Tuesday, April 24, 2018

ඉමදුව සමෘද්ධි බක්මහ අසිරිය


   සිංහල/ හින්දු අළුත් අවුරුදු උත්සවයට සමගාමිව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වාර්ෂිකව  පවත්වනු ලබන සමෘද්ධි බක්මහ උළෙල මෙවරත් අති උත්කර්ෂවත් ලෙස දිවයින පුරා පසුගිය 22 වන ඉරිදා පවත්වනු ලැබිය. දිවයින පුරා ක්‍රියාත්මක සමෘද්ධි බැංකු සංගම් 1074  තුල, අපේකම රැකගනිමු - ඉතුරුමට මග කියමු  යන තේමාව යටතේ මෙම අවුරුදු උත්සව මලාව සංවිධානය වි තිබුනි. 

   ඊට සමගාමීව ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි බක්මහ උළෙල පසුගිය ඉරිදා පවත්වනු ලැබු අතර  ආයෝජනගම, හවුපේ සහ ඉමදුව යන කලාප තුන තුල එම උත්සව සංවිධානය වි තිබුනි. එහි ප්‍රධාන උත්සවය හවුපේ කලාපයේ අගුළුගහ මහ විද්‍යාවලීය ක්‍රීඩාංගණයේදි ප්‍රදේශිය ලේකම් ලක්ෂ්මි කාන්ති මැතිණියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු අතර ඉමදුව කලාපයේ අවුරුදු උළෙල මලල්ගොඩ සිරි සීවලි විදුහලේත්  ආයෝජනගම  කහද මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදිත් පැවැත් වින. හෙළ සිරිතට විරිතට මුල් තැන දෙමින්  දේශිය ගැමි තරග රැසක් සමගින් මෙම උත්සව සංවිධානය කිරිමට  සමෘද්ධි කලමණාකරුවන් , සංවර්ධන නිලධාරින්, සමෘද්ධි ප්‍රජාමූල සමිති සමාජිකයින් සමත්වි තිබුනි. 

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

සාන්තානාපුර සමෘද්ධි කොකිල උදානයෙන් වර්ණවත් වේ


  මෘද්ධි   දෙපාර්තමේන්තුව   විසින්    දිවයින  පුරා  2018   අප්‍රේල්  මස   22 වන  දින  පැවැත්වු  සමෘද්ධි   බක්මහ උළෙලවල්හි   වෙන්නප්පුව   ප්‍රාදේශීයලේකම් කොට්ඨාසයේ   වෙන්නප්පුව   සමෘද්ධි   ප්‍රජාමූලය බැංකුව   සංවිධානය   කල  බක්මහ උළෙල  සාන්තානාපුර     සනිවැන්ඩර්ලන්  කිඩාංගනයේදි   පසුගියදා   පැවැත්වූනි .   මෙහි දැක්වෙන්නේ   එහි  සුවිශේෂ   තරගයක්  වු  සිගිති අවුරුදු කුමරිය තේරිමේ  තරගයයි.  වෙන්නප්පුව   මුලස්ථාන  පොලිස් පරිකිෂක තුමන් ප්‍රාදේශීයසභා මන්ත්‍රීතුමින් වන   චමිලා දිල්රැක්ෂිකා .  දුලක්ෂි චමෝදරි  හා ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරැන් වන  දිනේෂ්  පෙරේරා  .ශාන්ත පෙරේරා මහත්ම  මහත්මින්  තරගය   විනිශ්චය   සදහා  සහභාගි විය.  එම තරග අවස්ථාව  ගමන  කැමරා කාචයේ   සටහන්   වු  අවස්ථාවයි.

ප්‍රි්ති  උදයසිරි   ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

නයිනමඩම සමෘද්ධි කොකිල උදානය


   මුලු දිවයින පුරා සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් 2018 /04  /22  පැවැති  සමෘද්ධි  බක්මහ උළෙලවල්  වලට   සමගාමිව   වෙන්නප්පුව   ප්‍රාදේශීයලේකම් කොට්ඨාසයේ   නයිනමඩම   කලාපයේ බක්මහ  උළෙල   නයිනමඩම   සාන්තමරයා විදුහලේදි    දවස පුරා පැවැත්වුනි. ගරැ පලාත්සභා මන්ත්‍රී ටෙවින් ප්‍රනාන්දු  මැතිතුමා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී  ශවින් ප්‍රනාන්දු   ප්‍රනාන්දු   මැතිතුමා   ගමහරහා දිවිමේ තරගයේ  ආරම්භය  ලබාදෙන   අවස්ථාව හා  ගරැ  පලාත්  සභා මන්ත්‍රී   චිත්‍රලාල්  මැතිතුමා   විසින්  තැගි  ප්‍රදානය   කරන  අවස්ථාව   ගමන  කැමරා  කාචයේ   සටහන්  වුනු  ආකාරයයි.

