Wednesday, December 26, 2018

මැතිවරණයකට කරන්දෙණිය සූදානම්


 රන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සහ අනුබද්ධ නිළධාරින් සර්වජන ඡන්දය සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ පුහුණු වැඩසටහනක් පසුගියදා පැවැත්වුනා.

    කාර්යාලීය නිළධාරින් සමග සියළුම ක්ෂේත්‍ර නිළධාරින් මෙම වැඩ සටහනේ සහභාගිත්වය වූ අතර දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ ලේකම් වේලාරත්න මහතා සම්පත්දායකයා ලෙස සහභාගි විය.

    ඡන්දහිමි නාම ලේඛණයේ ලියාපදිංචි වීමට ඡන්දදායකයන් සතු වගකීම, සර්වජන ඡන්දය පාවිච්චි කිරීමේ වැදගත්කම, ජනජීවිතයට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය බලපෑම් කරන ආකාරය සහ රාජ්‍ය නිළධාරින් සතු ඡන්ද වගකීම හා යුතුකම යන කාරණා සම්බන්ධව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරීමක් මෙහිදී සිදුවිය.

එල් පි වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

Wednesday, December 19, 2018

විදියේ රැගුමින් මත් විරෝදී දින සමරයි


ගාල්ල යක්කලමුල්ල ප්‍රා.ලේ. කොට්ඨාශයේ මාගෙදර සමෘද්ධි බැංකු කලාපයේ මාගෙදර නැගෙනහිර ග්‍රාම නිලඩාරී වසමේ මිනිමුතු ළමා සමාජයේ   හා සමෘද්ධි  ප්‍රජා  සංවිධානය  2018  දුම් වැටි හා මත්විරෝඩී  දිනය වෙනුවෙන් වීදී නාට්යක් රගදෑක්වීමට කටයුතු සංවිධානය කර ප්‍රධාන ම්ංසන්දි වල රගදැක්වීම මගින්  ප්‍රදේශයේ ජනතාවට දුම්  වැටි හා මත් ද්‍රව්‍ය භවිතය ඇබ්බැහිවීම නිසා සිදුවන දුක්ගැහැට .. සමාජයේ  හිමිවන තැන මනාව පැහැදිලී කිරීමක්  මේ යතුලින් ජනාතාවට  හේත්තු ගැන්වීමට   හැකිවීම් සැමගේ   පැසසුමට ලක්වි.    

  මෙම කාර්යය සදහා  කටයුතු කරනු ලැබුවේ  වසම භාර නිලඩාරී නීතා ගුනසිරී  මහත්මිය විසිනි.

 මෙම අවස්ථාව සදහා යක්කලමුල්ල  ප්‍රා.ලේකම්    සී. මුහන්දිරම්  මැතිතුමා, මුලස්ථාන කළමණාකරු අනුර මහාතා  මහා සංගම් අධ්‍යක්ෂ  තුශාන්ති  මිය, කලාප කලමනාකාර  පත්මසිරි මහතා, ව්‍යාපෘති කලමණාකාර ආනන්ද මායාකඩුව, පි.වී.අශෝකා වසමේ ග්‍රාම නිලධාරී  තුමා, ආර්ථික  සංවර්ධ්න නිලධාරී තුමා, ළමා කටයුතු නිලධාරී තුමිය, යක්කලමුල්ල පොලීසිය මේ සදහා සහයෝගය දක්වන ලදී.   
                                                                   
ජේ. එල්. ගාමිණි
සමෘද්ධි සන්නිවේදක
යක්කලමුල්ල

දෙනකට කිරි එරෙන්නේ.... තම පැටවාට දීමටම නොවේ................


  අප සම්මා සම්බුදු පියාණන් පෙර දවස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දහම් ගගුලෙන් නහවමින් දේශණා කලේ මෙලොව සැප පහසුවට නොව පරලොව සුඛවිහරණය සදහා නොපමාව කටයුතු කරන ලෙසයි. මේ බව පසක් කරමින් හිටපු පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිංහ මහතා දිස්ත්‍රික් රාජ්ය නිලධාරීන් එදා අවදි කලේ නොමියන මිනිසෙකු ලෙස නොව මියෙන මිනිසෙකු ලෙස තමන්ගේ වටිනා මිනිසත් බව පසක් කරමිනි.

   2018 වර්ෂය අවසන් කරමින් තව නොබෝ දිනකින් 2019 නව වර්ෂයකට පා තබන අප එදා අපව අවදි කල දිස්ත්‍රික් ලේකම් තුමාගේ හඩ මෙසේ ගෙන එන්නේ මිනිසුන් සමග නිරන්තර සබැදියාවෙන් ඔවුන්ගේ සිතුවිලි හා කටයුතු කරන ඔබ වෙනුවෙනි.

   එතුමා අප දැනුවත් කරමින් ප්‍රකාශ කලේ.....  ගහක මල් ගෙඩි හට ගන්නේ මල් ගෙඩි හට ගැනීමට ඕනෑ නිසාම නොවේ, එළ දෙනෙකුට කිරි එරෙන්නේ ඇයගේ පැටියට බොන්න දෙන්න ඕනෑම නිසා නොවේ, ගංගාවක වතුර ඉහල සිට පහලට ගලන්නේ පහලට ගලන්න ඕනෑ බෑවුම නිසාම නොවේ, තවත් මේ පරිසරයේ ස්වභාව ධර්මය හා ගැටෙන පිරිසකගේ ඕනෑ එපාකම් සන්සිදුවමින් බැවින් බවත්, අපට මිනිස් ශරීරයක් ගොඩ නැගිල තියෙන්නේ අපට සැප විදින්නම නොවේ ..... තවත් පිරිසක් වෙනුවෙන් යහපත් වැඩදායක වැඩක යෙදවීම සදහාය. ඒ බව පසක් කරමින් අප සමෘද්ධි ගමන ළමා පුස්තකාලයට හැකි පමණින් පොතක් පරිත්‍යා කලේ තවත් දරුවෙකුගේ දෙනෙත් පෑදී මෙළොව සියළු සත්වයා වෙනුවෙන් යහපත් ගුණදායක වැඩක් මෙලොවට කිරීම වෙනුවෙනි. අද එම සමෘද්ධි ගමන පුස්තකාලයේ ළමා තොමෝ ඉතා සතුටින් දැනුම බෙදා ගනිද්දී අපට දැනෙන සතුට ඉතා ඉමහත්ය.

