Friday, September 29, 2017

සමෘද්ධි ප්‍රතිලාභීන්ට තෙදින ව්‍යවසායකත්ව පුහුණු වැඩ මුළුවක්


    සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අලෙවි සංවර්ධන පුහුණු වැඩසටහන යටතේ, කුඩා පරිමාණයේ ස්වයංරැකි වල  නිරතච සිටින සහ ඒ සඳහා කැමැත්තක් දක්වන සමෘද්ධි ප්‍රතිලාභීන් කලාප මට්ටමෙන් තෝරාගෙන දින තුනක ව්‍යවසායකත්ව පුහුණු වැඩමුළුවක් පවත්වන්නට ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය මගින් කටයුතු කර තිබීණී.

   ව්‍යාපාරයක් ආරම්භ කිරීම, පවත්වාගෙන යාම ඇතිවන ගැටළු සහ විසදුම් පිළිබඳව, ඉලක්ක ගත අරමුණුකරා ලගාවීම මෙන්ම ගණුදෙනු සටහන් තබාගැනීම, විවිධ අරමුණු ඔස්සේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් පුහුණු වැඩසටහන සංවිධානය කර තිබුනු අතර මොරටුව කාර්මික සංවර්ධන මංඩලයේ අධ්‍යක්ෂක රංජිත් ප්‍රේමලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ප්‍රවීන දේශක මහත්වරුන්ගේ සම්පත් දායකත්වයෙන් පැවත්වු මෙම වැඩසටහන අැලහැර ප්‍රාදේශීය ලේකම්  එස්.එම්.කේ. කුමාරිහාමි මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම් මත මුලස්ථාන කළමණාකාර, කළමණාකාර අධ්‍යක්ෂ එස්.එම්. ගාමිණී කුමාරසිංහ මහතා විසින්  වැඩමුළුව සංවිධානය කරන ලදි.

කේ. එම්. වික්‍රමවංශ රාජපක්ෂ
සමෘද්ධි ගමන සන්නිවේදක
ඇලහැර

Thursday, September 28, 2017

අපිටත් පුළුවන්.......


  දකුණු පලාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කල ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ කලා උළෙල  2017. 09.28 දින ගෝනාපීලුවල ප්‍රාදේශීය ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වුණි.

   මෙහිදී විශේෂ අවශ්‍යතා සහිත වූ දරු දැරියන් හා වැඩිහිටියන් විසින් විවිධ කලා අංග ඉදිරිපත් කරමින් මෙම අවස්ථාව සදහා සහභාගී වූ ආරාධිතයන් ඇතුළු පිරිසගේ නෙතට කදුලක් එක්කරමින් කලා උළෙල වර්ණවත් කිරීම අතිශය සංවේදී අවස්ථාවක් බවට පත්විය.

   සමාජයේ ඉක්මන් අවධානය සදහා යොමුවිය යුතු මේ පිරිසගේ සැගවුණු දක්ෂතා මතු කරලීමට එම දරු දැරියන්හට දිවිමග කියා දෙන ගුරු භවතුන් විසින් මහත් පරිශ්‍රමයක් දරා තිබීම අගයකල යුතු කරණකි. 

  මෙම අවස්ථාව සදහා විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ සුපෙම් උයන ආයතනයේ ප්‍රධාන මව් තුමිය හා ගුරු භවතුන්, ගෝනාපීනූවල ආබාධ සහිත පුද්ගලයින්ගේ සංසදයේ සභාපති ඥාණසේන ගොඩගේ මහතා, දරු දැරියන්ගේ දෙමාපියන් හා භාරකරුවන්  කාර්යාලීය නිලධාරීන්ද  සහභාගී වූ අතර දකුණු පලාත් ආබාධ සහිත වූවන්ගේ සංගීත කංඩායමේ ඕගන් වාදන ශිල්පී මහෙන්ද්‍ර ප්‍රසාද් මහතා විසින් සංගිතය සපයන ලදි.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනාපීනූවල

අරණායක ව්‍යාපාතිලාභීන් 600ක් සදහා ජීව‍නෝපාය භාණ්ඩ ‍


    සමෘද්ධි ජීවනෝපාය ව්‍යපෘති අතරින් ව්‍යාපාතිලාභීන් 600ක් තෝරාගෙන ඔවුන් සඳහා රු. ලක්ෂ 10ක් අනුමත වී ඇත. එම තෝරාගත් ප්‍රතිලාභින් සඳහා ජීව‍නෝපාය භාණ්ඩ ‍බෙදාදිම  ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේ දී සම සභාපති, අධිනීතිඥ ලලිත් දිසානායක මැතිතුමා ප්‍රධානත්වයෙන්  පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ දි සිදු කෙරිණි. මෙම අවස්ථාව සදහා සහකාර ප්‍රදේශීය ලේකම්තුමිය, සමෘද්ධි කළමණාකාර අධ්‍යක්ෂ, මූලස්ථාන කළමණාකරු, වසම්වල නිලධාරීන් හා ප්‍රතිලාභින් විශාල පිරිසක් සහභාගිවිණි.

