Wednesday, November 8, 2017

‘සමෘද්ධි අරුණළු” ජීවිත ගමන එළිය කලා…..


   එදිනෙදා කුලීවැඩකරමින් ජීවත්වුන අපට ශක්තියක් වුනේ සමෘද්ධි වැඩසටහන, මගේ පවුලේ හතර දෙනයි, අපට කුඹුරු ඉඩම් නෑ, ජීවත්වනේ නොයෙකුත් අගහිඟකම් මැද සත්ව පාලනය කරන්න මට මුල ඉඳලම කැමත්තක් තිබුණ ඒ වුනත් මුදල් තිබුනෙ නෑ, ඒ අතරෙදි තමයි සමෘද්ධි සංවර්ධන නිළධාරී වජිර කුමාර  මහත්මයත් සමෘද්ධි මුලස්ථාන කළමණාකාර ගාමිණී කුමාරසිංහ මහත්මයත් මැදිහත්වෙලා සමෘද්ධි අරුණළු වැඩසටහන යටතේ කුකුල් පැටවුන් සීයක් අරන් දුන්නා, මාසෙකට බිත්තර විකුණලා හොඳ ආදායමක් ගන්නවා, ඊට අමතරව ඌරන් ඇතිකිරීමත් කරගෙන යනවා, වැඩිදියුණු කරගෙන හොඳටම කරගෙන යන්න තමා බලාපොරොත්තුව සමෘද්ධි වැඩසටහන තියන හින්ද බයවෙන්න දෙයක් නැහැ, කියමින්  අදහස් දැක්වුයේ ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇළහැර වසමෙහි ඩබ්.ජී. ප්‍රේමරත්න මහත්මායි. උදව්කල සියලුම දෙනාටත්, ප්‍රාදේශීය ලේකම් එස්.එම්.කේ. කුමාරිහාම් මැතිතුමියටත් ස්තුති කරන්නට ඔහු අමතක කලේ නැත.

කේ.එම්. වික්‍රමවංශ රාජපක්ෂ
සමෘද්ධි ගමන සන්නිවේදක
ඇලහැර

No comments:

Post a Comment