  ඩි.එම්.පි.කේ.දිසානායක,
  වජිරා දිසානායක,    -  
  සමෘද්ධි ගමන සංනිවේදක - පොළොන්නරුව

Tuesday, November 27, 2018

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ස්ථීර පත්වීම්


  දීර්ඝ කාලයක සිට විධිමත් පත්වීමක් නොමැතිව සේවය කළ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 14000 කට වැඩි පිරිසකට විධිමත් ස්ථිර පත්වීම් ලබා දීමට නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා තීරණය    කරයි. 

   විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම තීරණය ගනු ලැබුවේ සමෘද්ධි ව්‍යපාරයට අයත් වෘත්තීය සමිති ප්‍රධානීන් හා අමාත්‍යාංශ නිලධාරීන් සමඟ බත්තරමුල්ල, සෙත්සිරිපාය (පළමු අදියර) දෙවන මහළේ පිහිටි නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවට සහභාගී වෙමිණි. 

   සමෘද්ධි වැඩසටහන තුළ දීර්ඝ කාලයක සිට විසඳුම් නොලැබුණු ගැටළු රැසක් පිළිබඳ සාකච්ඡා කිරීමට සමෘද්ධි වෘත්තිය සංගම් අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර තිබිණි. එ අනුව සමෘද්ධි වැඩසටහනට සම්බන්ධ සියලු වෘත්තීය සංගම්වලට මෙම සාකච්ඡාවට අරාධනා කර තිබූ අතර සමස්ත ලංකා සමෘද්ධි කෘෂී නිලධාරීන්ගේ සංගමය හා සමස්ත ලංකා සමෘද්ධි කළමනාකාරවරුන්ගේ සංගමය නියෝජනය කරමින් නිලධාරීහූ රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

   එහිදී සමෘද්ධි වෘත්තිය සංගම් නියෝජිතයින්ගේ ප්‍රධාන ගැටළුව වූයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට හා සමෘද්ධි කළමානකාරණ සේවකයින් විශාල පිරිසකට විධිමත් ස්ථිර පත්වීම් නොමැති බවයි. මෙතෙක් පැවති රජයන් මෙම ගැටලුවට විසඳුම් ලබා දීමට නිසි ක්‍රියාමාර්ග නොගත් හේතුවෙන් සේවක අයිතීන් දිනාගැනීම වෙනුවෙන් පසුගිය කාලය පුරාම වෘත්තීය වැඩවර්ජන, උද්ඝෝෂණ ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවද ඔවුහූ පෙන්වා දුන්නේය. ඇතැම් නිලධාරීන් මෙම සේවක ගැටළුවට විසඳුම් ලබාදීම හිතාමතාම මගහැරිය බවද වෘත්තීය සංගම් නියෝජිතයෝ චෝදනා කළහ. එමනිසා මෙම සේවකයින් මුහුණ දී සිටින ප්‍රධාන ගැටළුවට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස වෘත්තීය සංගම් නායකයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

   ඉදිරිපත් වූ මෙම කරුණු පිළිබඳ අවධානය යොමු කළ විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබා දීමට පවතින බාධාවන් පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදි. එහිදී තනතුරුවලට අදාළ වැටුප්තල, සේවා කාලය පිළිබඳ ගැටළු, විශ්‍රම වැටුප් දායකත්වය ආදී කරුණු පිළිබඳ දීර්ඝ ලෙස සාචච්ඡා කෙරිණි. එම සාකච්ඡාවෙන් අනතුරුව උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව දිවයින පුරා සේවය කරන 14,000 කට අධික සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා ස්ථිර පත්වීම් ලබාදීමට අමාත්‍යවරයා තීරණය කළ අතර මෙම පත්වීම් ලබා දීමට දීර්ඝ කාලයක් නොගෙන ඉදිරි සතිය ඇතුළත පත්වීම් ලබා දීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
ඊට අමතරව සමෘද්ධි කාළමනාකාරවරුන්ට පත්වීම් ලබාදීමේ ක්‍රියාවළිය සිදුවන්නේ රාජ්‍ය සේවා කොමිසන් සභාව මගින් බැවින් එම පත්වීම්ද හැකි ඉක්මනින් ලබා දීමට අමාත්‍යාංශ නිලධාරීන්ට මැදිහත් වී ක්‍රියා කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේය.

   තවද මෙම තනතුරුවල සේවයේ සිටියදී මියගිය සේවක මහත්ම මහත්මීන්ට විධිමත් පත්වීම් නොලැබීම නිසා විශාල අසාධාරණයක් සිදුව ඇති බවත් එම මියගිය සේවක මහත්ම මහත්මීන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

   සමෘද්ධි අමාත්‍යාංශයේ පරිපාලන කටයුතුවල දුර්වලතා පිළිබඳවද මෙහිදී සාකච්ඡ කළ අතර එහිදී වෘත්තීය සමිති සංගම් නියෝජිතයින් කියා සිටියේ සේවකයින් 500 කට අධික පිරිසකට විවිධ වැරදි චෝදනා හේතුවෙන් සාධාරණ පරීක්ෂණ නොපවත්වා වැඩ තහනමට ලක්ව සිටින බවත්, එයින් එම සේවකයින්ට හා ඔවුන්ගේ පවුල්වලට විශාල අසාධාරණයක් සිදු වී ඇති බවයි. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ විවිධ චෝදනා නිසා වැඩ තහනමට ලක්ව සිටින සේවකයින්ට විරුද්ධව තිබෙන චෝදනා පිළිබදව කඩිනමින් පරීක්ෂණ අවසන් කර එම සේවක මහත්ම මහත්මීන්ටද සාධාරණය ඉටුකිරීමට පියවර ගන්නා ලෙසයි. 