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

Wednesday, September 27, 2017

සමෘද්ධි කැකුළු ළමා සමාජයේ රසවින්දනාත්මක වැඩ සටහනක්


   රසවින්දනාත්මක ජීවන රටාවක් තුලින් ළමා මනස ගොඩ නගමු මැයෙන් ළමා සමාජ ඒකරාශී කරගනිමින් රසවින්දනාත්මක වැඩ සටහනක් පසුගියදා නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අමරගම ග්‍රාම නිළධාරී වසමේ සමෘද්ධි කැකුළු ළමා සමාජය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණි. අමරගම ශ්‍රි අමරසිරි දහම් පාසලේදී පැවැත් වූ මෙම වැඩ සටහන සදහා දෙමව්පියන්ද විශාල පිරිසක් සහභාගී විය.

    ළමා සිත් සතන් තුලින් ගිලිහී යන සමාජ සාරධර්ම රැකගැනීම  සහ මව්පිය ගුනයන් තවතවත් වර්ධනය කරගන්නා අයුරු පිළිබදව රසවින්දනාත්මකව සහ එය ළමා මනසට තදින් කා වදින සේ ඉදිරිපත් කිරීමට මෙම වැඩ සටහනේ ප්‍රදාන සම්පත් දායකත්වය ලබා දුන් නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිළධාරී සංගීත විශාරද සශිකා වීරසිංහ මෙනෙවිය සමත් වූවාය. සිය අත්දැකීම් සහ දැනුම හැකියාව ප්‍රයෝජනයට ගනිමින් ඇය සහභාගි වූ දරු දැරියන් පමනක් නොව දෙමව්පියන්වද මොහොතකට දැහැන් ගත කිරීමට සමත් වූවාය. දහම් පාසැලේ ප්‍රධානාචාර්ය ප්‍රියන්ත ජයසිංහ මහතා ඇතුළු ආචාර්ය මන්ඩලය සහ දෙමව්පියන් වැඩ සටහන අවසානයේදී ලබා දුන් ප්‍රතිචාර මගින් එය මනාව තහවුරු විය.

     ඈත අතීතයේ ආදර අම්මා විසින් දරු නැළවිළි ගී ගයා තම ආදර දියනිය සහ පුතනුවන් නැළවූ ආකාරය එම ගීත ගයමින්ම ඉදිරිපත් කළ මොහොත සැමට ඉතා සංවේදී අවස්ථාවක් විය. නමුත් වර්තමාන සමාජයේ එම තත්වය ගිලිහී ගොස් කුඩා ළමයා පවා වේග රිද්ම ගීත ඇසීමට පුරුදු කොට ළමයා නිදිකිරීමට පවා එය උපයෝගී කරගැනීමට වර්ථමාන මව්පියන් පුරුදු වී ඇති බව ඇය පෙන්වා දුන්නේ දැඩි කනගාටුවකිනි.

    මෙම රසවින්දනාත්මක වැඩ සටහන  සාර්ථක කර ගැනීම සදහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරී ඉරේෂා ගමගේ මහත්මිය, බෞද්ධ කටයුතු සමායෝජක මල්කාන්තී මහත්මිය දැඩි කැපවීමක් සිදු කරන ලදි. එසේම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ප්‍රියන්ත ජයසිංහ මහතා ඇතුළු ආචාර්ය මන්ඩලය මේ සදහා සිය උපරිම සහයෝගය ලබා දුනි. අමරගම වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරී බී.එච්.ඒ. ප්‍රසන්න මහතා සංවිධානය කල මෙම වැඩ සටහන සදහා ග්‍රාම නිළධාරී කමල් ප්‍රසන්න මහතාගේද සහයෝගය ලැබුණි.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

ළමා සමාජ උපදේශන පුහුණු වැඩසටහනක් ඇල්පිටියේදී


    ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුබද්ධ සියලු සමෘද්ධි කැකුලු ලමා සමාජ වල ක්‍රියාකාරීන් දැනුවත් කිරිමේ එක් දින වැඩමුලුවක් ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පසුගියදා පැවැත්විණි.

     ඇල්පිටිය සමෘද්ධි බැංකු සමිතිය මගින් පැවැත්වු මෙම වැඩමුලුවට ඇල්පිටිය ප්‍රාදේහිය ලේකම් විමල් සිසිර කුමාර, බැංකු සමිති කළමණාකරැ ප්‍රේමිකා මල්කාන්ති මහත්මිය ඇතුලු නිලධාරින් පිරිසක් හා ළමා සමාජ ක්‍රියාකාරින් සහභාගිවිණි.

    සමාජ සංවර්ධන දිස්ත්‍රික් කළමණාකරැ ප්‍රියන්ත කුමාර කාරියවසම් සහ සමාජ සංවර්ධන සහකාර ප්‍රභාත් සුරංජිත් මහත්වරැ විසින් මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය දැක්විණි.

