Tuesday, January 30, 2018

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ අඩු අදායම්ලාභියාගේ නිවාස ගිනිගෙන විනාශවේ.


  හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ නිවසක අතිවු ගින්නක් හේතුවෙන් එක් නිවසක් මුලුමනින්ම හා තවත් නිවසට අර්ධ හානිද සිදුවි තිබේ.

   හැටන් පොලිස් වසමට අයත් හැටන් උතුර ග්‍රාම නිලධාරි වසමේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි තාවකාලික නිවසක් හා අර්ධ වශයෙන් වැඩ නිමකර තිබු නිවසකට ගින්නනේ හානි සිදුවි තිබේ.29 වන දා පෙරවරු 9.00 ට පමණ ඇතිවු ගිනිගැනිම හේතුවෙන් තාවකාලිකව ඉදිකර තිබු නිවස මුළුමනින්ම ගිනිගෙන විනාශ විය. ඊට යාබදවු අනෙක් නිවසට අර්ධවශයෙන් හානි සිදුවී තිබේ.

   ගින්න ඇතිවන අවස්ථාවේ නිවැසියන් නිවෙස්වල නොසිටිය බවත් ප්‍රදේශවාසින් හා පොලිසිය එක්ක ගින්න මැඩ පැවැත්වීමට මහත් පරිශ්‍ර‍යක් දරා තිබු මුත් එක් නිවසක් දැවිම නවතාලිය නොහැකි විය.

   ලොතරැයි අලෙවි කරමින් ජිවිකාව ගත කරන අඩු අදායම්ලාභි පවුලක් සිව්දෙනෙක් ද හා අර්ධවශයෙන් විනාශවු ඇයගේ සොහොයුරා නිවසේ වාසය කල සිව්දෙනෙක් ද වශයෙන් වු පවුල්  දෙකක් මෙම ගිනිගැනිමෙන් අවතැන් වි ඇත.

ගිනිගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හැටන් පොලිසිය පරික්ෂන පවත්වයි. 

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

Monday, January 22, 2018

බුලත් ගමේ අස්වනු නෙලීම අරඹයි


   ක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආදර්ශ ගම්මාන ලෙස ක්‍රියාත්මක ග්‍රාම නිලධාරි වසම් තුනකින් සැදුම්ලත් බුලත්ගමේ බුලත් වගා කිරිම 2017.09.10 දින ගාලු දිස්ත්‍රික් ලේකම්තුමාගේ සුරතින් පලමු බුලත් පැළය සිටුවා වගාව ආරම්භ  කරන ලදි.

    2018.01.18 දින බුලත් වගාවන්හි පලමු අස්වනු නෙලීම ආරම්භ කරන ලද්දේද දිස්ත්‍රික් ලේකම් තුමා රෝපණය කල පලමු බුලත් වැලෙන් වීම විශේෂත්වයක් විය. මෙයට අමතරව මෙම ගම්මානයේ රුපියල් ලක්ෂ දොලහක් වැයකර දුෂ්කර මාර්ගයක් කොන්ක්‍රීට් කර ජනතා අයිතියට ලබා දුන් අතර ඉතා දිලිදු පවුල් හතරකට නිවාස හතරක් සාදාදිමේ අවසන් අධියරට ද පැමිණ ඇත.

    මෙම මංගල අස්වනු නෙලීමේ අවස්ථාවට යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් චන්දිම මුහන්දිරම් මැතිතුමා සහභාගී වීම වගා කරුවන්ගේ සතුටට හේතු වූ අතර මුලස්ථාන සමෘද්ධි කළමණාකරු අනුර මහතා, මහා සංගම් අධ්‍යක්ෂිකා තුෂාන්ති මිය, ආනන්ද මායාකඩුව පොන්සේකා මිය, කලාප කළමණාකාර පත්මසිරි මහතා, සංවර්ධන නිලධාරීන් වන නීල් ජයලත්, ගාමිණී  දිසානායක, රංජිත් යන අයද  සහභාගී වීම ගම් වැසියන්ගේ ද පැසසුමට ලක්විය.

ජේ.එල්. ගාමිණී
සමෘද්ධි සන්නිවේදක
යක්කලමුල්ල

Saturday, January 13, 2018

සමෘද්ධි සමාරම්භක අධ්‍යක්ෂ ජනරාල් දැයෙන් සමුගනී


   විද්‍යා හා තාක්ෂණික කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස සේවය කල ඩබ්ලිවි.ජී. මිත්‍රරත්න මැතිතුමා අභාවප්‍රාප්ත විය.

   සමෘද්ධි වැඩසටහනේ සමාරම්භක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කිරිමේ ප්‍රබල භූමිකාවක් කල එතුමා ලක්ෂ සංඛ්‍යාත වු සමෘද්ධි ලාභීන්ගේ ආදරය සෙනෙහස දිනාගත් පුද්ගල චරිතයක් විය. ජනශක්ති බැංකු සංගමය ආරම්භ කරමින් එහි නිර්මාතෘ වරයා හා කාන්තා සංවර්ධන මහ සංගමයේ බුද්ධි මණ්ඩලයේ සභාපති ලෙස දිග කලක් සේවය කරමින් අමිල මෙහෙවරක් සිදු කරන ලදී.

   එතුමන්ගේ දේහය ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 13 වන දින පස්වරු 1.00 ට බොරැල්ල කනත්තේදී සිදු කිරිමට නියමිතය. එතුමානන්ට අජරාමර නිවන් සුව ලැබේවායි සමෘද්ධි ගමන අප හා සමෘද්ධි පවුලේ සැම ප්‍රර්ථනා කරමු.

