Monday, November 20, 2017

යක්කලමුල්ල ත්‍රිරෝද රියදුරන්ට සමෘද්ධියෙන් වැඩමුළුවක්


  ක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ත්‍රිරෝද රථ රියදුරන්ට වර්තමාන සමාජය තුල රියදුරු තැනගේ සමාජ වගකීම පිළිබඳ විශේෂ දේශන ලබාදීමටත් රථවාහන නීති පිළිබඳ දැනුවත් කිරීමේ එක් දින වැඩමුළුවක් පසුගියදා පැවැතිවිණි. සමාජ වගකීම පිළිබඳ දේශනය ආචාර්ය විමල් දිසානායක මැතිතුමා විසින් ඉතා සරල ලෙස රියදුරු මහතුන් වෙත පහදා දෙන ලදි .

   රථවාහන පිළිබඳ නීතිරීති  හා විශේෂ සිදුවීම්, අනතුරු පිළිබඳ වර්තමානයේ ඇති වන ගැටලු  විනය පිළිබඳ එයට මුහුණ දෙන අයුරු පහදා දෙනු ලැබුවේ නාගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික ඩයස් මැතිතුමා විසිනි.

   මේ සදහා රියදුරු මහතුන් 100ක් පමණ සහභාගි විය. තේ පැන් සංග්‍රහයේ සංවිධාන කටයුතු යක්කලමුල්ල සමෘද්ධි අංශය විසින් සිදුකර අතර මෙම අවස්ථාවට යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් සී. මුහන්දිරම් මැතිතුමා, යක්කලමුල්ල පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක සරත් මීගහවත්ත මහතා, මුලස්ථාන කළමණාකරු යු. අනුර මහතා, මහා සංගම් අධ්‍යක්ෂිකා තුෂාන්ති මහත්මිය, සමාජ සංවර්ධන නිලධාරි එම්.අයි. අමරසිරි මහතා ද එක්ව සිටියහ.

ජේ.එල්. ගාමිණී
සමෘද්ධි සංනිවේදක
යක්කලමුල්ල

No comments:

Post a Comment