සමෘද්ධි සංවර්ධන දේපාර්තමෙන්තුව සංවිධානය කල බැංකු ශ්‍රෙණිගත කිරිමේ හා නිලධාරීන් ඇගයීමේ වැඩසටහන මගින් ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගනේගොඩ සමෘද්ධි බැංකුව ගාලූ දිස්ත්‍රික්කයේ පලමු තැන හිමිකර ගනිමින් හා ලංකාවේන්ම 08 නව ස්ථානය හිමිකර ගනිමින් ඇල්පිටිය කලාපයේ ˜A ˜ ශ්‍රේණියේ බැංකුවක් ලෙස පසු ගිය 02 දින නෙළුම් පොකුණ රංගශාලාවේදී අභිෂේක ලැබිණි.
1999 වර්ෂයේ ආරම්භ වු ගනේගොඩ සමෘද්ධි බැංකුව ග්‍රාම නිලධාරි වසම් 13 කින් පෝෂණය නව ගිණුම් 15000 අධිකට ප්‍රමාණයක් ඇති කෝටි 13 කට අධික පිටහිටි ණය ශේෂයක් සහිත පසු ගිය වසරේ ලක්ෂ 36 ක ලාභයක් හිමිකර ගනිමින් ගාලූ දිශාවේ සිය තේජස විහිදුවමින් සිටි. මෙම වර්ෂ 18 ක ගනේගොඩ බැංකු ඉතිහාසය තුල දී කිසිදා අලාභ නොලැබු බැංකුව නිසි කළමණාකාරිත්වයෙන් මේ දක්වා පැමිණි අතර වර්ථමාණ කළමණාකරු අනුර ලීලානන්ද මහත්මා 2007 වර්ෂයේ සිට සිය පල පුරුදු කළමණාකරණ හැකියාවෙන් වැඩි ලාභ දායිත්වයක් හා ගුණාත්මක බැංකුවක් ලෙස වර්ධනය කර ගාලූ දිස්ත්‍රික්කයේ බැංකු වෙත ආදර්ශයක් ලබා දී ඇත.
උපුල් ලියනගමගේ
විශේෂාංග සන්නිවේදක
No comments:
Post a Comment