ප්‍රි්ති  උදයසිරි   ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

පාලවිය සමෘද්ධි බක්මහ උළෙල


   පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාලවිය සමෘද්ධි බැංකුවේ කලමණාකරු ප්‍රියන්ත රණසිංහ මහතා සහ කළාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සහයෝගයෙන් සංවිධානය කල සමෘද්ධි බක්මහ උළෙල  දවස පුරා අට්ටවිල්ලුව  ගුවන්ගම ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

   එක් පසකින් පුත්තලම සිමෙන්ති කම්හලට හා අනෙක් පසින් පාලවිය ගුවන් හමුදා කදවුරට මායිම්ව පිහිටා ඇති ඉතා අලංකාර ක්‍රීඩා පිටියක පැවති මෙම බක්මහ උළෙල ජන ක්‍රීඩා රැසකින් සමන්විත විය.

   මෙම බක්මහ උළෙල පුත්තලම ප්‍රාදේශීය ලේකම් එච්.එම්. සංජීවනී හේරත් මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර පුත්තලම සමෘද්ධි බැංකු සමිති කළමණාකරු ඩී,එම්. ධර්මවීර මහතාද කොට්ඨාශයේ සියළුම සමෘද්ධි සංවර්ධන නිලධාරින් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටිහහ.

චින්තන රත්නායක
ගමන සමෘද්ධි සන්නිවේදක
පුත්තලම.

Sunday, April 22, 2018

පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි අලවි ප්‍රදර්ශනය ආනමඩුවේදී..........


  මෘද්ධි ලාභීන්ගේ ආර්ථික තත්ත්වය දියුනු කිරීම හා ඔවුන්ගේ නිෂ්පාදන වෙළද පලට හදුන්වා දීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා සමෘද්ධි දෙපාර්තුමේන්තුව විසින් රටපුරා වාර්ෂිකව සංවිධානය කරණු ලබන සමෘද්ධි සෞභාග්‍යා අලවි ප්‍රදර්ශණයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රදර්ශණය ඉකුත් 08,09,10 යන තෙදින පුරා ආනමඩුව පොල භූමියේ දී ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

   පුත්තලම දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල ක්‍රියාත්මක සමෘද්ධි ප්‍රාදේශීය ව්‍යාපාර සංගම් වල මැදිහත්වීමෙන් පාරිභෝගිකයා තෘප්තිමත් වන ආකාරයෙන් අඩුමිලක් යටතේ භාන්ඩ ලබා දීමට මෙහිදි කටයුතු කර තිබිනි. විශේෂයෙන්ම උත්සව සමයට ගැලපෙන පරිදි  විසිතුරු මල් වර්ග  සැරසිලි වර්ග ඇද ඇතිරිලි , දොර ජනෙල් තිර ‍රෙදි  වැනි නිවාස අලංකරණයට අවශ්‍ය ද්‍රව්‍ය ද  නොයෙකුත් පැකට්කල කුළු බඩු වර්ග ගෘහ භාන්ඩ  හා එදිනෙදා පාරිභෝජනයට අවශ්‍ය භාන්ඩ එකම ස්ථානයකදී මිලදී ගැනීමට මෙහිදී පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබිණි
   
  පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එන්.චිත්‍රානන්ද මහතාගේ හා වයඹ පළාත් සභාවේ සභා නායක චින්තක අමල් මායාදුන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශණයේ සමාරම්භය සනිටුහන් වු අතර පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ සම්පත් වීරසේකර මහතා ,ආනමඩුව ප්‍රාදේශීය ලේකම් තුමිය හා පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරිතුමන්ද  දිස්ත්‍රික්කයේ සියළුම සමෘද්ධි කලමණානරුවන් හා සංවර්ධන නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චින්තන රත්නායක
සමෘද්ධි ගමන සන්නිවේදක
පුත්තලම

Wednesday, April 18, 2018

රටපුරා සමෘද්ධි අවුරුදු උත්සව 1074 එකම දිනයේ දී


   ශ්‍රී ලංකා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වාර්ෂිකව සංවිධානය කරණු ලබන අළුත් අවුරුදු උත්සව මාලාවේ 2018 සිංහල දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් " සමෘද්ධි බක්මහ උළෙල " මෙම මස 22 ඉරුදින රටපුරා සමෘද්ධි ප්‍රජාමූල බැංකු පදනම් කොට පැවැත්වීමට මේ වනවිට කටයුතු සංවිධානය කොට ඇත.

     දෙපාර්තමේන්තුවේ බැංකු මූල්‍ය අංශය සහ සමාජ සංවර්ධන අංශය ඒකාබද්ධව සිදු කෙරෙන මෙම වැඩසටහන සදහා එක් අවුරුදු උත්සවයක් වෙනුවෙන් රුපියල් පනස්දහසක මුදලක් බැංකු මූල්‍ය අංශය විසින් යොදවන අතර සමෘද්ධි කාර්යමණ්ඩල සහ බැංකු පාලක මණ්ඩල සභිකයින් සිය ශක්තීන් සහ සම්බන්ධිත දායකත්වයන් විවිධ අයුරින් ලබාගෙන සියළුම අවුරුදු උත්සව ඉහළින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති බවත් ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රධාන රාජ්‍ය සහ රාජ්‍ය නොවන නිලධාරීන් මෙන්ම උනන්දුවක් දක්වන සියළුම දෙනා මේ සදහා නොමසුරුව සහය වන බවත් වාර්තා වෙයි.

    සිරිත් පරිදි මෙවරත් මෙම අවුරුදු උත්සව වැඩසටහනට සමගාමීව සමෘද්ධි බැංකු ගණුදෙනු කරුවන් වෙනුවෙන් අළුත් අවුරුදු ගණුදෙනු වැඩසටහන් අප්‍රේල් මස 16 දින සිට 25 දින දක්වා රටපුරා වසම් භාර සමෘද්ධි නිළධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය මත ගම්මාන මට්ටමෙන් ප්‍රජාමූල සංවිධාන නිලධාරීන්ගේ මැදිහත්වීම මත සිදුවන අතර මෙම කාලයේදී සමෘද්ධි බැංකුව සමග ගණුදෙනු කරන සියළුම දෙනාට වටිනා තිලිණයක් ලබාදීමට කටයුතු යොදා ඇත.

    එමෙන්ම අවුරුදු වැඩසටහනේ ප්‍රශස්තතා දක්වන සමිති නිලධාරීන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇගයීමට ලක්කිරීම සදහාද වාර්ෂිකව කටයුතු කරන බවද මෙහිදී විශේෂයෙන් සදහන් කල යුතුය.

එල්. පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

Monday, April 16, 2018

සුභ නැකතින් හිස තෙල් ගැල්වේ


   සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද පෙ.ව 10.16 ට යෙදි තිබින. එම අවස්ථාවේ හැටන් නිග්රෝධාරාම විහාරස්ථානයේ දි විහාරාධිපති මැදරට ප්‍රධාන සංඝනායක දර්ශනපති මහගම විමල නායක හමුදුරුවන්ගේ ප්‍රමුථ ස්වාමින්වහන්සේලාගේ සහභාගීත්වයෙන් සෙත් පිරිත් සජ්ජායනා කරමින් සර්ව ජාතින්ට හිසතෙල් ගැල්වීම සිදු කලහ.

චන්දන ජයවීර
සමෘද්ධි සන්නිවේදක
හැටන්

අභිමානවත්ව පෙරට............


  මේ  සුභ අවුරුද්දේ ඔබේ හිතවත් විශ්වාසනීයන් සමග ගණුදෙණු කරන්න.... දිළින්දන් රජ කරවන අභිමානයෙන් ඔබ හා රැදෙන සමෘද්ධි බැංකුව දැන් ඔබ සදහාම විවෘතයි......

    ළමා, දිරියමාතා, සාමාජික සාමාජික නොවන, කණ්ඩායම් ගිණුම් සදහා ආකර්ශණීය පොලියක් සමගින් ඔබ ඔබගේ බැංකුව මිලදී ගන්නා කොටස් සදහා ලාභාංශ වගේම ණය සදහා අඩුම ණය පොලි 
ඔබගේම බැංකුව සමෘද්ධි බැංකුව.......... 

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

Sunday, April 15, 2018

කදුකරයේ නව අවුරුදු උදාව



   ව අවුරුදු උදාවත් සමග කදුකරයේ සිංහල දමිළ ජනතාව විහාරස්ථාන හා හින්දු දේවස්ථාන වෙත පැමිණ ආගමික වතාවත් වල නිරත වන අයුරු දක්නට ලැබින.


   ඒ ඇනුව හැටන් ප්‍රදේශයේ ජනතාව හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානය වෙත පැමිණ පුද පුජා පැවැත්වීමෙන් අනතුරු මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක දර්ශනපති මහගම විමල නායක හමුදුරුවෝ සහ විහාරවාසි සාශ්ත්‍රපති ඕමන්තේ ධිරනන්ද හාමුදුරුවන් හා සමනේර හාමුදුරුවන් විසින් සෙත්පිරිත් සජ්ජායනා කර සියළු පිරිසට පිරිත් පැනි බෙදාදි පිරිත් නුල් බැද ආශිර්වාද කලහ.


   එමෙන්ම දමිල ජනතාව විහාරයටත් .එටමන්ම හින්දු කොවිල් වෙතත් පැමිණ ආගමික වතාවත් වල නිරත වන අයුරු දක්නට ලැබින.

