Wednesday, November 8, 2017

යක්කලමුල්ලේ වැඩිහිටියන්ට වැඩි හරසර


  වැඩිහිටි දිනය වෙනුවෙන් යක්කලමුල්ල කොට්ඨාශයේ තෙල්ලඹුර සමෘද්ධි කලාපයේ වැඩිහිටි ජනතාව  එක් ස්ථානයකට කැදවා ආගමික වතාවත් වලට සහභාගි වීමට සලස්වා උදේ ආහාර පාන මෙන්ම දහවල ආහාර ද සපයා දීමට කටයුතු කර තිබිණ.

   එහිදී වැඩිහිටි අයට ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට .(ගායනා, රැගුම්, කතික) අවශ්‍ය අවස්ථාව සලසා තිබූ බැවින් ඉතා අලංකාර වැඩිහිටි ප්‍රසංගයක් දැක බලාගැනීමට හැකිවිය. 

   යක්කලමුල්ලේ තවත් වැඩිහිටි කණ්ඩායමක් කිසිදා  මහනුවර දළදා වැදීමට නොහැකිව  සිටි අය මහනුවර බලා කැදවාගෙන ගොස් දළදා වහන්සේ වැද පුදා ගැනීමට කටයුතු කරන ලදි. 

   මෙම අවස්ථාවට සමෘද්ධි මුලස්ථාන කළමණාකරු අනුර මහතා, මහා සංගම් අධ්‍යක්ෂිකා තුෂාන්ති මිය, කළමණාකාර පත්මසිරි, ආනන්ද, අසෝකා, ජිවනී, ඉන්දිකා යන අය මෙන්ම සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීහු සහභාගි වී දායකත්වය සපයනු ලැබින.

ජේ.එල්. ගාමිණී
සමෘද්ධි සංනිවේදක
යක්කලමුල්ල .

No comments:

Post a Comment