Friday, November 17, 2017

මතින් දුමින් නිදහස් සතුටු පවුලක්.........


  “පේ සමාජය වඩාත් සොදුරු වන්නේ පවුල් ඒකකය තුලින් මතුවන ආදරය, කරුණාව, දයාව කියන උතුම් මානුෂිය ආකල්ප පුද්ගලයා තුල ශක්තිමත් කිරිම තුලින්  බවත් ඒ සදහා පවුල් ඒකකය තුලින් රහ මෙර (මත්පැන් ) දුම්වැටිය ඉවත්කල යුතුයි.” උනවටුන යටගල රජමහ විහාර පිරිවෙණේ ආචාර්ය ශාස්‍ත්‍රපති පණ්ඩිත පුජ්‍ය පදලංගල අස්සජි හිමියන් එසේ පැවසුවේ ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

   “මතින් දුමින් නිදහස් සතුටු පවුලක්” යන තේමාව යටතේ ඉමදුව සමෘද්ධි සමාජ සංවර්ධන පදනම මගින් සංවිධානය කර තිබු මෙම සංවාදාත්මක හා සකච්ඡාමය  වැඩ සටහන පසුගිය 16 දා ඉමුදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවත්වින.  සහකාර ප්‍රාදේශිය ලේකම් සුවිනි සුලෝචනා මහත්මියගේ මුලිකත්වයෙන් පැවති මෙම වැඩ සටහනට පුජ්‍ය පදලංගල අස්සජි හිමියන්, කොළඹ භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය සමන් ගුණසිංහ, ඉමදුව පොලිස් ස්ථානයේ උප පොලිස් පරික්ෂක හේරත් යන මහත්වරුන් දේශණ වලින් දායකත්වය ලබා දෙන ලදි.

   මත්පැන් හා දුම්වැටි භාවිතය තුලින් පුද්ගලයාගේ පරිහානිය සිදුවන ආකාරයත් එමගින් රටේ ආර්ථික හා සමාජීය පරිහානිය සිදුවන ආකාරය පිලිබදවත් විශේෂයෙන් පාසල් ආශ්‍රිතව සිදුකෙරෙන මත්ද්‍රව්‍ය බෙදාහැරිම් හා එමගින් සමස්ථ පාසල් පද්ධතියට එල්ලවි ඇති ඉරණම පිළිබදවත් ඉන් තම දරුවන් මුදාගන්නේ කෙසේද යන්න පිලිබදව ආගමික, සමාජිය, විද්‍යාත්මක  හා නිතිමය  කරුණු ආවරණය පරිදි මෙම සාකච්ඡාව ඉතා සාර්ථකව පවත්වන්නට එම දේශක  මංඩලය කටයුතු කර තිබුනි. මෙම වැඩ සටහන සදහා සෑම ග්‍රාම නිලධාරි වසමක්ම ආවරණය වන පරිදි දෙසියක් පමණ දෙමාපියන් සහ මුලස්ථාන කළණාකරු, මහ සංගම් කළමණාකරු, සමෘද්ධි නිලධාරින් සහභාගි වු අතර සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර නිශාන්ත සුදුසිංහ මහතා විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

No comments:

Post a Comment