Saturday, September 15, 2018

නව සමෘද්ධි හිමිකම මාතලේ දිළිදු පවුල් වලට


   නව සමෘද්ධි සහනාධාර හිමිකමිපත් ප‍්‍රධානය ගරු අග‍්‍රාමාත්‍යතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් මාතලේ එඩිවඩ් ක‍්‍රීඩාංගනයේදී අද දින (15) පැවැතින.


Wednesday, September 12, 2018

වෙළද පියස ජංගම වෙලද කුටි ප‍්‍රදානය


  අඩු ආදායම්ලාභී සුලු ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීමේ අරමුණින් ග‍්‍රාමීය වෙළද පියස ජංගම වෙලද කුටි ප‍්‍රදානය - අනුරාධපුර ගල්නෑව මනුප හා විලචිචිය 2018.09.10

පාසැල් දරුවන්ගේ සාරධර්ම වර්ධනය සදහා සංගීතමය වැඩසටහනක් ගෝනාපීනූවල දී......


  ගෝනාපීනූවල සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලැබූ ප්‍රදේශයේ පාසැල් දරුවන්ගේ සහිත්‍ය හා සංස්කෘතිමය රසවින්දනය තුලින් හා සාරධර්ම වලින් පිරිපුන් ළමා පරපුරක් බිහිකිරිම උදසො සංගීතමය වැඩසටහනක් 2018.09.10 දින ගෝනාපීනූවල සහකාර ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුණසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

   පාසැල් ළමුන් 250 ක් පමණ සහභාගී වු මෙම වැඩසටහන සදහා ප්‍රවීණ ගුවන් විදුලි සංගීත අධ්‍යක්ෂ ජගත් වටවල මහතා, ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ සංගීත උපදේශීකා සවර්ණා වටවල මහත්මිය හා සංගීත වේදී තනුල වටවල මහතා ඇතුළු පිරිස සංගීතයෙන් , ගායනයෙන් හා දේශණ පැවැත්වීමෙන් ලමා මනසට ගෝෂාකාරී සංගීතයෙන් බැහැරව සංගීත රසවින්දනය පිලිබද මනා අවබෝධයක් ලබා දීමට කටයුතු කරන ලදි.

   ගෝනාපිනූල සමාජ සංවර්ධන සහකාර දුමින්ද විජේරත්න මහතා විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන සදහා සමෘද්ධි නිලධාරීන් ඇත්ළු කාර්යාල නිලධාරින් පිරිසක් ද සහභාගී විය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනාපීනූවල

Saturday, September 8, 2018

සමෘද්ධි නිලධාරීන්ට ජනපති ඉදිරයේ හැරිසන් ඇමතිතුමා පොරොන්දු දුන් අයුරැ

  සමෘද්ධි ය භාර ගත් කිසිදු ඇමතිවරයතු මෙහෙමත් පොරොන්දු දුන්නද. මෙි සමෘද්ධි නිලධාරීන්ට ජනපති ඉදිරයේ හැරිසන් ඇමතිතුමා පොරොන්දු දුන් අයුරැ 

Friday, September 7, 2018

අඩුආදායම් ලාභී පවුල් වෙතට නව සමෘද්ධි සහනාධාර හිමිකම්


  වසර ගණනාවකට පසු අඩුආදායම් ලාභී පවුල් වෙතට සමෘද්ධි සහනාධාර හිමිකම ලබා දීම අද දින (07) සිදුවිය. ඒ අනුව එහි සමාරම්භය පොලොන්නරුව දිස්ත‍්‍රික් ජනතාව වෙත සමෘද්ධි හිමිකමි ප‍්‍රධානය අතිගරු ජනාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පොලොන්නරුව රාජකීය විද්‍යාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විනි.