   සාකච්ඡාවෙන් අනුතුරුව සමෘද්ධි සංගම් නියොජිතයින් ප්‍රකාශ කර සිටයේ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා සමඟ පැවති සාකඡ්චාවෙන් අනතුරුව එතුමා ගත් ශ්‍රේෂ්ඨ පියවර ඉතිහාසගත වන බවයි. සමෘද්ධි වැඩසටහ ක්‍රියාවට නංවන සියලුම නිලධාරීන්ටත්, සෑම අංශයක්ම නියෝජනය කරන සියලුම සේවක මහත්ම මහත්මීන්ටත්, මෙරට ලක්ෂ 14 කට අධික සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වලටත් තම බලාපොරොත්තු ඉටුවන සුවිශේෂී ජයග්‍රහණයක් අද දින හිමි වූ බවත් එම සියලු දෙනා වෙනුවෙන් විමල් වීරවංශ අමාත්‍යවරයාට සිය ප්‍රසංශාව පළකර සිටින බවද වෘත්තීය සංගම් නියෝජිතයින් පැවසීය.

    වෘත්තීය සංගම් සාකච්ඡාවට නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිමල් කොටවලගෙදර, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර, සමස්ත ලංකා සමෘද්ධි කෘෂි නිලධාරීන්ගේ සංගමයේ සභාපති කිත්සිරි ගමගේ, එහි ලේකම් ජගත් කුමාර, සමස්ත ලංකා සමෘද්ධි කලමානාකාරවරුන්ගේ සංගමයේ සභාපති රනුග්ගේ යන මහත්වරු ඇතුළු ජ්‍යේෂඨ නිළධාරීහූ රැසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය,
නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශය

ප්‍රජාව සවිබල ගැන්විමට උපදේශන වැඩසටහන


   ක්මීමන ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයේ සමාජ සංවර්ධන අංශය මගින් උපදේශනය තුළින් ප්‍රජාව සවිබල ගැනිවිමෙි වැඩසටහනක් පවත්වන ලදි.ප්‍රාදේශීය ලේකම් පුෂ්පිකා තුෂාරි ජාගොඩ මැතිනිය⁣ ගේ මගපෙන්වීමෙන්,ඛැංකු සමිති කලමනාකරු නිමල් වික්‍රමසිංහ මහත්මා විසින් සංවිධානය කල මෙම වැඩසටහන සදහා විශාල පිරිසක් සහභාගි වු අතර පැමිණි සැම⁣ ගේ හදවතට වඩාත් සංවෙිදිව ලං වෙමින් දැනුවත් කිරීම සිදු කලේ බලපිටිය විමලසාර කනිටු විදුහලේ විදුහල්පති ,ප්‍රවින දේශක එස්.විජයසිරි මහත්මා විසිනි                                                          

   දු දරැවන් හා දෙමවිපියන් අතර තිබිය යුතු සමිබන්ධතාවය, ගෘහ කලමනාකරනය, සමාජ සමබන්ධතා ආදි සියලු දෑ පිළිබඳව ආදරනිය අදහස් වලින් පෝෂණය චු මෙම වැඩසටහනට පැමිණි සියලු දෙනා ගේ ප්‍රසාදය හිමි විය.මුලස්ථාන කලමනාකරු ටි.ජි.කේ.නන්දනි මිය ,සමාජ සංවර්ධන කලමනාකරු එච් .පි.ශ්‍රියාලතා මිය සමාජ සංවර්ධන සහකාර  රංජිත් මුදලිගේ මෙි සදහා සසහයෝගිතාවය ලබා දෙන ලදි.

සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්ම්මන

Wednesday, November 14, 2018

සාරධර්ම ප්‍රවර්ධන හා ආකල්ප සංවර්ධනය

සාරධර්ම ප්‍රවර්ධන හා ආකල්ප සංවර්ධනය

ඉමදූවෙන් “ උත්තම රුහිරු පාරමී ”.............


   විද්‍යාව කොතරම් දියුණු වුවත් රුධිරය කෘතිමව නිෂ්පාදනය කල නොහැකිය. අන්‍ය සතුන්ගේ රුධිරය මිනිසාට දිය හැක්කේ ද නොවේ. එය තවත් මනුෂ්‍යයෙකුගෙන්ම ලබාගත යුතුය.  වර්තමානයේ අපට අසරණ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට, ලේ දන් දීමේ හැකියාව පවතී. රුධිරය අපගේ ශරීරයේ වැදගත් කොටසකි. එවැනි දෙයකට අපගේ දැඩි මමත්වයක් පවතී.  ඒවා දන්දීමට අපහසුය. තමන්ට කිසිම ප්‍රයෝජනයක් නැති නොදන්නා මනුෂ්‍යයෙකුට රුධිරය දන් දීම ඊටත් වඩා අපහසුය. මේ නිසා රුධිරය දන්දීම, දාන උපපාරමිතා ගණයට එන උදාර කුසලයකි.

    එවන් වු අතිමහත් පුණ්‍ය කටයුත්තක් පසුගිය 2018.11.08  දා ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේදි පැවැත්විණ. ඒ ඉමදුව සමෘද්ධි සමාජ සංවර්ධන පදනම මගින් සංවිධානය කල රුධිරය දන්දීමේ වැඩ සටහනයි.   “උත්තම රුහිරු පාරමී”  නමින් ආරම්භ කල මෙම වැඩ සටහන සදහා  සියයකට වැඩි රුධිර පරිත්‍යාගශීලින් පිරිසක් මේ සදහා දායකත්වය ලබාදුන් අතර උදැසණ 9.30 සිට සවස 2.30 දක්වා වැඩ සටහන ඉතා සාර්ථකව පැවැත්විණි. ඉමදුව සහකාර ප්‍රාදේශිය ලේකම් සුවිනි සුලෝචනා මහත්මිය , ප්‍රාදේශිය වෛද්‍ය නිලධාරි එස්. මහින්දසිරි, සමාද්ධි බැංකු සමිති කලමණාකරු කේ.එච්.වි. ලක්ෂමන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් වැඩ සටහන ආරම්භ වු අතර  ,සමෘද්ධි නිලධාරින්, ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිලධාරින් ,සමෘද්ධි ප්‍රතිලාභින් සහ ප්‍රදේශවාසි  විශාල ප්‍රමාණයක් මෙම පුණ්‍ය කටයුත්තට දායකත්වය දැක්වීම සුවිශේෂි වු කරුණක් විය. බැංකු සමිති කලමණාකරු කේ.එච්.වි. ලක්ෂ්මන් සහ සමාජ සංවර්ධන සහකාර නිශාන්ත සුදුසිංහ විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