රංජන් අබේසේන
සමෘද්ධි ගමන විශේෂාංග සන්නිවේදක

ඉතුරුම් කර තෑගි ලබයි


   පිලාන  සමෘද්ධි  බැංකුව  ඉතුරුම් ප්‍රවර්දනයෙන්, ඉදිරියටම යමින්  2017 චසරේ රැ 3624652.00 ක මුදලක් ඒකරාශී  කරන්නට සමත් විය. කලමණෙකරු  ඒ.පි. කෝදාගොඩ මහතාගේ නවමු අදහසකට අනුව ,ඉතුරුම් කල ගිණුම්  හිමියන්ට වටිනා ත්‍යාග වසමි  මටිටමින් පිරිනැමීමට කටයුතු සංවිධානය විය. ඒ අනුව තලහිටියාව වසමෙි ඉතුරුම් ප්‍රවර්දනයට දායක වු ගිණුම් හිමියන්ට ත්‍යාග ප්‍රධානය 2017.09.25 දීන සන්ධ්‍යාවේදි තලහිටියාව  ප්‍රජා ශාලාවේදි පැවැත්වීනි. සමෘද්ධි සංවර්ධන නිලධාරී එස් .ටි. විජිතා සමන් මහත්මියගේ  සුරතින් සභාපති එ්.කේ. කරැනාචති මහත්මිය ත්‍යාග ලැබූ  අචස්ථාව ගමන   කැමරා කාවයේ මෙසේ සටහන්  විය.

කේ. ආර්. සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

කලා ප්‍ර‍ාසාදනි 2017 අඔගමුව කෝරළයේදී


   සොදුරු, හැදුණු ,පිරුණු ,සොදුරු මිනිසුන් පිරි පින්බර දේශයක් නිර්මාණය කෙරෙන සාහිත්‍ය හා කලාව යන මැයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ජාතික කලා මහෝත්සවයට සමගාමිව අඔගමුව කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශිය සාහිත්‍ය උත්සවය කලා ප්‍ර‍ාසාදනි 2017 මැයෙන් ඉකුත් 26 වන දා ගින්ගත්හේන මධ්‍ය මහා විද්‍යාලීය ශාලාවේදි පැවැත්විය.
අඹගමුව කෝරළය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා සංස්කෘතික බල මණ්ඩලය එක්ව සංවිධානය කල මෙම සාහිත්‍ය උත්සවයේ සාහිත්‍ය දේශනය ගීත කලාව  හා රසවින්දනය මැයෙන් රජරට ගුවන් විදුලියේ ජයතිලක බණ්ඩාර කලාකරුවා ඇතුළු කලා ශිල්පින් විසින් පැවැත්විය.එමෙන්ම ජන හා නව නිර්මාණ නර්තන වලින් රසිකයින් පිනවීම ප්‍රදේශයේ කලායතන හා පාසල් සෞන්දර්ය අංශ විසින් සිදුකරන ලදි.

   එමෙන්ම පාසල් හා විවෘත්ත අංශයන්ගෙන්  කලා හැකියාවන් හා දක්ෂතාවයන් ඔප්නැංවීම උදෙසා පැවැත්වු ගද්‍ය,පද්‍ය,ගීත ,නාට්‍ය රචනා හා ගායන තරග වලින් දක්ෂතා දැක්වු ජයග්‍රාහකයින් වෙත තිළිණ හා සහතික පත්‍ර‍ ප්‍ර‍ධානය කිරිමද සිදුකල අතර එම අවස්ථාවට අඹගමුව කෝරළය සංවර්ධන කටිටුවේ සම සභාපති ඩබ්ලිව් ,ජී රණසිංහ,ප්‍රාදේශිය ලේකම් ටි.පි සුමනසේකර,ගිනිගත්හේන විද්‍යාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍ර‍ජිත් යන මහත්වරු හා අවට විද්‍යාලවල විදුහල්පතිවරු,ගුරුවරු,ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

නියාගම සමෘද්ධි බැංකුවේන් අලෙවි පොළක්


     නියාගම සමෘද්ධි බැංකුවේ කළමණාකාර ප්‍රියංකා කොඩිකාර මහත්මියගේ අදහසක් අනුව සමෘද්ධි බැංකු විධායක සභාවේ සංවිධානය මත අලෙවි පොළක් පසුගියදා එම බැංකු පරිශ්‍රයේදී පැවැත්වුණි. දේශීය එලවළු වර්ග, පළතුරු, නිමි ඇදුම්, අත්කම් නිර්මාන සහ පාවහන් ආදිය මෙම වෙළද පොළ තුල දක්නට ලැබුණි. 

    සමෘද්ධි ලාභී අලෙවි කරුවන් සහ අඩු ආදායම් ලාභී අලෙවි කරුවන් මෙම පොළ සදහා වෙළද භාණ්ඩ එක්කර තිබුණි. එම භාණ්ඩ මිළදී ගැනීම සදහාද විශාල පිරිසක් පැමිණි සිටි අතර ඒ තුලින් සැලකිය යුතු ආදායමක් උපයා ගැනීමට තමන්ට හැකි වූ බව වෙළද පොලට එක් වූ වෙළද ව්‍යාපාරිකයන් පැවසීය. එසේම වස විස නැති දේශීය ආහාර වර්ග මිළදී ගැනීමට හැකි වීමද පාරිභෝගිකයන්ගේ සතුටට හේතු විය. මෙම අලෙවි පොළ සෑම මසකම නිශ්චිත දිනයක් තුල පැවැත්වීමට විධායක සභාව තීරණය කර ඇති බව නියාගම සමෘද්ධි බැංකු විධායක සභාවේ සභාපති එම්.ජී. මිත්‍රපාල මහතා අප හා පැවසීය. ඒ අනුව සෑම මසකම විධායක සභාව පවත්වන දින මෙම පොළ පවත්වන බව ඔහු වැඩි දුරටත් පැවසීය.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

Tuesday, September 26, 2017

පුර්වාරාමය හැඩ ක⁣ල සමෘද්ධි ශ්‍රමදාය


    මිගොඩ සමෘද්ධි ප්‍රජා  මුල සංවිධානයෙන් 2017.09.24 දීන, මිගොඩ  පුර්වාරාම විහාරය  අවට ශ්‍රමදාන වැඩසටහනක්  සිදු කරන ලදි. මිගොඩ  සමෘද්ධි  ප්‍රජා මුල සංවිධානයේ සභාපති  ඒ.ජි. රංජනි මහත්මියගේ හා සමෘද්ධි  සංවර්ධන  නිලධාරී  කේ.ටි. සුමිත්  රෝහන මහතාගේ යෝජනාවෙන් සාමාජික සාමාජිකාවන්ගේ සහයෝගි එකමුතුවෙන් සිදු කල මෙි උතුම් සත්කටයුත්ත මිගොඩ  පුර්වාරාම විහාරවාසි  අති ගෙෘරවනිය පිටිගල කෝසල හිමියන් ගේ ගෙෘරවනිය පැසසුමට  ලක් විය.

කේ. ආර්. සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

විවාහපත් නොවූ ජෝඩු විවාහ දිවියට....


  නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ජීවත් වන නීත්‍යානුකුල විවාහ නොවී පවුල් ජීවිත ගත කරන පුද්ගලයන් නීත්‍යානුකූලව විවාහ කර දීමේ වැඩ සටහනක් නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කර ඇත.

   මේ වන විට මෙම කොට්ඨාශය තුල විවාහ නොවූ පවුල් පනහකට අධික සංඛ්‍යාවක් දරු මුණුබුරන්ද ලැබ පවුල් ජීවිත ගත කරන බවත් මෙම පවුල් විවාහ කර දීම ඉතාමත්ම  වැදගත් කටයුත්තක් බවත් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන නියාගම ප්‍රාදේශීය ලේකම් එච්.බී.ජී. ප්‍රගීත් රසික කුමාර මහතා පවසයි. මේ යටතේ දරු පවුල්ද කැටුව නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැදවූ මෙම ජෝඩු විවාහ කරදීම කාර්යාලීය සියලුම නිළධාරීන්ගේ සුභ පැතුම් මැද සිදු විය. මගුල් ගෙදරක සිරිගත් මෙම චාම් උත්සවය සමෘද්ධි සමාජ සංවර්ධන පදනමේ දායකත්වයෙන් ප්‍රාදේශීය ලේකම් නිළ මැදිරියේදී සිදු කෙරුණි. සංවර්ධන නිළධාරී සුජීව කුමාර මහතාගේ සම්බන්ධිකරනයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක විය.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

Monday, September 25, 2017

උඩහපුවිද රසකැවිලි නිශ්පාදන ගම්මානය අමාත්‍යවරයාගේ නිරික්ෂණයට


    මාතලේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යටතේ ඇති උඩහපුවිද රසකැවිලි නිශ්පාදන ගම්මානය පසුගියදා (23) සමාජ සවිබල ගැන්වීම්, සුභ සාධන හා කන්ද උඩරට උරැමයන් පිළිබද ගරැ අමාත්‍ය එස්. බී. දිසානායක මැතිතුමන්ගේ නිරීක්ෂණය ලක්විණි. (සේයා රෑ හා තොරතුරැ ගරැ අමාත්‍යතුමාගේ සමාජ ජාල පිටුවෙන් )

ප්‍රදිප් චන්දන නානායක්කාර

පරිසර පිවිතුරු වැඩ සටහනක්


    දිනය 2017.09.22 වේලාව ප:ව:2.00 කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහඑදණ්ඩ සමෘද්ධි බැංකුවෙ සිරිත් පරිදි දෛනික කටයුතු සිදුවෙමින් පවතින අතර එක් වරම පිරිසක් අවට පිරිසිදු කරමින් පැමිණෙයි.

