Tuesday, October 31, 2017

පොළොන්නරුව සමෘද්ධි නිලධාරින්ට කාර්යාල කටයුතු හා ආයතනික කටයුතු පිළිබදව පුහුණුවක්


  සියළුම රාජ්‍ය නිලධාරීන් ආයතන සංග්‍රහය,මුදල් රෙගුලාසි, චක්‍රලේඛණ, විවිධ අණ පනත්, අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් කලින් කලට නිකුත් කරන නියෝග වලට අවනතව තමාවෙත පවරා ඇති රාජකාරී විධිමත්ව නොපිරිහෙලා තම සේවාලාභීන් වෙනුවෙන් ඉටුකල යුතු බවත්, තම සේවාලාභින්ගේ අවශ්‍යතා නොපිරිහෙලා ඉටුකිරිම ඔවුන් ලබන ආත්මතෘප්තියතුල තමාටද පුණ්‍ය කර්මයක් ලැබෙනවා...... පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී තිස්ස දයාරත්න මහතා  මේ බව ප්‍රකාශ කරන ලද්දේ 2017.10.31 දින තමන්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ සමෘද්ධි නිලධාරින් සදහා පැවති පුහුණු වැඩසටහනේදීය.

   දිස්ත්‍රික් සමෘද්ධි ආයතන අංශය මගින් සංවිධානය කර තිබූ මෙම පුහුණු වැඩසටහනේදී කාර්යාල ක්‍රම, කාර්යාලක්‍රම මූලධර්ම, කාර්යාලයක ලිපිගොනු පවත්වාගෙන යෑම, ලිපිගොනු ගත කිරිමේ අවශ්‍යතාවය, සාමාන්‍ය හැසිරිම හා විනය පිළිබදව මෙන්ම නිවාඩු පිළබදවද දැනුවත් කරන ලදි.

   මෙම අවස්ථාවට ඇලහැර හා මැදිරිගිරිය සමෘද්ධි කලමණාකාර මහත්ම මහත්මීන් මෙන්ම කේෂ්ත්‍ර, මූලස්ථාන හා සමෘද්ධී බැංකු සමිතිය නියෝජනය කරමින්  සමෘද්ධි සංවර්ධන නිලධාරි මහත්ම මහත්මීන් සහභාගීවි සිටි අතර පොළොන්නරුව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක තුමාගේ මගපෙන්විම මත ආයතන අංශභාර කලමණාකරු ඩි.එම්. කරුණාවති මහත්මිය හා විෂය ලිපිකරු එම්.පි.එල්. කුමාරි මහත්මිය විසින් සංවිධානය කරන ලදි.  

ඩි.එම්.පි.කේ. දිසානායක
එම්.පි.ඩබ්. මල්කාන්ති දිසානායක
සමෘද්ධි ගමන සමූහ සංනිවේදක
පොළොන්නරුව

නියාගම ප්‍රථම නිළ සෙවන කාර්යාලයට මුල්ගල්


   නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  දූවේගොඩ ග්‍රාම නිළධාරී වසමේ ඉදිවන ප්‍රථම නිළ සෙවන කාර්යාලයට මුල්ගල් තැබීම පසුගියදා ස්වදේශ කටයුතු පිළිබද ගරු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා අතින් සිදු කෙරුණි. ග්‍රාමීය ජනතාවට එකම වහලක් යටතේ ගමේ සිටින රාජ්‍ය නිළධාරීන්ගේ සේවය කඩිනමින් ඉටු කර දීමේ අරමුන ඇතිව මෙය ආරම්භ කරන බවත් රාජ්‍ය සේවය ජනතාව අතරට ගෙන යාමේ ප්‍රතිපත්තිය අනුව දිවයිනේ සෑම ග්‍රාම නිළධාරී වසමකම මෙය ඉදි කරන බවත් ගරු අමාත්‍ය තුමා මෙහිදී ප්‍රකාශ කරන ලදි.  

   නියාගම ප්‍රාදේශීය මහ ලේකම් නිලංගී ඩයස් මහත්මි සංවිධානය කල මෙම උත්සවයට ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී. කොඩිකාර මැතිතුමා, පලාත් සභා මන්ත්‍රී සුනිල් සේනානායක මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද, ග්‍රාම නිළධාරීන්, සමෘද්ධි සංවර්ධන නිළධාරීන් සහ සංවර්ධන නිළධාරීන් රැසක්ද මේ අවස්ථාවට එක් විය.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට ළමා සමාජ ප්‍රති සංවිධානයට දැණුම


   මා සමාජ ප්‍රති සංවිධානය කිරිම සම්බන්ධව සමෘද්ධි සංවර්ධන නිලධාරින් දැණුවත් කිරිමේ පුහුණු වැඩ සටහන 2017.10.25 දින ජලනන්දාරාම විහාරයේදි පසුගියදා පැවැත්විණි. හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් සමෘද්ධි මහා සංගම් කළමණාකරු ප්‍රියානි දේවිකා මහත්මිය සමාජ සංවර්ධන සහකාර ශ්‍රියානි කනකරත්න මිය විසින් සංවිධානය කරන ලද.