මාරයාට බය නොවුනු විජේරත්න නැවත සමාජ සේවයට

   සර 18ක් සමාජ සේවයට කැපවී සිට හදිසියේ  දැඩිසේ රෝගාතුරු වි ඉතා අසරණ තත්වයේ එක්තැන්වී  ඇති සමාජ සේවකයෙකු වන විජේරත්න එදිරිසිංහ මහතා පිලිබද සමෘද්ධි ගමනින් රටටම කීවේ මෙවැනි අසරණවීම් කිසිවෙකුටවත් නොවේවා පතමි. 

   සමහර වෛද්‍යවරුන් පවා සුවකල නොහැකියැයි පවසද්දී තමාගේ සහ තම පවුලේ අයගේ නොපැකිලි උත්සාහය මත නොකඩවා ලබාගත් වෛද්‍ය ප්‍රතිකාරත් ආත්ම විශ්වාසයත් නැවතත් දෙපයින් සිටගෙන සමාජ සේවයට එක්වීමට විජේරත්න මහතාට හැකිවූ බව එතුමා ප්‍රකාශ කරන ලදි. මණ්ඩලගිරිය සමෘද්ධි බැංකු කළමණාකරු සුගත් කුමාර මහතා, සමෘද්ධි සංවර්ධන නිලධාරී ජයසේන මහතා සහ පාලක මණ්ඩල හිතවතුන් සමග තම ආගිය තොරතුරු පිලිබදව දොඩමළු වෙද්දී මෙසේ සමෘද්ධි ගමනේ කැමරා කාචයට හසුවන ලදි.

ඩි.එමි.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

Thursday, November 1, 2018

මියෙදෙනා හදකට පණ නලක් වන්නට......

ලේ බිදක්......... දන් දෙන්න ....... ඔබත් පැමිනෙන්න.......


Thursday, October 25, 2018

මන්ත්‍රී ටෙවින් ප්‍රනාන්දුගෙන් ජල පිල්ටරයක් නයිනමඩම සමෘද්ධි බැංකුවට


  වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නයිනමඩම සමෘද්ධි බැංකුවට පැමිණෙන පරිබෝගික  ජනතාවගේ පානිය ජල අවශ්‍යතාව ⁣සදහා ජල පිල්ටරයක් වයඹ පලාත්සභා මන්ත්‍රී ටෙවින් ප්‍රනාන්දු මැතිතුමා විසින් පසුගියදා එම බැංකු කලමනාකාරිනි ශ්‍යාමලි රේණුකා  මහත්මියහට බැංකු පරිශ්‍රයේදි  ප්‍රදානය කරන ලදි.  මෙහි දැක්වෙන්නේ එම අවස්ථාව ගමන කැමරා කාචයේ සටහන් වුආකාරයයි.

ප්‍රිති උදයසිරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

සමාජ සංවර්ධන වැඩ සටහනින් පාසැල් දරු දැරියන්ට පොත් පත්...........


  2017 වසරේ නිියාගම සමෘද්ධි සමාජ සංවර්ධන පදනම සංවිධානය කරන ලද දුම්වැටි විරෝධී කොඩි දිනයට සමගාමීව මාරග්ගොඩ සහ මානම්පිට ග්‍රාම නිළධාරී වසම් වල එම අරමුදල සදහා එකතුවූ මුදල්වලින් 90%ක මුදල් යොදවා එම කොට්ඨාශ දෙකේ අඩු ආදයම් ලාභී පවුල්වල සිසු දරු දැරියන් උදෙසා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩ සටහනක් පසුගියදා මානම්පිට රතනසාර මහා විද්‍යාලයේදී පැවැත්වුණි. 

   මාරග්ගොඩ සහ මානම්පිට සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන වලසහයෝගයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන ලදි.  පසුගිය වසරේද මෙම ප්‍රතිපාදන යොදා ගනිමින් පානීය ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට හැකිවූ බව පිළිගැනීමේ කතාව සිදු කරමින්වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරී කුමාරී වනිගසේකර මහත්මිය ප්‍රකාශ කලාය. එසේම මෙවර රුපියල් හතලිස් දහසකට ආසන්න මුදලක් මෙම වැඩ සටහන සදහා වියදම් කල බවත් ඇය වැඩි දුරටත් සදහන් කලාය. ඒසදහා දායකත්වය ලබා දුන් සැමට විශේෂ ස්තුතියක් කිරීමටද ඇය අමතක නොකලාය. 

   ඇල්පිටිය ලමාරක්ෂක අධිකාරියේ නිලධාරී දුමින්ද යූ ගමගේ මහතා විසින් ලෝක ලමා දිනය නිමිති කරගනිමින් සිදු කල දේශණය කාගෙත් පැසසුමට ලක්විය. මෙම අවස්ථාව සදහා විදුහල්පති ගර්වින් සෙනෙවිරත්න මහතා, සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මනෝරත්න මහතා,මාරග්ගොඩ ග්‍රාම නිළධාරී ලහිරු ගුනවර්ධන මහතා, මානම්පිට ග්‍රාම නිලධාරී චාමිනි ලියනගේ මහත්මිය ,නියාගම සමෘද්ධි බැංකු කලමනාකාර එන්,ටී.චන්දුරත්න යන මහත්වරු ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

Monday, October 22, 2018

වැඩිහිටියන් අගයන්නට දුදරැවන් හුරැකරමු


   වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ද/සිරිගමපල සමෘද්ධි සංවර්ධන නිලධාරි ප්‍රිති උදයසිරි ප්‍රනාන්දු මහතා හා සමෘද්ධි ප්‍රජාමූල සමිතිය, සමෘද්ධි කැකුලු ළමා සමාජය එක්ව සංවිධානය කල වැඩිහිටියන් අගයන්නට දුදරැවන් හුරැකරමු තේමාව යටතේ වැඩිහිටි සත්කාර වැඩසටහනක් පසුගියදා    සන්තානාපුර දි පැවැත්වූනි.   

