Friday, November 17, 2017

ඉමදුවේ දෙවන හරිත උයන වැලිකොන්ද ශ්‍රී සංදස්සණාරාමයේ දි........


     දිනෙන් දින විනාශ වෙමින් සහ ක්ෂයවෙමින් පවතින වනගහනය ආරක්ෂා කිරිම හා  ඉහල දැමිම සදහා   අතිගරු ජනාධිපත්තුමාගේ වන රෝපා වැඩ සටහන යටතේ  ශ්‍රී ලංකා වනගහනය ප්‍රවර්ධනය කරමින් සුරක්ෂිත පරිසරයක් ඇති කිරිමේ අරමුණින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම හරිත උයන වැඩ සටහන ආරම්භ කර ඇත. එමගින් නාගරික ජනාවාස ආශ්‍රිතව කදුමුදුන්, ජල පෝෂක  ප්‍රදේශ, වෙරළ තීර   ආශ්‍රිතව හදුනාගත් නිශ්චිත භුමියක තිරසසාර පැවැත්මක් ඇති රුක් රෝපණ වැඩ සටහන් ක්‍රියාත්මක කිරිම සිදුකරන අතර සියලුම ප්‍රදේශවල සමෘද්ධි නිලධාරින්, අනිකුත් රාජ්‍ය නිලධාරින් හා ඒකාබද්ධව සමෘද්ධි ප්‍රතිලාභින්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ.


   ඒ යටතේ ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දෙවන හරිත උයන වැඩ සටහන යටතේ වනපැල රෝපණය කිරිම පසුගිය දා වැලිකොන්ද ග්‍රාම නිලධාරි වසමේ වැලිකොන්ද ශ්‍රී සන්දස්සණාරාම විහාරස්ථාන භුමියේදි සිදු කෙරිණ. ඒ ශ්‍රී සන්දස්සණාරාම විහාරාධිපති පුජ්‍ය හම්බන්තොට සිරිඥාණ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් වැලිකොන්ද  ශ්‍රී ජීවානන්ද දහම් පාසලේ ගුරුවරුන් සහ දරුදැරියන්ගේ සහභාගිත්වයෙනි. රටතුල ඇති වනගහනය දිනෙන් දින දින අඩුවීම නිසා ඇති වි ඇති පාරිසරික තත්වයත් ඒ මගහරවා ගැනිම සදහා රුක් රෝපණය කිරිමේ වැදගත්කම පිලිබදව දරුවන් දැනුවත් කිරිමේ අනුශාසණාවක් විහාරාධිපති හිමියන් විසින් සිදු කරන ලදි.  

   සමෘද්ධි මහ සංගම් අධ්‍යක්ෂ, සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරි ඇතුඑ ප්‍රතිලාභින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වු අතර ඉමදුව ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබුනි.


නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

No comments:

Post a Comment