   මේ සඳහා මුලස්ථාන කලමණාකරු කේ.එච්. ගොතික් මිය  සියළුම සමෘද්ධි කලමණාකරුවන් හා වසම් 97 ම සමෘද්ධි සංවර්ධන නිලධාරින් මෙම අවස්ථාවට එක්විණි. හෙල්දි ලංකා  අායතනයේ සමිර තොටවත්ත තරිඳු චතුරංග යන පුහුණු නිලධාරින් විසින් මෙහෙයවු අතර එ් තුලින් රටේ අනාගතය වර්ථමාන ළමා පරපුරයේ අධයාත්මික සංවර්ධණය දියුණු කිරිම  වැඩසටහන ප්‍රයෝගික පුහුණුවක් ලබාදිම සිදු කෙරිණි. මෙහිදි නිලධාරින්ට මානසික තෘප්තියක් ලැබුණු බවද සඳහන් කලයුතුය.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

වෙන්නප්පුව තෛමාසික ප්‍රගති සමාලෝචනය සාර්ථකව


   වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2017/07 /01  සිට  2017 /09/30  දක්වා  තෛමාසික මහා සංගම් හා මුලස්ථාන ප්‍රගති සමාලෝචන රැස්වි්ම පුත්තලම් දිස්ත්‍රික් සමෘද්ධි සම්බන්ධිකරණ නිලධාරි චන්දසිරි මහාතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 31වන දින වෙන්නප්පුව  මහා සංගම් රැස්වීම් ශාලාවේදි  පැවැත්වුනි.මෙහිදි සියලුම වැඩසටහන් සම්බන්ධව සාකච්ජා කල අතර, පිලිවෙලින් නයිනමඩම කලාපය ප්‍රථම ස්ථානයද දෙවන ස්ථානය බොරලැස්ස කලාපයද තෙවන ස්ථානය වෙන්නප්පුව කලාපයද සිව්වන ස්ථානය වයික්කාල කලාපය ලෙසද  ස්ථාන  හිමිකර ගන්නා  ලදි. 

සි. ප්‍රි්ති උදයසිරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

බිම්මල් අාශ්‍රිත හා විවිධ කැම වර්ග සැකසිම දෙදින පුහුණුවක්


   කුණු පළාත් කාන්තා කටයුතු අමාත්‍යංශයේ මෙහයවිමෙන් හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම් ඩි.එන්.පි. කුලරත්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් හා වනිතා සංවර්ධන නිලධාරි නිශානි චම්පිකා මහත්මිය කාන්තා කාර්ය සංවිධානවල කාන්තාවන් 25 .දෙනකු සඳහා බිම්මල අාශිතව විවිධ කැම වර්ග සැකසිම හා අැසුරුම්කරණය පිළිබඳව පැවැති දෙදින වැඩමුළුව අැඹිලිපිටිය කැත්රික් පුහුණු මධයස්තානය  මගින් සිදු කිරිම. 

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

මතින් තොර රටක් හදන්න යෞවන සමාජ සාමාජිකයින්ට කියාදේ


   රණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ සේවා නිලධාරීන්ගේ මඟ පෙන්වීම යටතේ යෞවන සමාජ සාමාජිකයින් “මතින් තොර රටක් - NO DRUGS අපි YOUTH“ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2017.10.27 දින දිප්පිටිය මල්පා විහාරස්ථානයේ දී පවත්වන ලදි. එම වැඩසටහන සඳහා යෞවන සමාජ ක්‍රියාකාරි සාමාජිකයින් හා පාසල් දරුවන් සහභාගි වු අතර දැනුවත් කිරීම සඳහා අරණායක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි උඩගෙදර මහතා සහ සමාජ සංවර්ධන සහකාර නිලධාරි එස්.ඒ.අයි. සුරවීර මිය හා අරණෘයක පොලිස් ස්ථානයේ උප පොලිස් පරික්ෂකතුමා ද සහභාගි විය.

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

Monday, October 30, 2017

ලෝක ළමා දින වැඩ සටහන


    හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන ලෝක ළමා දින වැඩසටහන 2017.10.17 වන දින හික්කඩුව නගර සභා ක්‍රිඩාංගනයේදි පවත්වනු ලැබීය. මේ සඳහා හික්කඩුව ප්‍රාදේශිය ලේකම් ඩබ් .එස්. සත්‍යානන්ද මැතිතුමාගේ උපදෙස් පරිදි  සහකාර ප්‍රාදේශිය ලේකම් ඩි.එන්.පි. කුලරත්න මැතිනිය හා හික්කඩුව නගර සභාවේ ලේකම් එච්.කේ.එ්. චන්ද්‍රලතා මැතිනියගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදුවිණි. හික්කඩුව මුල් ළමාවිය නිලධාරි  රසිකා ශ්‍රියාවර්ධණ මහත්මිය, ළමා හිකම් නිලධාරි ධර්මා ඉන්දානි මෙනෙවිය හා ළමා හා කාන්තා අංශය මගින් සංවිධානය කරන කොට්ඨාශයේ  පෙර පාසැල් දරුවන් 1000 ක් පමණ මේ සඳහා සහභාගි විණි.

   ඔවුන්ගේ මනස සංවර්ධනය කිරිම සඳහා සෞන්දර්යාත්මක හා රස වින්දනාත්මක වැඩ සටහනක් ඉතා අලංකාරවත් අයුරින් එදින දවස පුරාම සිදුකරන ලදි. රටේ අනාගතය වර්තමාන අපේ ළමා පරපුර  නැණවත්, ගුණවත්, දරුපරපුරක් බිහිකිරිම තුලින් රටේ අාර්ථික හා අධයාත්මික සංවර්ධණය ඉහල දැමිම මෙහි අරමුණවේ.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

Sunday, October 29, 2017

අලෙවි ගැටලුවට විසදුම් සොයන නියාගම සමෘද්ධි ව්‍යාපාරික සංගමය


   නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ව්‍යාපෘති අංශය මගින් සංවිධානය කරනු ලබන නියාගම සමෘද්ධි ව්‍යාපාරික සංගමය සෑම මාසයකම ඉතා සාර්ථකව පැවැත්වේ. සමෘද්ධි බැංකු හරහා ණය පහසුකම් ලබා ගනිමින් හා ජීවනෝපාය වැඩ සටහන් තුලින් විවිධ ප්‍රතිලාභ ලබාගත් සැම ඒකරාශී කර ගනිමින්  මෙම ව්‍යාපාරික සංගමය ආරම්භ කර ඇත. ඔවුන්ගේ නිශ්පාදන අලෙවි කර ගැනීමේ ගැටලු සහ ඒ සම්බන්ද ගැටලු නිරාකරනය කර ගැනීම සම්බන්දව අලෙවිකරුවන් අතර නිරන්තර අදහස් හුවමාරු කර ගැනීම මෙහිදී සිදු කෙරේ. 

   ඉදිරියේදී ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන් වලදී ප්‍රතිලාභ ලබා දීමේදී ව්‍යාපාරික සංගමයේ සාමාජිකයන්ට ප්‍රමුඛතාව ලබා දෙන බව නියාගම සමෘද්ධි ව්‍යාපෘති කළමණාකාර අනෝමා ප්‍රියදර්ශිකා මහත්මිය අප හා පැවසුවාය. සෑම රැස්වීමක් අවසානයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල  පරිශ්‍රයේදී අලෙවි පොළක් පැවැත්වීමද මෙහි විශේෂත්වයකි.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

වැඩිහිටියන්ට උපහාර නයිනමඩම නැ /දුම්මලදෙනිය දී



  වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ   නයිනමඩම සමෘද්ධි කලාපයේ නැ /දුම්මලදෙනිය ග්‍රාම නිලධාරි වසමේ වැඩබලන සමෘද්ධි  සංවර්ධන නිලධාරිනි සමන්මලි විජේසුර්ය මෙනවිය විසින් සංවිධානය කල වැඩිහිටි උපහාර උත්සවයක් එම ග්‍රාම නිලධාරි වසමේ ප්‍රජා ශාලාවේදි කළමණාකාරිනි ශ්‍යාමලි රේණුකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ( 27  ) උත්සවාකාරයෙන්  පැවැත්වුනි.

   මෙහිදි  තෝරාගත්  වැඩිහිටියන් හට වියලි සලාක ලබා දිමක්ද සිදුකෙරැනි. ගමන  කැමරා  කාචයේ සටහන් වන්නේ  එහි විශේෂ අවස්ථාවන්වේ.


සි. ප්‍රිති  උදයසිරි  ප්‍රනාන්දු
ගමන  සමෘද්ධි  සන්නිවේදක
වෙන්නප්පුව

ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන යටතේ තේ පැළ


   නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2017 වසරේ ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන යටතේ ග්‍රාම නිළධාරී වසම් වලින් තෝරා ගත් ප්‍රතිලාභීන් සදහා තේ පැළ ලබා දීම පසුගියදා සිදු කෙරුණි. මේ සදහා තේ පැළ ලබා ගැනීමේදි රජයේ ලියාපදිංචි තේ තවාන් කරුවන්ගෙන් මිළ ගනන් කැදවා තේ පැළ වල ප්‍රමිතිය පරික්ෂා කිරීමෙන් පසු හොදම තත්වයේ තේ පැළ සදහා අඩුම මිළ ගණන් ඉදිරිපත් කළ තේ තවාන් කරුවා හට ටෙන්ඩරය ලබා දී තිබුණි. නියාගම තේ ව්‍යාප්ති නිළධාරී තුමාගේ සහයෝගය මේ සදහා ලැබුණි. 

   නියාගම ප්‍රාදේශීය මහ ලේකම් නිලංගී ඩයස් මහත්මියගේ උපදෙස් මත නියාගම සමෘද්ධි මූලස්ථාන කළමණාකාර ප්‍රියංකා කොඩිකාර මහත්මිය විසින් ප්‍රතිලාභීන්ට තේපැළ ලබා දීම සිදු කළාය. ව්‍යාපෘති කළමණාකාර අනෝමා ප්‍රියදර්ශිකා මහත්මිය ඇතුලු සමෘද්ධි සංවර්ධන නිළධාරීන් කිහිප දෙනෙකුද මේ අවස්ථාව සදහා සහභාගී විය.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

වැඩිහිට හා ළමා උත්සවයක් නයිනමඩම බ / උල්හිටියාවේදී


  වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  නයිනමඩම සමෘද්ධි කලාපයේ බ / උල්හිටියාව  ග්‍රාම නිලධාර් වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි  ඇන්ටන් සුගත් මහතාගේ සංවිධානයෙන්  වැඩිහිට හා  ළමා උත්සවයක්  පසුගියදා ( 26 ) එම ග්‍රාම නිලධාරි වසමේ  ප්‍රජා ශාලාවේදි හිටපු ප්‍රාදේශීය සභා  මන්ත්‍රී  ලලිත් ඔස්කා මහතා හා කළමණාකාරිනි  ශ්‍යාමලි රේණුකා  මහතමියගේ ප්‍රධානත්වයෙන්පැ වැත්වූනි. ගමන කැමරා කාචයේ  සටහන් වන්නේ එහි  වි⁣ශේෂ  අවස්ථාවකි.

