Tuesday, November 21, 2017

දෙපයින් නැගිටින්නට රුක්ෂාන්ට හයික් වන්න


  පුද්ගලයීන් ලක්ෂයකින් එක් අයෙකුට පමණක් වැලදෙන සර්කෝමා රෝගයෙන් පිඩා විදින පාසල් ශිෂ්‍යයෙකු යලිත් දෙපයින් නැගි සිට තම ජිවිතය සිහිනය ජය ගැනිමට ජනතා උපකාරය අයැද සිටි. ඔහු නමින් ජි.ජි රුක්ෂාන් නයනකාන්ත(19) වන අතර හැටන් - වටවල ටෙම්පල්ස්ටෝ ජනපදයේ පදිංචි කරුවෙකි. හැටන් ශ්‍රිපාද විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ඇති නයනකාන්ත 6 වන ශ්‍රේණියේ සිට කුරණෑගල මහව විජයබා ජාතික පාසලේ අධ්‍යාපනය ලබමින් සිටියේය. මෙම වසරේ අගෝස්තු මාසයේ තාක්ෂනීක අංශයෙන් අපොස උසස්පෙළ විභාගයට පෙනි සිටිම සදහා අධ්‍යන කටයුතු කරමින් සිටියදි  මිට මාස අටකට පමණ පෙර අසනිප වී තිබේ. මුලින්ම පිට කොන්ද ප්‍රදේශයේ කසේරුකාවමත ගැටිත්තක් පැමිණ එය විශාල ගෙඩියක් දක්වා වර්ධනය වීම නිසා මහනුවර රජයේ රෝහලේදි සැත්කමකට භාජනය කර තිබේ.කිලෝ හතරාමාරක් පමණ වු එම ගෙඩිය ඉවත් කිරිමෙන් පසු මාස කිපයක් හොද සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වුවද නැවතත් එම ස්ථානයේ ගෙඩියක් හට ගෙන තිබේ. ඒ සම්බන්ධව නැවත වෛද්‍ය පරික්ෂණ කිරිමෙන් අනතුරුව තහවුරු වී ඇත්තේ නැවතත් සැත්කමකින් ඉවත් කල හැකි බවත් නමුත් ඔහුගේ ඉනෙන් පහල කොටස සදා කාලිකවම අකර්මණ්‍ය විමේ දැඩි අවධානමක සම්බාවිතාවක් පවතින බවය.

   පසුව ඔවුන් සියළු වෛද්‍ය වාර්තා ඉන්දියාවේ සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් වෙත යොමු කිරිමේන් පසු සතුටු දායක පිළිතුරක් ලැබි තිබේ. එයට අනුව දින 90 වකදි සම්පුර්ණ හා ස්ථිර සුවය ලබා දියහැකි බව සනාත කර තිබේ. නමුත් ඒ සදහා යොමු වීමට රුපියල් ලක්ෂ 14 ක පමණ මුදලක් අවශ්‍ය වනු ඇත.

   ජි .සද්ධාතිස්ස නම් ඔහුගේ පියා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකි. එච්.එම් කරුණාවති නම් ඔහුගේ මව පෙරපාසල් ගුරුවරියක් වන අතර නයනකාන්තගේ අසනීප තත්ත්වය නිසා රැකියාවට සමු දි තිබේ. තම දරුවා සුව කිරිමේ දැඩි අවශ්‍යතාවයක් ඇතත් මුදල් නොමැති කමින් දැඩි ලෙස අසරණ වි ඇත. එම නිසා ඔවුන් ඉල්ලා සිටින්නේ තම දරුවා නැවතත් දෙපයින් නගා සිටුවිම ඉන්දියාවේ ගෙන ගොස් ප්‍ර‍තිකාර කිරිමට මුදල් ආධාර කර උපකාරි වන ලෙසය.

   උසස් පෙළ විභාගයෙන් පසු උසස් අධ්‍යාපනයට යොමුවි ඉංජිනේරුවෙකු වී රටට සේවය කිරිමට සිහින දකිමින් සිටි රුක්ෂාන් නයනකාන්ත දෙපයින් නගා සිටුවීම සදහා උපකාර කිරිමට කැමති කෙනෙක් සිටිනම් 0719069590 / 077 3454844 දුරකථන අංක වලට අමතන ලෙස හා සම්පත් බැංකුවේ 108057000077 මුදල් බැර කල හැකිය.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

No comments:

Post a Comment