Thursday, November 30, 2017

නියාගම සමෘද්ධි පීවනෝපාය උපකරන බෙදාදීම සම්බන්ධීකරන කමිටු සම සභාපතිවරුන් අතින්



  නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ජීවනෝපාය උපකරන බෙදාදීම නියාගම ප්‍රාදේශීය සම්බන්ධිකරන කමිටුවේ සම සභාපතිවරුන් වන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පියසේන ගමගේ සහ දකුනු පළාත් සභා මන්ත්‍රි සුනිල් සේනානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පසුගියදා සිදු කෙරුණි. 

   වඩුමැෂින්, මහන මැෂින් ඇතුලු විවිධ ස්වයං රැකියා සදහා අවශ්‍ය උපකරන රාශියක් තෝරා ගත් ප්‍රතිලාභීන් සදහා මෙහිදි බෙදා දුනි. මෙවර නියාගම කොට්ඨාශය සදහා ලබාදුන් මුදල් ප්‍රතිපාදන සියල්ලම මේ සදහා යෙදවීමට හැකිවූ බව මෙහිදි දැන ගැනීමට හැකිවිය. ප්‍රාදේශීය ලේකම් නිලංගී ඩයස් මහත්මියගේ උපදෙස් මත සංවිධානය කල මෙම උත්සවයට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් මෙන්ම මූලස්ථාන කළමනාකාර ප්‍රියංකා කොඩිකාර, ව්‍යාපෘති කළමනාකාර අනෝමා ප්‍රියදර්ශිකා, කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් කිත්සිරි යන මහත්ම මහත්මීන් සහ සමෘද්ධි සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන්ද, ප්‍රතිලාභීන් රැසක් මේ අවස්ථාවට එක්විය.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

තරුණ ප්‍රජාවට උපදේශණය හා ආකල්ප සංවර්ධනය


   රන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එක් වසමකින් තිදෙනෙකු බැගින් තෝරාගත් අඩුආදායම්ලාභී තරුණ තරුණියන් පිරිසක් සහ රාජ්‍ය නිලධාරීන්ද ඇතුළත් 160ක කණ්ඩායමක් වෙත වෘත්තීය මාර්ගෝපදේශනය සහ ආකල්ප සංවර්ධනය වෙනුවෙන් දැනුම සහ කුසලතා වර්ධන එක්දින වැඩමුළුවක් සමෘද්ධි සමාජ සංවර්ධන පදනමේ සංවිධානයෙන් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

   ආකල්ප සංවර්ධන වැඩසටහන ප්‍රවීණ ධර්මදේශක පූජ්‍ය පණ්ඩිත පිටිගල ධම්මවිනීත හිමියන් විසින් මෙහෙයවන ලද අතර ජීවිතය ජයගැනීමට මාර්ගෝපදේශනය පිලිබඳව වැඩසටහන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති හසිත කේසර වෙත්තමුණි මහතා විසින් මෙහෙයවන ලදි. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරී දිලූප මහලියන මහතා කරන්දෙනිය නිපුණතා සංවර්ධන නිලධාරී චමින්ද වැදිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සිය ආයතනයන්හි පවත්වාගෙන යන වෘත්තීය පුහුණු පාඨමාලා හදුන්වා දෙමින් වෘත්තීය මාර්ගෝපදේශනය වෙනුවෙන් පැහැදිලි කිරීමක් කරන ලදි. 

   ගරුතර ස්වාමීන්වහන්සේ සහ විදුහල්පතිතුමා සිය අත්දැකීම් පාදක කොට අධ්‍යාපනික,ආර්ථික සහ සමාජීය වශයෙන් ජීවිතය ජයගැනීමට ගැටළු නිරාකරණය කරමින් අභියෝග ජයගනිමින් ඉදිරියට යන අයුරු ඉතාම ගැඹුරින් අවබෝධ කොට දුන්හ. මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රාදේශීය ලේකම්තුමා පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කල අතර සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිළධාරීන් විශාල පිරිසක් වැඩසටහනට සහභාගී විය.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දේණිය

සවිබල පවුල් වලට උපදේශන වැඩසටහනක්


   පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, පුත්තලම සමෘද්ධි කළාපයේ 2018 වසර සදහා තෝරාගත් සවිබලලාභී පවුල් 100ක සාමාජිකයින් සදහා උපදේශන වැඩසටහනක් ඉකුත්දා පුත්තලම ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේදී පැවැත්විය.

   සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් සංවිධානය කල මෙම වැඩ සටහන සදහා ඉතා විශාල පිරිසක් පැමිණ සිටි අතර හෙල්දි ලංකා ආයතනයේ දෙමළ මාධ්‍ය පුහුණු නිලධාරි උදය රූබන් මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබීය.

  මත් නිවාරණය හා සතුටු පවුල් යන තේමාව යටතේ මෙහි උපදෙස් ලබාදුන් අතර  පුත්තලම සහකාර සැලසුම්අධ්‍යක්ෂ ඩබ්.චතුරානි මෙනවිය, සමෘද්ධි බැංකු සමිති කළමනාකරු ඩී.එම්.ධර්මවීර මහතා සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර කුමාර ඉරුගල් බන්ඩාර මහතාද මෙම අවස්ථාවට එක්විය.

චින්තන රත්නායක
සමෘද්ධි ගමන සන්නිවේදක
පුත්තලම

ධර්මාශෝක විදුහල්පතිතුමාගේ රාජ්‍ය සේවයට ආදර්ශයක්


  රන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි සමාජ සංවර්ධන පදනමේ සංවිධානයෙන් 2017.11.28 දින පැවැති අඩුආදායම්ලාභී තරුණ තරුණියන්ගේ වෘත්තීය මාර්ගෝපදේශනය සහ ආකල්ප සංවර්ධන එක්දින වැඩමුළුවට ප්‍රධාන සම්පත්දායකයකු ලෙස සහභාගී වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති කේසර මහතා තමන් වෙත ලැබුණු සම්පත්දායක දීමනාව කරන්දෙනිය සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ටී. චන්දිමා මහත්මිය වෙත ආපසු ලබාදීම අගයකලයුතු කටයුත්තකි.

  මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ එතුමාගේ අදහසයි "මම මේ ඉන්නෙ රාජකාරි වෙලාවෙ. මට රජය වැටුප් ගෙවනවා. ඒ නිසා මට දීමනා එපා. මේ මුදල් ඔයාලගෙ වැඩකට ගන්න"විදුහල්පතිතුමණි ඔබ ජාතියට හොඳ ආදර්ශයකි.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දේණිය

සමෘද්ධි අභිමානි - 2017 උදුවප් දැක්ම


  මෘද්ධි ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන වෙළඳ ප්‍රදර්ශණයක් 2017.11.24,25,26 දිනයන්හි කෑගල්ල නිදහස් මාවතේ දි පවත්වන ලදි. ඒ අනූව සමෘද්ධි අශිමානි උදුවප් දැක්ම වෙළඳ ප්‍රදර්ශණය සඳහා දිස්ත්‍රික් ලේකම් එල්.ජේ.එම්.ජී. චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ හා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී. කුසුම්සිරි මහත්මියගේ මඟ පෙන්වීම යටතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 11 ක සමෘද්ධි ව්‍යවසායකයින් 600 කගේ පමණ නිෂ්පාදන අලෙවි කල අතර ඒ තුලින් සමෘද්ධි ව්‍යවසායකයින්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා සුවිශේෂ මෙහෙවරක් ඉටුවිය. මෙහි සමාරම්භක උළෙල ව්‍යවසායකත්ව හා ආර්ථික කටයුතු අමාත්‍ය කබීර් හෂීම් හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමන්ලාගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

නිලධාරීන්ට ගිණුම්කරණ පුහුණුව


  ඩු ආදායම්ලාභින් මෙන්ම සමස්ථ ග්‍රාමීය ප්‍රජාවගෙන් බොහෝ පිරිසක් අද වන විට විවිධවු ආයතන පුද්ගලයින් හා බද්ධව දරාගත නොහැකි පොළියකට විවිධවූ අවශ්‍යතා වෙනුවෙන් ණය ලබාගෙන ඇති අතර මේ වන විට  ණය මුදල පමණක් නොව අධිකවු පොළියද ගෙවිමට නොහැකිව බොහෝ පිරිස් අසරණ තත්වයට පත්වී ඇත.

  2013 අංක 01 දරණ සමෘද්ධි පනත සම්මත වීමත් සමග එහි අඩංගු මූලික කරුණු අතර සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සේවකයා සහ එම පවුල් වල සාමාජිකයින් සහ රාජ්‍ය සේවකයා හැර අනෙකුත් පවුල් වල සාමාජිකයින් ඒකරාශීකර ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරිමෙහිලා, තනි පුද්ගල, පවුල, කණ්ඩායම හා ප්‍රජාව ප්‍රමුඛව දිළිදුකම පිටුදැකීම හා සමාජ සාධාරනත්වය තහවුරු කිරිම මූලික පරමාර්ථයෙන් 2017 මාර්තු මස 07 වෙනි දින අති විශේෂ ගැසට්පත්‍රය අනුව පිහිටවනු ලැබූ සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන 2018 වර්ෂයේ ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය මූලික ගිණුම්කරණ පුහුණු වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික් සියළුම කලමණාකාර මහත්ම මහත්මීන් හා සියළුම කේෂ්ත්‍ර සමෘද්ධි සංවර්ධන  නිලධාරී මහත්ම මහත්මීන් සදහා පැවැත්වෙන අතර එහි එක් අවස්ථාවක් 2017.11.28 දින ඇලහැර, හිගුරක්ගොඩ හා මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සදහා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක ඩබ්.ජි.ඩබ්. වනසිංහ මහතාගේ මග පෙන්වීම මත  තමන්කඩුව ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.

   සමෘද්ධි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගිණුම් හා ප්‍රජා සංවිධාන අංශය විසින් සංවිධානය කරතිබූ මෙම පුහුණු වැඩසටහන චන්දිමා රාජපක්ෂ කලමණාකාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර, පුහුණු සම්පත්දායක කළමණාකාර මහත්ම මහත්මීන් වශයෙන්  බි.ධර්මණායක මහතා,ඩි.එම්. දැල්පිටිය මහතා සහ ඩබ්.පි.ඩි. ප්‍රියංගනි මහත්මිය මනා පුහුණුවක් ලබාදෙන ලදි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

හිගුරක්ගොඩ සමෘද්ධී අභිමන් පණ ගැන්වූ පොළොන්නරු දිස්ත්‍රික් නිෂ්පාදකයින්


  2017 පොළොන්නරු දිස්ත්‍රික් සමෘද්ධි අභිමන් වෙළද ප්‍රදර්ශණය පසුගියදා හිගුරක්ගොඩ පොළ භූමියේදී පැවැත්වුනු අතර දිස්ත්‍රික්කය පුරා විසිරුණු සමාද්ධි හා අඩු ආදායම්ලාභීන් තම නිෂ්පාදනයන් මේ සදහා ඉතා උනන්දුවෙන් රැගෙන විත් තිබුණි.

  මෙම වෙළද ප්‍රදර්ශණයේදී හොදම නිෂ්පාදන ව්‍යාපාරිකයින් තේරීම කල අතර සමස්ථ නිෂ්පාදකයින්ගෙන් 05 දෙනෙක් තේරී ඇත. ඉන් පලමු ස්ථානය හා දෙවෙනි ස්ථානය දිනාගෙන ඇත්තේ මුල් හා ලි භාවිතා කරමින් න්ෂ්පාදනය කරනලද ගෘහ උපකරන සදහාය.ඩබ්.ජි. සමීර පුෂ්ප කුමාර මහතා සහ එන්.ඩි. කුමාර  මහතා ගිරිතලේ සහ මින්නේරිය කලාපයෙන් එම නිෂ්පාදකයින් බිහිවී ඇත.
   
   දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නුවරගල කලාපයේ ලුහු කර්මාන්තයේ යෙදී ඇති කේ.පි.ජි. දයානන්ද මහතා 03වෙනි ස්ථානයද, 04 වෙනි ස්ථානය බෑග් නිෂ්පාදනය වෙනුවෙන් හිගුරක්ගොඩ කලාපයේ සේපාලිකා නිරංජලා මහත්මියද, 05වෙනි ස්ථානය මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මණ්ඩලගිරිය කලාපය නියෝජනය කරමින් එන්.ජි. සදුන් කුමාර මහතා ගම් කුකුල් පැටව් හා වටු කුරුළු පැටව් නිෂ්පාදනයෙන්ද ලබාගෙන ඇත.

එම්.පි.ඩබ්. මල්කාන්ති දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

Tuesday, November 28, 2017

පුහුණු නව නිලධාරින්ට ඇමතිතුමාගෙන් උපදෙස්


   මෘද්ධි නිලධාරියෙක් යනු හුදු රාජ්‍ය සේවකයෙක් පමණක් නොවෙයි. ඔහු හුදෙක් තමන්ගේ ආර්ථිකය ගොඩ නඟා ගන්නා අයෙක් පමණක් නොවිය යුතු යි. දරිද්‍රතාවෙන් පෙළෙන අපේ දුප්පත් අහිංසහක ගම්මානවල ජනතාවගේ හිතවතෙක් විය යුතු යි. අසල් වැසියෙක් විය යුතු යි. ගමේ පන්සලේ, පල්ලියේ, කෝවිලේ ආගමික උත්සවයේ ත් මංගල උත්සවයේ- අවමංගල උත්සවයේ ත් ආරාධිතයෙක් විය යුතු යි. ගමේ හැම කෙනෙකුට ම කතා කරන උදව් කරන ඒ අයගේ දුක අසන ඒ දුකට පිහිටක් වන්නට පුළුවන් කෙනෙක් විය යුතු යි. හැම දුප්පත් පවුලකට ම එම පවුල නඟා සිටුවිමේ වැඩසටහනක් සකසා දී ඔවුන්ට අවැසි ප්‍රාග්ධනය සමෘද්ධිය හරහා සපයමින් දිළිඳුකම තුරක් කිරීමේ කර්තව්‍යයේ ඒජන්ත වරයෙක් විය යුතුයි. කොටින් ම කියනවා නම් ඔහු විපරිකාරකයෙක් (Change Agent) විය යුතු යි. සමෘද්ධි නිලධාරීන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහනේ පුහුණු නිලධාරින් අමතමින් ගරැ අමාත්‍යවරයා අද දින (28) පැවසිය. (තොරතුරැ අමාත්‍යවරයාගේ සමාජ ජාල පිටුවෙන්)

ප්‍රදිප් චන්දන නානායක්කාර

කල්පිටියයේ තොරතුරු මධ්‍යස්ථානය එස්.බී ගේ නිරික්ෂණයට


   සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කිරීම යනු හුදු ජනතාව වෙනුවෙන් සහනාධාර ලබාදීම පමණක් නොවේ. ඒ තුළ ජනතාව ආර්ථික, සාමාජයීය මෙන් ම ව්‍යවසායකත්වය අතින් ද නඟා සිටුවීම ද අපේක්ෂා කෙරේ. සමෘද්ධි ගම්මාන සංකල්පය තුළ විවිධ නිර්මාණ ඔස්සේ ස්වයං රැකියා කටයුතුවල නිරතවන ජනතාවට වෙළඳපළක් සකසා දීම ද අපේ වගකීමක් ලෙස සලකමි යැයි අදහස් දැක්වුයේ පුත්තලම, කල්පිටිය ආශ්‍රිතව යුරෝපා සංගමයේ සහාය මත ඉදි කෙරෙන තොරතුරු මධ්‍යස්ථානය සමෘද්ධි ව්‍යාපාරය වෙත පවරා ගෙන අදාළ අභිමථාර්ථයන් සියල්ල සාධනය කරන්නට යොදා ගන්නට අපේක්ෂා කරමින් එම මධ්‍යස්ථානය පිළිබඳ උදෑසනින් ම තොරතරු සොයා බලන්නට අද දින (28) ගරැ එස්.බී අමාත්‍යවරයා එහි සංචාරය කලේය. (තොරතුරැ අමාත්‍යවරයාගේ සමාජ ජාල පිටුවෙන්)

ප්‍රදිප් චන්දන නානායක්කාර

අමාත්‍යංංශයේ වැය ශීර්ෂය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරමින්


   මාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යංශයේ වැය ශීර්ෂය ඉදිරිපත් කිරීමත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ දී මතු වූ ගැටලුවලට පිළිතුරු සැපයීමත් සිදු වුණා. එහි දී අප අමාත්‍යංංශයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධව පාර්ලිමේන්තුව දැනුම්වත් කළෙමි.

-සෑම පවුලකට ම විශේෂිත සංවර්ධන ව්‍යාපෘතියක් සකසා එ් ව්‍යාපෘතියට සමෘද්ධි බැංකු හරහා ණය ලබා දී එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම
-සමාජ සේවා උපාධියක් ලබා දෙන සමාජ සේවා විද්‍යාල ගොඩ නැඟිලි සංකීර්ණයේ ඉදි කිරීම් ආරම්භ කිරීම
-ආබාධිත වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ප්‍රවර්ධන වැඩසටහන
-වැඩිහිටි නිවාස සංවර්ධන වැඩසටහන
-සෑම සමෘද්ධි බැංකුවකට ම එක් වැඩිහිටි නිවාසය බැගින් ඉදි කිරීම
-අති සුඛෝපභෝගී, සුඛෝපබෝගී සහ සාමාන්‍ය පහසුකම් සහිත වැඩිහිටි නිවාස රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස ඇරඹීම
-උපදේශන සේවා වැඩසටහන් දිරිමත් කිරීම
-ගිනි පොලී මාෆීයාවෙන් ගම්වල අහිංසක ගැමි ජනයා මුදවා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සමෘද්ධිය හරහා ක්‍රියාත්මක කිරීම  (තොරතුරැ අමාත්‍යවරයාගේ සමාජ ජාල පිටුවෙන්)

ප්‍රදිප් චන්දන නානායක්කාර

ගිණුම් තියන්න ප්‍රජා සංවිධාන නිලධාරීන්ට පුහුණුව

   පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි අංශය මගින් වෙන්නප්පුව හා දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල සමෘද්ධි සංවර්ධන නිලධාරි මහත්ම මහත්මින් හට සමෘද්ධි ප්‍රජා මුල්‍ය සංවිධාන පිහිටිම සම්බන්ධව  හා එහි ගිණුම් ක්‍රියාවලිය සම්බන්ධව දැනුවත්කිරිමේ වැඩමුළුවක් 2017/11/28  දින දංකොටුව   ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවෙදි දංකොටුව ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි. 

  මෙහි සම්පත්දායකත්වය පුත්තලමේ දිස්ත්‍රික් සමෘද්ධි කළමණාකරු සුගත් රෝහන මහතා හා  පුත්තලම සමෘද්ධි ප්‍රජාමුල්‍ය බැංකු කළමණාකාරිනිය විසිනි. මෙහි  දැක්වෙන්නේ එම කොට්ඨාශ  දෙකෙහි  නිලධාරින් දැනුවත් විමේ වැඩසටහන සදහා  සහභාගි වි සිටින ආකාරයයි.