    මෙයට සමගාමිව වැඩිහිටි චිත්‍ර තරග, ළමා සමාජ චිත්‍ර තරග, වැඩිහිටි ළමා නර්තන විශේෂාංග, වැඩිහිටි  ළමා දෙපාර්ශවයටම තිලිණ ලබා දිම, වැඩිහිටියන් සදහා  දිවා ආහාර ලබා දිම හා සවස් භාගයේ සංගිත සැදැවක් පැවැත්වූනි. මෙහි දැක්වෙන්නේ නර්ථන සදහා ඉදිරිපත්වු සමෘද්ධි එන්ජල්ස් ළමා නර්තන කණ්ඩායම හා වැඩිහිටි නර්තන කණ්ඩායමයි.  

ප්‍රිති උදයසිරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

Friday, October 19, 2018

සමෘද්ධි සිප් දෙර ශිෂ්‍යත්ව දීමනාව ලබන්නන් 20,000 දක්වා ඉහලට

 අනාගත පරපුර දැනුමින්, අවබෝධයෙන් සපිරි පිරිසක් බවට පත්කරලීමට සිප්දොර ශිෂ්‍යත්වය අමිල කොටස්කරුවකු වී ඇති බවත්, එය ආර්ථික අපහසුතා මත පාසල් ගමනට තිත තැබූ දරුවන් නැවත පාසල් අධ්‍යාපනයට යොමු කරවීමට ගන්නා ලද සාර්ථක වෑයමක් බවත් සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

   සැමගේ ජීවිතයට දැක්මක් අත්‍යාවශ්‍ය බව පැවසූ අමාත්‍යවරයා ජීවිතයේ සාර්ථකත්වයට ඉල්ක්ක කර හඹා යා යුතු බවද පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අනුරාධපුර යොවුන් නිකේතනයේදී පසුගිය දා පැවති දිළිඳුකම පිටුදැකීම සඳහා මානසික සෞඛ්‍ය සම්පන්න තරුණ ප්‍රජාවකගේ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම උදෙසා පැවති ජීවිතයට දැක්මක් සම්මන්ත්‍රණය අමතමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,තරුණ ශක්තිය තමයි රටේ ශක්තිය. ඒ බව හඳුනාගත් එක්සත් ජාතික පක්ෂය, තරුණ සේවා සභාව, යොවුන් සේනාන්කය ඇතිකළා. තරුණයන්ට ගමේ නායකත්වය ගෙන කටයුතු කරන්න අපි පදනම දැම්මා. විනයක්, හික්මීමක් ඇති, ගුණගරුක තරුණ ප්‍රජාවක් ගමෙන් බිහිකිරීම අපේ අරමුණයි.

   අපේරටේ අනාගතය රටේ අධ්‍යාපනයයි. අපිට වෙන විකුණනන්න දෙයක් නැතිවෙයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ප්‍රතිඵල ලැබූ සමෘද්ධි ප්‍රතිලාභි දරුවන්ට උසස් අධ්‍යාපනය වෙනුවෙන් මූළ්‍යාධාර සැපයීමට සමෘද්ධි වැඩසටහන කටයුතු යොදා තිබෙනවා. ආර්ථික දුෂ්කරතා නිසා, උසස් අධ්‍යාපන අවස්ථා ගිලිහී යාමට ඉඩ නොදී දරුවාගේ අනාගත අධ්‍යාපනය සිප්දොර ශිෂ්‍යත්වයෙන් සුරක්ෂිත වෙනවා. මෙයින් සමෘද්ධි පවුල්වල දරුවන් වැඩි සංඛ්‍යාවකට උසස් අධ්‍යාපනවරම් හිමි කර ගැනීමට හැකිවී තිබෙනවා.

    සමෘද්ධි අමාත්‍යවරයා ලෙසට පත්ව එන විට, සිප්දොර ශිෂ්‍යත්ව හිමිකම් ලැබී තිබුණේ දසදහසක (10,000) ක පිරිසකට පමණයි.මම එය පහලොස්දහස (15,000) දක්වා වැඩි කළා. ලබන වසරේදී සිප්දොර ශිෂ්‍යත්ව සංඛ්‍යාව විසිදහසක් (20,000) දක්වා වැඩි කිරීමට මම උපදෙස් ලබාදී තිබෙනවා.
ජාතික තරුණසේවා සභාව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ජාතික සමාජ සංවර්ධන ආයතනය එක්ව මෙම සම්මන්ත්‍රනය සංවිධානය කොට තිබුණි.

  වෛද්‍ය චමින්ද සිරිවර්ධන, මහාචාර්ය දයා අමරසේකර, ජගත් කීර්තිරත්න යන මහත්වරු විසින් දේශන පවත්වන ලදී.

  සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් ශිරාණි වීරකෝන්, සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ ජනරාල් ශාමිණි අත්තනායක යන මහත්ම මහත්මීන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ. 

සමෘද්ධිලාභීන් සවිබල ගන්වන්න කඩිනමින් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 25 දක්වා ණය


  සමෘද්ධිලාභීන් සවිබල ගන්වන්න රුපියල් 25000 ක් 50000ක් දීම ප්‍රමාණවත් නැහැ. ඒ සදහා රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 25 දක්වා ණය ලබා දෙන්න කටයුතු කරනවා  යැයි සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන්  මහතා පැවසීය. 

