Friday, November 17, 2017

දිරිය කතට දිරිය පියස නිවසක්


    දිරිය පියස නිවාස වැඩසටහන යටතේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ඔසනගොඩ ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධිලාභී කේ.වී.ජී. ශාන්ති ගමගේ මහත්මිය‍ගේ නිවස අභිනවයෙන් ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සහ අත්තිවාරම් දැමීම 2017.11.04 දින යෙදුනු සුභ මොහොතින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මැද්දේ සිදු කෙරිණ.

   මෙම නිවස සදහා රු 150000.00 මුදලක් සමෘද්ධි දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන අතර ඉදිකිරීම කටයුතු සදහා ශ්‍රම දායකත්වය ප්‍රදේශවාසින් විසින් ලබාදෙනු ලැබේ. මෙම අවස්ථාවට ගාල්ල කඩවත් සතර සමෘද්ධි මහ සංගමයේ කළමණාකාර අධ්‍යක්ෂ, සමාජ සංවර්ධන සහකාර ඇතුළු නිලධාරීන්ද සහභාගී විය.

පී.එස්. දම්මික සෙනරත්
සමෘද්ධි සන්නිවේදක
ගාල්ල කඩවත් සතර

No comments:

Post a Comment