සි. ප්‍රිති උදයසිරි  ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

හික්කඩුව කටුකොලිහ විදුහලට සමෘද්ධි හරිත උයනක්


    හික්කඩුව සමෘද්ධි හරිත උයන 2017 සමාජ සංවර්ධණ පරිසර වැඩ සටහන කටුකොලිහ ගා/විද්‍යාතිලක කනිෂ්ඨ විදුහලේ අති උත්කරෂවත් අන්දමින් පැවැත්විය. හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් සමෘද්ධි බැංකු සමිතියේ සමාජ සංවර්ධන පදනම  යටතේ දෙපාර්තුමේන්තු ප්‍රතිපාදනමත ක්‍රියාත්මක සමාජ සංවර්ධන පරිසර වැඩ සටහන සඳහා හික්කඩුව සමෘද්ධ මුලස්ථාන කලමණාකරු  කේ.එච්. ගොතික් මිය, බැංකු සමිතියේ කලමණාකරු, ප්‍රියානි දේවිකා මිය, පිංකන්ද බැංකු කලමණාකරු ජෙනිකා ඉනටි මිය, විදුහලේ විදුහල්පති  දර්ශනි හෙට්ටිගේම මිය ඇතුලු අාචාර්ය මණ්ඩලය, සමාජ සංවර්ධන සහකාර ශ්‍රියානි කනකරත්න මිය, පිංකන්ද කලාප සහකාර ප්‍රියංකා නයනි මිය, වසම්භාර නිලධාරි  සන්ධයා රත්නකුමාරි මිය අැතුළු පිංකන්ද කලාපයේ සමෘද්ධි සංවර්ධන  නිලධාරින් ද ගම්වාසින්ද විශාල පිරිසක් සහභාගිවිය.  
                         

මෙහිදි මෙම පාසැල් වත්ත ඉතාමත් අලංකාරව  පැල සිටුවිම සඳහා වලවල් සකස් කිරිමද පොහොර වලවල් සකස්  කිරිමද ඔසුපැල සිටුවිමට වෙනමම ස්ථානයක් සකස් කර තිබිමද සුවිෂේශ අවස්ථවක් විය. පලතුරු පැල සඳහා වෙනමම ස්ථානයක් ද වන පැල සඳහා  පාසැල් වත්තේ  පිට්ටනියේ මායිමද සුදානම් කර තිබිම  විෂේශයෙන් මෙම පාසලේ විදුහල්පති  දර්ශනි හෙට්ටිගේ මහත්මියට අැතුළු   අාචර්ය මණඩලය  ප්‍රශංසාවට ලක් විය යුතු කරුනක්විය. මෙම  විදුහලේ හැම ළමයකුටම ගහක් සිටුවිමේ අවස්ථා ලබාදිමද  ගහ කොල වලින් අනාගත පරපරට  අැති වැදගත්කම  පිළබඳ දැනුවත් කිරිමද කලමණාකර අධ්්ක්ෂ තුමිය විසින් පැහැදිලි කිරිමක් කලේය.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේ දන් දිමෙි පිං කමක්


    ක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී සුභ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන් දිමෙි පින් කමක් කාර්යාලිය ශ්‍රවනාගාරයේදි පසුගියදා පැවැත්වීනි. ප්‍රාදේශීය ලේකම් පුෂ්පිකා තුෂාරි ජාගොඩ මැතිනියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් නිලුකා එන්. සුරියආරච්චි මැතිනියගේ උපදෙස් හා මගපෙන්වීමෙන් සිදු කරන ලද මෙි උතුම් පිංකමට කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ  උතුම් මිනිසුන්ගේ පරිත්‍යාගශිලි දායකත්වය එක් විම විශෙශ්ෂත්වයකි.

කේ.ආර්. සේනානි ඉංදිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

සමෘද්ධි අරැණළු ව්‍යාපෘති වැඩසටහන සදහා තෝරාගත් ප්‍රතිලාභින්ට උපකරණ


   නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඪාශයේ සවිබල ගැන්විමෙි සමෘද්ධි අරැණළු ව්‍යාපෘති වැඩසටහන සදහා තෝරාගත් ප්‍රතිලාභින් ට විවිධ ව්‍යාපෘති දියුණු කර ගැනිමට අවශ්‍ය උපකරණ බෙදාදිමෙ උත්සවය නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය රැස්වීමි ශාලාවෙිදි පසුගියදා පවත්වන ලදි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පියසේන ගමගේ, දකුණු පලාත්සභා මන්ත්‍රී සුනිල් සේනානායක, යන මහත්මාවරැන් ගේ ප්‍රදානත්වයෙන් පැවැත්වූණි.

ඩබ්.ජී. කුමාරරත්න
සමෘද්ධි සන්නිවේදක
නාගොඩ

ස්වශක්තියෙන් නැගී සිටින්නන්ට අත් වැලක්

නිෂ්පාදන අලෙවියට වෙළද පොළක්.......

    හිගුරක්ගොඩ මින්නේරිය සමෘද්ධි කලාපය මගින් අඩු ආදායම්ලාභින්ගේ නිෂ්පාදන අලෙවිය සදහා සති පොළක් ආරම්භකර ඇති බව සමෘද්ධි ගමනට සැලවීමත් සමග ඒ පිලිබදව මින්නේරිය සමෘද්ධි කලාප කළමණාකරු ඩබ්.එම්. රෝහිණි චන්ද්‍රලතා මහත්මියගෙන්  විමසීමේදී එතුමි කියා සිටියේ. මින්නේරිය කලාපයේ ඉතා දුෂ්කර ගම්මාන පිහිටා ඇති බවත්, මෙම ගම්මාන වල ජනතාව හිගුරක්ගොඩ පොළටම  අවශ්‍ය දෑ මිලදී ගැනීමට පැමිණිය යුතු බවත්, සමෘද්ධි වැඩසටහන තුලින් බිහිවූ විවිධ ව්‍යපෘතිලාභින්ගේ නිෂ්පාදන අලෙවියට අවස්ථාවක් සලසා දීමත්, දුෂ්කර ගම්මාන වල ජනතාවට තම අවටින් අත්‍යවශය දෑ මිලදී ගැනීමේ පහසුව පිණිසත්, හිගුරක්ගොඩ ප්‍රාදේශිය ලේකම් තුමියගේ මගපෙන්වීම මත කලාපයේ සියළුම සමෘද්ධී සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන්ගේද සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන වල ගරු සභාපති මහත්ම මහත්මීන්ගේද සහයෝගයෙන් විවිධ නිෂ්පාදන වල නිරත සමෘද්ධි හා අඩු ආදායම්ලාභින් 25 දෙනෙකුගෙන් මෙම සතිපොළ ආරම්භ කල බවයි. 

   සෑම බ්‍රහස්පතින්දා දිනකම මෙම සතිපොළ සමෘද්ධි බැංකු භූමියේ පවත්වන අතර ඉතා උනන්දුවෙන් වෙළදුන් මේ සදහා තම නිෂ්පාදන අලෙවි කරනු ලබන බවත් ඒ සදහා හොද ආදායමක් ලබන බවද වැඩිදුරටත් කළමණාකාර තුමිය පවසන ලදි.

