Tuesday, November 21, 2017

ඉමදුව ආයෝජන ගමට නව බැංකු ගොඩනැගිල්ලක්........


    දිවයින පුරා ඇති සියලු සමෘද්ධි බැංකු සංගම් එකම ආකෘතියක් යටතේ ඉදිකිරිමේ වැඩ පිලිවෙලක් මේ වන විට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත. ඒ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදි වන ප්‍රථම බැංකු ගොඩනැගිල්ල සදහා ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආයෝජනගම සමෘද්ධි බැංකු සංගමය ඉදිකිරිම වෙනුවෙන්  මුදල් ප්‍රතිපාදන වෙන්වි ඇත.

   එම නව බැංකු සංගම් ගොඩනැගිල්ල ඉදිකිරිම  සදහා මුල්ගල් තැබිම ඉමදුව  ප්‍රාදේශිය මහ ලේකම් ලක්ෂ්මි කාන්ති මැතිණියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.  රුපියල් එක් කෝටි තිස්නව ලක්ෂයක මුදලක් මෙම ව්‍යාපෘතිය සදහා වෙන්කර ඇති අතර සියලු පහසුකම් සහිතව බැංකු කාර්යාලය සහ කලාප කාර්යාලය වෙනුවෙන්  මෙම ගොඩනැගිල්ල පණුගල්ගොඩ ග්‍රාම නිලධාරි වසමේ  ඉදිවේ.

   දැනට කුළි පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක දැඩි දුෂ්කරතා මත පවත්වා ගෙන යනු ලබන සමෘද්ධි බැංකුව සදහා නව ගොඩනැගිල්ල ලැබිම තුලින් කාර්ය මණ්ඩලයට හා ගණුදෙණුකරුවන්ට මහත් සෙතක් සැලසෙන බවත් මෙම බැංකු ගොඩනැගිල්ල ඉදිකිරිම වෙනුවෙන් ඉඩම අත්පත් කර ගැනිමේ සිට මේ දක්වා කටයුතු වලට හිටපු කළමණාකරුවන් වන ගයාන් වික්‍රමසිංහ මහතා සහ ඩබ්.ටි. තුෂාරි මහත්මිය දැක්වු සහයෝගය අගය කරන බවත් වත්මන් කළමණාකරු එම්.යු. රංජිත් මහතා  සමෘද්ධි ගමනට පැවසුවේය. ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මි කාන්ති මහත්මිය, සහකාර ප්‍රාදේශිය ලේකම් සුවිනි සුලෝචනා මහත්මිය, සමෘද්ධි කළමණාකරුවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරින් ඇතුඑ ප්‍රදේශවාසි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවි සිටියා.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

No comments:

Post a Comment