Saturday, November 18, 2017

ජංගම සේවා මාලාවක් කරන්දෙනියේ


   රන්දෙනිය කොට්ඨාශයේ මේ වනතෙක් හැදුනුම්පතක් ලබාගෙන නැති සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු සියළු පුරවැසියන් වෙත ජාතික හැදුනුම්පතක් ලබාදීම සදහා ක්‍රියාත්මක වැඩසටහනේදි ග්‍රාම නිළධාරී වසම් මට්ටමින් ජංගම සේවා මාලාවක් පවත්වා පහසුකම් සැපයීමට කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් අයි.එස්. සමරකෝන් මහතා කටයුතු යොදා ඇත.

  ඒ අනුව ග්‍රාම නිළධාරී වසම් කීපයක් සදහා එක් ජංගම සේවාවක් වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර ග්‍රාම නිළධාරීවරයෙකුගේ සංවිධායකත්වයෙන් සාම විනිසුරුවරුන්, පොළිසිය, වසමේ නිලධාරීන් සියළු දෙනා සමග සහතික කිරීමේ නිලධාරීන් ඇතුළත් සම්පූර්ණ කණ්ඩායමක් මෙම අවස්ථාවට සේවාවේ යොදවා ඇත.

  ඒ අනුව කුරුදුගහහැතැක්ම සහ ඉහළ කිරිපේද්ද ග්‍රාම නිළධාරී වසම්වල හැදුනුම්පත් ගැටළු විසදීම වෙනුවෙන් ජංගම සේවාව කිරිපේද්ද ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පසුගියදා පැවැත්විණි. 

   උප්පැන්න සහතිකය ඇතුළු මෙතෙක් අත්‍යාවශ්‍ය යැයි සදහන් වූ ලේඛන වෙනුවට විකල්ප ලේඛන මගින් මූලික සහතික කිරීම් කොට තම හැදුනුම්පත ලබාගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන මෙම ජංගම සේවා පරිශ්‍රයේදී ලබාදී තිබීම ජනතාවට විශාල සහනයක් විය. 

   මෙම ජංගම සේවාවේදී ඉලක්ක වසම් 2හි පිරිස 500ට වැඩි ගණනක් වෙත තමන්ගේ හැදුනුම්පත් ලබාදීමට කටයුතු කල බව ග්‍රාම නිළධාරී අමිත් සුරංග මහතා පැවසීය.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේද
කරන්දේණිය

No comments:

Post a Comment