එම්.පි.ඩබ්. මල්කාන්ති දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

ආපදා කළමණාකරණය පිළිබඳව දැනුම


  පදා කළමණාකරණ අමාත්‍යාංශයේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ ඒකකය මගින් පවත්වනු ලැබු ආපදා කළමණාකරණය පිළිබඳව දැනුවත් කිරිිමෙි වැඩසටහන 2017 /11/28 දින නාගොඩ ප්‍රාදේශීය ලේකමි කාර්යාලයේදී පැවැත්වූණි. එම අවස්ථාව සදහා නාගොඩ ප්‍රාදේශීය ලේකමි තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකමි තුමිය, ග්‍රාම නිලධාරින්, සමෘද්ධි කළමණාකරුවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් , ආර්ථික සංවර්ධන නිලධාරීන් , ඇතුළු බොහෝ පිරිසක් එක්විණ.

ඩබ්.ජී. කුමාරරත්න
සමෘද්ධි සන්නිවේදක
නාගොඩ

Monday, November 27, 2017

සමෘද්ධි ආදර්ශ ගම්මාන රටටම ආදර්ශයක් සේ නගා සිටුවන්න


   පොළොන්නරුව සමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහන පොළොන්නරුවට පමණක් නොව රටටම ආදර්ශයක් සේ නගා සිටුවිමට සියළුම  සමෘද්ධි නිලධාරින් කටයුතු කලයුතු බවත්, මෙම ආදර්ශ ගම්මාන මෙන්ම සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ සමෘද්ධි අරුණළු වැඩසටහනේ ප්‍රතිලාභින්ගේ ජිවනෝපාය සංවර්ධන වැඩටහනද ඔවුන්ගේ ආදායම් වර්ධනයවීම කෙරෙහි මනා පසු විපරමකින් කටයුතු කිරිමෙන් සමෘද්ධි වැඩසටහනේ ඉලක්කයන් සපුරාගත හැකිය. පොළොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් සමෘද්ධි දිස්ත්‍රික් අධ්‍යක්ෂක  ඩබ්.ජි.ඩබ්. වනසිංහ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ 2017.11.20 දින පැවති  දිස්ත්‍රික් සමෘද්ධි ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

   තමන්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැති මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සදහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 නියෝජනය කරමින් සියළුම කළමණාකාර මහත්ම මහත්මීන් සහ සමෘද්ධි සමාජ සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් සහභාගිවී සිටින ලදි. සමාජ සංවර්ධනය, නිවාස සංවර්ධනය, ආදර්ශ ගම්මාන, සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන ඇතුළු සමස්ථ වැඩසටහන් පිළිබදව පසුවිපරමක් මෙන්ම ඉදිරි ඉලක්ක පිලිබදව මෙහිදී සාකච්චා කරන ලදි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

විද්‍යා සමාධි පිරිවෙනට ලංකාවේ ප්‍රථම ස්ථානය


   පේ රටේ උසස් මානුෂික ගුණාංග සහිත ආගමික සංස්කෘතික ස්ථාවරය රැකගැනීම සදහා අත්‍යවශ්‍යය සාධකය වූ ගෞරවණීය මහා සංඝරත්නය උගත් බුද්ධිමත් පිරිසක් ලෙස සමාජගත කිරීමට පිරිවෙන් අධ්‍යාපනය ඉමහත් පිටිවහලක් වී තිබෙනවා. පිරිවෙන පැවිදි පිරිස වෙනුවෙන් වුවද ගිහි දරුවන්ද එහි අධ්‍යාපනය ලබනවා. එකී පිරිවෙන් අධ්‍යාපනයේ ස්ථාවරබව සදහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක බව පැහැදිලිය. ඒ අතරට වාර්ෂිකව පැවැවෙන අන්තර් පාරිවේනික තරගාවලිය විශේෂිතයි.

  2017 වසරේ සමස්ත ලංකා අන්තර් පාරිවේනික භාෂා හා සාහිත්‍යය තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානය දකුණු පලාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිපන්කන්ද විද්‍යා සමාධි පිරිවෙන දිනාගෙන ඇත. මෙම ජයග්‍රහණය පිරිවෙන් ඉතිහාසයේ ප්‍රථමවරට දක්ෂිණ ලංකාවට දිනාගෙන ඇත්තේ මෙවර තරගාවලියේදී බව පිරිවෙන් කෘත්‍යාධිකාරී ඇඹිලිපිටියේ රාහුල හිමියන් අප සමග පැවසීය.

  රටපුරා විහාරස්ථාන 25ක් සහ පිරිවෙන් 5ක් අරඹා 350ක් සාමනේර හිමිවරුන් පෝෂණය කරමින් ශ්‍රී ලංකාවේ බුදුදහමේ ස්ථාවරත්වය වෙනුවෙන් අනුපමේය සේවයක් කරන විද්‍යා සමාධි පිරිවෙන් නිර්මාතෘ හිපන්කන්දේ සද්ධාසිරි නාහිමියන් නමස්කාර පූර්වක ගෞරවයෙන් මෙහිදී සිහිපත් කරමි. පිරිවෙන්පති කොස්ගොඩ සිරි චන්දිම හිමියන්ගේ මෙහෙයවීමෙන් ගිහි පැවිදි 150ක පිරිසක් ශිල්පය ලබන මෙම පිරිවෙනේ සාමනේර හිමිවරුන් 36 නමක් තරගාවලියට ඉදිරිපත්වී ප්‍රථම ස්ථාන 5, දෙවන ස්ථාන 2ක් සහ තෙවන ස්ථාන 6ක් ලබාගනිමින් ලංකාවේ විශිෂ්ඨයා ලෙස කිරුළ පලදින්නට සමත්වීම කරන්දෙනිය පුරවැසියන් වූ අපට ඉමහත් අභිමානයක් වන අතර ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වූ සමස්තය වෙත අපේ ගෞරවය පුද කරමි.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි  සන්නිවේදක
කරන්දේණිය

වන අලි පහරින් දුප්පත් පවුලක් නිවසින් එළියට

පණ කෙන්ද බේරී ඇත්තේ පෙර පිංකිනි..........

  මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 97 වෙඩිකච්චිය ග්‍රාම නිළධාරී වසමේ පේරමඩුව ගම්ගොඩැල්ල පිහිටා ඇත්තේ කිලෝමීටර් 10 පමණ ඝණ වනාන්තරයෙන් ඔබ්බට වන්නටය. නිතර වන අලින් ගම්වදින මෙම ගම්මානය ගොවිතැන් පවා කරනුයේ තම අඹුදරුවන්ගේ බඩ වියත රැකගන්නට තම ජීවිත අවදානමද නොතකාය.