   කරුණු සොයා බැලීමේදී මෙම පිරිස අංක 91 කරන්දෙනිය උතුර වසමේ සමෘද්ධි ප්‍රතිලාභීන් බව දැනගන්නට ලැබිණි. එදින සමෘද්ධි ගම්මාන සමිතියේ මාසික රැස්වීම් දිනය විය. ප්‍රජාශාලා පරිශ්‍රය පිරිසිදු කිරීමට ශ්‍රමදානයක් පැවැත්විමට තීරණය කොට යාබදව පිහිටි සමෘද්ධි බැංකු භූමියද ඒ සමගම පිරිසිදු කිරීමට කල්පනා කල පිරිස කිසිදු පෙර දැනුම්දීමක් නැතිව පැමිණ වැඩ ආරම්භ කරන ලදි.

   එම අවස්ථාවේ බැංකුවේ සේවය කරමින් සිටි නිලධාරීන් කිහිප දෙනාද මෙම වටිනා අවස්ථාව ලබාදුන් වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීනී පි.එච්. ඉන්ද්‍රානි මහත්මිය වෙත සිය කෘතඥතාව පලකරන අතර ශ්‍රමදානයට එක්වී වැඩෙහි යෙදී සිටිනු දක්නට ලැබිණි.

   දිලිඳු කමෙන් එතෙර වීම උදෙසා තමන් සේවය ලබන බැංකුව මෙන්ම තමන්ගේ ජීවිතයේ බොහෝ හැරවුම් ලක්ෂයන් සනිටුහන් වූ ප්‍රජා ශාලාව අවට පිරිසිදු කිරීමට මෙසේ ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වීම අපේ ප්‍රතිලාභී පිරිස තම ආකල්ප සිතුම් පැතුම් ආශ්‍රිතව ලබා තිබෙන ප්‍රගතිය හොඳින් පැහැදිලිවූ අවස්ථාවක් මෙසේ අපට අත්දකින්නට ලැබිණි.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

Friday, September 22, 2017

සමෘද්ධි වැඩසටහනට ජීවයක් දුන් හිටපු දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂකට උපහාර


   පුරා වසර දෙකක පමණ කාලයක් සමෘද්ධි වැඩසටහනට ජීවයක් ලබා දිම උදෙසා අනූපමය සේවයක් ඉටු කළ හිටපු දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ සුසන්ත හේරත් මැතිතුමාට උපහාර පිදිමේ උත්සවයක් පසුගිය 20 දින අරණායකදී පැවැත්විණි. සමෘද්ධි නිලධාරීන් විසින් සංවිධානය කල මෙම උපහාර පිදීමේ උත්සවය සදහා අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ්.ඒ.එම්. ෆයිසල් මැතිතුමාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී.එස්.පී. ජයසිංහ මැතිණියගේ සහභාගිත්වයෙන්, සමෘද්ධි නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගිත්වයෙන් සිදුවිණි.

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

Wednesday, September 20, 2017

කැකුළු ළමා සමාජ ගාල්ල දිස්ත්‍රික් තරගාවලියේ ශූරතාවය මෙවරත් වැලිවිටිය දිවිතුරට.......


    පසුගියදා පැවති ගාල්ල දිස්ත්‍රික් කැකුළු ළමා සමාජ සාහිත්‍ය හා සංස්කෘතික තරගාවලියේ ශූරතාවය පිට පිට දෙවන වරටත් වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ විසින් දිනා ගෙන ඇත. එහිදි එම කොට්ඨාශය විසින් ලකුණු 41ක් ලබා ගෙන ඇති අතර  ලකුණු 37 ක් ලබාගත් අක්මීමන කොට්ඨාසය අනු ශූරතාවය දිනා ගෙන ඇත. බද්දේගම ලේකම් කොට්ඨාසය තෙවන ස්ථානය දිනා ගෙන ඇත්තේ ලකුණු 34 ක් ලබා ගනිමිනි.

   ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 19 නියෝජනය කරමින් ළමා සමාජ දරු දැරියන් 600 ට අධික ප්‍රමාණයක් සහභාගි වූ මෙම තරඟාවලිය සඳහා තරඟ ඉසව් 14 ක් වයස් කාණ්ඩ 3 ක් යටතේ පැවැත්වූ අතර එම ඉසව් වලින් පළමු තැන දිනාගත් දරු දැරියන් ඔක්තෝබර් 22 වන දින බත්තරමුල්ලේ සුබෝති විද්‍යාලයේ පැවැත්වෙන සමස්ත ලංකා තරගාවලිය සඳහා ඉදිරිපත් වීමට නියමිතය.

   එම දරු දැරියන් සඳහා දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිහිපයක් ඉදිරි දිනවලදී සිදු කිරීමට දිස්ත්‍රික් සමාජ සංවර්ධන අංශය සැලසුම් කර ඇත.

ප්‍රියන්ත කාරියවසම්
විශේෂාංග සන්නිවේදක
සමෘද්ධි ගමන

ප්‍රජා සංවිධාන නිළධාරීන්ට මූල්‍ය සාක්ෂරතාව පිළිබද දැනුම


    නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි බැංකු වලට සම්බන්ද ප්‍රජා මූල සංවිධාන නිළධාරීන්ට මූල්‍ය සාක්ෂරතාව පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහනක් පසුගියදා නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. මේ තුලින් ප්‍රජා සංවිධානය තුල නිවරැදිව ගිණුම් සකස් කර ගන්නා ආකාරයත් එය නිවරැදිව සටහන් තබන ආකාරය පිළිබදව ප්‍රජා සංවිධාන නිළධාරීන් දැනුවත් කරන ලදි. 

මීට අමතරව සමෘද්ධි බැංකු ණය ලබා ගනිමින් එම මුදල් ඵලදායි කටයුත්තකට යොදා ගන්නා ආකාරය පිළිබදවත් එම නිළධාරීන්ව දැනුවත් කරන ලදි. එසේම මේ වන විට සෑම ගමක්ම, නගරයක්ම වෙලා ගනිමින් ක්‍රියාත්මක වන විවිධ ආයතන මගින් ලබා දෙන ණය මුදල් පිළිබදවද දැනුවත් කිරීම් සිදු කල අතර, ඒ තුලින් අඩු ආදායම් ලාභී ජනතාව මුහුන පා සිටින අසීරු තත්වයත්, එම ලබා ගන්නා ණය සදහා අය කරන අධික පොළිය පිළිබදවත් විශේෂයෙන්ම දැනුවත් කරන ලදි. 

වැඩ සටහන අවසානයේදී ලියාපදිංචි ප්‍රජා මූල සංවිධාන සදහා සහතික පත්‍ර ප්‍රධානයද සිදුකෙරුණි. නියාගම ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ මෙම වැඩ සටහන ක්‍රියාත්මක වූ අතර ඇල්පිටිය සමෘද්ධි බැංකු කළමණාකාර මල්ලිකා ඈපා මහත්මිය සහ අමුගොඩ සමෘද්ධි බැංකු කළමණාකාර ජගත් කුමාර යන මහත්වරුන් විසින් මේ සදහා සම්පත් දායකත්වය ලබා දෙන ලදි. මූලස්ථාන කළමණාකාර ප්‍රියංකා කොඩිකාර මහත්මිය, මහා සංගම් අධ්‍යක්ෂ සුමිත් කිත්සිරි මහතා, සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මනෝරත්න මහතාද මේ සදහා සහභාගී විය.⁣

බී.එච්.ඒ.ප්‍රසන්න
සමෘද්ධි සන්නවේදක
නියාගම

දිස්ත්‍රික් ළමා සමාජ තරගාවලියේ දෙවන ස්ථානය අක්මිමනට


    2017 සමෘද්ධි කැකුළු ළමා සමාජ සංස්කෘතික  හා  සාහිත්‍ය දිස්ත්‍රික් තරගාවලියේ තරග තරග ඉසවි 20 සදහා දරුවන් 30 දෙනෙක් සහභාගි  කරවමින් ප්‍රථම ස්ථාන 06, දෙවන ස්ථාන  02, තෙවන  ස්ථාන 01, ලබා මුළු ලකුණු 37 ලබා ගනිමින් අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොටිඨාශය දෙවන ස්ථානයට පත්ව  ඇත. 2016 වසරේ සමස්ත ලංකා කැකුළු ළමා සමාජ තරගාවලියේ සරල ගි ගායනයෙන් ප්‍රථම ස්ථානය දිනු පැදින්නෝරැව වසමෙි  කේ.ඒ. අනුත්තරා දිව්‍යංජලි මෙවර ශාස්ත්‍රීය ගායනයෙන්  දිස්ත්‍රික්තයේ ප්‍රථමයා වි ජාතික තරගාවලිය නියෝජනය  කිරිම විශෙශ්ෂත්වයකි.

කේ. ආර්. සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

Tuesday, September 19, 2017

මතින් තොර යොවුන් පරපුරක්


    අනාගත තරැණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතයට  යොමුවිම වැලැක්වීම අරමුණු කරගනිමින්, අක්මීමන  සමෘද්ධි මහා සංගමයේ, සමාජ  සංවර්ධන අංශය මගින් අක්මීමන  යොවුන් සේනාංකයේ තරැණ තරැණියන් දැනුවත් කිරිම 2017.09.17 දීන කුරුඳු චත්ත යොවුන් සේනාංකයේදි  පැචැත්වින. අන්තරායකර  ඖෂධ  පාලක ජාතික මන්ඩලයේ ගාල්ල  දිස්ත්‍රික් නිලධාරී එල්.⁣ කේ.එස්. මල්කුමාරි  මහත්මිය කන්ඩායමි ක්‍රියාකාරකම් මගින් අපුරැවට කරැනු කියා දුන් අතර, තරැණි තරැණියන් ගේ අදහස්, යෝජනා ඇසු එතුමිය බෙහෙවින් සතුටට පත් විය. මුලස්ථාන  කලමණාකරු ටි.ජි.කේ. නන්දනි මිය, කලමණාකාර  අධ්‍යක්ෂ නිමල් වික්‍රමසිංහ, සමාජ සංවර්ධන  කලමණාකරු එචි.පි. ශ්‍රියාලතා මිය, සමාජ සංවර්ධන සහකාර කලමණාකරු රංජිත් මුදලිගේ මහතා  සහභාගි විය.