චන්දන ජයවීර
සමෘද්ධි සන්නිවේදක
හැටන්

Saturday, April 14, 2018

වාසනාවන්ත අලුත් අවුරැද්දක් වේවා

ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරැද්ද සාමය සතුට සපිරැණු වාසනාවන්ත අලුත් අවුරැද්දක් වේවා.

Thursday, April 12, 2018

සංහිදියාවේ කොහෝ නාදය...දිඹුලාගලට..


  2018 වසරේ සංහිදියාවේ වසන්ත උදානය ජාතීන් අතර සහයෝගීතාවයෙන් මනම්පිටිය මෛත්‍රී ක්‍රිඩාංගනයේදී  අප්‍රේල් මස 7 පවත්වන ලදී. ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අනුයුක්ත සමෘද්ධි සංවර්ධන නිලධාරින් , ග්‍රාම නිලධාරින් , සංවර්ධන නිලධාරින් ප්‍රමුඛ සමස්ථ රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසී සිංහල දෙමළ සියළුම ජාතීන්ගේ සහභාගිත්වයෙන් ඉතා උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.

   කිරි කොරහා නැටීම, පොර පොල් ගැසීම , කෝලම් රටා ඇදීම ආදී සංස්කෘතික අංගද මෙහි විශේෂත්වයක් ගන්නා ලදි. ජාතීන් අතර සංහිදියාව ඇති කරලීම මෙහි අරමුණ කර ගත් අතර අවුරුදු උත්සවය නිමා වුයේ එම අරමුණ සාක්ෂාත් කරලමිනි.

එම්.පී. රංජනී ජයවර්ධන
සමෘද්ධි ගමන සංනිවේදක
දිඹුලාගල

Tuesday, April 10, 2018

සමෘද්ධියෙන් සමුගත් නිහතමානී නායකයා



   පුරා වසර  06කට වැඩි කාලයක් පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ලෙස කටයුතු කල  නාලක ප්‍රියශාන්ත මහතා එම පදවියෙන් ඉවත්වී ආපදා කලමණාකරණ අමාත්‍යතංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වීමක් ලබා  ඉකුත්දා පුත්තලමෙන් සමුගෙන ගියේය.

   එතුමාගේ පාලන කාලය තුල පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි වැඩසටහනේ උන්නතිය වෙනුවෙන් කල සේවය ඉතාම ඉහල මට්ටමක පවති. පුත්තලම දිස්ත්‍රික්කයේ සමෘද්ධි වැඩ සටහන ජාතික තලය තෙක් ඔසවා තැබීමට ඔහු කල සේවය ඉතා අගනේය. විශේෂයෙන්ම දිගන්වැව හා පුත්තලම සමෘද්ධි බැංකු ජාතික මට්ටමට ගෙන ඒමට ඔහු ලබාදුන් උපදෙස් මේ මොහොතේ ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කිරීම වටි.

   එමෙන්ම සමෘද්ධි සමාජ ආරක්ෂණ වැඩසටහන නව පෙරලියකට ලක්කරමින් මරණ වන්දි හා විවාහ දීමනා වැනිදේ එක් දිනක් තුල හෝ පැය කීපයක් තුල ගෙවීමට හැකිවීම පුත්තලම දිස්ත්‍රික්කය තුල එතුමාගේ නායකත්වය යටතේ සමෘද්ධි වැඩසටහන ලද විශාල ජයග්‍රහණයකි.

   ඔහු යටතේ සේවය කල සියළුම නිලධාරින්ට ඉතාමත් ලෙන්ගතු නායකයෙකු ලෙස කටයුතු කල අතර දිස්ත්‍රික්කය තුල සිටින දාහකට ආසන්න නිලධාරින් සෑම අයෙකුටම පාහේ නම කියා ඇමතීමට හැකි වීමද  ඔහු තුල තිබු සුවිශේෂි ලක්ෂණයකි.

   සමෘද්ධි වැඩසටහනින් සමුගෙන වෙනත් අමාත්‍යංශයක සේවයට ගියද එතුමාගේ පෞද්ගලික ජිවිතය හා රාජකාරි ජිවිතයේ කටයුතු ඉතා හොදින් සාර්ථක වේවායි පුත්තලම දිස්ත්‍රික්කයේ සියළුම සමෘද්ධි නිලධාරින් වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි.

චින්තන රත්නායක
ගමන සමෘද්ධි සන්නිවේදක
පුත්තලම

Monday, April 9, 2018

අක්මීමන සෙෘභාග්‍යා අලෙවි ප්‍රදර්ශනය සහ පොළ පින්නදුවෙිදි විවෘතවේ


  මෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙි අනුග්‍රහයෙන් ,අක්මීමන ,බෝපෙපෝද්දල ප්‍රාදේශීය ලේකම් කොටිඨාශ සංවිධාන එකමුතුවෙන් සෙෘභාග්‍යා අලෙවි ප්‍රදර්ශනය සහ පොළ අද දින (09) පින්නදුව පොළ සංකිර්ණයේදි ,සහකාර ප්‍රාදේශීය ලේකම් නිලුකා එල් .සුරියආරච්චි මැතිනියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. දිස්ත්‍රික් දිවිනැගූම අධ්‍යක්ෂ දිස්නා විතානගේ මැතිනිය නියෝජනය කරමින් දිස්ත්‍රික් ව්‍යාපෘති කලමනකරු රසිකා ජානකි මහත්මිය සහභාගි විය.

  සමෘද්ධි ව්‍යාපෘතිකරැවන් 51 දෙනෙක් විවිධ නිෂ්පාදන රැගෙන සහභාගි වු අතර ,දකුණු පලාත් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ රැහුණු රන්සළු අලෙවි කුටියක් ද විවෘත කර තිබිණ. අක්මීමන ව්‍යාපෘති කලමනකරු ඩබි .එච් .කේ. සුනිල් මහත්මා ,බෝපෙපෝද්දල ව්‍යාපෘති කලමනකරු සුනේත්‍රා මිය ,ව්‍යාපෘති සහකාර අබෙිවිකුුම මිය, සරත් මයා,සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගි විය.


කේ. ආර්. සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

බක් මහේ අසිරිය ඇරඹේ......


  ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් පැවැත්වෙන බක්මහේ අසිරිය අවුරුදු උත්සව මාලාවේ ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ගෝනාපීනූවල යෞවන සමාජ බලමංඩලය මගින් සංවිධානය කරනු ලැබු අවුරුදු උලෙළ 2018.04.07 වන දින ගොනාපීනූවල පොලිස්ථානය අසල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.


    මෙම බක්මහ උ‍ලෙළේ සමාරම්භය සදහා ගරු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමාගේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් ලහිරු අරඹවෙල මහතා,  අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන කොසල විජේවික්‍රම මැතිතුමා , එච්.එල්. ක්‍රිෂාන්ත මැතිතුමා, ගෝනාපීනූවල  ප්‍රාදේශීය මහ ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මහත්මිය ,සහකාර  ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා  ගුනසේන මහත්මිය ,ගෝනාපීනූවල පොලිස් ස්ථානාධිපති තුමා හා යෞවන සමාජ බලමංඩලය නියොජනය කරමින් එහි නිලධාරීන් හා හිටපු යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රි ශීරෝන් සාරංග මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී විය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක 
ගෝනාපීනූවල

සමෘද්ධි ‍සෞභාග්‍යා වෙළද ප්‍රදර්ශනය - ඉමදුව


   සමෘද්ධිලාභීන්ගේ ආර්ථික තත්වය ඉහල නැංවීමේ අරමුනෙන්  වාර්ෂිකව පවත්වනු ලබන  සමෘද්ධි සෞභාග්‍යා වෙළද ප්‍රදර්ශනය මෙවරත් දිවයින පුරා ක්‍රීයාත්මක වන අතර ඊට සමගාමීව ඉමදුව සහ හබරාදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවලට අදාල වෙළද ප්‍රදර්ශනය ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මී කාන්ති මෙනවියගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා (04 ) අද ආරම්භ විය. 04 සහ 05 පැවැත්වු මෙම වෙළද ප්‍රදර්ශනය සදහා ඉමදුව සහ හබරාදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල සමෘද්ධිලාභී ව්යාවසායකයින් විශාල පිරිසක් සහභාගි විය.



   සමෘද්ධි වැඩ සටහන හා සම්බන්ධ  සියළුම වව්‍යසායකයින්ගේ නිෂ්පාදනවලට ඇති ඉල්ලුම හා අලෙවි අවස්ථා පුළුල් කරලීමත්,ඔවුන් අතර අත්දැකීම් හුවමාරු කර ගැනිමට අවස්ථාව සලසාදීමත් , එම නිෂ්පාදන ප්‍රදේශිය, දිස්ත්‍රික්  සහ ජාතික මට්ටමෙන් ප්‍රචලිත කිරිම මෙම වෙළද ප්‍රදර්ශනයේ අරමුණයි.

    විශේෂයෙන් මේ වන විට කොට්ඨාශය තුල ආරම්භ කර ඇති සමෘ‍ද්ධි ප්‍රදේශිය ව්‍යාපාරික සංගමයේ මැදිහත්ව සමෘද්ධි ලාභි පවුල් සවිබලගැන්වීම පිළිබද වැඩි අවධානයක් යෙමු කරමින් පාරිභෝගික හා ව්‍යාපාරිකයන්ගේ තෘප්තිය ඉහල නැංවීම අරමුණු කර ගනිමින් මෙම වෙළද ප්රේදර්ශණය පැවැත්විමට සමෘද්ධි ව්‍යාපෘති කලමණාකරු ඉසුරු කළුආරච්චි මහතා සමත් විය.

    විසිතුරු මල් හා පැල වර්ග , නිමි ඇදුම් වර්ග ,කැවිලි වර්ග හා ආහාර වර්ග, කිරි නිෂ්පාදන ,මත්ස්‍ය නිෂ්පාදන ,ලීබඩු හා අත්කම් නිර්මාණ ඇතුළු විවිධ වර්ගයේ නිෂ්පාදන අලෙවිය සදහා ඉදිරිපත් කර තිබු අතර සමාරම්භක අවස්ථාවට ප්‍රාදේශිය  ලේකම් ලක්ෂ්මි කාන්ති , බටේමුල්ල ජාතික පාසලේ විදුහල්පති , ඉමදුව පොලිසියේ ස්ථානාධිපති, රුහුණු සංවර්ධන බැංකුවේ කලමණාකරු, සමෘද්ධි කලමණාකරුවන් සහ සංවර්ධන නිලධාරින් විශාල පිරිසක් සහභාගි විය.


නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

Friday, April 6, 2018

වැඩිහිටියන් වෙනුවෙන් අවුරුදු උත්සවයක් අලුත්වලදී.......


  කුණු පලාත්  ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මැතිතුමාගේ සංකල්පයකට අනුව දකුණු පලාත් සභාව මගින් සංවිධානය කරණු ලැබූ වැඩිහිටි සුහද හමුව හා අවුරුදු උත්සවය  ගොනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමාජ සේවා අංශය හා සංස්කෘතික අංශයේ පූර්ණ මැදිහත්වීම මත 2018.04.04 දින අලුත්වල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

   සැගවුනු අමුත්තා, රබන් තරග, කණා මුට්ටිය, විවිධ චරිත, හොදම සිනහව, හැඩීම, වැඩිහිටි අවුරුදු කුමරා/කුමරිය, ජන ගී ඇතුළු තරග ඉසව් ගණනාවක් වැඩිහිටියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙණු අතර   විකට රසාංගයක් හා පැරණි ගී රස විදින්නට පැදුරු සාජ්ජයක් ද සවස් වරුවේදී පැවැත්විනි.

    තරග ජයග්‍රකහකයන්ට වටිනා තාග්‍ය වලට අමතරව, වැඩිහිටි අවුරුදු සුහද හමුවට සහභාගී වූ සියළු වැඩිහිටියන්ට වටිනා ආයුර්වේද බෙහෙත් කට්ටල පිරිනැමීම දකුණු පළාත් ප්‍රධාන අමාතා්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා අතින් සිදු කරනු ලැබීය.

    මෙම අවස්ථාවට ගෝණාපීනුවල ප්‍රාදේශීය ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුණසේණ මහත්මිය, ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගී විය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනාපීනූවල

Wednesday, April 4, 2018

සමෘද්ධි සෞභාග්‍ය අලෙවි ප්‍රදර්ශනය ආරම්භ කෙරේ............


  ගාල්ල දිස්ත්‍රියක් සමෘද්ධි කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ  ගෝනාපීනූවල, බද්දෙගම, වැලිවිටිය දිවිතුර හා යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අදාල 2018  සමෘද්ධි සෞභාග්‍යා  අලෙවි ප්‍රදර්ශනය  බද්දේගම පොළ භූමියේදී අද දින ( 04 ) බද්දෙගම ප්‍රදේශීය මහ ලේකම් අයි. හිමාලි රත්නවීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

  අප්‍රේල් මස 04 හා 05යන දින දෙක පුරාවට පැවැත්වීමට නියමිත මෙම අලෙවි ප්‍රදර්ශනය සදහා ගෝනාපීනූවල, බද්දෙගම, වැලිවිටිය දිවිතුර හා යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් සමෘද්ධි වව්‍යසායකින් විශාල පිරිසක් සහභාගී වූ අතර ගෝනාපීනූවල කොට්ධඨාශය නියෝජනය කරමින් සාර්ථක සමෘද්ධි ව්යිවසායකයින් 18 දෙනෙකු තම නිෂ්පාදන අලෙවිය සදහා ඉදිරිපත් කරන ලදි.

   විසිතුරු මල් හා පැල වර්ග , නිමි ඇදුම් වර්ග ,කැවිලි වර්ග හා ආහාර වර්ග, කිරි නිෂ්පාදන ,මත්ස්‍ය නිෂ්පාදන ,ලීබඩු හා අත්කම් නිර්මාණ ඇතුළු විවිධ වර්ගයේ නිෂ්පාදන අලෙවිය සදහා ඉදිරිපත් කර තිබුණි.

   සමෘද්ධි වැඩසටහන හරහා වයාපාරිකයින් බවට පත්වූ මෙම පිරිස තම නිෂ්පාදන අලෙවිය සදහා ඉදිරිපත් කිරමින් පැවසුයේ ඔවුන් මෙමගින් මහත් තෘප්තියට පත්වී ඇති බවත් එමගින් ඔවුන්ගේ ආදායම් තත්වය ඉහල නංවා ගැනීමට හැකි වූ බවත්ය.

   උදෑසන 9.00 ට පමණ ආරම්භ කෙරුණු මෙම ප්‍රදර්ශණයේ සමාරම්භක උත්සවය සදහා බද්දෙගම ප්‍රදේශීය ලේකම් අයි. හිමාලි රත්නවීර මහත්මිය ,දිස්ත්‍රික් සමෘද්ධි කළමණාකරුවන් , බද්දෙගම, වැලිවිටිය දිවිතුර හා යක්කලමුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වල සියළුම මූලස්ථාණ කළමණාකරුවන් ව්‍යාපෘති කළමණා කරුවන්, සහකාර කළමණා කරුවන්, බැංකු කළමණාකරුවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු  බද්දෙගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී විය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනාපීනූවල

Tuesday, April 3, 2018

ප්‍රාදේශීය සමෘද්ධි ව්‍යාපාරික සංගමයේ තෛයි මාසික රැස්වීම පැවැත්වේ....


  ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාරික කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම හා ව්‍යාපාරික උන්නතිය සදහා පිහිටුවා ගනු ලැබූ ගෝනාපීනූවල ප්‍රාදේශීය සමෘද්ධි ව්‍යාපාරික සංගමයේ තෛයි මාසික රැස්වීම පසුගියදා ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

   සංගමයේ ගරු සභාපතිනී ආර්.කේ. චමිලා චාමරී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු මෙම රැස්වීම සදහා සංගමයේ සියළුම සාමාජිකයින් සහභාගී වී සිටින ලදි.
  
   2018.04.04  හා 05 යන දිනයන්හි බද්දෙගම මහජන සතිපොල භූමියේදී පැවැත්වීමට නියමිත සමෘද්ධි සෞභාග්‍යා අලෙවි ප්‍රදර්ශනය සදහා සාමාජියන් ව්‍යාපාරික කටයුතු සදහා ඉදිරිපත්විය යුතු ආකාරයත් ඉහල ගුණත්වයකින් යුත් තම නිෂ්පාදන අලෙවිය සදහා ඉදිරිපත් කල යුතු ආකාරයත් දර්ශණිය වෙලද කුටි සකස් විය යුතු ආකාරයත් මෙහිදී සාකච්ඡා විය.

   මේ සදහා උපදේශකත්වය හා මග පෙන්වීම සමෘද්ධි ව්‍යාපෘති කළමණාකරු එච්.ජී. කමල් චන්දන මහතා විසින් ඔවුන් වෙත නොඅඩුව ලබා දුන් අතර අලෙවි ප්‍රදර්ශණය සාර්ථක කර ගැනීම සදහා සියළුම සාමාජිකයින්ගේ කැපවීම අපේකෂා කරන බවද එම මහතා විසින් වැඩිදුරටත් ඉල්ලා සිටින ලදි.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනාපීනූවල

2018 කරන්දෙණිය සම්මේලනය


  කරන්දෙණිය සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ 2018 වාර්ෂික සම්මේලනය බැංකු සමිති ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි. කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු 03ට අයත් ග්‍රාම නිලධාරී වසම් 40ක ප්‍රජාමූල සංවිධාන 65ක සමෘද්ධි බැංකු කොටස් හිමියන් අතරින් තෝරාගත් බැංකු පාලක මණ්ඩල සභිකයින් 45ක් දෙනෙකු අතරින් 2018 වසර සදහා විධායක සභාව තෝරා ගැනීම මෙහිදී සිදුවිය.

  සමෘද්ධි වැඩසටහනට නව ඇගැයීම් ක්‍රමවේදයක් හදුන්වා දෙමින් 2017 වසරේ ක්‍රියාත්මක වූ විධායක කමිටුවේ කටයුතු සදහා එම සභිකයින්ගේ කැපවීම ඇගයීම ඇතුළුව ,වසම් මට්ටමෙන් ඉතුරුම් ප්‍රවර්ධනය, දුම්වැටි විරෝධී කොඩිදින වැඩසටහන් ප්‍රගතිය සහ සමෘද්ධි කැකුළු  ළමා සමාජ වැඩසටහනට ලබාදුන් දායකත්වය පදනම් කොට විධායක සභිකයින් සහ සමෘද්ධි නිලධාරීන් ඇගැයීම මෙහිදී සිදුවිය.

   වර්තමානයේ ක්‍රියාත්මක සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන් පිළිබඳව පිරිස දැනුවත් කිරීමටද මෙහිදී කටයුතු කල අතර බැංකු මට්ටමෙන් මූල්‍ය විශ්ලේෂණයක් සහිත ප්‍රගති වාර්තාවක් 2017 වසරේ තොරතුරු ඇසුරින් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි. ඉදිරි වසරවලදී ක්‍රමයෙන් බොල් ණය සහ කල්පසු ණය තත්ත්වයන් පාලනය කිරීම තුළින් මූල්‍ය විනයක් සහ ලාභදායක තත්ත්වයක් බැංකු 3 සහ බැංකු සමිතිය ආශ්‍රිතව අත්පත් කරගැනීමට අදි්ෂ්ඨාණශීලීව කටයුතු කරන ලෙස බැංකු සමිති කළමනාකාරිණී ශිරෝමිමාලා මහත්මිය අදහස් දක්වමින් මෙහිදී පැවසීය.

   සමෘද්ධි වැඩසටහනේ වගකීම නිවැරදිව තේරුම් ගෙන දුප්පත්කම ප්‍රජාවගේ උරුමය නොව කරුමය බව අවබෝධ කොට ගෙන තම වගකීම නිවැරදිව ඉටුකර තවදුරටත් සහනාධාර ලැබිය යුතු ජනතාව වෙත අවස්ථාව ලබාදීමට ක්‍රියාකිරීම සමෘද්ධි නිලධාරීන්ගේ යුතුකම බවත් අදදින පත්වූ විධායක සභිකයින් ඇතුළු සියලුම ගම්මාන සමිති නිලධාරීන් ඒ සදහා තම සහය ලබාදීමට ක්‍රියාකිරීම සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන සතු යුතුකම බවත් ප්‍රාදේශීය ලේකම් අයි.එස්. සමරකෝන් මහතා පැවසීය.


එල්. පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

Monday, April 2, 2018

සමුදුන් දාහතේ ප්‍රගතිය ඇගයීම


 මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 2017 වර්ෂයේ සමෘද්ධි වැඩසටහන් ප්‍රගති සමාලෝචනය පසුගියදා මුලස්ථාන කළමණාකරු එස්.එම්. දුරුතු කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන්  ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ.

  මෙම අවස්ථාවට බැංකු සමිති කළමණාකැරු සුගත් කුමාර මහතා, දියසෙන්පුර හා මණ්ඩලගිරිය සමෘද්ධි කළමණාකරුවන් වන මිල්ටන් රාපක්ෂ මහතා සහ තිලකා කුමාරි මහත්මිය ඇතුළු කේෂ්ත්‍ර සමෘද්ධි නිළධාරී මහත්ම මහත්මීන් සහභාගී වන ලදි. 

   2017 වර්ෂයේ පොළොන්නරුව පොසොන් පෙරහැර සදහා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් සමෘද්ධි නිළධාරීන් ඇගයීමටද ලක් කල අතර, 2017 වර්ෂයේ මැදිරිගිරිය කොට්ඨාශයේ සමෘද්ධි බැංකු සමිති ලැබීම් වශයෙන් රුපියල් 3344230/=ක මුදලක් වේදේහපුර වසමේ සේවය කරන සමෘද්ධී නිලධාරී ආර්.ඩි.එන්. රාජමුණි මහතා මණ්ඩලගිරිය කලාපයෙන්ද, දියසෙන්පුර කලාපයෙන් නිලන්ති ධම්මිකා මහත්මිය රුපියල් 1208413/= ක මුදලක්ද, දියසෙන්පුර කලාපයෙන් සුමිත් ප්‍රියශාන්ත මහතා 1151220/=ක මුදලක්ද වශයෙන් රැගෙන ඒම ප්‍රශංසනීය බව මූලස්ථාන කලමණාකරු මහත්මිය දැනුවත්කල අතර, පොළොන්නරුව සමෘද්ධි බැංකු 22න් මෙවර 4 වෙනි ස්ථානය මණ්ඩලගිරිය බැංකුවත්, 7 වෙනි ස්ථානය හා 10 වෙනි ස්ථානය දිවුලන්කඩවල හා දියසෙන්පුර සමෘද්ධී බැංකු හිමිකර ගැනිමද ඇගයීමට ලක් කරන ලදි. මෙම ජයග්‍රහණය කේෂ්ත්‍ර සමෘද්ධි නිලධාරීන්ගේ උනන්දුව උත්සාහය හා කැපවීමේ ප්‍රතිඵලයක ඵලයක් බවත් මූලස්ථාන කළමණාකාර මහත්මිය වැඩිදුරටත් සදහන් කරන ලදි.

වජිරා දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය