“ වියපත් අපව අමතක නොකලාට ඔබලාට බොහොම පිං... අද දවසේ අපි ගොඩාක් සන්තෝෂ වුනා” යැයි ඉතා හැගීම්බරව වැඩිහිටියන් පිරිසක් එසේ තම අදහස් පලකරමින් තුති පුදකල පුවතක් ඉමදුවෙන් වාර්ථා වේ. එසේ වැඩිහිටියන් අදහස් පල කලේ ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන් ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන පදනම මගින් සංවිධානය කොට තිබු වැඩිහිටි සැමරුම් උළෙලට සහභාගිවු වැඩිහිටියන්ය.
ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමිව සමෘද්ධි මහ සංගම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවති එම උත්සවය ඉමදුව සහකාර ප්‍රාදේශිය ලේකම් සුවිනි සුලෝචනා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර සෑම ග්‍රාම නිලධාරි වසමක්ම නියෝජනය වන පරිදි වැඩිහිටියන් කැදවා ඔවුන්ට බුලත් දි දණ නමා අචාර කරමින් උණුසුම්ව පිලිගනිමින් ශ්‍රවණාගාරය වෙත කැදවා ගෙන යන්නට මහ සංගම් කළමණාකරණ අධ්යක්ෂතුමා ඇතුඑ නිලධාරි මණ්ඩලය කටයුතු කරනු ලැබුවා.
“වියපත් බව රටේ සමාජ සංවර්ධනයට බාධාවක් නොවේ ” යන තේමාව යටතේ සංගීතය මුසු කරගනිමින් වැඩිහිටියන් සතුටු කරවන්නට ආරාධිත දේශණය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හිටපු නියෝජ්යන විදුහල්පති සාමවිනිසුරු සුනිල් ජයවර්ධන මහතා විසින් සාර්ථකව පවත්වන ලදි. දවස පුරා සංගීතය මුසුවු සංගීතමය වැඩ සටහන වැඩිහිටි සැමගේ නෙත් සිත් පිනවන්නක් වු අතර දවස පුරා ඔවුන්ට ආහාරපාන සහ ආගන්තුක සත්කාර සමෘද්ධි මහ සංගමයේ සහ මුලස්ථානයේ නිලධාරින් විසින් සිදුකරන ලදි. වැඩසටහන අවසානයේ ඔවුන්ට සමරු තිළිණයක් ලබාදිමට කටයුතු කර තිබු අතර මෙම වැඩ සටහන සදහා මුලස්ථාන සමෘද්ධි කළමණාකරු කේ.එම්.ඒ. ආනන්ද, සමෘද්ධි මහ සංගම් අධ්යක්ෂ කේ.එචි.වි. ලක්ෂ්මන්, ව්‍යාපෘති කළමණාකරු ඉසුරු කලුආරච්චි මහතා ඇතුඑ පිරිසක් සහභාගිවිය. මෙම වැඩ සටහන සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර නිශාන්ත සුදසිංහ මහතා විසින් සංවිධානය කර තිබුණි.
නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව
No comments:
Post a Comment