Tuesday, November 21, 2017

මතින් නිදහස් ගමක් ජනාධිපතිතුමාගේ සංකල්පය අරණායකින් ඇරබේ


   තිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයට අනූව මතින් නිදහස් ගමක් නිර්මාණය කිරීමට ඔබට සහය වීමට සූදානම් වැඩසටහනේ ග්‍රාමීය කමිටු සාමාජිකයින් හට මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම ලබාදීමේ  වැඩමුළුව 2017.11.20 දින අරණායක ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මඟින් පවත්වන ලදි. 

   අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම රාජ්‍ය නිලධාරීන්, කෑගල්ල සුරාබදු දෙපාර්තුමේන්තුවේ ස්ථානාධිපතිතුමා, අරණායක, හෙම්මාතගම සහ කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරුන් හා පොලිස් නිලධාරීන්, ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලය, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු ග්‍රාමීය මට්ටමේ සාමාජිකයින් 300 ක් පමණ මේ සඳහා සහභාගි විය. 

  මෙම වැඩසටහන සඳහා අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ්.ඒ.එම්. ෆයිසල් මැතිතුමා, අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ගැමුණු වික්‍රමසිංහ මහතා, සුරාබදු ස්ථානාධිපති එල්.පී. සංදිප මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි ජී.ආර්. පද්මසිරි ගම්ලත් මහතා, ටී.ඩී.සී.ආර්. දසනායක  මහතා සහ කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි කළමණාකරු ඩබ්.එම්.සී.ඒ. බණ්ඩාර මහතා යන අයගේ සම්පත්දායකත්වයෙන් පැවැත් වූ අතර, සමෘද්ධි බැංකු සමිතියේ කළමණාකාර අධ්‍යක්ෂ ලකී බෙන්හර්, අරණායක සමෘද්ධි මූලස්ථාන කළමණාකරු පී.ජී. අනුලාවතී මියගේ හා සමෘද්ධි අංශයේ නිලධාරීන්ගේ සහයෝගයෙන් සාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර, ගැටුම්කාරී පරිසරයකින් තොර සුන්දර පවුල් පරිසරයක් අරණායක කොට්ඨාශය තුල ඇති කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම උතුම් සත් ක්‍රියාවකි.

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

No comments:

Post a Comment