   ඒ මහතා මෙම අදහස් පළ කළේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති  සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංහයේ මග පෙන්වීම මත සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක සමෘද්ධි සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනෙහි නිලධාරීන් ඇගයීම හා සහතික පත්‍ර ප්‍රදානයට එක් වෙමිනි.

   මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,  27000 ක්වු උගත් අත්දැකීම් වලින් පිරි සමෘද්ධි නිලධාරීන්ගෙන්  අපි මෙතෙක් ගත් ප්‍රයෝජනය කුමක්ද? මේ අයත් කාර්ය මණ්ඩලයක් නඩත්තු කරන්න වසරකට රුපියල් බිලියන 12 ක් වැය කරනවා . එහෙම නම් අපිට හිතට එකගව සතුටු වෙන්න පුලුවන්ද? මේ නිලධාරීන් දේශපාලනයට යොදා ගත්තා පමණයි. දැන් අපි නිලධාරීන් හරි පාරේ අරන් යන්න කටයුතු කරනවා.

    එක් ග්‍රාමසේවා වසමකින් දක්ෂ ව්‍යවසායකයන් 10 ක් බිහි කරන්න අවශ්‍යයි. එවිට වසරකට හොද ව්‍යවසායකයන් එක් ලක්ෂ හතලිස් දහසක් පනස් දහසක්  හදන්න පුලුවන් .මේ සදහා පළමුවෙන්ම සමෘද්ධි නිලධාරියා සවිබල ගන්වන්න අවශ්‍යයි. සමෘද්ධි නිලධාරියාට  ව්‍යාපාති වාර්තාවක් හදන්න , සමෘද්ධිලාභියාව ව්‍යාපාරයට යොමු කරන්නේ කොහොමද ඒ  ව්‍යාපාරිකයාගේ නිෂ්පාදන වෙළදපොලට ගෙන යන මාර්ගය වැනි කරුණු පිළිබද  හොද දැනුමක් තිබිය යුතුයි. මේ දැනුම සමෘද්ධි නිලධාරියාට ලබා දෙන්න වැඩ පිළිවෙල සකස් කර තිබෙන බවත් එය අනුරාධපුරෙන් ආරම්භ කළ බවත් පැවසීය.

    මට අවශ්‍ය සමෘද්ධිලාභියා මට සහනාධාරය එපා වෙනත් දිළිදු අයෙකුට දෙන්න කියල සමෘද්ධි නිලධාරියාට ගෙනත් දෙන තැනට ගේන්න. ඒ තමයි මගේ ජයග්‍රහනය. මේ සදහා මුදල් ප්‍රතිපාදන අපි හොයා ගෙන අවශ්‍ය වැඩමුලු හා පුහුණු කිරීමේ පටිපාටියක් අපි හදා ගෙන යනවා.  සමෘද්ධි සහනාධාර ලබා දීමේ 3 වන වැඩ සටහන ලබන මස අනුරාධපුරයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා.     
        
    එහෙනම් මේකෙන් ගොඩ එන්න මම දැකපු ක්‍රමය තමයි සමෘද්ධි පවුල්වල එක්කෙනෙකුට හරි උගන්වන එක. එක දරුවකු හරි ඉස්සරහට ගෙනියන මාර්ගයක් ඇති කලොත් ඒ පවුල ගොඩ දානව අනිවාර්යයයෙන්ම . ඒ සදහා තමයි සමෘද්ධි සිප් දොර ශිෂ්‍යත්වය ඇති කළේ.  10000 කුව තිබු ශිෂ්‍යත්ව ප්‍රමාණය මේ වසරේ සිට 15000 ක් කළා ලබන වසරේ 20000 ක් කරන්න බලාපොරොත්තු වෙනවා.  නොවැම්බර් මාසයේ  ලංකාව පුරා එකම දවසක මේ  ශිෂ්‍යත්ව ලබා දෙන්න සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවසීය. ලබන අප්‍රේල් මාසය වන විට ලක්ෂ 8 ක් සදහා නව සමෘද්ධි ප්‍රතිලාභී හිමිකම් ලබා දෙන බව හෙතෙම වැඩි දුරටත් සදහන්  කළේය.

    මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ශිරානි වීරක්කොඩ්, අතිරේක ලේකම් සමන් උඩවත්ත , සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි, අතිරේක ලේකම් සරත් රෑපසිංහ ,අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩබ්.එම් වන්නිනායක යන මහත්ම මහත්මීන් ඇතුළු සමෘද්ධි නිලධාරීන් එක්ව සිටියහ.

ඉමදුව කැකුළු දරුවෝ පරිසර චාරිකාවක ..............


  “ හොඳම දේ දරුවන්ටයි ”  යන තේමාව යථාර්තයක් බවට පත් කරමින් දරුවන්ගේ දැනුම , ආකල්ප, කුසලතාවලින් පරිපූර්ණ ගුණ නුවණින් යුතු අභියෝග ජයගත හැකි දරුවන් රටට දායාද කිරිම  සමෘද්ධි කැකුළු ළමා සමාජ වැඩ සටහනේ මූලික අරමුණයි.

   එවන් දුවා දරුවන්ගේ දැණුම හා කුසලතා වර්ධනය කිරිමේ අරමුණින්  ලෝක ළමා දින සැමරුමට සමගාමිව අපූර්ව පරිසර චාරිකාවක් ඉමදුව සමෘද්ධි සමාජ සංවර්ධනය අංශය සංවිධානය කොට තිබුනා. ඒ ගාල්ල උනවටුන රූමස්සල පිහිටි සෙබා කෙත පරිසර මධ්‍යස්ථානය මූලික කරගෙනයි. ඓතිහාසික වටිනාකමින් යුතු රූමස්සල පරිසර පද්ධතිය පිලිබදවත්, පරිසර විනාශය සහ පරිසරය රැක ගැනිම, සුන්දර ගාළු කොටු පවුර පිලිබද විස්තර සහ නිවැරදි ආහාර රටා පිලිබද දේශණ සහ බාහිර ක්‍රියාකාරකම් සමගින් දැණුම හා අවබෝධය ලබාදීම සිදුවිය. 