Tuesday, September 4, 2018

මේ බලාපොරොත්තුව සමෘද්ධි නිලධාරීන්ට

මේ බලාපොරොත්තුව සමෘද්ධි නිලධාරීන්ට

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සදහා වූ පුහුණු වැඩමුලුවක්


 අනුරාධපුර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සදහා වූ පුහුණු වැඩමුලුවෙක් පසුගිය 03 වන දින ගරැ අමාත්‍ය පී හැරසන් මැතිතුමාටග් ප්‍රධානත්වයෙන් සමාරම්භය සනිටුහන් කෙරිණි.

2018 සමෘද්ධි කැකුළු ළමා සමාජ ගාල්ල දිස්ත්‍රික් තරගාවලියේ ශූරතාවය වැලිවිටිය දිවිතුරට.....


  2018 වර්ෂයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ සංස්කෘතික හා සාහිත්‍ය ජාතික තරගාවලියට සමගාමීව පවත්වන ලද ගාල්ල දිස්තික් තරග පසු ගියදා ගාල්ල කලේගාන පියතිස්ස විද්‍යාලයේදි පවත්වන ලදි. මෙවර ද පසුගිය වර්ෂයේ දී මෙන්ම වයස් කාණ්ඩ 3කට තරග ශීර්ෂ 14 ක් යටතේ සව් 37 ක් පැවැත් වූ අතර ඒ සදහා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 නියෝජනය කරමින් ළමා සමාජ දරු දැරියන් 700 ට අධික පිරිසක් සහභාගී විය.

  මෙම තරගාවලියේ සමස්ත ශූරතාවය පිට පිටම සිව්වන වතාවටත් වැලිවිටිය දිවිතුර ප්‍රාෙද්්ශීය ලේකම් කොට්ටාසය විසින් දිනා ගැනීම විශේෂත්වයක් විය.ප්‍රථම ස්ථාන 3 ක් සහිතව ස්ථාන 11 ක් ලබා ගත් එම කොට්ටාසය විසින් ලකුණු හැටක් ලබා ගෙන ඇති අතර ලකුණු 57 ක් ලබා ගත් බද්දේගම ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අනු ශූරතාවය හිමි කර ගෙන ඇත. තෙවන ස්ථානයට පත් හික්කඩුව කොට්ඨාසය විසින් ලකුණු 54 ක් ලබා ගෙන තිබුණි.

  මෙවර තරගාවලියේදී නියාගම , තවලම සහ බලපිටිය කොට්ඨාස  සුවිශේෂී ප්‍රගතියක් ලබා ගෙන තිබුණු අතර සමස්ත ලංකා තරගාවලියට මුහුණ දීමට එහි දරු දැරියන් සමත් වී තිබුණි. තරගාවලිය මෙහෙයවීම සහ සංවිධානය ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අංශය විසින් සිදු කරන ලදි.

ප්‍රියන්ත කුමාර කාරියවසම්
ගාල්ල දිස්ත්‍රික් සන්නිවේදක

සමෘද්ධි ප්‍රජාව මානසිකව සවිබල ගැන්වේ


  නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රජාව මානසිකව සවිබල ගැන්වීමේ වැඩ සටහනක් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල සමෘද්ධි ශ්‍රවනාගාරයේදී පැවැත්වුණි. බලපිටිය ගා/ශ්‍රී විමලසාර විද්‍යාලීය විදුහල්පති ඒ. විජයසිරි මහතා විසින් මෙම වැඩ සටහන මෙහෙයවන ලදි. නියාගම කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන නායකයන් ඒකරාශී කර ගනිමින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කල අතර, ප්‍රාදේශීය මහ ලේකම් නිලංගි ඩයස් මහත්මියද මෙම අවස්ථාවට එක් වූ අතර, කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් කිත්සිරි මහතා සහ සමාජ සංවර්ධන සහකාර දයාල් ප්‍රියන්ත මහතා ප්‍රමුඛ සමාජ සංවර්ධන පදනම මගින් මෙය සංවිධානය කර තිබුණි.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම