Tuesday, November 21, 2017

ගාලු සාහිත්‍ය මහෝත්සවයේ අලංකාර රැවුදේ


  ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද 2017 ගාලු ප්‍රාදේශිය සාහිත්‍ය මහෝත්සවය පසුගියදා ගාල්ල ඕල්කොට් මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ඉතා අලංකාර නර්තන සහ ගායන අංග රාශියකින් උළෙල වර්නවත් කරන ලද්දේ පාසල් සහ කලායතනවල සිසු සිසුවියන් විසිනි.

  ප්‍රධාන සිහිත්‍ය දේශණය විශේෂඥ මනෝ වෛද්‍ය රමණී මහත්මිය විසින් පවත්වන ලද්දේ සංගීත රසාස්වාදය දේශණයට මුසු කරගනිමිනි. ගාලු සාහිත්‍ය මහෝත්සවයට සමගාමිව පැවති පාසල් අංශයේ සහ විවෘත අංශයේ සහිත්‍ය තරගවලින් ජයග්‍රහණය කල ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමිණ.

  මෙම අවස්ථාවට ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද මහතා, විදුහල්පති ලලිත් මායාකඩුව ඇතුළු ආරාධිත අමුත්තන්, පාසල් ශිෂ්‍ය ශිෂයාවන්, කලායතන ශිෂ්‍ය ශිෂ්‍යාවන්, සංසකෘතික බල මණ්ඩලයේ මහත්ම මහත්මීන් රාශියක් සහභාගී විය.

පී.එස්.දම්මික සෙනරත්
සමෘද්ධි සන්නිවේදක
ගාල්ල කඩවත් සතර

No comments:

Post a Comment