   රූමස්සල සොබා කෙත පරිසර මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරි එන්.ඒ.ජයවර්ධන මහතා සහ ප්‍රාදේශිය පරිසර නිලධාරි එන්.කේ.ඒ.  මහතා දේශණවලින් දායකත්වය දරණ ලදි.  ඉමදුව ප්‍රාදේශිය මහ ලෙකම් ලක්ෂ්මි කාන්ති මැතිණියද මෙම වැඩ සටහන පුරාවටම දරුවන් සමග රැදි සිටි අතර සමෘද්ධි මහ සංගම් අධ්‍යක්ෂ කේ.එව්.වි. ලක්ෂමන් , සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර නිශාන්ත සුදුසිංහ , ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනි ගුණසේකර යන මහත්ම  මහත්මින් ඇතුළු ළමාසමාජ උපදේශකවරුන් මේ සදහා සහභාගි විය.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක ‍
ඉමදුව

සමෘද්ධි බැංකු නිලධාරින්ට ආකල්ප සංවර්ධනයට පුහුණුවක්.


   පුත්තලම දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකුවල සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට ආකල්ප සංවර්ධනය පිලිබද පුහුණුවක් පසු ගියදා පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

   දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ සම්පත් වීරසේකර මහතාගේ අදහසකට අනුව මෙම පුහුණු වැඩ සටහන සංවිධානය කර තිබු අතර පුත්තලම  සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි  ලලිත් අශෝක මහතා විසින් දේශනය මෙහෙයවීය.

     දිනයේ වැඩි වෙලාවක්  ඒකාකාරී රාජකාරියකට  කොටුවී සිටින බැංකු නිලධාරින් ගනුදෙණු  කරුවන් හා යහපත් සන්නිවේදනයක් ගොඩ නගා ගැනීමත් ,ඒ තුලින් ගනුදෙණු කරුවාට උසස් තත්ත්වයේ සේවාවක් සැලසීම .තුලින් වර්ෂ අවසාන ඇගයීමේදී දිස්ත්‍රික්කයේ වැඩි බැංකු ප්‍රමාණයක් ඉහල ශ්‍රේණි කරා ලගා කරවීම මෙහි අරමුණ විය.

   පුත්තලම දිස්ත්‍රික්කයේ බැංකු 48 හි සේවය කරන සමෘද්ධි නිලධාරින් දෙසීයකට අදික පිරිසත් මෙම පුහුණුවට එක්ව සිටියහ.

චින්තන රත්නායක
ගමන සමෘද්ධි සන්නිවේදක
පුත්තලම.

Tuesday, October 9, 2018

සමෘද්ධි යටිතල පහසුකම් යෝජනා ස්ථානීය පරීක්ෂාවට ලක්කෙරේ


   සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන  සමෘද්ධි ප්‍රතිලාභීන් ජීවත්වන ගම්මාන වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගෝනාපීනූල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 66 මහගංගොඩ  ග්‍රාම නිලධාරී වසමමේ  පහලවෙල මාර්ගයේ සිට අංගන්කන්ද දක්වා මාර්ගය සකස් කිරීමේ යොජනාවේ ස්ථානීය  පරික්ෂාව පසුගියදා සිදු කෙරුණි.

  ගම් දෙකක් යා කරමින් පිහිටා ඇති මෙම මාර්ගය ප්‍රදේශයේ  දිළිදු ජනතාවට ඉතා පහසුවෙන් ප්‍රධාන මාර්ගයට පිවිසීමට හා ඉතා පහසුවෙන් ආසන්න නගරයේ පිහිටි වෙලද පොළ වෙත පිවීසීමට මෙන්ම ප්‍රදේශයට ආවේනික කුරුදු හා වී වගාවන්ට අවශ්‍ය පොහොර වර්ග ප්‍රවාහනය, ප්‍රමාදයකින් තොරව පාසැල් දරුවන් හට පාසැල වෙත යාමට භාවිතා කරයි.

   ඉතා ඉක්මණින් සංවර්ධනය විය යුතු මාර්ගයක් බැවින් ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි සංවර්ධනය කිරීමට යෝජනාවී ඇති මෙම මාර්ගයේ ස්ථානීය පරික්ෂාව සදහා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) එස්.ඩී.උඩවත්ත මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරී කංඩායම හා ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ දිස්නා විතානගේ මහත්මිය ,සහකාර අධ්‍යක්ෂ කල්්‍යාණි මහත්මිය ඇතුළු ගෝනාපීනූවල ප්‍රාදේශී ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙන්ම ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනාපීනූවල.

සමෘද්ධි ව්‍යවසායකයින්ට කෙටි ආහාර සැකසීමේ පුහුණුවක්


  මෘද්ධි ව්‍යවසාය සංවර්ධන වැඩසටහන යටතේ ගෝනාපීනූවල සමෘද්ධි ව්‍යාපාරික සංගමයේ සාමාජිකයින් හට කෙටි ආහාර සැකසීමේ එක් දින පුහුණු පාඨමාලාවක් 2018.10.08 දින ගෝනාපීනූවල විදාතා සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

  ගෝනාපීනූවල සමෘද්ධි ව්‍යාපාරික සංගමයේ සාමාජිකයින් 55 දෙනෙකු සහභාගී වූ මෙම පුහුණු වැඩසටහන සදහා ආහාර තාක්ෂණික උපදේශිකා පුෂ්පා චාන්දනී සෙනෙවිරත්න මහත්මිය විසින් සම්පත් දායකත්වය සපයනු ලැබූ අතර ව්‍යාපාති කළමණාකරු එච්.ජී. කමල් චන්දන මහතා විසින්  සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදි.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනාපීනූවල

Monday, October 1, 2018

සමුදෙන්න අවසරයි...


  සමෘද්ධි සං. දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරු ගණනාවක වසර 12 ආසන්න කාලයක් සේවය කරන ලද චම්පික කළුආරච්චි මහතා ජනාධිපති ජේෂ්ඨ සහකාර ලේකම් ධූරයට පත් කර ඇත. එකී තනතුරෙහි රාජකාරී භාරගැනීම උදෙසා සැප්. 29 වන දින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට සමු දුන් කළුආරච්චි මහතා අප සමග නිහමානීව කටයුතු කරන ලද නිලධාරියෙකි. 

   කළුආරච්චි මහතාණෙනි ඔබට අනාගතය ජය ගැනීමට  සුභ පැතුම් එක් කරන්නෙමු.

(උපුටා ගැනීම Samurdhi Del සමාජ ජාල පිටුවෙන්)

සතුටින් ඉන්න කියා දුන් ආදරණීය පාඩම

  තම පවුල් ඵ්කකය ආදරය, සෙනෙහස ,රැකවරණය පිරි, සොදුරු නවාතැනක් කර ගැනීමට ,බිරිඳ විසින් හා ස්වාමි පුරැෂයා විසින් අනුගමනය කළ යුතු පුංචි පුංචි කැප කිරිමි ඉතාම ලෙන්ගතුව කියා දෙන්නට ආචාර්ය විමල් දිසානායකයන් අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදී පැවති දැනුවත් කිරිමෙිදි සමත්  විය.                 

    ග්‍රාම නිලධාරී වසමි මටිටමින් කැදවා තිබූ මෙම දැනුවත් කිරිමට කාන්තාවන් පමනක් නොව පුරැෂ පක්ෂය ද සහභාගි වි සිටිම සුවිශේෂි  ලක්ෂණයක් විය. ප්‍රාදේශීය ලේකම් පුෂ්පිකා තුෂාරි ජාගොඩ මැතිනියගේ මගපෙන්විමෙන් මුලස්ථාන කලමනාකරු ටි.ජි.කේ. නන්දනි මිය ,බැංකු සමිති කලමනාකරු නිමල් වික්‍රමසිංහ මහත්මා සමාජ සංවර්ධන කලමනාකරු එච් .පි . ශ්‍රියාලතා මිය ,සමාජ  සංවර්ධන සහකාර කලමනාකරු රංජිත් මුදලිගේ මයාගේ සහයෝගයෙන් වැඩසටහන පැවැත්විණි.

සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්ම්මන

Saturday, September 15, 2018

නව සමෘද්ධි හිමිකම මාතලේ දිළිදු පවුල් වලට


   නව සමෘද්ධි සහනාධාර හිමිකමිපත් ප‍්‍රධානය ගරු අග‍්‍රාමාත්‍යතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් මාතලේ එඩිවඩ් ක‍්‍රීඩාංගනයේදී අද දින (15) පැවැතින.


Wednesday, September 12, 2018

වෙළද පියස ජංගම වෙලද කුටි ප‍්‍රදානය


  අඩු ආදායම්ලාභී සුලු ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීමේ අරමුණින් ග‍්‍රාමීය වෙළද පියස ජංගම වෙලද කුටි ප‍්‍රදානය - අනුරාධපුර ගල්නෑව මනුප හා විලචිචිය 2018.09.10

පාසැල් දරුවන්ගේ සාරධර්ම වර්ධනය සදහා සංගීතමය වැඩසටහනක් ගෝනාපීනූවල දී......


  ගෝනාපීනූවල සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලැබූ ප්‍රදේශයේ පාසැල් දරුවන්ගේ සහිත්‍ය හා සංස්කෘතිමය රසවින්දනය තුලින් හා සාරධර්ම වලින් පිරිපුන් ළමා පරපුරක් බිහිකිරිම උදසො සංගීතමය වැඩසටහනක් 2018.09.10 දින ගෝනාපීනූවල සහකාර ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුණසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

   පාසැල් ළමුන් 250 ක් පමණ සහභාගී වු මෙම වැඩසටහන සදහා ප්‍රවීණ ගුවන් විදුලි සංගීත අධ්‍යක්ෂ ජගත් වටවල මහතා, ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ සංගීත උපදේශීකා සවර්ණා වටවල මහත්මිය හා සංගීත වේදී තනුල වටවල මහතා ඇතුළු පිරිස සංගීතයෙන් , ගායනයෙන් හා දේශණ පැවැත්වීමෙන් ලමා මනසට ගෝෂාකාරී සංගීතයෙන් බැහැරව සංගීත රසවින්දනය පිලිබද මනා අවබෝධයක් ලබා දීමට කටයුතු කරන ලදි.

   ගෝනාපිනූල සමාජ සංවර්ධන සහකාර දුමින්ද විජේරත්න මහතා විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන සදහා සමෘද්ධි නිලධාරීන් ඇත්ළු කාර්යාල නිලධාරින් පිරිසක් ද සහභාගී විය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනාපීනූවල

Saturday, September 8, 2018

සමෘද්ධි නිලධාරීන්ට ජනපති ඉදිරයේ හැරිසන් ඇමතිතුමා පොරොන්දු දුන් අයුරැ

  සමෘද්ධි ය භාර ගත් කිසිදු ඇමතිවරයතු මෙහෙමත් පොරොන්දු දුන්නද. මෙි සමෘද්ධි නිලධාරීන්ට ජනපති ඉදිරයේ හැරිසන් ඇමතිතුමා පොරොන්දු දුන් අයුරැ 

Friday, September 7, 2018

අඩුආදායම් ලාභී පවුල් වෙතට නව සමෘද්ධි සහනාධාර හිමිකම්


  වසර ගණනාවකට පසු අඩුආදායම් ලාභී පවුල් වෙතට සමෘද්ධි සහනාධාර හිමිකම ලබා දීම අද දින (07) සිදුවිය. ඒ අනුව එහි සමාරම්භය පොලොන්නරුව දිස්ත‍්‍රික් ජනතාව වෙත සමෘද්ධි හිමිකමි ප‍්‍රධානය අතිගරු ජනාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පොලොන්නරුව රාජකීය විද්‍යාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විනි.