සි. ප්‍රිති  උදයසිරි  ප්‍රනාන්දු
ගමන  සමෘද්ධි  සන්නිවේදක
වෙන්නප්පුව

වැඩිහිටි දින උත්සවයට සමෘද්ධි අනුග්‍රහය


  ක්තෝබර් 01දිනට යෙදුනු ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලු වැඩිහිටි සමිති ඒකරාශී කරගනිමින් වැඩිහිටි දින උත්සවයක් පසුගියදා නියාගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි. නියාගම ප්‍රාදේශීය ලේකම් නිලංගී ඩයස් මහත්මියගේ උපදෙස් මත කාර්යාලීය සමාජ සේවා අංශය මගින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි. 

   මෙහිදී වැඩිහිටියන් විසින් විවිධ වැඩ සටහන් ඉදිරිපත් කරන ලදි. තම තරුණ වියේදී මෙන් සිය සහජ හැකියාවන් ඉදිරිපත් කිරීමට බොහෝ වැඩිහිටියන් සමත් වූ අතර එය බොහෝ දෙනාගේ විනෝදාස්වාදයටද හේතු විය. විවිධ නාට්‍ය, ගීත ගායනා සහ ස්වයං නිර්මාණ මෙම උත්සවය රස ගැන්වූ අවස්ථා විය. 

   නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන පදනම  මේ සදහා සුවිශේෂී අනුග්‍රහය දක්වා තිබුණි. වැඩිහිටි සමිති වලට අමතරව ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ සදහා පැමින සිටියහ. පරිපාලන නිළධාරී, ග්‍රාම නිළධාරීන්, සමෘද්ධි සංවර්ධන නිළධාරීන් ඇතුලු කොට්ඨාශයේ විවිධ වෘත්තිකයන් රැසක් මේ සදහා එක්ව සිටියහ. සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මනෝරත්න මහතා මෙම උත්සවය සාර්ථක කර ගැනීම සදහා සුවිශේෂී දායකත්වයක් සපයන ලදි.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

Friday, October 27, 2017

ප්‍රජාමූල සංවිධාන නිලධාරීන්ට පුද්ගල අධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳව දැනුම


 නාගොඩ ප්‍රාදේශීය ලේකමි කොටිඨාශයේ සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ග්‍රාම නිලධාරි වසමි 53 නේ ප්‍රජාමූල සංවිධානවල ප්‍රධාන නිලධාරීන් කැදවා පුද්ගල අධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳව දැනුවත් කිරිිමේ වැඩසටහනක් නා⁣ගොඩ ලහිරු සණස සමිති ශාලාවෙිදි පවත්වන ලදි. දේශනය සදහා ප්‍රවින දේශක ගාමිණි කුමාර විතානගේ මහතා සම්පත් දායකත්වය ලැබිණි. මෙම වැඩසටහන අද දින (27) ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාව සදහා නාගොඩ සමාජ සංවර්ධන නිලධාරීන් තුමන්ලා ඇතුළු සමෘද්ධි නිලධාරීන් විශාල පිරිසක් සහ ප්‍රජාමුල නායකයින් විශාල පිරිසක් එක්විණි.

ඩබ්.ජී. කුමාරරත්න
සමෘද්ධි සන්නිවේදක
නාගොඩ

දරුවන් වෙනුවෙන් රසවින්දනාත්මක වැඩසටහනක්


   හෙට පරිපුර්ණ පුරවැසියෙකු බිහි කිරිම උදෙසා අද ළමා ලොව ගොඩ නගමු .යන උදාර පරමාර්ථය අරමුණු කර ගනිමින් දරුවන් වෙනුවෙන් රසවින්දනාත්මක වැඩසටහනක් අක්මීමන මැටරඹ සමෘද්ධි කලාපයේ කළමණාකරු දයාරත්න උඩුකල මහත්මා හා කලාපයේ සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කරන ලදි . 

   පසුගිය ඹක්තෝම්බර් 18 වෙනි දින යටගල රජමහා විහාර ධර්ම ශාලාවේදි පවත්වන ලද මෙම වැඩසටහන සදහා වැඩම කල ශාස්ත්‍රාවාර්ය කෙහෙල්චල සුමංගල හිමියන් විසින් දරුවන් වෙනුවෙන් විශේෂ අනුශාසනාවක් පවත්වන ලදි. සමෘද්ධි කැකුළු ළමා සමාජ දරුවන් ගෙන් සැදුම්ලත් සංගිත කන්ඩායම වාදනය සැපයූ අතර ළමා සමාජ ඳු දරුවන් මවි පිය ගුණ ගි සහ දේශාභිමානී ගි ගායනා කලෝය. 

   සරල සුගම සංවෙිදිතාවය පිලිබඳ මැනවින් කරැනු පහදමින් විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති සුනිල් ජයචර්ධන මහත්මා රසාලිප්ත වදනින් දරුවන් ගේ හදවතට ආදරයෙන් අමතමින් සිය දේශනය කිරිම විශේෂත්වයකි. මුලස්ථාන කළමණාකරු ටි.ජි.කේ. නන්දනි, කළමණාකාර අධ්‍යක්ෂ නිමල් වික්‍රමසිංහ, සමාජ සංවර්ධන කළමණාකරු පි.එච්. ශ්‍රියාලතා, සමාජ සංවර්ධන සහකාර රංජිත් මුදලිගේ යන මහත්ම මහත්මිහු මෙම අවස්ථාවට සහභාගි චුහ.

කේ. ආර්. සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

කරන්දෙනිය SMART සමාජ කව ඇරැඹෙයි


    තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ මෙහෙයවීමෙන් රටපුරා තෝරාගත් ග්‍රාම නිළධාරී වසම් ප්‍රමාණයක් සදහා පලමු වටයේදී ලබාදීමට නියමිත smart සමාජ කව ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිළධාරී වසම් 5ක් ආවරණය වන පරිදි සමාරම්භක උත්සව මේ දිනවල ඉතා උසස් අන්දමින් පැවැත්වෙමින් තිබේ.

