Thursday, October 12, 2017

ජාඩි සමග බත් රස බලමින්....


   සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවේ මුල්‍ය  දායකත්වය මත අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය ක්‍රියාත්මක කරන පොකුරු ගම්මාන ව්‍යාපෘතියේ කරවල, ජාඩි හා උම්බලකඩ නිෂ්පාදන ගම්මානයේ පසුගිය  (09) වන දින දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩි.එස්. විතානගේ මහත්මිය ක්ෂේත්‍ර පරික්ෂාවක නියලෙන ලදි.

    එම ව්‍යාපෘතියට අදාලව පසුගිය දා පැවති ප්‍රයෝගික පුහුණු වැඩසටහන් වලදි නිෂ්පාදනය කල කරවල, ජාඩි සහ උම්බලකඩ සමග රසවත් ආහාර වේලක් ව්‍යාපෘතිලාභින් විසින් සුදානම් කර තිබු අතර ප්‍රතිලාභින් සමග එක් වෙමින්  සහාකාර අධ්‍යක්ෂ තුමියද එම ආහාර රස බලන ලදි. 

    මෙම අවස්ථාවේ දි පැමිණ සිටි ප්‍රතිලාභින් සමග ඹවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කල අධ්‍යක්ෂ තුමිය ඔවුන්ට අදාල උපකරණ ඉදිරි කාලය තුලදි ලබා දිමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත් මෙම ව්‍යාපෘති මගින් ඔවුන්ගේ කැපවිම මත තම ව්‍යාපෘති දියුණු කර ගැනිමට උනන්දුවන ලෙසත් පවසන ලදි.

    මෙම අවස්ථාවට සමෘද්ධි නියෝජ්යන අධ්‍යක්ෂිකා කල්යාණි  මහත්මිය දිස්ත්‍ර්‍රික් කළමණාකරු පි.එච්. කපිල මහතා, මුලස්ථාන කළමණාකරු ඩබ්.ඒ. නිහාල් චන්ද්‍රසිරි, ව්‍යාපෘති කළමණාකරු උදය අනුරාධිනි මහත්මිය හා වසම්භාර සමෘද්ධි සංවර්ධන නිලධාරින්  සහභාගි වන ලදි.  

ජේ.පි. රුවන් ප්‍රසාද්
සමෘද්ධි සන්නිවේදක
අම්බලන්ගොඩ

No comments:

Post a Comment