Monday, November 20, 2017

රසවින්දනයෙන් සමෘද්ධි ළමා සමාජ පිබිදෙයි


   සවින්දනය යනු ලොව පවතින සෞන්දර්ය හා විශිෂ්ඨත්වය අගය කිරීමේ හැකියාවයි. ලෝකයේ පවතින යහපත් දේ දැකීමට, හදුනාගැනීමට හා එයින් සතුට විදිමට පුද්ගලයකුට ඇති හැකියාව රසවින්දනයයි. මේ අනුව යමින් නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලු සමෘද්ධි කැකුළු ළමා සමාජ ඒකරාශී කර ගනිමින් ළමා සමාජ සාමාජිකයන්ගේ නායකත්වය සහ ආකල්ප සංවර්ධනය පිළිබද වැඩ සටහනක් 2017/11/18 දින නියාගම කොරියානු ශ්‍රී ලංකා තාක්ෂණික විද්‍යාලයේදී පැවැත්වුනි.

     සෑම ළමා සමාජයක්ම නියෝජනය වන පරිදි තෝරාගත් සාමාජිකයන් 250 ක පමන පිරිසක් මේ සදහා සහභාගී විය. නායකත්ව ගුනාංග සහ ආකල්ප සංවර්ධනය මෙන්ම විවිධ ක්‍රියාකාරකම් හරහා මෙම පිරිස දැනුවත් කරන ලද්දේ නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ආරක්ෂන නිළධාරී ආසිරි හෙට්ටිආරච්චි මහතා විසිනි. ඔහු විසින් ක්‍රියාත්මක කල විවිධ ක්‍රියාකාරකම් මෙන්ම දැනුවත් කිරීම් ළමා සිත් සතන් ඇද බැද තබා ගැනීමට සමත් විය. සිය සහජ හැකියාවන් සහ මධුර මනෝහර කට හඩ තුලින් සිය භාවමය හැකියාවන්  ඉදිරිපත් කරන්නට නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිළධාරී සංගීත විශාරද සශිකා වීරසිංහ මෙනෙවිය සමත් වූයේ රසවින්දනාත්මක වැඩ සටහන ඉදිරිපත් කිරීම තුලින්ය.

   එහිදී සහභාගී වූ දූ දරුවන් අසීමිත වින්දනයක් ලබාගත් අයුරු අපට දක්නට ලැබුණි. මෙයට අමතරව නායකත්ව ගුනාංගයන්⁣ ගෙන් හෙබි මනා පෞරශත්වයකින් යුත් යහපත් පුරවැසියකු බිහිකිරීම සදහා මව්වරුන්ගේ වගකීම මැයෙන් මව්වරුන් උදෙසා දැනුවත් කිරීමේ වැඩ සටහනක් ද මෙයට සමගාමීව පැවැත් වුණි. මව්වරුන් විශාල පිරිසක් සහභාගී මෙම වැඩ සටහන මෙහෙය වන ලද්දේ නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිළධාරී උපදේශන දිනූශා ප්‍රියදර්ශිකා මහත්මිය සහ ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරී ඉරේෂා ගමගේ මහත්මිය විසිනි. 

   නියාගම ප්‍රාදේශීය මහ ලේකම් නිලංගී ඩයස් මහත්මියගේ මග පෙන්වීම යටතේ මූලස්ථාන කළමණාකාර ප්‍රියංකා කොඩිකාර, කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් කිත්සිරි සහ සමාජ සංවර්ධන සහකාර දයාල් ප්‍රියන්ත යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ සමාජ සංවර්ධන පදනම මගින් මෙය සංවිධානය කර තිබූ අතර, නාගොඩ සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මනෝරත්න මහතාගේ විශේෂ අනුග්‍රහය මේ සදහා ලැබුනි. කේ.බී. දයානි, ඒ.කේ. චන්දලතා, කුමාරී වනිගසේකර, මහේෂිකා කහවෙවිතාන, මල්ලිකා ගොඩකන්ද සහ එච් .වී. ශාන්ති මල්ලිකා යන සමෘද්ධි සංවර්ධන නිළධාරී මහත්මීන් ද මේ සදහා සහභාගී වී සහයෝගය දක්වන ලදි.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සනිනිවේදක
නියාගම

No comments:

Post a Comment