   ඒ අනුව මහඑදණ්ඩ සමෘද්ධි කලාපයේ 92A මඩකුඹුර වසමේ SSC කවය ආරම්භ කිරීම මඩකුඹුර ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථ සිරි අභයතිස්ස මහ පිරිවෙන්පති පූජ්‍ය පණ්ඩිත ගිනිගල්පෙදෙසේ සුධ්ම්ම හිමියන්ගේ සහ කරන්දෙනිය පොළිස් ස්ථානාධිපති ප්‍රසන්න ඇල්ගිරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ ධර්මශාලා පරිශ්‍රයේදී පසුගියදා සිදුකෙරිණි.

    ගමේ වත්කම් සහ ශක්තීන් අන්තර්ජාලය භාවිතයෙන් ලෝකයට නිරාවරණය කරමින් පුද්ගල සංවර්ධනයට සහ සමාජ ප්‍රගමනයට හේතුවන ජාත්‍යන්තර තත්ත්වයන් ගමට හදුන්වාදීම අරමුණ කොට මෙම වැඩසටහන ග්‍රාම නිළධාරීගේ භාරකාරත්වය යටතේ සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිපර්යේෂණ නිලධාරී සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීණී යන වසමේ රාජ්‍ය සේවා සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු විශේෂ පුහුණුවීමක් ලැබූ ගම්වැසියන් 5 දෙනෙකු සහිත දස දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම අන්තර්ජාල ෆේස්බුක් ගිණුම යාවත්කාලීන කරමින් මෙතැන් සිට ඉදිරියට පවත්වාගෙන යන බවත් එම පුහුණු කණ්ඩායම හරහා ඕනෙම කෙනෙකුට මෙම අන්තර්ජාල පහසුකම ලබාගත හැකියාව ඇතිබවත් මෙහිදී ප්‍රකාශ විය.

   මෙම විහාරස්ථානයේ නැණසල පරිඝණක මධ්‍යස්ථානය පැවැතීම ඉතා වැදගත් මෙන්ම අගනා පහසුකමක් බවත් අදාල කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට විහාරස්ථානයේ සියළු සම්පත් සුදුසු පරිදි භාවිතා කලහැකි බවත් විහාරාධිපති හිමියන් ප්‍රකාශ කල සේක.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේද
කරන්දේණිය

Thursday, October 26, 2017

වැඩිහිටියන් සදහා දානය පිරිනැමීමෙි පිංකමක්


    නාගොඩ ප්‍රාදේශීය ලේකමි කොට්ඨාශයේ උඩුගම දකුණ ග්‍රාම නිලධාරි වසමෙි සමෘද්ධි ප්‍රජාමූල සංවිධානය මගින් වැඩිහිටියන් සදහා දානය පිරිනැමීමෙි පිංකමක් උඩුගම දක්ෂිණාරාම විහාරස්ථානයේ පසුගියදා සිදුකරණ ලදී. මෙම වැඩසටහන ජාත්‍යන්තර වැඩැහිටි දිනයට සමගාමිව සංවිධානය කර තිබිනි. මේ අවස්ථාව සදහා සමෘද්ධි සංවර්ධන නිලධාරී සිරියලතා කොඩිතුවක්කු මහත්මිය ඇතුළු සමාජික සාමාජිකාවන් රැසක් සහභාගී වුහ.

ඩබ්.ජී. කුමාරරත්න
සමෘද්ධි සන්නිවේදක
නාගොඩ

තරුණ අපිත් මතින් තොරයි.........


    තිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිදුන්ගේ “මතින් නිදහස් රටක්” ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව  ගෝනාපීනූවල සමෘද්ධි සමාජ සංවර්ධන අංශය හා යෞවන සමාජ බලමංඩලය විසින් සංවිධානය කරනු ලැබූ ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තරුණ තරුණියන් මතින් නිදහස් කිරීම අරමුණු කරගත් ”NO DRUGS අපි  YOUTH” මත් නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහන 2017.10.25 දින ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මෙමගින් තරුණ දුවා දරුවන්ට මත් ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන ආදීනව මෙන්ම සමාජයේ පිලිගැනීම කෙලෙසද යන්න දේශක මහතුන් විසින් සංවාදාත්මක කථිකාවක් තුලින්  මනාව අවබෝධ කර දෙන ලද අතර මත් ද්‍රව්‍ය නිසා අද සමාජයේ වටිනා තරුණ ජීවීත අකාලයේ අහිමි වී ගිය අවස්ථා හා තරුණ තරුණියන් විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වී දුක් විදින ආකාරය පිලිබදව මනා දැනුමක් ලබා දීමද සිදුකරන ලදි.

    මෙම වැඩසටහහන සදහා සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී තුමා, හික්කඩුව හා ගෝනාපීනූවල පොලිස් ස්ථානාධිපති වරුන්, හෙල්දි ලංකා අායතනයේ දිසිත්‍රික් වැඩසටහන් සම්බන්ධීකාරක, ADIC ආයතනයේ නිලධාරීන්,  ගෝනාපීනූවල තරුණසේවා නිලධාරී හා සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර දුමින්ද විජේරත්න යන මහත්වරුන් විසින් සම්පත් දායකත්වය සපයන ලදි.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සංනිවේදක
ගෝනපීනූවල

කරන්දෙණියේ ජාත්‍යන්තර වැඩිහිටි සැමරුම් පිංකමක්


    2017 ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන් කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරන ලද දානමය පිංකමක් කාර්යාලයීය පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.