  එස්.එම්. වික්‍රමසිංහ මහතා දරුවන් 04 දෙනෙකුගෙන් යුතු රුපියල් 420/= සහනාධාරලාභියෙකි. ටකරන් සෙවිලිකල තම කුඩා නිවසට හෙනහුරා පාත්වන්නේයැයි කිසිදා නොසිතූ වික්‍රමසිහ මහතා තම අඹුදරුවන්  හා තම මව පෝෂණය කිරිමට කොළඹ ප්‍රදේශයට ගියේ කුලී වැඩක් සොයාගෙනය.
  
  වික්‍රමසිංහ මහතාගේ භාර්යාව වන චන්ද්‍රලතා මහත්මිය 25 දින රාත්‍රී ආහාරයද දරුවන් සමග විනෝදයෙන් රසවිද නින්දට ගියේ දරුවනේ හොදින් ඉගෙන ගනිල්ලා උබලට බුදුසරණයි දෙවිපිහිටයි කියමිණී. රාත්‍රී 9 යේ කනිසම පසුවුනා පමණි නිවසේ ඉදිරිපස බිත්තිය ගෙතුලට කඩා වැටුනේ ගෙතුල තිබූ ඉතා දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් දරුවගේ රෙදිපිළි දමා තිබු අල්මාරිය තෙහට්ටුවට සවස ටෙලි නාට්‍යයක් බැලු රූපවාහිනිය ඇතුළු බඩු බාහිරාදියද පොඩි කරමිණි. වන අලියා තම ශක්තිය උරගා බැලුවේ විකුමසිංහ මහතාගේ නිවෙසිනි. කාමර දෙකකින් සම්විත වූ මෙම නිවසේ සියළු දෙනා නිදාගනිමින් සිට ඇති අතර දරුවන්ද කරපින්නාගෙන පසුපස දෙරෙන් ලගම පිහිටි පන්සලට දිවගොස් සියළු දෙනා තම පණකෙන්ද බේරාගෙන ඇත්තේ පෙරකල පිණකිනි. දැනට මෙම අය ඉතිරිව ඇති කාමරයේ අනාරක්ෂිතව ජීවත් වෙති.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

කරන්දෙනියේ ඉදිවන පුංචි ශ්‍රී පාදය


   රන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඓතිහාසික ස්ථාන 3කි. මහගොඩ ශෛලතලාරාමයේ දකුණු ආසියාවේ දිගම සැතපෙන පිළිමය. කිරිපේද්ද ශ්‍රී විජයසුන්දරාරාමය ඇසුරේ ගාල්ල දිස්ත්‍රික්කයේ එකම වැව සහ හිපන්කන්ද ශ්‍රීපාද මහ විහාරස්ථානයේ පුංචි ශ්‍රීපාදය වේ.

   දිගම පිළිමය සහිත විහාරය දෑහිතකාමීන්ගේ මැදිහත් වීමෙන් දැනට ප්‍රතිසංස්කරණය වෙමින් පවතින අතර කිරිපේද්ද වැව පසුගිය වසරේ ජාතික තරුණ සේවා සභාවේ යූත්විත් ටැලන්ට් යටතේ සකස් විය.
පුංචි ශ්‍රීපාදය යූත්විත් ටැලන්ට් 2017 වැඩසටහනේදි හිපන්කන්ද සමාධි යෞවන සමාජයේ දරුවන්ගේ මැදිහත්වීම මත මේවනවිට ශ්‍රද්ධාවන්තයින්ගේ වන්දනාමානයට සුදුසු පරිදි සැකසෙමින් පවතී.

   කරන්දෙනිය තරුණ සේවා නිලධාරී ගාමිණී එදිරිසිංහ මහතා කොට්ඨාශයේ ඓතිහාසික ස්ථාන පිලිබඳ අවධානය යොමු කරමින් සිය තරුණ කණ්ඩායමේ ශක්තිය යොදවා කරන මෙම කටයුතු නිරීක්ෂණය සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ මහ දිසාපති එස්.ටී. කොඩිකාර මහතා පසුගියදා පැමිණියා. 

  ශ්‍රී පාද පද්මය පිහිටි සමනල කන්දේ පිහිටි සියළුම අංග සහිතව මෙම ස්ථානය සංවර්ධනය කිරීමට විහාරාධිපති හිපන්කන්දේ සද්ධාසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ඇඹිලිපිටියේ රාහුල හිමියන් සකසා ඇති සැලැස්ම අගයමින් මහ දිසාපතිතුමා තරුණ සේවා නිලධාරී ප්‍රමුඛ යෞවන සමාජයේ සාමාජික පිරිස සමග කදු මුදුන වෙත පිවිස ස්ථානීය ඉදිකිරීම් නිරීක්ෂණය කරමින් අවශ්‍ය උපදෙස් ලබාදුන් අතර යූත්විත් ටැලන්ට් දිස්ත්‍රික් තේරීම් සදහා ලකුණු ලබාදීමද සිදුකරන ලදි.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි  සන්නිවේදක
කරන්දේණිය

Saturday, November 25, 2017

ආපදා කළමණාකරණය පිළිබදව රාජ්‍ය නිලධාරින් පුහුණු කෙරේ


   පදා කළමණාකරණය හා ආපදා තත්ත්වයකදි මිනිස් ජිවිත හා දේපල ආරක්ෂා කිර ගැනිම සදහා අනුගමනය කල යුතු ආකාරය පිළිබදව රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමේ වැඩ මුළුවක් අඹගමුව කෝරළය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි ශ්‍ර‍වණාගාරයෙදි පැවැත්විය.

   ශ්‍රි ලංකාවේ පවතින දේශගුණික හා කාලගුණික තත්ත්වයන් හමුවේ වර්ෂයේ වැඩි කාල පරාසයක් තුලදි දැඩි වර්ෂාවක් ඇද හැලෙන මධ්‍ය කදුකරයේ බටහිර බෑවුමේ පිහිටි නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහොමයක් ස්ථාන මිලි ලිටර් 100 ට වැඩි වර්ෂාවක් නොනැවති ඇද හැලිම තුල නාය අවධානම් සහිත ප්‍රදේශ ලෙස නම් කෙරේ.

   ජල පෝෂක ප්‍රදේශයන්ගෙන් සමන්විත ස්වභාවික දිය ඇලි වලින් ගහන වු මනරම් ප්‍රදේශයක් වුවද මිනිසාගේ නොවිදිමත් ඉදිකිරිම්.ගස් කැපිම් හා කැලෑ හෙලිකිරිම්, ගිනිතැබිම්, අවිදිමත් ඉදිකිරිම් හා නොයෙකුත් හේතුන් නිසා පස් කදු කැණිම් කිරිම හේතුවෙන් ස්වභාවික විපත් ඇති විමේ දැඩි අවධානම් තත්ත්වයන් උද්ගත වු අවස්ථා තිබේ. විශේෂයෙන් කදු කඩා වැටිම්, නාය යාම, ගංවතුර තත්ත්වයන් හමුවේ මෑත ඉතිහාසය තුල කදුකරයේ ජනතාවගේ ජීවිත අහිමිවීම, දේපල විනාශවීම, අවතැන් වීම් බොහෝමයක් වාර්තා වි තිබේ. එවන් අවස්ථා වලක්වාලීමට විදිමත් පියවර අනුගමනය කිරිම, පුර්ව සුදානම හා ආරක්ෂත ක්‍ර‍මවේද අනුගමනය කිරිම මෙන්ම ආපදාවකින් පසු විපතට පත්වුවන් සදහා සහන සැලසීම කළමණාකරණය කිරිම, රාජ්‍ය නිලධාරින් ලෙස නිතිමය පියවර ගැනිම හා ජනතාව දැනුවත් කලයුතු ආකාරය පීළිබදව විචාරාත්මකව දැනුවත් කිරිම මෙහිදි සිදුකරන ලදි.

   අඹගමුව කෝරළය ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශයේ වසම් 67 ක් තුල සේවය කරන සමෘද්ධි සංවර්න නිලධාරින්, ග්‍රාම නිලධාරින් වෙනුවෙන් පැවැත්වු වැඩමුළුව තුලදි අඹගමුව කෝරළය ප්‍රාදේශිය ලේකම් ටි.පි. සුමනසේකර මහාතා, ජාතික ගොඩනැගිලි පරයේෂන සංවිධානයේ නුවරඑළිය දිස්ත්‍රික් භුවිද්‍යාඥයින් වන මාලක හෙට්ටිආරච්චි, දිලුෂි සිරිවර්ධන, ආපදා සහන සේවා නිලධාරින් වන පි. ශක්තිවේල්, සුමුදු ප්‍රියංකර, ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක එච්.එම්.එන්.පි බංඩාර යන මහත්ම මහත්මින් දේශන පැවැත්වුහ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

Friday, November 24, 2017

ගාල්ලේ සහජීවනයෙන් ඉමදුව එකට


   ජාතික සහජිවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය මගින් සංවිධානය කර තිබු සහජීවන සංගම් ජාතික මහා සමුඑව පසුගිය දා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රිඩාංගණයේදි පැවැත්විණ.

  එම සමුඑවේදි ගාල්ල දිස්ත්‍රික්කයේ හොදම සහජීවන සංගමය ලෙස සම්මාන ලබන්නට ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය විශ්ව මිතුරු සහජීවන සංගමය සමත්විය.  ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මි කාන්ති මෙනවියගේ පූර්ණ අධීක්ෂණය යටතේ ජාතික ඒකාබද්ධතා සම්බන්ධිකාරක දසුන් වීරසිංහ මහතාගේ සංවිධානය හා මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කල ආන්තීකරණයට ලක්වු ජන කොටස් සමාජානුයෝජනය කිරිමේ වැඩ සටහන යන ව්‍යාපෘතිය වෙනුවෙන් මෙම දිස්ත්‍රික් සම්මානය හිමි වි ඇත.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

රාජ්‍ය සේවය ගමට


   රන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් ගමට පැමිණ රාජ්‍ය සේවා පහසුකම් ලබාදීමට කටයුතු යොදමින් ක්‍රියාත්මක ජංගම සේවා වැඩසටහනේ සිව්වන අධියර නොවැම්බර් මස 24 වන දින කොස්වතුමානාන ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ පරිශ්‍රයේදී ඉතාම සාර්ථකව පැවැත්විණි.

   ජාතික හැදුනුම්පත් පිලිබඳ සියළු ගැටළු නිරාකරණය සදහා අදාල නිලධාරීන් සමග අවශ්‍ය සියළුම පහසුකම් ජංගම සේවාවේදී සපයා තිබූූ අතර  රියදුරු බලපත්‍ර ලබාදීම, ඇස් පරීක්ෂාව හා කණ්නාඩි ලබාදීමේ වැඩසටහනක් සහ ආයුර්වේද වෛද්‍ය සායනයක්ද සේවා පරිශ්‍රයේදී ජනතාව වෙනුවෙන් ක්‍රියාවේ යොදවා තිබිණි.

  අගනකැටිය, පහළ කිරිපේද්ද, බොරකන්ද සහ කිරිනුගේ යන වසම්වල ග්‍රාම නිළධාරීන්, කරන්දෙනිය පොළිස් ස්ථානයේ සේවාව, සාම විනිසුරු සේවාවන් ඡායාරූප ලබාදීමට පහසුකම් ආදී හැදුනුම්පත් අළුත් කිරීම, වෙනස් කිරීම මෙන්ම අළුතෙන් ලබා ගැනීමට අදාළව අවශ්‍යය සියළු කටයුතු මෙහිදී සිදුවිය. මෙම ජංගම සේවාවේදී අගනකැටිය වසමේ වැඩිම පිරිසක් ගැටළු නිරාකරණය කරගත් අතර ජාතික හැදුනුම්පත් අයදුම්පත්‍ර 500 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් වී ඇති බවත් වැඩසටහන් සම්බන්ධීකාරක ග්‍රාම නිළධාරී ශ්‍රියන්ත ජයරත්න මහතා අප සමග පැවසීය.

   මෙහිදී සේවය ලබා ගැනීමට පැමිණි එච්.එච්. ගුණදාස මහතා "මගේ වයස අවුරුදු 64ක්. මෙපමණ කාලයක් මට හැදුනුම්පතක් තිබුනෙ නැහැ.මට උප්පැන්න සහතිකයක් නැහැ. කාර්යාල වලට ගියාම අතන මෙතන මාරු වෙන්න ඕනෙ. අවශ්‍ය දේවල් තැනින්තැන. ඉතිං ගියපු නොකර ආපහු එනවා. අදනම් කිසිම අමාරුවක් නැහැ. සියල්ල මෙතන කෙරුණ. මේ වැඩේට මූලික වූ හැමෝටම ස්තුතියි. අපේ හාමුදුරුවන්ටත් බොහොම පිං" යැයි පැවසීය.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේද
කරන්දේණිය

සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ නිළ වෙබ් අඩවිය විවෘතවේ


   වෘත්තීය සමිති දේශපාලඥයන්ගේ අතකොලු බවට පත් වීම තුළ සිදු වන්නේ වෘත්තීය සමිති දුර්වල වීම යි. එවිට ඇහෙන්නේ වෘත්තීයවේදියාගේ හඩ නොවෙයි. එවිට නැඟෙන්නේ දේශපාලඥයාගේ හඩයි. ඒ නිසා සියලු සමෘද්ධි සේවකයින් ඇතුළත් වන වෘත්තීය සමිතියක් ගොඩ නඟා ගැනීම අතිශයින් ම වැදගත්. ඔබට මේ නව වෙබ් අඩවිය තුළින් හොඳ මෙහෙවරක් සමෘද්ධි ව්‍යාපාරයට සිදු කළ හැකි යි. සමෘද්ධි අධිකාරිය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම තුළ මේ වෘත්තීය ගැටලු රැසක් මතු වුණු බැව් කිව යුතු යි. ලෝකයේ දිළිඳුකම නැති කිරීමේ ව්‍යාපාර කිසිවක් නොකළ පරිදි අපි සමෘද්ධි ව්‍යාපාරයේ සේවකයන්ට රාජ්‍ය අංශයේ පත්වීම් ලබා දුන්නා. දැන් නැවතත් අපි සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරමිනුයි ඉදිරියට යන්නේ. පසුගිය 23 දින සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ නිල වෙබ් අඩවිය ජනගත කිරීමේ උත්සවය සමෘද්ධි ශ්‍රවණාගාරයේදී පැවති අවස්ථාවේදී පැවසීය.

ප්‍රදීප් චන්දන නානායක්කාර

දකුණ ජයගත් ගාලු ජ්‍යේෂ්ඨ පුරවැසියෝ


  කුණු පලාත් ක්‍රීඩා, ග්‍රාම සංවර්ධන හා සමාජ සේවා අමාත්‍යාංශය සංවිධානය කල  2017 දකුණු පලාත් ජ්‍යේෂ්ඨ පුරවැසි සැහල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණ.

   මේ සදහා දකුණු පලාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ පුරවැසි කණ්ඩායම් 34 ක් සහභාගී වු අතර සියළු කණ්ඩායම් අභිබවමින් ගාල්ල කඩවත් සතර ජ්‍යේෂ්ඨ පුරවැසි කණ්ඩායම 2017 දකුණු පලාත් ජ්‍යේෂ්ඨ පුරවැසි සැහල්ලු පන්දු ක්‍රිකට් ශූරතාවය දිනාගන්නා ලදි.

පී.එස්. දම්මික සෙනරත්
සමෘද්ධි සන්නිවේදක
ගාල්ල කඩවත් සතර

Thursday, November 23, 2017

අරණායකට සමෘද්ධියෙන් කම්හල් ගමක්


   රණායක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි වැඩසටහන වසම් 61 ක්‍රියාත්මක වෙමින් පවති. මෙහිදි වසම් මට්ටමින් ඇති සම්පත් හා ප්‍රජාවගේ හැකියාව පදනම් කර ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. 2017 වර්ෂයේ සමෘද්ධි ජීවනෝපාය වැඩසටහන යටතේ ඇපලාව කම්මල් ගම්මානයක් ඇති කිරිමට අපේක්ෂා කරයි.

   ඒ අනූව ඇපලාව වසමේ ප්‍රජාවගේ සුවිශේෂි හැකියාවන් පදනම් කර ගනිමින් ආදර්ශ ගම්මානයක් ඇති කිරිමට සමෘද්ධි වැඩසටහන යටතේ අපේක්ෂා කෙරේ. දැනට කම්මල් කරුවන් 25 දෙනෙකු ද රන් කර්මාන්තයේ නිරත පුද්ගලයින් 02ක්ද වන අතර වඩු කාර්මිකයින්  08 දෙනෙකුද පෙදරේරු කර්මාන්තයේ 15 දෙනෙකුද ඇදුම් මසන්නන් 02 ක් ද කොසු ඉදල් නිෂ්පාදකයින් 02 ක් ද පොල්කටු නිෂ්පාන සිදු කරන අය 05 ක් ද ලී කැටයම්කරුවන් 01 ක්ද ගෙවතු 50 ක් ද  හා කිරිගව පාලනය කරන්නන් 02 ක් ද වශයෙන් කර්මාන්තවල නිරත වන ප්‍රජාවක් සිටින මෙම ගම ආර්ථික මෙන්ම ආධ්‍යත්මික වශයෙන් සංවර්ධනය කිරීම උදෙසා සුවිශේෂි මෙහෙවරක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවෙන් ඉටු කරයි. 

   දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ පී.ඒ.ටී. කුසුම්සිරි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය, අරණායක ප්‍රාදේශිය ලේකම් ඉසෙඩ්.ඒ.එම්. ෆයිසල් මැතිතුමා, සමෘද්ධි අංශයේ ව්‍යපෘති කළමණාකරු ඩබ්.ජී. ආරියරත්න මයා, කළමණාකාර අධ්‍යක්ෂ ලකී බෙන්හර් මයා, මූලස්ථාන කළමණාකරු ආර්.පී. අනුලාවතී මිය, ව්‍යපෘති සහකාර ලක්රුවන් වික්‍රමගේ මහතාද, ඇතුලු සමෘද්ධි අංශයේ නිලධාරීන්ද සුවිශේෂි මෙහෙවරක් ඉටු කරනු ලබයි. ඒ සඳහා  සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවෙන් රු.1786340.00 ක ප්‍රතිපාදන ලබා දී ඇත.

   මේ වන විට ප්‍රතිලාභීන් 15 දෙදෙනකුගේ කම්මල් ගෘහ ඉදිකර ගැනීම සඳහා අමානෝ ෂීට්, කොන්ක්‍රීට් කණු, මුදුන් උළු, ගඩොල්, සිමෙන්ති මිටි වැනි ද්‍රව්‍ය ලබා දී ඇත. මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය 2017.11.06 දින අරණායක කොට්ඨාශයේ ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන්ගේ  හා ප්‍රාදේශීය දේශපාලන නායකත්වයේ සහභාගිත්වය ඇතිව අරණායක  ප්‍රාදේශිය ලේකම් තුමාගේ හා සමෘද්ධි කළමණාකාර අධ්‍යක්ෂ හා ව්‍යපෘති කළමණාකරුගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක විය. තවද ඇපලාව වසමේ රාජ්‍ය නිලධාරීන් සඳහා ඉදිකිරීමට අපේක්ෂිත නිල පියස සඳහා මුල්ගල තැබීමේ උත්සවය 2017.11.05 දින පැවැත්විය.

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක