Tuesday, November 21, 2017

ආබාධිත පවුල් නගාසිටුවීම සදහා උපදේශන වැඩ මුළුවක්


  ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රු.3000.00 මාසික ආබාධිත ආධාර ලබන පවුල් නගා සිටුවීමේ වැඩසටහනක් 2017.11.10 දින ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණ.

  මෙහිදී ආබාධිත පවුල්වල ස්වයංරැකියා, නිවාස, පොදුපහසුකම්, අධ්‍යාපනික ආදී විවිධ අංශ කෙරෙහි අවධානය යොමුකරමින් උපදේශණ වැඩසටහන් පවත්වන ලදි. 

  මෙම වැඩසටහන කාර්යාලීය සමාජ සේවා අංශය විසින් සංවිධානය කල අතර ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශණ සහකාර යු.ඩිලානි මහත්මිය සහ සමාජ සේවා නිලධාරි එස්.එච්.රාජා මහතා විසින් මෙහෙය වන ලදි.

පී.එස්. දම්මික සෙනරත්
සමෘද්ධි සන්නිවේදක
ගාල්ල කඩවත් සතර

No comments:

Post a Comment