Friday, November 17, 2017

පිණිකහන බැංකුව අවට නැවතත් පෙර තිබු ආකාරයට අලංකාරවේ


   සු ගිය කාලයේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග වතු පිටි හා පිරිසිදුව තිබු බොහෝ තැන් වල් බිහිවුයේ කාටත් හොර රහසේමය. එවන් අවසනාවන්ත ඉරණමකට පිණිකහන සමෘදධි බැංකු පරිශ්‍රයද නතු වී තිබුනේ කාගේ ඇස් වලට නොදැනීමට. දෛනික පැමිනෙන විශාල ගණුදෙණු කරැවන්ගේ රාජකාරි වලට මුල් තැන දෙමින් දිස්ත්‍රික්කය තුල සිය අභිමානය රන්දවමින් ඉදිරියට යන බැංකුවක් වන මෙම බැංකුව කාගේ නිති අවදානය දිනගත් බැංකු වලින් එකක්වේ.

   බැංකු පරිශ්‍රය පිරිසිදු කිරිමට සිත් යොමු කල පාලක මණ්ඩල නිලධාරින් එම කටයුත්ත සිදු කිරිමට පැමිනියේ පිණිකහන සමෘද්ධි සමිති සමාජිකයන් සමගිනි. කඩි ගුලක් ඇවිසුනු මෙන් මෙම පිරිස බැංකු අවට නැවතත් පෙර තිබු අයරටත් වඩා අලංකාර කිරිමට ගත වුයේ ඉතා සුලු කාලයකි. මෙම අවස්ථාවට පැමිණි සියලු දෙනාට ස්තුති කිරිමටද බැංකු කළමණාකාර චන්ද්‍ර ලියනගමගේ මහත්මිය අමතක නොකල අතර පැමිණි පිරිසට තේ පැන් සංග්‍රහයක්ද බැංකු කාර්යය මණ්ඩලය විසින් සුදානම් කර තිබිණි.

ප්‍රදීප් චන්දන නානායක්කාර

No comments:

Post a Comment