කේ. ආර්. සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

Monday, September 18, 2017

දිරිමත් පවුල් සමෘද්ධි සහනාධාරය නැවත රජයට


   හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කතලුව නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි සමෘද්ධිලාභීන් දෙදෙනකු තම සහනාධාර පත් නැවත රජයට භාරදීම සිදුකරන ලදි. මෙසේ සහනාධාර භාරදුන් ප්‍රතිලාභීන් දෙදෙනා වූයේ කතලුව නැගෙනහිර වසමේ පදිංචි එල්.එච්.ඩබ්. අනුලාවතී මිය හා එම්.බී. කුසුමලතා දෙදෙනාය. මොවුන් ගේ පවුල් වල ආදායම් තත්ත්වය ඉහළ යාම නිසා සමෘද්ධි සංවර්ධන නිලධාරී එල්.ජී. සිරිල් මහතාගේ මගපෙන්වීම මත මෙම සහනාධාර නැවත භාරදීම සිදුකෙරෙනු අතර, හබරාදූව සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වූ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා හා හබරාදූව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතාට තම සහනාධාර පත් භාරදුන් අවස්ථාවයි. හබරාදූව ප්‍රාදේශීය ලේකම් තරංගා වික්‍රමරත්න මහත්මිය, මූලස්ථාන කලමණාකාරු මොහාන් චිත්‍රලාල් මහතා හා එම වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී එල්.ජී. සිරිල් මහතා මෙම අවස්ථාවට සහභාගී විය .   

එම්. ඉන්දිරා ලක්මාලි
සමෘද්ධි සන්නිවේදක
හබරාදුව    

අඩු ආදායම් ලාභීන්ට බිම්මල් වගා පුහුණුව


   සමෘද්ධි සහනාධාර ලබන සහ නොලබන අඩු ආදායම් ලාභීන්ගේ ආර්ථික මට්වම ඉහල නැංවීම අරමුණු කරගෙන  බිම්මල් වගාව පිළිබද ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පවත්වන්නට ඇලහැර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ   කිරිඔය වසම මුලික කරගෙන පැවත්වු අතර, මේ සඳහා ග්‍රාම නිළධාරී වසම් විසි අටක්  නියෝජනය වන පරිදි ව්‍යාපෘතිය සඳහා කැමත්තක් ඇති ව්‍යවසායකයින්  හැට දෙනකු පමණ සහභාගීවීම විශේෂත්වයකි, ඇලහැර  ප්‍රාදේශීය ලේකම් තුමියගේ සහ කළමණාකාර අධ්‍යක්ෂ  ගාමිණී කුමාරසිංහ, කළමණාකාර දුමින්ද සංජීව මහත්වරුන්ගේ උපදෙස් මඟ පෙන්වීම් මත සමෘද්ධි සංවර්ධන නිළධාරී අනුෂා හුලංගමුව මහත්මිය මෙම ව්‍යාපෘතිය  ක්‍රියත්මක කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරනු ලබයි.

කේ. එම්. වික්‍රමවංශ රාජපක්ෂ
සමෘද්ධි ගමන සන්නිවේදක
ඇලහැර

ජීවනෝපාය ව්‍යාපෘති සඳහා උපකරණ


     හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි වැඩසටහන යටතේ 2017 වසර සඳහා ජීවනෝපාය වැඩසටහනේ  ව්‍යාපෘති ලාභීන්ට තම ව්‍යාපෘති දියුණු කරගැනීමට උපකරණ ලබා දීම සංකේතවත් කිරීම හබරාදූව සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී සිදුවිය. වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ගරු අමත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා හා හබරාදූව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන යන මහත්වරු අතින් මෙම උපකරණ ප්‍රතිලාභීන්ට ලබාදුන් අවස්ථාව ගමන කැමරා කාචයේ සටහන් වු අයුරැ.


එම්. ඉන්දිරා ලක්මාලි
සමෘද්ධි සන්නිවේදක
හබරාදුව

සුභ උපන්දිනයක් ඇමතිතුමණි


   අද දින සිය ජන්ම දිනය සමරණ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුවේ නියමුවානන් වන සමාජ සවිබල ගැන්වීම්, සුභ සාධන හා කන්ද උඩරට උරැමයන් පිළිබද ගරැ අමාත්‍ය එස්. බී. දිසානායක මැතිතුමන්ට සියලු පැතුමි හා බලාපොරොත්තු ඉටුවන සුභම සුභ උපන්දිනයක් වේවායි සමෘද්ධි ගමන පවුලේ අප සැම ප්‍රර්තනා කරමු.

සමෘද්ධි ගමන

Saturday, September 16, 2017

දුප්පතාගේ ලොතරැයියෙන් අපටත් නිවසක්


   සමෘද්ධි නිවාස ලොතරැයි ජයක් හිමිවූ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  මාගෙදර කලාපයේ කරාගොඩ ග්‍රාම නිලධාරි වසමේ පී.බී. කමලා මහත්මිය තමා  ජීවත්වූ කටු මැටි ගසා ඉටිකොළ  සෙවිලි කල නිවස වෙනුවට  ස්ත්‍රීර නිවසකට මුල්ගල් තබා වැඩ ආරම්භ කිරීම පසු ගියදා සිදුකරන ලදි.

   මෙම අවස්ථාවට මුලස්තාන කලමණාකරු අනුර මහතා, මහා සංගමයේ තුෂාන්ති මහත්මිය, කලමණාකාර පත්මසිරි මහතා හා කලාපයේ සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මේ සදහා සහභාගි විය .

ජේ. අයි. ගාමිණි
සමෘද්ධි සංනිවේදක
යක්කලමුල්ල

අලිසාර පුර මහා දේව මංගල්‍යය


අලිසාර පුර  මහා දේව මංගල්‍යය මෙවර උඩරට පහත රට නර්තන අලි ඇතුන් සමගින් 2017/09/22 රාත්‍රී 7.00 යෙදෙන සුභ මෙහෙතින් විදි සංචාරය කෙරේ. ඔබ සැමට ආරාධනා. සංවිධානය ඇලහැර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා ප්‍රදේශයේ සියල්‍ර රාජ්‍ය ආයතන හා ස්වේච්ඡා සංවිධාන.

කේ. එම්. වික්‍රමවංශ රාජපක්ෂ
සමෘද්ධි ගමන සන්නිවේදක
ඇලහැර

Friday, September 15, 2017

කරන්දෙනිය අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන


    කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි සමාජ සංවර්ධන පදනමේ පූර්ණ දායකත්වය මත කරන්දෙනිය ජාතික පාසලේ පවත්වනු ලබන අධ්‍යාත්මික සහ ආකල්ප සංවර්ධන වැඩසටහන් මාලාවේ තවත් අදියරක් පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

   සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශයේ අනුග්‍රහය සහ මෙහෙයවීම මත රටපුරා ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ කරන්දෙනිය මහඑදණ්ඩ සමෘද්ධි කලාපයේ වැඩසටහන සදහා කරන්දෙනිය ජාතික පාසල තෝරා ගන්නා ලදි.

    ඒ යටතේ කරන්දෙනිය ජාතික පාසලේ 06 වසර සිට 13 වසර දක්වා පන්තිවල දරුවන් 3500ක් වෙනුවෙන් දින 07ක් තුල විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය පණ්ඩිත පිටිගල ධම්මවිනීත හිමියන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී. ප්‍රනීත් මහතාගේ සම්පත් දායකත්වය මත ළමා මානසික සෞඛ්‍යය සහ අමතර පන්ති ක්‍රමය අධ්‍යාපනය සදහා කරන බලපෑම් කෙසේද? යන කාරණය පදනම් කොට මෙම වැඩසටහන පැවැත්වෙයි.

   විද්‍යාලයීය ගුරු මණ්ඩලය සහ දෙමාපියන් නිවාඩු කාලයේදී පවා මේ පිළිබඳව උනන්දුවෙන් අවධානය යොමු කොට නිතර විමසීම් කලබව විදුහල්පති ශාන්ත ආරියරත්න මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් වැඩසටහන අගය කරමින් පැවසීය.  

එල්. පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

සමෘද්ධි ගමන නව කලාපය 2017/09/15

සමෘද්ධි ගමන නව කලාපය 2017/09/15 නැරබීම සදහා මෙතනින් පිවිසෙන්න =>


Thursday, September 14, 2017

සමෘද්ධි හරිත උයනක් නාගොඩ රේවත විද්‍යාලයට

     ලංකාව පුරා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුව ක්‍රියාත්මක කරන සමෘද්ධි හරිත උයන වැඩසටහනේ නාගොඩ ප්‍රාදේශිය ලේකමි කොටිඪාශයේ සමෘද්ධි හරිත උයන වැඩසටහන පසුගියදා (06)  උනන්විටිය ශ්‍රී රේවත මහා විද්‍යාලයේ දි පැවැත්විණි. විද්‍යාලයේ විදුහල්පති තුමා, ගුරැ මණ්ඩලය ඇතුලු සිසු දරැවන්, මුලස්ථාන කළමණාකාර මහතා ඇතුළු කලාප කළමණාකාර මහත්මාවරැන්, සමාජ සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ ප්‍රදේශවාසිගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.



ඩබ්. ජී. කුමාරරත්න
සමෘද්ධි සන්නිවේදක - නාගොඩ