ප්‍රදීප් චන්දන නානායක්කාර

Friday, January 12, 2018

සමෘද්ධී ව්‍යවසායකයන්ට ව්‍යාපාරික දියුණුවට අතහිත


   හික්කඩුව වැඩබලන ප්‍රාදේශීය ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද මැතිතුමාගේ උපදෙස් පරිදි 2017 සමෘද්ධි අරුණලු වැඩසටහන යටතේ කුඩා පරිමාණ සමෘද්ධි ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර කටයුතු වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය උපකරණ බෙදා දීම 2017.11.23 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.   2017 වසරේ ප්‍රතිලාභීන් වෙත ජංගම අලෙවි රථ, පා පැදි, ජුකී මහන මැෂින්, සාමාන්‍ය මහන මැෂින්, ධීවර උපකරණ, ගිල් මැෂින්, රවුටර්, චේන්ෂෝ, ලිං ඉසීමේ යන්ත්‍ර, සැලුන් උපකරණ, පිටි කොටන ඇඹරුම් යන්ත්‍ර,රයිස් කුකර්, රෙදි සෝදන යන්ත්‍ර,, කම්පෙෂර්, ටයිල් කටර්, ඉලෙක්ටොනික් තරාදි, සෙවන දැල්, ශීතකරණ, බහු කාර්ය වඩු මැෂින් සහ සුළං ඇල්ලීමේ යන්ත්‍ර යනාදී උපකරණ බෙදා දෙන ලදි.

අනෝමා මොන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

Thursday, January 11, 2018

ගොවිතැන් ආරක්ෂාවට ප්‍රාදේශීය ලේකම් මැදිහත්වෙයි

වන අලි කරදරයට කඩිනම් විසදුම්

    මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  97 වෙඩිකච්චිය ග්‍රාම නිලධාරී වසම නිරන්තර වන අලි හානි පිලිබදව සමෘද්ධි ගමනද රටටම කීවේ මෙම මස පලමු වෙනිදාය. 96 දිග්ගල්පුර, 99 වේදේහපුර, 93 නවනගරය, 92 කවුඩුලුවැව 98 ඇටඹඔය වසම්වල මෙම වන අලි කරදර නිසා තම ගෙවතු හානිවිමෙන් අපේ සංවර්ධන ඉලක්ක සපුරාගත නොහැකි වන අතර බෝග වගා කිරිම පමණක් නොව ඒවා රැකගැනීම සදහාද එකමුතුව වැඩකල යුතු බවත් මේ වන විට වෙඩිකච්චිය වසම් ඇතුළු අවට වසම් සදහා වන අලි කරදර වලට වනජීවි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් විසදුම් ලබානොදීමෙන් ගොවි ජනතාව ඉතා අසරණ තත්වයට පත්ව ඇති බව එම වසමේ සමෘද්ධි නිලධාරී මහතා අද දින (09) පැවති  කෘෂිකර්ම කමිටු රැස්වීමේදී ප්‍රකාශකල අතර ප්‍රාදේශීය ලේකම් තුමිය කියා සිටියේ 104 එකමුතුගම වසමේ මෙතෙක්කල් පැවති ප්‍රශ්ණයක් මත අලි වැට ඉදිකිරිම එම ගම්මානයෙන් නතරවීම හේතුවෙන් මෙම වන අලි කරදර සිදුවන බවත්, එතුමියගේ පූර්ණ මැදිහත්විම මත ගම්වාසීන් සමග කල සුහද සාකච්චා මේ වන විට සාර්ථක වී ඇති බැවින් නතරවි ඇති අලි වැට කඩිනමින් ඉදිකිරීමට හැකි වන බවයි.

   විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරී මහත්ම මහත්මීන් මෙන්ම ගොවි සංවිධානවල ගරු නිළධාරි මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගීවී සිටි අතර 2 වන පියවරට කවුඩුළුවැවෙන් ජලය සැපිමට නොහැකි බැවින් එම ගොවින් සදහා ගොඩ භෝගයක් වශයෙන් මුංඇට අක්කර 100ක වගා කිරිමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී මහතුන් ප්‍රකාශකරන ලදි. ගොවි මහතෙකු වන ධම්මික මහතා විසින් පශු සම්පත් මෙතෙක් දියුණු තත්වයට පත්වී නොමැති බැවින් ඒ සදහා නව තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගැනිම සදහා අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලා සිටි අතර කිරි ගොවි සමිති නිලධාරින්ද කෘෂීකර්ම කමිටු රැස්වීමට එක්කර ගන්නා ලෙසයි. පශු වෛද්‍ය නිලධාරී මහතා කියා සිටියේ  විවිධ වැඩසටහන් තුලින් අදාල ප්‍රතිලාභින් සදහා සතුන් ලබාදිමේදී එම අයට අවශ්‍ය පුහුණුවීම් නොදීමෙන් සතුන් මැරීයෑම හේතුවෙන් ව්‍යාපෘති අසාර්ථක වන බවයි.

වජිරා දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

දහ අට වසක් සමාජ මෙහෙවරට කැපවී එක්තැන්වුනු විජෙරත්න


   මාජය සමග සමාජ මෙහෙවරක යෙදිම ඉතා අසීරුය. අද වැඩියෙන්ම පහරකන්නේ සමාජය වෙනුවෙන් තම ශක්තිය කාලය මිල මුදල් පවා පරිත්‍යාගයෙන් කැපකර සමාජයට නොමිලයේ සේවයක් කරන ගරු සමාජ සේවකයින්ය. රාජ්‍ය සේවකයා වැටුපක් වෙනුවෙන් තම සේවය ලබා දුන්නද සමාජ සේවකයා දහඩිය වගුරනුයේ තමන්ගේම එවුන් වෙනුවෙනි.වසර 18ක් ඉතා වටිනා විශිෂ්ඨ  සමාජ සේවයක් ඉටුකර අද ඔත්පලව ඇදට වී කාලය ගෙවන මැදිරිගිරිය 104 එකමුතුගම විජෙරත්න එදිරිසිංහ මහතා  හමුවීමට සමෘද්ධි ගමනද පියමැන්නේ එතුමා සමග දුක සැප බෙදාගැනීමේ අටියෙනි.

    අප එතුමා හමුවන විටත් ඇදට වී  තමන්ගේ තනිකම මකාගැනිමට මුහුණු පොත හා සම්බන්දව සිටි අතර මා දුටු විජේරත්න මහතා නෙතග කදුලක් පුරෝගෙන සතුට පෙන්විමට මුවගට සිනහවක් ගෙන රෝහලේ අපේ දිසානායක ලේකම් මහත්තයා ආයුබෝවන් යනුවෙන් ආමන්ත්‍රණය කලත්, ඒ සිනහව හා දෙනෙත තුල රදා පැවතියේ එක් වචනයකට සීමා නොවුනු හදවත ඇතුලේ තමන්ට ප්‍රකාශකල නොහැකි වචන දහසකි. දරුවන් තිදෙනෙකුගේ පියෙකි  විජෙරත්න මහතා.

   සමෘද්ධී සමිතිය, පාලක මණ්ඩලය, විධායක සභාව ඇතුළුව සමෘද්ධියට වසර 18ක් පමණ දුප්පතුන් වෙනුවෙන් තමන්ගේ කැපවිම කල විජේරත්න මහතා හදිසියේ ඇදට වූයේ බෙල්ලේ හටගත් ගෙඩියකිනි.මේ වන විට ශල්‍යකර්මයක් මගින් ගෙඩිය ඉවත්කර ඇතත් එම ගෙඩියේ ප්‍රතිඵලයක් ලෙස ඇවිදයෑමට නොහැකි බව විජෙරත්න මහතා අප වෙත ප්‍රකාශකරන ලදි.මැදිරිගිරිය මූලික රෝහලේ රෝහල් සංවර්ධන පදනමේ කළමණාකරණ කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන් රෝහලේ සංවර්ධනය වෙනුවෙන්ද තම සේවය ලබාදී ඇති අතර මෙතෙක් කිසිවකු පැමිණ නොමැත.විශිෂ්ඨ සමාජ සේවකයෙකුගේ ජේෂ්ඨ හැකියාවක් ලෙස විජෙරත්න මහතාගෙන් සමෘද්ධි ගමන දුටුවේ.....  දිසානායක ලේකම් මහත්තයා දැන් කොහොමද මැදිරිගිරිය රෝහලේ සංවර්ධන වැඩ, මමත් සනීප උනහම ආයෙත් එනවා ඔයාලත් එක්ක රෝහලට උදව් කරන්න අපේ සමෘද්ධි දුප්පත් මිනිසුන්ට උදවිකරන්න.... හැගීම් සගවාගෙන සිනහවකින් හදවතින්ම පිටකල වදනෙනි...

   සම්බුදු සරණින් දෙවිරැක වරණින් ඉක්මන් සුවය ලැබේවායි පතමින් අපද එතුමා සමගින් නික්මුනේ විශිෂ්ඨ සමාජ සහෘදයෙකු අද ඇදට සීමාවීමේ දුකද දරාගෙනය........

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

ජිවිතයක් බේරා ගන්න සංවර්ධන නිලධාරීන් පෙරමුණේ

නව වසරේ පුණ්‍යකර්මයකින් වැඩ අරබයි.............

  සරණ ජීවිතයක් බේරා ගන්නා අධිෂ්ඨානයෙන් වැඩ ආරම්භ කිරිමෙන් එම අවුරුද්දම හරිම හිත සැහැල්ලුයි. අපි මේ ලේ දන්දීමේ වැඩසටහන කරන්නේ 04 වෙනි වතාවටයි. අද වන විටත් ලේ පරිත්‍යාගශිලින් 50කට වැඩි පිංවතුන් පිරිසක් ආවා. උපාධිධාරී සංවර්ධන නිලධාරී සංගමයේ මැදිරිගිරිය ශාඛාවේ සභාපති  ආර්.එම්. ප්‍රියන්ත සිසිර කුමාර මහතා ඉතා සැහැල්ලු මනසකින් යුතුව ජනවාරි 03 වෙනි දින මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති ලේ දන්දීමේ වැඩසටහනේදී සමෘද්ධී ගමනට හඩ අවදි කෙරිනි.

    මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් තුමියගේ මග පෙන්විම මත මෙම ලේ දන්දීමේ වැඩසටහන පැවැත්වුනු අතර සංගමයේ සියළු සාමාජික මහත්ම මහත්මීන් ඉතා උනන්දුවෙන් සහයෝගය ලබාදීම සමෘද්ධි ගමන කැමරා කාචයට හසුවන ලදි. 

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගරු සභාපති ප්‍රියන්ත මහතා කියා සිටියේ විශේෂයෙන්ම මැදිරිගිරියේ වකුගඩු රෝගීන් බොහෝ පිරිසක් සිටින බවත් අපේ ගම් නියම්ගම් වල සිටින රෝගීන් සිහිකර එම රෝගින් වෙනුවෙන් මෙම මහගු පුණ්‍ය කර්මය කරන බවයි... විවිධ ක්ෂ්‍රේත්‍රරවල රාජ්‍ය නිලධාරින් මෙන්ම ප්‍රදේශවාශින්ද ලේ දන්දිම සදහා පැමිණ සිටි අතර පොළොන්නරුව මහ රෝහලේ ලේ බැංකුව විසින් ලේ ගැනීම  සිදු කරන ලදි.

වජිරා දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

Tuesday, January 9, 2018

නව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ට ක්ෂේත්‍රයේදී ප්‍රායෝගික පුහුණුව


   ළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජකාරි කටයුතු බාර ගත් නව සමෘද්ධි සංවර්ධන නිළධාරීන් සඳහා සමෘද්ධි වැඩසටහන තුල ක්ෂේත්‍රයේදී කළයුතු කාර්‍යයන්, ගම්මාන සමිති පැවත්වීම, කුඩා කංඩායම් ක්‍රියාවලිය මෙන්ම ව්‍යාපෘති සැලසුම් සකස්කිරීම පිළිබඳව ප්‍රායෝගික පුහුණුව ලබාදීම ක්ෂේත්‍රය තුලදීම සිදුකරන අතර නව නිළධාරීන් කොට්ඨාශය තුල, කිරිඹය, මළුවෙයාය, දමනයාය, අත්තනකඩවල උතුර යන වසම් වල පරිණත සමෘද්ධි සංවර්ධන නිළධාරීන් වන එච්.ජී. මානෙල් ප්‍රියංගිකා, අනුෂා උදංගනී, චන්ද්‍රාණී කුමාරි, චමාරා චාන්දනී යන නිළධාරීන් විසින් සිදුකරන අතර ඇළහැර ප්‍රාදේශීය ලේකම් එස්.එම්.කේ. කුමාරීහාමී මහත්මියගේ සහ මුලස්ථාන කළමණාකාර ගාමීණී කුමාරසිංහ මහත්මාගේ පුර්ණ අධීක්ෂණය හා මඟපෙන්වීම් මත මෙම කටයුතු සංවිධානය කරනු ලබයි‍‍.