    කරන්දෙනිය ජ්‍යෙෂ්ඨ පුරවැසි බලමණ්ඩලයේ සාමාජික පිරිසගේ යෝජනාවක් අනුව මෙවර වැඩිහිටි දිනය සැමරීම සදහා වෙනදා සිරිත් පරිදි පවත්වන නැටුම් ගැයුම් ඇතුළත් වැඩසටහන වෙනුවට සංඝගත දානමය පිංකමක් පැවැත්විමට තීරණය කල අතර ඊට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය අදාල අංශවල අනුකූලතාව ලබාගත් පසුව ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය පණ්ඩිත මඩකුඹුරේ සුදස්සන හිමියන් වෙත ආරාධනා කොට උන්වහන්සේගේ අනුශාසනා පරිදි එම පිංකම පසුගිය 25 වනදා පැවැත්වූනා.

   මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්තුමා සමග විෂයභාර නිලධාරීන්, ජ්‍යෙශ්ඨ පුරවැසි සංවිධාන නිලධාරීන් සහ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේද
කරන්දේණිය

Wednesday, October 25, 2017

පවුල් 3000 කට සෙත සැලසෙන අංකෙලිපිටිය පානීය ජල යෝජනා ක්‍රමයට මුල් ගල්

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ 800 ක වියදමින් පවුල් 3000 කට සෙත සැලසෙන අංකෙලිපිටිය පානීය ජල යෝජනා ක්‍රමයට මුල් ගල් පසුගියදා ගරැ එස්.බී. දිසානායක අමාත්‍ය වරයා අතින් සිදුවිය. එම අවස්ථාවට අදාල විඩියෝ දසුන් පහතින්. (තොරතුරැ අමාත්‍යවරයාගේ සමාජ ජාල පිටුවෙන්)


ප්‍රදීප් චන්දන නානායක්කාර

පාලින්දනුවර තුන් නිවුන් දරුවන්ට ඇමැති එස්.බී.ගෙන් නව නිවසක්


    පාලින්දනුවර කල්ලෙවත්ත, කෙලිංකන්ද ප්‍ර‍දේශයේ පදිංචි පී.වී. විශ්මි මේඛලා (19) හා රෂාන් නිමේෂ් (21) යුවලට දාව බිහිවූ තුන් නිවුන් දරුවන්ගේ සුව දුක් බැලීමට පසුගිදා ( 20 ) ඇමැති එස්.බී.දිසානායක මහතා හොරණ මූලික රෝහලට පැමිණියේය.

    රෝහලේදී මව හා දරුවන්ගේ සුව දුක් විමසූ ඇමැතිවරයා දරුවන්ගේ කටයුතු වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති සමාජ ආරක්ෂණ අරමුදලින් මසකට රු. දස දහසක් බැගින් වසරක් පුරා ලබාදෙන්නටත්, මාපිය යුවලට නව නිවසක් තනා දෙන්නටත්, සමෘද්ධි සහනාධාරය හා ඉදිරියේදී අවශ්‍යවේනම් වෛද්‍ය නිර්දේශ මත කිරිපිටි සඳහා මූල්‍යාධාර ලබා දෙන්නටත් පොරොන්දු විය. 

   හොරණ කළාපයේ සමෘද්ධි අධ්‍යක්ෂිකා උදයංගනී මහත්මියගේ සම්බන්ධීකරණයෙන් අද හොරණ මූලික රෝහලේදී ඇමැතිවරයා විසින් තුන් නිවුන් දරුවන්ගේ මවට රු. දස දහසේ චෙක්පතක්ද මවට හා දරුවන්ට අවශ්‍ය තෑගි බෝග රැසක්ද පිරිනමන ලදි. 

   මේ අවස්ථාව සඳහා හොරණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතාද, සමෘද්ධි අධ්‍යක්ෂිකා උදයංගනී මහත්මියද එක්වූහ. (තොරතුරැ අමාත්‍යවරයාගේ සමාජ ජාල පිටුවෙන්)

ප්‍රදීප් චන්දන නානායක්කාර

සාහිත්‍ය කලා මහෝත්සවය උත්කර්ෂවත් අයුරින්


    ම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල සාහිත්‍ය උත්සවය මෙවර අති උත්කර්ෂවත් අයුරින් ගරු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ජි.ඩබ්. ෂාන් විජයලාල් ද සිල්වා, ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ඩෙනට් පනියන්දුවගේ මැතිතුමන්ලාගේ සහභාගිත්වයෙන් (19) වන දින අම්බලන්ගොඩ නගර ශාලාවේ දි පවත්වන ලදි.

    මේහිදි අම්බලන්ගොඩ ප්‍රදේශයට ආවේණික වු කෝලම් නැටුම් සම්ප්‍රධායට අදාල නර්ථන කිහිපයක් ද එක් කල තිබු අතර එය ප්‍රක්ෂකයින් අමන්දානන්දයට පත්කල අවස්ථාවක් විය. සාහිත්‍ය කලාව සම්බන්ධව විශේෂ දේශණය පන්නිපිටිය ධර්මපාල මහා විද්‍යාලයේ සංගිත අාචාර්ය ඩිලාන් වික්‍රමසිංහ මහතා විසින් පවත්වන ලදි.

   මෙම අවස්ථාවට අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් එච්.කේ. සරසි එස්. ගුණසේකර, සමෘද්ධි මුලස්ථාන කළමනාකරු ඩබ්.ඒ. නිහාල් චන්ද්‍රසිරි, පරිපාලන ග්‍රාම නිලධාරි නිමල් කනකරත්න, කාර්යාල නිලධාරින් හා සාහිත්‍ය  පිළිබද උනන්දුවක් දක්වන විශාල පිරිසක්ද සහභාගි වන ලදි.

