Monday, November 20, 2017

වස විසෙන් තොර ආහාර සැකසුම පිළීබඳ දෙදින පුහුණුවක්..............


  දේශීය ආහාර වල වැදගත් කමත් වස විසෙන් තොර නැවුම් ආහාර පිළියෙළ කිරීම පිළිබඳවත් දෙදින ප්‍රයෝගික පුහුණු වැඩ සටහනක්  තෝරාගත් වවසායකයින් 33 දෙනෙකු සඳහා අදත්  හෙටත් (20 - 21) ගාල්ල ලබුදූව කෘෂි කර්ම විද්‍යාලයේදී පැවැත්වේ.

   සමෘද්ධි බෝජුන් හල් වල සේවයේ යෙදවීමට තෝරාගත් නව වවසායකයින් වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අලෙවි අංශයේ ප්‍රතිපාදන උපයෝගී කරගෙන මෙම පුහුණූ වැඩසටහන ක්‍රියාත්මක අතර ඉදිරි 25 සහ 26 දෙදින තුළ තවත් 30 යුත් කණ්ඩායමක් සඳහා මෙම ප්‍රයෝගික පුහුණූ වැඩමුළුව ක්‍රියාත්මක කිරීමට ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අංශය කටයුතු සංවිධානය කර ඇත.

   විශේෂයෙන්ම දේශීය නැවුම් ආහාර ප්‍රවර්ධනය කිරීම සහ වස විසෙන් තොර සෞඛ්‍යාරක්ෂිත ආහාර ජනතාව වෙත සැපයීමේ අරමුණත් ඒ හරහා රැකියා අවස්ථා වර්ධනය කිරීමත් මූලික අරමුණ කර ගෙන මෙම වැඩ සටහන ක්‍රියාවට නංවා ඇත. මේ වන විට සමෘද්ධි සමාජ සංවර්ධන අංශයේ ප්‍රතිපාදන මත බද්දේගම නගරාසන්නයේ  ඉඳි කෙරෙමින් පනතින සමෘද්ධි බෝජුන් හල 2018 වර්ෂය ආරම්භයේදීම පාරිභෝගිකයින් වෙත විවෘත කිරීමට අපේක්ෂා කරන බැවින් මෙම පුහුණු වැඩ මුළුව පුහුණුලාභීන් සඳහා මහත් පිටිවහලක් වනු ඇතැයි මෙම පුහුණු වැඩ මුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූ සමෘද්ධි දිස්ත්‍රික් නියෝජ්ය් අධ්‍යක්ෂිකා එස්.ඩී. කල්යාණී මහත්මිය පවසා සිටියාය. තව දුරටත් මේ පිළීබඳව අදහස් දැක්වූ කල්යාණි මහත්මිය “ මෙම අවස්ථාව ඉතා සුවිශේෂී අවස්ථාවක් බවත් මෙයින් ලබා ගන්නා දැනුම හා කුසලතාවය උපයෝලී කරගෙන ඉදිරියේදී රටේ ජනතාවට වස විසෙන් තොර ආහාර පරිභෝජනය වැඩි වැඩියෙන් ප්‍රචලිත කිරීමට උත්සාහ ගත යුතු බව ද සඳහන් කළාය.

    මෙම අවස්ථාවට සහභාගී වූ ලබුදූව කෘෂි කර්ම විද්‍යාලයේ විදුහල් පතිණිය ද පුහුණු වැඩ සටහනේ වැදගත් කමත්, බොජුන් හලකට ආහාර පිළීයෙළ කිරීමේදී සැළකිළිමත් විය යුතු ආකාරයත් අවසානයේ සුහදශීලි පාරිභෝගික සේවාවක් පවත්වා ගෙන යාම තුළුන් ඇති වන ආර්ථික ශක්තිය පිළී බඳවත් උදාහරණ සහිතව පැහැදිලි කරන ලදි. මෙම පුහුණු වැඩසටහන සඳහා බද්දේගම, හබරාදුව සහ අම්බලන්ගොඩ කොට්ඨාශ වලින් වවසායකයින් සහභාගී කර තිබූ අතර සම්පත් දායකත්වය කෘෂි කර්ම විද්‍යාලයේ කාර්ය මණ්ඩලය සහ ලබුදූව හෙළ බොජුන් හලේ ව්‍යාපාරික භවතුන් විසින් ලබා දෙන ලදි.

   මෙම වැඩසටහන දිස්ත්‍රික්  සමෘද්ධී කාර්යාලයේ අලෙවි අංශයේ කළමණාකරු රසිකා ජානකී මහත්මිය විසින් සංවිධානය කර තිබූ අතර අදාළ කොට්ඨාශ වල ව්‍යාපෘති කළමණාකරුවන් සහ ව්‍යාපෘති සහකාර නිලධාරීන් ද සහභාගී වී සිටින ලදි.

ප්‍රියන්ත කුමාර කාරියවසම්
විශේෂාංග සන්නිවේදක

No comments:

Post a Comment