කේ.එම්. වික්‍රමවංශ රාජපක්ෂ
සමෘද්ධි ගමන සන්නිවේදක
ඇළහැර

වෙඩිකච්චියට ප්‍රාදේශීය ලේකම්ගෙන් පැසසුම්

සියළු කේෂ්ත්‍ර නිළධාරින් සහයෝගයෙන් වැඩ කරන්න

  2018 වසරේ පලමු පලාත් දින රැස්වීම 05 වෙනි දින මැදිරිගිරිය ප්‍රාදේශි ලේකම් සි.එම්. කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණී. මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල 2017 වසරේ ක්‍රියාත්මක කරන ලද විවිධවූ සංවර්ධන වැඩසටහන් පිලිබදව මෙහිදී පසුවිපරමක් සිදුකල අතර 2018 වර්ෂයේ ඉලක්ක වැඩසටහන් පිලිබදවද සාකච්ජා කරන ලදි.

  සිවිල් ආරක්ෂක කමිටු ක්‍රියාත්මක විමේදී මැදිරිගිරියේ හොදම සිවිල් ආරක්ෂක කමිටුව 97 වෙඩිකච්චිය බව මැදිරිගිරිය පොලිස් ස්ථානය වෙනුවෙන් පැමිණි පොලිස් නිලධාරි මහතා සදහන් කරන ලදි‍‍; එම වසමේ ක්‍රියාත්මක විවිධ වැඩසටහන් වලදී ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී සංවර්ධන නිලධාරි සහ කෘෂි පර්යේෂණ නිලධාරී මහත් මහත්මීන් ඉතා උනන්දුවෙන් සියළුම දෙනාගේ සහයෝගයෙන් ක්‍රියාත්මක කරන බව ප්‍රාදේශිය ලේකම් තුමිය ප්‍රකාශ කරන ලද අතර මෙම ආදර්ශය මෙම වසරේ සිට සියළුම ග්‍රාම නිලධාරී වසම් වල ක්‍රියාත්මක කරන ලෙසත් එතුමිය සියළුම දෙනා දැනුවත්කරන ලදි.

වජිරා දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

පහන්දොර සත්සර මැදින් මැදිරිගිරිය වැඩ අරබයි


  ම්මා පෙව් කිරි කදුළින් මේලොව මෙතරම් එළිය උනේ................. මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්ත සියළුම රාජ්‍ය නිළධාරින්   සෑම වසරකම නව වසරට පාතබන්නේ පහන්දොර සත්සර නාදයෙනි................

  මෙවර පහන්දොර සත්සර නද සදහා මගපෙන්විම කරන ලද්දේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් සි.එම්. කරුණාරත්න මැතිනියයි. පුරා වසරක විඩාවත් නව වසරක නැවුම් බලාපොරොත්තුත් සමග කාර්යාලීය සේවක මහත්ම මහත්මීන් ඇතුළු සමස්ථ කේෂ්ත්‍ර නිළධාරී මහත්ම මහත්මීන්ද ඉතා සතුටින් මේ සදහා සහභාගිවුයේ වෙන් වෙන්ව තම රාජකාරි කැපවීමෙන් වසරක වෙන්වීම එක් සොදුරු නිමේෂයකදී රස වින්දනාත්මකව තම සහෝදර නිළධාරීන් සමග බෙදාගැනීමේ අධිඨණනි.
 
  දේශීය සංගීතය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ගුවනට මුසුකරන නිමල් පෙරේරා සමග වාද්‍ය වෘණ්දය සමග සියළුම නිළධාරීන් තම හැකියාවන් තුල දක්ෂතා එළිදැක්වූයේ තම පාසැල් දිවිය තුල සාහිත්‍ය සමිතියේ මෙන්ම ගුරුවරයා පන්තියට නොපැමිණි අවස්ථාවල ඩෙස්එක පුටුව සංගීත භාණ්ඩයක්වී විදුහල්පති තුමාගෙන් කෝටුපාර කෑමද සිහිපත් කරමින් අවුරුදු 18-20 පසුකරන තාරුණ්‍යෙය් හඩ ගුවනට මුසු කරමිනි. වයස් බේදයකින් නිළධාරි බේදයකින් හා උස් පහත් බේදයකින් තොරව තම පවුලේ උදවියද සබැදිව මෙම පහන්දොර සත්තර නද  සවස 06 සිට මධ්‍යම රාත්‍රිය පහන් වන තුරු පැවති අතර ප්‍රාදේශිය ලේකම් තුමියද  සියළු දෙනා සමග සතුට බෙදාගන්නා ලදි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

Thursday, January 4, 2018

සමෘද්ධි ප්‍රජාමූල නිලධාරින්ට ගිණුම්කරණ පුහුණුවක්


   දිළිදුකම පිටුදැකිම වෙනුවෙන් ආරම්භ කර ඇති සමෘද්ධි ව්‍යාපාරය ඒ අරමුණු ජයගැනිම සදහා  වසරින් වසර විවිධ වු නව්‍යතාවයෙන් වැඩ සටහන් සංවිධානය කරමින් ඒ දැවැන්ත අභියෝභය ජය ගැනිම සදහා ගන්නා වු උත්සාහය අතිමහත්ය. ග්‍රාමිය මට්ටමේ සිටින අඩුඅදායම්ලාභින් සහ සමෘද්ධිලාභින්ගේ ජීවන මට්ටම ආර්ථික හා සමාජිය වශයෙන් ඉහල දැමිම සදහා මේ වන විටත් අලුත් සංවිධානයක් ගමතුල බිහිකර ඇත. ඒ සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන බිහි කිරිම තුලිනි. මේ වන විට ග්‍රාමිය මට්ටමේ සිට ජාතික තලය දක්වා මෙම සංවිධාන බිහිවි ඇති අතර ඒ තුලින් අඩු ආදායම්ලාභින්ට අවශ්‍ය ක්ෂණික ණය පහසුකම් ගම තුලදිම ලබාදීම සිදුවේ.

   ප්‍රජා සංවිධාන තුල කටයුතු කිරිමේදි නිවැරදිව ගිණුම් පොත් පවත්වා ගෙන යාම අතිශ්‍ය වැදගත් වේ. ඒ වෙනුවෙන් සමෘද්ධි ප්‍රජාමූල සමිති නිළධාරින්ට අවශ්‍ය නිවැරදි ගිණුම්කරණ ක්‍රියාවලිය පිළිබද හා වෘත්තිය මාර්ගෝපදේශණ පිලිබද වැඩ මුළුවක් පසුගිය දා  ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි  පැවැත්විණ. සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් සංවිධානය කර තිබු මෙම වැඩ මුළුව හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි සමන් ප්‍රියදර්ශණ මහතා විසින් පවත්වන ලදි. සමිතියක් තුල පවත්වා ගෙන යායුතු පොත්පත් හා නිවැරදිව වවුචරයක් සකස් කර ගන්නා ආකාරය පිලිබදවත් නිවැරදි ගිණුම්කරණ ක්‍රියාවලිය තුලින් සාර්ථකව සමිතියක් පවත්වා ගෙන යාම පිලිබදව ප්‍රායෝගිකව පුහුණුව ලබාදෙමින් සාර්ථකව වැඩ මුළුව පවත්වන ලදි.

   සියලුම වසම්වල ප්‍රජාමූල සමිති සභාපතිවරු, ලේකම්වරු සහ භාණ්ඩාගාරිකවරු මෙම වැඩ සටහන සදහා කැදවා තිබු අතර සහකාර ප්‍රාදේශිය ලේකම් සුවිනි සුලෝචනා මහත්මිය, මුලස්ථාන කලමණාකරු ආනන්ද දිසානායක, සමෘද්ධි මහ සංගම් අධ්‍යකෂ කේ.එච්.වි. ලක්ෂමන් සහ සමාජ සංවර්ධන සහකාර නිශාන්ත සුදුසිංහ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගිවි සිටියහ.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

නව වසරේ වන අලිද වැඩ අරබයි


   මෘද්ධි දෙපාර්තමේන්තුව මහවැලි අධිකාරිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන තම ගෙවතු සංවර්ධනය සදහා විවිධ වැඩසටහන් මගින් ආධාර උපකාර කිරිමෙන් සහ තම උත්සාහයෙන් ජීවිතය ගැටගසා ගැනිම සදහා මින්සුන් බොහෝ වෙහෙසෙති. එවන් මිනිසුන් කොට්ඨාශයක් සිටින මැදිරිගිරිය 97 වෙඩිකච්චිය ග්‍රාම නිළධාරී වසම පැරණි ගම්මානයකි. එදා එල්.ටි.ටි සංවිධානයේ මිලේච්ච ක්‍රියාවන්ට බයේ ජීවිත අවදානමද නොතකා තම ගෙවතු සංවර්ධනය කලේ අනාගත පරපුරට යම් දෙයක් ඉතිරි කිරිමේ බලාපොරොත්තුවෙනි. ගණ වනාන්තරයට ආසන්නව පිහිටියත් එල්.ටි.ටි ක්‍රියාවන්ට හසුනොවුවත් අද වන අලි පහරදීම් හා ගෙවතු වලට පැමිණෙන වන අලි රංචූන් තම බෝග වගාවන් විනාශ කරනුයේ සිත්පිත් නැති වෘකයෙකු අහිංසක මුවෙකු දඩයම් කරන්නාක් මෙනි.

   සමෘද්ධි ගමන කැමරා කාචයට ජනවාරි පලමු වෙනි දින හසුවූයේ වන අලින් විසින් සමෘද්ධිලාභි පවුලක් වන සමගිපුර පදිංචි එච්.එම්. රණසිංහ මහතාගේ ගෙවත්තේ හොදින් ගෙඩි හටගෙන තිබූ පොල්ගස් 10කට අධික ප්‍රමාණයක් විනාශකර තිබූ ආකාරය සහ නිතරම වන අලි ගමන් කිරිමෙන් ගෙවත්තේ සෑදී ඇති පාරකි. අලි 09 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නිතරම ගම්මානයේ ගැවසෙන බවත්, දුක් මහන්සියෙන් සංවර්ධනය කරන ගෙවතු විනාශ කරන බව පැවසූ රණසිහ මහතා මේ වන විට ගමිමානයේ වන අලි පහරදීම්ද සහ පොල් ගස් 100 කට අධික ප්‍රමාණයක් විනාශකර ඇති බවද පැවසීය. 

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

පුත්තලම සමෘද්ධි අධ්‍යක්ෂක ක්ෂේත්‍ර චාරිකාවේ ⁣


   වෙන්නප්පුව සමෘද්ධි බැංකුවේ අද දින කලාප රැස්විම පැවැත්වෙන අතරතුරැ ක්ෂේත්‍ර චාරිකාවක්   සදහා සහ නව වර්ෂය සදහා නිලධාරින් හමුවිම හා දැනුවත් කිරිම සදහා පුත්තලම් දිස්ත්‍රික් සමෘද්ධි   සහකාර කොමසාරිස් නාලක ප්‍රියශාන්ත මහතා පැමිණියේය. එතුමා නිලධාරින් හමුවි සුහද කතාබහ කල අතර ඉන් අනතුරැව නිලධාරින් සමග සමුහ ඡයාරැපයකට පෙනි සිටි අයුරැ ගමන කැමරා  කාචයේ සටහන් වු ආකාරය.

සි. ප්‍රිති. උදයසිරි ප්‍රනාන්දු
සමෘද්ධී ගමන සන්නිවේදක
වෙන්නප්පුව

Wednesday, January 3, 2018

සර්ව ආගමික වතාවත් සමගින් නව වසරේ ආරම්භය


  රාජ්‍ය සේවකයා, නිලධාරියා බැරි දේවල් කරන්න පුළුවන් අයෙක් විය යුතු යි. අපි රටක් වශයෙන් තව දියුණු විය යුතු යි. තවමත් පහළ මධ්‍යම මට්ටමේ තිබෙන රටක් වශයෙන් අපි අපේ රට සංවර්ධනය කරන්නට නම් රාජ්‍ය සේවයත් වඩාත් කාර්යක්ෂම සහ සඵලදායී විය යුතු යි. රාජ්‍ය සේවකයන් වශයෙන් අපි හොරකම් නොකරනවා නම් වංචා නොකරනවා නම් දූෂණය නොකරනවා නම් තීන්දු තීිරණ ගන්නට බිය විය යුතු නැහැ. රාජ්‍ය සේවයේ සීමා සහ නීති රීති රෙගුලාසි තිබෙනවා. නමුත් ජාතික වශයෙන් සේවය කරන්නට නම් ඒ සඳහා අවැසි පසුබිම ද එම නීති රීති අතරින් සලසා දී තිබෙනවා. ඒ සියල්ල සොයා ගත යුතු යි. රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් රාජ්‍ය සේවය උපරිමයෙන් සලසා දීම අපෙන් ජනතාව මේ වසරේත් බලාපොරොත්තුවන මහත්ම සේවාව යි....මෙසේ අමාත්‍යවරයා අදහස් දැක්වුයේ 2018 වසරේ රාජකාරී ආරම්භ කිරීමේ සමාරම්භක උත්සව අවස්ථාවේදීය.

ප්‍රදීප් චන්දන නානායක්කාර

Tuesday, January 2, 2018

පිරිත් සජ්ජායනා මැද ගනේගොඩ සමෘද්ධි බැංකුවේ 2018 ආරම්භය


  ගනේගොඩ සමෘද්ධි බැංකුවේ 2018 වර්ෂයේ ආරම්භය අද දින පිරිත් සජ්ජායනා මැද සිදුවිය. කළමණාකරැ අනුර ලීලානන්ද මහත්මා අතුලු බැංකු හා ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය, පාලක මණ්ඩල නිලධාරීන් හා ගනුදෙනුකාර භවතුන් මෙම අවස්ථවට එක්විය.  (උපුල් ලියනගමගේ -  ගමන විශේෂාංග සන්නිවේදක)

සුරියගොඩ සමෘද්ධි බැංකුවේ කිරි ඉතිරේ


   සුරියගොඩ සමෘද්ධි බැංකුවේ 2018 වර්ෂයේ සමාරම්භය සනිටුහන් කරමින් අද දින කිරි ඉතිරවීමෙන් අනතුරැව දෛනික ගණුදෙණු ආරම්භ විය. කළමණාකාරිණි රේණුකා පුෂ්පලතා, සහකාර කළමණාකරැ ආර්.ඩී.කේ සේනාධිර ඇතුලු නිලධාරි මණ්ඩලය, පාලක මණ්ඩල සමාජිකයන් හා ගණුදෙණුකාර භවතුන් මෙම අවස්ථාවට සහභාගි විය. (ශානිකා දිපිකා - යටිනුවර ගමන සන්නිවේදක)

පුත්තලම සමෘද්ධි බැංකුව නව වසරේ වැඩ ආරම්භ කල අයුරැ

පුත්තලම සමෘද්ධි බැංකුව නව වසරේ වැඩ ආරම්භ කල අයුරැ



පිණිකහන සමෘද්ධි බැංකුව සෙත් පිරිත් මැද නව වසරට ගණුදෙණු ආරම්භ කරයි


    2018 නව වසරේ වැඩ ආරම්භ කරමින් පිනිකහන සමෘද්ධි බැංකු කාර්ය මණ්ඩලය, ක්ෂේත්‍ර නිළධාරීන්, පාළක මණ්ඩලය හා ගනුදෙනුකරැවන් එකමුතුව ආගමික වතාවත්හි නිරත විය. අනතුරැව සියළු දෙනාට දේශීය රසකැවිලි සමග තේපැන් වලින් සංග්‍රහයකින් සංග්‍රහ කිරිමටද අමතක නොකර තිබිණි.

කාර්යක්ෂම රාජ්‍ය සේවයේ යෙදෙන බවට ප්‍රතිඥා දෙමින් ගාල්ල දි. ලේ. කාර්යාලයේ නිළධාරින් නව වසරේ වැඩ අරඹයි


    මන් වෙත පැවරී ඇති වගකීම නිසි ලෙස හදුනාගනිම්න් රටේ අනාගතය වෙනුවෙන් හා තිරසර සංවර්ධන ඉලක්ක සාධනය කර ගැනීම සඳහා අවංකව හා කාර්යශීලීව මහජනතාව වෙනුවෙන් කැපවෙමින්  නව වසරේ සේවය කරන බවට ප්‍රතිඥා දෙමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරින් නව වසර වෙනුවෙන් අද දින වැඩ ආරම්භ කරන ලදි.

   ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී  නව වසරේ ආරම්භය වෙනුවෙන් පැවැති උත්සවයකදී සියඵ නිළධාරින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් මහ දිසාපති එස් .ටී. කොඩිකාර මහතා ඉදිරියේදී මෙලෙස රාජ්යා සේවයේ ප්‍රඥාව ලබා දෙන ලදි. ඉන් අනතුරුව සර්ව ආගමික වතාවත් පවත්වමින් නව වසරේ සියඵම නිළධාරින්ට සෙත් ප්‍රර්ථනා කිරීමක්ද සිදු විය.

   මෙහිදී නිළධාරින් ඇමතු ගාල්ල දිස්ත්‍රික් ලේකම් මහ දිසාපති එස්.ටී. කොඩිකාර මහතා ප්‍රකාශ කර සිටියේ 2017 වර්ෂය අභියෝග රාශියකට දිස්ත්‍රික්කයක් ලෙස මුහුණ දීමට සිදුවු අතර ගෙවුණු වසර තුල දෙවතාවක්ම දැඩි ආපදා තත්වයන්ට මුහුණ දීමට සිදු වු බවයි. ඒ සියඵ අවස්ථාවන්හිදී ගාල්ල දිස්ත්‍රික්කයේ සියඵම රාජ්‍ය නිළධාරින් එක පවුලක් ලෙස කැපවීමෙන් සිදු කල මෙහෙය ප්‍රශංසාවට ලක්කරන අතරම  අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුඵ රජයේ මුලිකම සංකල්පය වන තිරසර ඉලක්ක සාධනය කර ගැනීම සදහා ගාල්ල දිස්ත්‍රික්කය ප්‍රමුඛව සහය ලබා දීමට කැප වන බවයි. මහජනතාවට උපරීම පහසුවෙන් සේවය සලසා දීම රාජ්‍ය නිළධාරින් ලෙස සියල්ලන්ම අවධාරනයෙන් සිහි තබාගත යුතු වැදගත් කරුණක් බවද එතුමා අවධාරනය කරන ලදි.

  මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා සමාන්තර ආයතන සියල්ලේම අංශ ප්‍රධානින් හා සියලු නිළධාරින් ද එක්ව සිටියහ.

ඩී.ඒ.පී. සුරංජිත්
සමෘද්ධි දිස්ත්‍රික් සන්නිවේදක
ගාල්ල

සතුටු සිනහමැද සමුදුන් දහ හත

    
 මන දුෂ්කරය නමුත් ප්‍රිය ජනකය, පුරා වසරක් සමෘද්ධියේ ඉලක්ක මින්සුන් සමග තම නිලධාරින් හා දුක සැප බෙදාගෙන තවත් වසරකට නවුම් බලාපොරොත්තු පොදි බැදගෙන පා තබන්නට සැරසෙන මොහොතේ මණ්ඩලගිරිය කලාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරි ගාමිණි උදය කුමාර මහතාගේ යෝජනාවකට අනුව කලාපයේ සියළු සමෘද්ධි නිලධාරින්ගේ සහභාගිත්වයෙන්  2017 වසරට සමුදීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණී. මෙම අවස්ථාවට මැදිරිගිරිය සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු සැලසුම් අධ්‍යක්ෂක, ගණකාධිකාරී, මුලස්ථාන කලමණාකරු, බැංකු සමිති කලමණාකරු මහත්ම මහත්මින් සහ මණ්ඩලගිරිය හිටපු කලමණාකරු බණ්ඩාර මහතාද සහභාගී වන ලදි.

   මෙම අවස්ථාවේදී පිළිගැනිමේ කතාව කරමින් මණ්ඩලගිරිය කලමණාකරු එල්.ටි.එස්. කුමාරි මහත්මිය කියා සිටියේ සෑම වසරකම අවුරුද්ද අවසානයේ මෙවැනි උත්සවයක් පවත්වන බවත්, මෙම වසරේදී එම උත්සවයට එකතු කිරීමක් කරමින් වසරේ පවත්වන ලද විවිධ වැඩසටහන් වලදි  ඉලක්ක සපුරාදුන් නිලධාරින් ඇගයිමකට ලක්කරන බවයි.

   මෙසේ ඇගයීමට ලක්වූයේ අළුත් අවුරුදු ගණුදෙණු වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරින්වන ආර් ඩි නිමල් රාජමුණි, එම්.අයි.ජි.ජයසේන යන අයයි. කොඩි අරමුදල් ඒකරාශි කිරිම වෙනුවෙන් ගාමිණි උදය කුමාර, ප්‍රේමා විජේසූරිය, අතුල සිරි කුමාරත් ලෝක ළමා දිනය වෙනුවෙන් ඩි.එම්.පි.කේ. දිසානායක, වජිරා මල්කාන්ති, ධම්මිකා කුමාරි ඒකනායක මහත්ම මහත්මීන් ඇගයිමට ලක්කල අතර කලාප සහකාර තිලකරත්න මහතා සහ බැංකු පරිඝණක ක්‍රියාකරවන්නන් වන චතුරිකා මහත්මිය හා දිල්රුක්ෂි මහත්මිය වසරක කැපවීම වෙනුවෙන් ඇගයිමට ලක්වන ලදි. මෙදින ප්‍රනීත දිවා ආහාර වේලකින්ද සියළුදෙනා රස විද 2017 වසරට සමුදෙන ලදි.

වජිරා දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය.

සමෘද්ධි නිෂ්පාදනයන්ට අලෙවි ජාලයක්

අඛණ්ඩ පසුවිපරම පෙරට... දුප්පතුන්ගේ ජීවනෝපායට මුල්තැන.......

     ස්වශක්තිය හීනවීම තුල අද මිනිසා විවිධ ගැතිවීම් වලට ලක්වී ඇත. ඒ තුලින් සූරාකෑමට හසුවිම නිසා ඔවුන් විවිධවූ ප්‍රශ්ණ වලට මුහුණ දෙනවා. අද බොහෝ දෙනෙක් මේ නිසා දුප්පත් බවින් තෙරපී ඉන්නේ. සමෘද්ධි වැඩසටහන තුල අපි මේ මිනිසුන්ගේ විවිධවූ ප්‍රශ්ණ ගැටළු හදුනාගෙන ඔවුන්ට විශ්වාසනීය මග පෙන්වන්නෙක්  වශයෙන් තම රාජකාරිය කිරිම තුල ඔවුන් දුප්පත් කමින් මුදවා ගන්න පුලුවන්. සමෘද්ධි ගමනට අදහස් දක්වමින් 2018 වසරේ සියළුම දෙනාට සුභාෂිංශණ එක්කල පොළොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් පොළොන්නරුව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක ඩබ්.ජි.ඩබ්. වනසිංහ මහතා ප්‍රකාශ කරන ලදි. වැඩිදුරටත් සමෘද්ධි ගමනට අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ 2017 වසරේ මිලියන 20කට අධික මුදලක් ව්‍යවසායකත්ව සංවර්ධනය සදහා වියදම් කල බවත්, 2018 වසරේදී යටිතල පසහුකම් යටතේ සමෘද්ධි බැංකු ගොඩනැගිලි ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරිම, බැංකු පරිඝණකගත කිරිමට අපේක්ෂා කරන බවයි.

   අතිගරු ජනාධිපති තුමාගේ දුප්පත්කම තුරන් කිරිමේ ඒකායන අපේක්ෂාව මත ජීවනෝපාය සංවර්ධන වැඩසටහන මගින් නිෂ්පාදන ගම්මාන ඇති කිරීම, තනි පුද්ගල ව්‍යාපෘති ශක්ත්මත්කර ආදායම් වර්ධනය තුලින් ඔවුන්ගේ ස්වශක්තිය වර්ධනය වීමෙන් ඔවුන්ම තනිවම නැගිටිම සදහා කටයුතු කරන බවත්, නිෂ්පාදන අලෙවි ජාලයක් මගින් මෙම වසරේදී ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිය සදහාද ක්‍රිමෝපායක් ඇති කිරීමට අපේක්ෂාව බවයි. එහි පලමු අදියර වශයෙන් මෙම වසරේදී  ගිරිතලේ  කොට්ඨාශයේ ආරම්භ කරන බවයි.

   මෙතෙක් ක්‍රියාත්මක කරනලද ව්‍යාපෘති පිලිබද සමෘද්ධි ගමන අධ්‍යක්ෂක තුමාගෙන් විමසීමේදී එතුමා කියා සිටියේ 2018 වර්ෂයේ සිට සියළු ජිවනෝපාය සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩ පසුවිපරමක් සිදුකර එම දත්ත පරිඝණක ගත කරන බවයි.පරිසර හිතකාමී වැඩසටහන් යටතේ පොලිතින් ප්ලාස්ටික් ඇසුරුම් සමෘද්ධි වැඩසටහනේ උත්සව සදහා භාවිතා නොකරන බවත්, තේ සහ ඇසරුම් කල කිරි වෙනුවට ප්‍රතිලාභින්ගේ දියර කිරි සදහා ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කිරිමට  2018 වසරේදී අපේක්ෂාව බවයි.

   දිස්ත්‍රික්කයතුල ක්‍රියාත්මක  විවිධවූ සමෘද්ධි වැඩසටහන් රටටම කියන්න සමෘද්ධි ගමන ඉදිරිපත් වීම පිලිබදවද  සමස්ථ කාර්ය මණ්ඩලයේම ස්තූතිය සමෘද්ධි ගමනට පුද කරන්නටද සමෘද්ධි අධ්‍යක්ෂක තුමා අමතක නොකරන ලදි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව


Monday, January 1, 2018

ලක් දිවිතලේ අබරේ මහිමේ බලණු


උදු කුරහං තල හේනේ මල් පිපුණු.........
මෙනේරි අමු ඇල්කෙත් ඇත කිරි වැදුණු...
කුඹුරු පැසී අටු කොටු වල වි පිරුණු........
ලක් දිවිතලේ අබරේ මහිමේ බලණු.........

   එදා අපේ මුතුම් මිත්තන් වස විසෙන් තොර තම ගෙවත්තෙන්  දෛනික ආහාර සපයාගන්නා ලද අතර නිතරම තම අටු කොටු පිරී ඉතිරි තිබුණා. අපි අද තමන්ට අවශ්‍ය පලා වර්ග පවා ලබා ගන්නේ වෙළදපලෙන්. එදා අපේ තිබුණු කොරටුව දැන් නැහැ. කුස්සියේ තිබුණු දුම් මැස්ස අපෙන් දුරස්වෙලා. කුඹුරේ හැදෙන අලකොළ, කැලේ හැදෙන බටුකරවිල, ගල් තලාවල හැදෙන කටුඅල දැන් අපේ පරපුරට තිත්ත වෙලා. ඒවා අදුනන්නෙත් ඒවායේ ගුණයක් දන්නේවත් නැහැ. අපි දැන් අල ගෙඩියටයි පරිප්පු හොද්දටයි යට වෙලා..... අපේ මුතුන් මිත්තන් එදා වැව් පොකුණු වෙහෙර විහාර හැදුවේ නිවුඩු හාල්, කුරහන්, මෙනේරි, අල බතල, කක්කුං, සාරන, නිවිති කාලා. පෙනෙළ, බෙලි, රණවරා පොල්පලා බීලා.... පසුගිය 26 වෙනිදා මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදී සමෘද්ධි නිලධාරින්, ග්‍රාම නිලධාරින් හා සංවර්ධණ නිලධාරින් අමතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ පොළොන්නරුව දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම නිලධාරී කාර්යාලිය විෂයාණු බද්ධ නිලධාරී ( එළවළු පළතුරු ) අරුණ ශාන්ත මහතා විසිනි. 

   මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් තුමියගේ මගපෙන්වීමෙන් සැලසුම් අධ්‍යක්ෂක චම්මිකා රාමනායක මහත්මිගේ ප්‍රධානත්වයෙන් ආහාර සුරක්ෂිතතාවය හා  පෝෂණය පිළිබදව මෙම පුහුණු වැඩ මුළුව පැවුත්වුනු අතර, කාලයට උචිත ඉතා වටිනා වැඩමුළුවක් බව පැමිණි සියළු දෙනා ඉතා ඇගයිමකට ලක්කරන ලදි. දේශීය කවි පංති 03ක් කණ්ඩායම් 03කට ලබාදී ඒ තුලින් රංගන ඉදිරිපත් කිරිමද  කාගේත් සිත් ඇද ගත්හ.මෙම අවස්ථාවට විෂයාණු බද්ධ නිලධාරී ( කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ත ) රේණුකා නන්දනී මහත්මියද පැමිණි සිටි අතර අට්ටික්කා දළු සලාදයක වටිනාකම පෙන්වා දෙමින් එම මොහොතේ සියළු දෙනා එකතුව අට්ටික්කා දළු සලාදයේ රස බලන ලදි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

නව වසරට සුභ පැතුම්

 ලැබුවා වු නව වසර සාමය සතුට පිරි සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා. (සමෘද්ධි ගමන)