ජේ.පි. රුවන් ප්‍රසාද්
සමෘද්ධි සන්නිවේදක
අම්බලන්ගොඩ

ගාල්ල දිස්‍ත්‍රික්කයේ ස්මාට් සමාජ කව ආරම්භ වේ


   ගාල්ල දිස්ත්‍රික්කයේ ස්මාට් සමාජ කවය පිහිට වීම පලමු පියවර වශයෙන් තෝරාපත් කර තිබුනේ බෙන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයි. එහි පලමු අවස්ථාව දෙද්දුව ග්‍රාම නිලධාරී වසමේදී පවත්වන ලදී. ජාතික මෙහෙවරක් වෙනුවෙන් ස්මාට් අායතනයේ එහි විධායක නිලධාරීන් සහභාගි වන ලදී. එහිදී ප්‍රදේශ අාශ්‍රිත බැංකු නිලධාරීන් හා විශේෂයෙන් ඩයලොග් සමාගමද සහභාගි වන ලදී. 

   මෙම වැඩ සටහන දෙද්දුව ගංගාරාම විහාරාධිපති වහන්සේගේ අනුශාසනා මත බෙන්තොට ප්‍රාදේශීය ලේකම් තුමා වන වසන්ත විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. තවද මේ සදහා වසමේ ග්‍රාම නිලධාරීතුමා, අාර්ථික සංවර්ධන නිලධාරී හා කෘෂි කර්ම පර්යේෂන නිලධාරී අැතුලු ගම්වාසීන් සහභාගි වන ලදී.

කේ.ඒ. මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තර

අලෙවි ව්‍යවසායකයින් සඳහා පුහුණු වැඩසටහන් තවලම දී


 වලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ විසිරී සිටින හොටල්, ආපන ශාලා, රසකැවිලි නිෂ්පාදනයේ නියුක්ත අලෙවි ව්‍යවසායකයින් සඳහා ඒ ආශ්‍රිත පුහුණු වැඩසටහන් ඔක්තෝම්බර්16 / 17 යන දිනයන්හි පවත්වන ලදි. 

 මෙම පුහුණු වැඩසටහන් සඳහා ඒ ආශ්‍රිත නිෂ්පාදන කටයුතුවල නිරත වන 20 ක කණ්ඩායමක් තෝරා ගත් අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය අනුග්‍රහය මත සිඳු කරන ලදි.
             
අයි.ඩී. විජිත
සමෘද්ධි සන්නිවේදක
තවලම

Tuesday, October 24, 2017

බෙන්තොට මිරිස්වස්ත කලාපයේ සමෘද්ධි පොළක්


    බෙන්තොට ලේකම් කාර්යාලයේ මිරිස්වත්ත සමෘද්ධි බැංකු කලාපයේ බැංකු සංගමය මගින් ප්‍රතිලාභීන්ගේ නිෂ්පාදන අැතුලත් පොලක් බැංකු පරිශ්‍රයේ පවත්වන ලදී. එ් සදහා කළමණාකරිනිය වන සුජිවා මහත්මිය, නිලධාරින්, ව්‍යාපෘති කළමණාකාරිනිය හා සමාජ සංවර්දන නිලධාරිනිය සහභාගි වන ලදී. එහිදී විශේෂයෙන් පන් අාශ්‍රිත මලු හා පැදුරැ භාණ්ඩ රාශියක් ද තවද ප්‍රතිලාභීන්ගේ නිෂ්පාදන අතර දියර කිරි හා මීකිරි ද දක්වට ලදී. 

කේ.ඒ. මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තර

කරන්දෙණිය ග්‍රාම ලේකම් කාර්යාල 3 ක් සදහා රැ ලක්ෂ 60 ක්


   මම දැන් හිටපු ඇමති නමුත් පසුගියදා කොළඹ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මට ඇගැයීම් සම්මානයක් ලැබුනා. ඒ මම පසුගිය කාලෙ මට ලැබුණු අවස්ථාවන් යොදාගෙන කරන්දෙණිය සහ උතුරු නැගෙනහිර ජනතාවගේ නිවාස අවශ්‍යතාව සපුරාලීම ඇතුළුව ඉටුකරනු ලැබූ මහජන සේවාවන් ඇගයීම වෙනුවෙන්. ඒකයි මම මෙතන ඉන්න අපේ සමෘද්ධි, කෘෂි,ආර්ථික සංවර්ධන සහ ග්‍රාම නිළධාරී සියළුම නිලධාරීන්ට මතක් කරන්නෙ ඔබ හොඳින් කැපවීමෙන් වැඩ කලොත් කිසියම් හෝ මොහොතක ඔබට ඒ වෙනුවෙන් ලැබිය යුතු වටිනාකම ලැබේවි. හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා මෙසේ ප්‍රකාශ කලේ කරන්දෙණිය මඩකුඹුර ග්‍රාම ලේකම් කාර්යාලය සදහා මුල්ගල් තැබීමේ උත්සවයේදීය.

   එක් ග්‍රාම ලේකම් කාර්යාලයක් සදහා රුපියල් ලක්ෂ 20ක් බැගින් වැය කරමින් රුපියල් ලක්ෂ 60 ක් වැය කොට කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මඩකුඹුර, අගනකැටිය සහ වල්ඉගුරුකැටිය යන ග්‍රාම නිළධාරී වසම් වෙනුවෙන් ග්‍රාම ලේකම් කාර්යාල 3 ක් ඉදිකිරීමට මුල්ගල් තැබීම පසුගියදා උත්සවාකාරයෙන් සිදුවිය.

