්ථික සවියක් මෙන් ම සමාජ ආරක්ෂණයක් ද ලබාදීම අරමුණු කරගෙනය. නමුත් අවාසනාවකට එවන් දුප්පත් අහිංසකයන්ගේ හද ගැස්ම නොහඳුනන්නන් නිසා ක්‍රමයෙන් අක්‍රීයත්වයට පැමිණ තරුණ වයසේ දීම මරණය අබියස සිටි සමාජ ආරක්ෂණ මණ්ඩලය අද යළිත් එ මතින් ම යළි ඉපදී ඇත. 2015 සැප්තැම්බර් මස අප අතට පත්වන මෙය 2016 වසරේ දී ලබනුයේ 235%ක වර්ධනයකි. එය රටේ ජනාධිපතිවරයා වශයෙන් එතුමාට හෝ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මට හෝ පෞද්ගලිකව සතුටු විය යුත්තක් නොවේ. එය සමස්ත රටවැසියාගේ අනාගතය උදෙසාත් රටේ සුබසිද්ධිය උදෙසාත් සෘජුව දායකත්වය සපයන ආයතනයක් වශයෙන් අප සියලු දෙනාගේ සතුටට කරුණක් වේවි. 2017/11/07 දින නෙළුම් පොකුණ රඟහල පැවති සමාජ ආරක්ෂණ ජාතික සම්මාන උ‍ළෙලේදී අමාත්‍ය එස්.බී දිසානායක මහතා පැවසීය. (උපුටා ගැනිම අමාත්‍යතුමාගේ සමාජ ජාලා පිටුවෙන්)

ප්‍රදීප් චන්දන නානායක්කාර

No comments:

Post a Comment