   වසමේ සියළු නිලධාරීන්ගේ සේවය එක වහලක් යටදී උසස් මට්ටමින් ප්‍රශස්ථ ලෙස මහජනතාව වෙත ලබාදීම තුලින් රාජ්‍ය සේවය පිලිබඳ මහජන ආකල්පයන්හි ධනාත්මක මට්ටමක් උදෙසා නිලධාරීන් මෙන්ම ජනතාව යොමු කිරීම මෙම වැඩපිළිවෙළහි අරමුණ බව ප්‍රාදේශීය ලේකම්වරයා මෙහිදී පැවසීය. 

   මෙහිදී මඩකුඹුර සිරි අභයතිස්ස මහ පිරිවෙන්පති පූජ්‍ය පණ්ඩිත ගිනිගල්පෙදෙසේ සුධ්ම්ම හිමියන්ද අදහස් දැක්වූ අතර මෙම වැඩසටහනේ ප්‍රජා දායකත්වය සපුරාලීමට ප්‍රදේශයේ සමාජ සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිස එක්ව කටයුතු කිරීම වැදගත් බව සිහිපත් කල සේක. රාජ්‍ය නිලධාරීන්, ප්‍රජා නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේද
කරන්දේණිය

Monday, October 23, 2017

බෙන්තොට සාහිත්‍ය උත්සවය අතුරැවැල්ල සංස්කෘතික මධයස්ථානයේදී


   බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාහිත්‍ය උත්සවය පසුගියදා අතුරැවැල්ල සංස්කෘතික මධයස්ථානයේදී පවත්වන ලදී. මේ සදහා අාරාධිත අමුත්තා වශයෙන් දකුණු පලාත් සභා මන්ත්‍රී ගරැ ජයසිරි නානායක්කාර මැතිතුමා හා බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මැතිතුමා අැතුලු අාරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. 

   මෙහි අාරාධිත දේශනය සදහා ජයන්තා රැක්මනි මහත්මිය ද සහභාගි වන ලදී. තවද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමෘද්ධි නිලධාරීන් ග්‍රාම නිලධාරීන් අාර්ථික සංවර්ධන නිලධාරීන් සහභාගි වන ලදී. විශේෂයෙන් දේශනය සදහා ප්‍රදේශයේ පාසල් දරැ දැරියන් සහභාගි කර ගන්නා ලදී. ඵමගින් එම දරුවන්ගේ දස්කම් හා විශේෂ කුසලතා සදහා සහතික පත් ප්‍රධානය කරන ලදී. විශේෂයෙන් මේ සදහා සිංහල මුස්ලිම් දරැවන්ගේ නැටුම් සන්දර්ශන ද පවත්වන ලදී.

කේ.ඒ. මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තර

රටේ අනාගතය වර්තමාන ළමා පරපුරයි


  “ ටේ අනාගතය වර්තමාන අපේ ළමා පරපුරයි ”  ළමා සමාජ තුලින් සංවේදි, නිර්මාණශිළි, කුසලතාවලින් පිරිපුන් නැණවත්, ගුණවත් දරු පරපුරක් බිහිකිරිම තුලින් රටේ ආර්ථික හා අධ්‍යාත්මික සංවර්ධනය ඉහල දැමිය හැකියි ” පසු ගිය දා ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවති සමෘද්ධි කැකුඑ ළමා සමාජ ප්‍රතිසංවිධානය කිරිමේ වැඩ මුඑවට සහභාගි වු  ගාලු දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ දිස්නා විතාණගේ මහත්මිය එසේ පැවසීය.  

  ඉමදුව සමෘද්ධි සමාජ සංවර්ධන පදනම මගින් සංවිධානය කර තිබු මෙම වැඩමුඑව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර කොට්ඨාශයේ සියලුම සමෘද්ධි කළමණාකරුවන්, ක්ෂ්‍රේත්‍ර සහකාරවරුන්  සහ සියලුම වසම්භාර  සමෘද්ධි නිලධාරින් වෙනුවෙන් එම වැඩ සටහන සංවිධානය කර තිබුනි. 

   ළමා සමාජයක අරමුණු, ළමයින්ගේ භුමිකාව, සක්‍රියව හා සාර්ථකව ළමා සමාජයක් වසම තුල පවත්වා ගෙන යන්නේ කෙසේද පිළිබදව ප්‍රායොගිකව හා සෞන්දර්යාත්මකව සතුට හා විනෝද ක්‍රීඩා රැසක් සමගින් දවස පුරා මෙම වැඩමුඑව  දිස්ත්‍රික් සමාජ සංවර්ධන කළමණාකරු ප්‍රියන්ත කුමාර කාරියවසම් මහතා සහ දිස්ත්‍රික් සමාජ සංවර්ධන සහකාර ප්‍රභාත් සුරංජිත් මහත්මා විසින් ඉතා සාර්ථකව විවාදාත්මකව වැඩසටහන මෙහෙය වන ලද අතර, මෙම වැඩමුඑව සදහා ඉමදුව සහකාර ප්‍රාදේශිය ලේකම් සුලනි සුලෝචනා මහත්මිය, සමෘද්ධි මුලස්ථාන කලමණාකරු, මහ සංගම් කලමණාකාර අධ්‍යක්ෂ සහ සමාජ සංවර්ධන සහකාර යන මහත්ම මහත්මීන් සහභාගි විය.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව