Wednesday, May 31, 2017

ඇල්පිටිය සහන වැඩ සටහන
ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් විමල් සිසිර කුමාර මහත්මාගේ අධික්ෂනය යටතේ ගං වතුරින් අවතැන් වුවන් සදහා සහන සැලසීමේ වැඩ සටහන ඉතා සාර්ථක ලෙස මේ දිනවල සියලුම නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිදුවේ. පිසු ආහාර හා අත්‍යාවශ ආහාර ද්‍රව්‍ය බෙදා දීම ඉතා කඩිනමින් සිදු කරයි.
 

ප්‍රදීප් චන්දන නානායක්කාර
සමෘද්ධි දුම්වැටි විරෝධි පළමු කොඩිය ජනාධිපතිට
   
මැයි 31 දිනට යෙදෙන ජාත්‍යන්තර දුම්වැටි විරෝධි දිනය නිමිත්තෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මුලු දිවයිනම ආවරණය වන පරිදි සංවිධානය කර තිඛෙන දුම්වැටි විරෝධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම පසු ගියදා (30) ජනාධිපති කාර්යාලයේදී සිදුවිණි.

      මෙම අවස්ථාව සදහා සමාජ සවිබලගැන්වීම්, සුබසාධන සහ උඩරට උරුමයන් පිළිබද අමාත්‍ය එස්.බී. දිසානායක මැතිතුමා, අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සෙනෙවිරත්න, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න යන මහත්වරුන් ඇතුථ පිරිසක් එක් වී සිටිහ.
සමෘද්ධි ගමන

ජාතික රූපවාහිනියේ "නොසිඳෙන දයාව ” සමඟ සමෘද්ධිය එක්වේ.
     
ගංවතුරින් විපතට පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇති සහන සේවා වැඩසටහන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ “ නොසිඳෙන දයාව ” ව්‍යාපෘතිය හා එක් වෙයි.
ඒ අනුව අවතැන් වූ ජනතාවට ලබා දීමට අපේක්ෂිත සියළුම ආධාර දිවයින පුරා පිහිටි 1074 ක් වූ ඔබට ලඟම සමෘද්ධි ප්‍රජා මූල බැංකු වෙත ගෙනවිත් භාර දෙන ලෙස සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
      සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන හා උඩරට සංවර්ධන අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් මෙම ආධාර බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි. පහත සඳහන් දේ වහාම ලඟම පිහිටි සමෘද්ධි බැංකු ශාඛාවන් වෙත පරිත්‍යාග කරන්න.
1) වියළි ආහාර 2) අළුත් ඇඳුම් 3) ළදරු ආහාර 4) බෙහෙත් ද්‍රව්‍ය 5) සනීපාරක්ෂක ද්‍රව්‍ය.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේනතුව හා ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාවේ “ නොසිඳෙන දයාව ” ව්‍යාපෘතිය සමඟ එක්ව අවතැන් ජනතාව වෙත කඩිනමින් ඔබ ලබා දෙන ද්‍රව්‍ය බෙදා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.
සමෘද්ධි ගමන

Tuesday, May 30, 2017

ගං වතුර ආපදාවේ අලුත්ම තත්ත්වය
ගංවතුර බැස යද්දී වසංගත රෝග පැතිර යාමේ අවදානමක් ඇතැයි  සෞඛ්‍ය අංශ පවසයි. 
ගමන සමුහ
ඉතුරු මට මග කියා දෙමින් නියාගමින් මුල් තැනට

          සමෘද්ධි බැංකු ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ දුප්පත් ජනතාවට ඉතිරි කිරීමේ හැකියාව පුරුදු පුහුණු කිරීමටත් ,ඒ හරහා ණය පහසුකම් ලබා දී ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමත් යන ප්‍රධාන අරමුණු පෙරදැරි කරගෙනය. ඒ අනුව දුප්පත් ජනතාවගේ මුදල් මගින් ගොඩ නැගුනු සමෘද්ධි බැංකුව අද වන විට ඔවුන් ගේ ඉතුරුම් ශක්තිය තුලින් කෝටි ගණනක මුදල් ණය වශයෙන් ලබා දී දුප්පතුන් දුප්පත් කමින් ගොඩ ගන්නා දුප්පතුන්ට ශක්තියක් වූ එකම බැංකු ව්‍යාපාරය බවට පත් ව ඇත. ඒ අනුව සෑම වසරකම බක් මාසය සමෘද්ධි බැංකු වැඩ සටහනට  සුවිශේසි  මාසයකි. මන්ද රටපුරා ඇති සෑම සමෘද්ධි බැංකුවක් හරහා සිංහල අලුත් අවුරුදු ගනුදෙනු වැඩ සටහන ප්‍රමුඛ වැඩ සටහනක් බවට පත් කර ගෙන කටයුතු කිරීම නිසාවෙනි. ඒ අනුව මෙවර අවුරුදු ගනුදෙනු වැඩ සටහන අප්‍රේල් මස 17දින සිට 23 දින දක්වා දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු  කේන්ද්‍ර කරගනිමින් පැවැත් වුණි.
      නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේද මෙය ක්‍රියාත්මක වූ අතර, වෙනත් වසර වලට වඩා ප්‍රතිලාභීන්ගේ සහ වැඩ සටහනට සම්බන්ද අඩු ආදායම් ලාභීන්ගේ දැඩි උනන්දුවක් මේ සදහා තිබෙනු දක්නට ලැබුණි. එම සතිය පුරා පැවති ගනුදෙනු වැඩ සටහන තුලින් රු.787298/=ක මුදලක් ගෙන එමින් 38 නියාගම වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී මල්ලිකා ගොඩකන්ද මහත්මිය නියාගම කොට්ඨාශයේ පලමු තැනට පත් වුණාය. ඇය මෙයට පෙරද වසර කීපයකදීම මෙවන් දක්ශතාවන් දැක්වීමට සමත් වූ නිළධාරිනියකි.
       එසේම පොරවගම දකුන වසමේ ස.සං.නී එච්.වී.ශාන්ති මල්ලිකා මහත්මිය රු.678825/=ක්, රු607450/=ක් ගෙන ආ නියාගම දකුන වසමේ ස.සං.නී මහේෂිකා කහවෙවිතාන මහත්මිය යන නිලධාරීනීන් පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන හිමි කර ගැනීමට සමත් වූවාය. එසේම පළමු ස්ථාන දහය සදහා පිළිවෙලින් මත්තක වසමේ ස.සං.නී ඉ රෝෂිකා ඩයස්මහත්මිය රු.567530/=ක්, ගොඩාමුන දකුන වසමේසසං.නී ඩබ්.එම්.සංජය නිශාන්ත මහත්මා530400/=ක්, මාරග්ගොඩ වසමේ ස. සං.නී.කුමාරි වනිගසේකර මහත්මිය 527310/=ක්, පිටිගල වසමේ ස සං. නී. ඩබ්.ටී.ලසන්ති මල්ලිකා මහත්මිය506250/=ක්, දූවේගොඩ වසමේ ස.සං.නී.කේ.ජී.රංජිත් මහත්මා458250/=ක්, වත්තහේන වසමේ ස.සං.නී. ඒ.කේ.චන්ද්‍රලතා මහත්මිය රු.431400/=ක්,මානම්පිට වසමේ වැඩ බලනසමෘද්ධි නිළධාරී කුමාරී වනිගසේකර මහත්මිය රු.360150/=ක් ගෙන එමින් අවුරුදු .තැන්පතු  ප්‍රවර්ධන සතිය සාර්ථක කර ගැනීමට සිය දායකත්වය එක් කරන ලදි. එසේම අනිකුත්නිළධාරීන්ද ලබා දී තිබූ ඉලක්කය සම්පූර්ණ කිරීමද සුවිශේසී කරුනකි.මෙම සතිය තුල නියාගම සමෘද්ධි බැංකුව එම ගනුදෙනු හරහා රු.5399125/=ක්ද, මත්තක සමෘද්ධි බැංකුව රු.1894710/=ක්ද, පිටිගල සමෘද්ධි බැංකුව රු.2699125/=ක්ද වශයෙන් ඒකරාශී කර ගැනීමට සමත් වූ අතර,රු.9849738/=ක් බැංකු තුනේම සමස්ථ එකතුව බවට පත් කර ගැනීමට සමත් වීම සුවිශේසී කරුනකි. මේ කටයුතු සදහා කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් කිත්සිරි මහතා ඇතුළු සියලු කළමණාකරුවන්, ප්‍රජා මූල සංවිධාන සමස්ථ නිළධාරීන්ගේද සහයෝගය නොඅඩුව ලැබී තිබුණි.

‍‍බී. එච්. ඒ. ප්‍රසන්න
   සමෘද්ධි සන්නිවේදක -
   නියාගම
සමෘද්ධියෙන් නෙතට එලියක්
   
 පුත්තලම ප්‍රා‍දේශිය ලේකම් කොට්ඨාශ‍යේ මනල්තිව් ග්‍රාම නිලධාරි වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි  එම්.පී.වී බාලනාදන් මහතා විසින් සංවිධානය කල ඇස් පරීක්ෂා කර නොමිලේ ඇස් කන්නාඩි ලබාදීමේ අක්ෂි සායනයක් පසුගියදා මනල්තිව් ප්‍රජා ශාලාවේදි පැවැත්විනි.

     සමෘද්ධි සමාජ සංවර්ධන පදනම හා  ප්‍රෙන්ඩ්ස් ආයතනය මේ සදහා අනුග්‍රහය  ලබාදුන් අතර ගරු අමාත්‍ය පාලිත රංගේබන්ඩාර මැතිතුමාගේ සම්බන්ධිකරන ලේකම්  කිංස්ලි ප්‍රනාන්දු මහතා  සමෘද්ධි කලමණාකාරිනි ඩබ්.එස්.එම්.කේ වාසල මහත්මිය, ආර්ථික සංවර්ධන නිලධාරි ලක්මාල් මල්ලවආරච්වි ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චින්තන රත්නායක
ගමන සන්නිවේදක -
පුත්තලම

ගං වතුරින් හානියට පත් හිනිදුම දිවිනැගුම ප්‍රජාමුල බැංකුව පිරිසිදු කෙරේ




       අයහපත් කාලගුණ තත්වය නිසා ඇතිවු ගංවතුර තත්වය නිසා උඩුගම, හිනිදුම, නෙඵව, තවලම යන ප්‍රදේශයන් දැඩි ලෙස ආපදාවට ලක්ව තිබින. එම ගංවතුර ආපදාවෙන් ගාල්ල හිනිදුම සමෘද්ධි ප්‍රජාමුල බැංකුව මුලුමනින්ම ජලයෙන් යටවීම නිසා දැඩි අලාභ හානි සිදුවිය.
       ගංවතුරට හසුවීම හේතුවෙන් හිනිදුම සමෘද්ධි ප්‍රජාමුල බැංකුවේ සියඵ ලිපි ලේඛණ විනාශයට පත්ව ඇති අතර එහි ස්ථාපිත කර තිබු පරිඝණක යන්ත්‍රද නැවත භාව්තයට ගත නොහැකි සේ විනාශයට පත්ව තිබු අතර බැංකු පරිග්‍රයට රොන් මඩ තට්ටුවකින් වැසී පැවතින.
       පත්ව ඇති ආපදා තත්වය යටතේ ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රතිලාභින්ද ආපදාවට ලක්ව ඇති අතර ඔවුන්ට කඩිනමින් සහන සැලසීමේ අරමුනින් නැවත බැංකුවේ කටයුතු ආරම්භ කිරීම සදහා බැකු පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසු ගිය දා (29) පැවැත්වින
      මෙම වැඩසටහන සදහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක් සහ බෝපෙ පෝද්දල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයක්ත සමෘද්ධි සංවර්ධන නිළධාරින් පිරිසක්ද එක්ව සිටියහ.ඔවුන් විසින් බැංකු පරිශ්‍රය සෝදා පිරිසිදු කොට යථා තත්වයට පත් කීරමට අවශ්‍ය මුලික පියවර සකස් කර අතර ගාල්ල දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ දිස්නා සමන්මලී විතානගේ මැතිනියගේ උපදෙස් අනුව මෙම වැඩසටහ ක්‍රියාවට නංවන ලදි

ඩි. ඒ. පී. සුරංජිත්
සමෘද්ධි සන්නිවේදක -
දිස්ත්‍රීක්

ගං වතුර ආපදාවේ අලුත්ම තත්ත්වය

   උත්ගත වී ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ප්‍රධාන මාර්ග කිහිපයක් වසා දමා ඇත. පෙර දී යටවී තිබු  ඇතැම් මාර්ග මේ වනවිට ගමනාගමනය සඳහා යළි විවෘත කර ඇත. 
ගමන සමුහ

Monday, May 29, 2017

අම්බලන්ගොඩ මත් නිවාරණ වැඩසටහන් මාලාවක්
     

     අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන පදනම මගින් සමෘද්ධි බැංකු තුනට අදාල ග්‍රාම නිලධාරී වසම් 36 ක  කැකුළු ළමා සමාජ වල  දූදරුවන් මත් නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. අම්බලන්ගොඩ කලාපයට අදාල දැනුවත් කිරීමේ වැඩ සටහන පසුගිය 22 වන දින හිරේවත්ත සිරි විජයාරාම විහාරස්ථානයේදී පවත්වන ලදි.                                                                          
        වැඩ සටහන මගින් දුම්පානය, මත්පෙති හා මත්ද්‍රව්‍ය භාවිතය තුලින් ළමා පරපුර විනාශය කරා යොමු වන ආකාරයත්, එමගින් ඔවුන් මුදවා ගැනීමට කටයුතු කලයුතු ආකාරය පිළිබදවත් දූ දරුවන් දැනුවත් කිරීම අරමුණු කොට අම්බලන්ගොඩ ආයුර්වේද රෝහලේ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය නිලධාරීන් වන පී.එච්.ඩී.වීරසිංහ හා එල්.ඒ.ඩී.රසිකා වසන්ති යන මහත්මීන් සහ යක්කලමුල්ල ආයුර්වේද රෝහලේ ප්‍රජා වෛද්‍ය නිළධාරී එස්.එම්.පී.පී.කුමාර මහතා විසින් දේශණ පවත්වන ලදි.
     මෙම අවස්ථාව සදහා ළමා සමාජ නියෝජනය කරමින් 200 කට ආසන්න දරු දැරියන් පිරිසක් සහභාගී වන ලදි. මෙම අවස්ථාවට සමෘද්ධි මූළස්ථාන කළමණාකරු ඩබ්.ඒ.නිහාල් චන්ද්‍රසිරි මහතා, ප්‍රජා මූල සමිති කළමණාකරු සුනිල් මල්ලියාවඩු මහතා හා වසම්භාර සමෘදධි සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් හා සමාජ සංවර්ධන නිළධාරී නෙවිල් කීර්ති ද සිල්වා මහතා ද සහභාගී විය.

ජේ.පී.රුවන් ප්‍රසාද්
  සමෘද්ධි සන්නිවේදක - 
  අම්බලන්ගොඩ


ඉමදුවටත් ගං වතුර

පසුගිය දා පැවති අයහපත් කාළගුණ තත්ත්වය යටතේ ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 17 ක පවුල් 102 ක 650 ක පමණ ජනයා පීඩාවට පත්විය. ජීවිත හානි කිසිවක් මෙම කොට්ඨාශයෙන් වාර්තා නොවු අතර නිවාස හා දේපල හානි දැක ගන්නට ලැබුනි.

     ඉමදුව ප්‍රාදේශිය මහ ලේකම් ලක්ෂ්මි කාන්ති මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ විපතට පත් ජනතාවට සහන සැලසීම ප්‍රාදේශිය ලේකම් කාර්යලීය නිළධාරින් , ග්‍රාම නිළධාරින්, සමෘද්ධි නිළධාරින් ඇතුඑ සියලු නිළධාරින්ගේ සහය ඇතුව සිදුවිය. විශේෂයෙන් කෝදගොඩ, හොරදුගොඩ, කෝඔල, ඇල්ලලගොඩ වසම් වල විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාරපාන, ඖෂධ ,පානීය ජලය ඇතුලු අත්‍යාවශ්‍ය දව්‍ය ලබාදීම බෝට්ටු මගින් සිදු කරන ලද අතර  පලමු දින පිසු ආහාර ලබාදීම ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යලීය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් කාර්යාල පරිශයේදි සිදු විය. මේ වන විට ගංවතුර තත්වය කෙමෙන් කෙමෙන්  පහව යමින් පවතින අතර විපතට පත් ජනතාවට අවශ්‍ය වියලි ආහාර දව්‍ය  එක් රැස්කිරිමේ කටයුතු හා අපිරිසිදුවි ඇති ළිං පිරිසිදු කිරි‍මේ කටයුතු ආරම්භ කර ඇත.

එන්. අයි. සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක - ඉමදුව
ඕපාත තපස්ලෙන් විහාරස්ථානයේ  පිරිසිදු කිරීමේ ශ්‍රමදාන 

     ගණේගොඩ සමෘද්ධි ප්‍රජාමූල බැංකු කළාපයට අයත් අවිත්තාව ඕපාත තපස්ලෙන් විහාරස්ථානයේ අවට පරිසරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් 2017-05-04 වන දින පැවැත්විණි. විහාරාධිපති පුජ්‍ය නාවලපිටියේ ඥාණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි වෙසක් පෝය නිමිති කරගෙන පැවැත්වුණු මෙම ශ්‍රමදාන වැඩසටහන ඕපාත ග්‍රාම නිලධාරි වසමේ දිවි නැගුම සංවර්ධන නිලධාරි මල්කාන්ති විජේක්‍රම මහත්මිය හා ඕපාත සමෘද්ධි ගම්මාන සමිති එකමුතුව විසින් සංවිධානය කරන ලදි.

උපුල් ලියනගමගේ
 ගමන විශේෂ සන්නිවේදක

Sunday, May 28, 2017

ජාතික තරුණ සේවා සභාව  අභියෝගයෙන් අභිමානයට 2017 සම්මානයෙන් සමෘද්ධි ගමන සන්නිවේදක චන්දන ජයවීර මහතා පිදුම් ලබයි

       හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි කරුවකු වන චන්දන ජයවීර මහතා 1993 වර්ෂයේදි හැටන් අරවින්ද යෞවන සමාජයේ සභාපතිවරයා ලෙස තෙරි පත්වෙමින් යෞවන සමාජ ක්ෂේත්‍ර‍ට පැමිණි ඇත. ඔහු අඹගමුව කෝරළය යෞවන සමාජ ප්‍රාදේශිය සම්මේලනයේ උප ලේකම් ,නුවරඑළිය දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ උප ලේකම් හා උප සභාපති වශයෙන් වසර කිපයක් කටයුතු කර ඇති ඔහු වසර කිපයක් නුවරඑළිය දිස්ත්‍රික් නිස්කෝ තරුණ සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ වරයෙක් ලෙසද කටයුතු කර තිබේ.
        නායකත්ව හා පෞර්ෂ වර්ධනය,සංස්කෘතික ,ක්‍රිඩා වැඩමුළු හා වැඩසටහන් වලට දායක විම හා ක්‍රියාකාරිව සංවිධානය කිරිම,තරුණ කදවුරු ,තරුණ හුවමාරු වැඩසටහන් රැසක් සදහා සහබාගී වී ඇති චන්දන ජයවීර මහතා තුරුණු ශක්ති හමුව හා තුරුණු ශක්ති සජීවි රූපවාහිනි වැඩසටහන සදහා ද සහබාගි වී තිබෙන අතර ජාතික තරුණසේවා සභාවේ නිපුනතාවය ලබා විවිධ වැඩසටහන් හා එළිමහන් ,ගෘහස්ථ සංගීත ප්‍ර‍සංග හා උත්සව අවස්ථා නිවේදකයෙකු ලෙසද කටයුතු කරයි.
   ජාතික තරුණ සේවා සභාව මෙහෙයවු උසස් ජනමාධ්‍ය ඩිප්ලෝමාවක් හැදෑරිමෙන් පසු ජනමාධ්‍ය ක්ෂේත්‍ර‍ට පැමිණ වර්ථමානයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍ර‍වෘත්ති කලාවේදියකු ලෙස කටයුතු කරමින් සිටි.
      සමාජ සේවකයෙකු ලෙස දැඩි කැපවීමෙන් කටයුතු කරන ඔහු මුළු දිවයිනටම සාම විනිසුරු වරයෙකි. හැටන් ශ්‍රිපාද විද්‍යාලිය ආදිශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික,ශ්‍රිපාද ප්‍රාථමික විද්‍යාලයේ සංවර්ධන කමිටුවේ ලේකම්.ශ්‍රිපාද මධ්‍ය මහා විද්‍යාලයේ සංවර්ධන කමිටු සමාජිකත්වය දැරිම හා හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයට අනුබද්ධ සමිති සමාගම් හා ප්‍රදේශයේ තවත් ස්වෙච්චා සංගම් සමග සම්බන්ධව ආගමික හා සමාජ මෙහෙවරක නිරතව සිටිම මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට හේතු වි තිබේ.
      සුන්දර නුවරඑළියේ ජවසම්පන්න තාරුණ්‍ය වෙනුවෙන් දිවා රෑ වෙහෙස මහන්සි වී ස්වෙච්චාවෙන් වටිනා කාලය ශ්‍ර‍මය ධනය වැය කරමින් කරනු ලැබු අනුපමය සේවය අගයමින් ජාතික තරුණ දිනයට සමගාමිව  නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ යෞවන සමාජ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිව නියැළුන පුද්ගලයින් 12 කු සදහා මෙහිදි සම්මාන ප්‍ර‍ාධනය සිදුකල අතර ඉකුත් 25 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්යා ශාලාවේදි සම්මාන ප්‍ර‍ානොත්සවය පැවැත්විය.
      නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ පහට අදාල ග්‍රාම නිලධාරි වසම් 405 ක් අතුරෙන් සම්මානයට පාත්‍ර‍වු සම්මානලාභින් සදහා සම්මාන ප්‍ර‍ධානෝත්සවයට මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එස්.බී රත්නායක,රාධාක්‍රිාශ්නන් රාජා රාම්, අතිරේක දිස්ත්‍රික් ලේකම් සරත් චන්ද්‍ර‍,නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක,ජාතික තරුණ සේවා සභාවේ නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක අජන්ත එස් විජේතිලක,යොවුන් පාර්ලිමෙන්තු මන්ත්‍රිවරු, හා යොවුන් නායක නායිකාවන් රැසක් එක්ව සිටියහ. ජාතික තරුණ සේවා සභාව  අභියෝගයෙන් අභිමානයට 2017 සම්මානයෙන් පිදුමි ලැබු චන්දන ජයවීර මහතාට සමෘද්ධි ගමන අපගේ උණුසුමි සුභ පැතුමි 
සමෘද්ධි ගමන.

මධ්‍යම කදු කරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට දැඩි වර්ෂාවක් 

        දිගුකාලක් පැවති නියගය නිමාවට පත්කරමින් පසුගිය දින කිපය තුලදි මධ්‍යම කදු කරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට දැඩි වර්ෂාවක් අදහැලින.ඊසාන දිග මෝසම් සක්‍රිය විමත් සමග ඇතිවු වර්ෂාවත් සමගම පැවති අණුසුම් තත්ත්වය පහව ගොස් සීත දෙශගුණයක්ද ඇතිවු අතර  පසුගිය දින කිපය තුල ජන ජිවිතයද බෙහෙවින් අඩාල විය.පාසල් සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පැමිණිමේ අඩුවක් මෙන්ම සාමාන්‍ය ජනතාව නගරයට පිවිසීමේ අඩුවක්ද දක්නට ලැබීය.

       ගතවු දින කිපය පුරා නොනැවති වර්ෂාව අද වැටිමත් සමග විදුලිය බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම තරමක් ඉහල ගිය අතර විමලසුරේන්ද්‍ර‍ ,කැණියොන් හා ලක්ෂපාන ජලාශ පිටාර ගැලිම හා වාන් දොරටු විවෘත්ත කිරිමට ලංකා විදුලිය බල මණ්ඩලයට සිදුවිය.ඉහල කොත්මලේ ජලාශයේද ජල මට්ටම ඉහල ගොස් තිබේ. කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 24 ක් පහතින්ද මඋස්සාකැලේ ජලාශයේ පිටාර මට්ටමේ සිට අඩි 35 ක් පහතින්ද ඊයේ (27) වන විට පවති.එමෙන්ම පසුගිය දිනවල මිලි ලීටර 100 ඉක්මවු වර්ෂාවක් ප්‍රදේශයට ලැබි තිබේ.
        එම තත්ත්වය හමුවේ හැටන් ස්ට්‍රැදන් ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටිම නිසා එම නිවසේ කොටසකට හානි සිදුවිය.හැටන් පැන්මුර් ප්‍රදේශයේ කුඩා වැවක් පිටාර ගැලිම හේතුවෙන් ඒ ආසන්නයේ පදිංචිව සිටි වතු කම්කරු පවුල් 04 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන තිබේ.
        හැටන් කොළඹ ප්‍ර‍ාධාන මාර්ගයේ දියගල හා ඒ අවට ප්‍රදේශවල  ස්ථාන කිපයක ප්‍ර‍ධාන මාර්ගයට පස් හා කුඩා ගස් කඩාවැටි තිබුනි.මස්කෙළිය  ලක්ෂපාන ප්‍ර‍ධාන මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේ මාර්ගයට ගස් කඩා වැටිම නිසා පැය කිපයක් රථවාහන ධාවනයට බාධා අතිවිය.
         පසුගිය කාලයේ වියලි ගොස් හා සාමාන්‍ය ජල මාර්ගයන් බවට පත්ව තිබු දිය ඇලි බොහෝමයක් යලි සක්‍රිය වි මනස්කාන්ත දර්ශන නිරිමාණය විය.බොහේ අවස්ථාවල ප්‍රදේශයේ ස්ථාන බොහෝමයක් ඝන මිදුමෙන් වැසි පවතින අයුරු දක්නට ලැබින.එම අවස්ථාවලදි රථවාහන ධාවනය දැඩි අසිරූ කරුණක් විය.සමස්ථයක් ලෙස ගත් කල පසුගිය අයහපත් කාලගුණය පැවති දින වලදි ප්‍රදේශයේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කලද ජිවිත හෝ මහපරිමාණ දේපල හානි කිසිවක් සිදු නොවිනි.

චන්දන ජයවීර
ගමන සන්නිවේදක - හැටන්

පුවත් අඩවිය යත්කාල කීරීමට නොහැකි වීම පිළිබද අපගේ බලවත් කණගාටුව පල කිරීම 

දැනට පවත්නා දැඩි ගං වතුර තත්ත්වය හේතුවෙන්, විදුලි බලය බලය නොමැති වීම, අන්තර්ජාල සේවා හා දුරකතන පහසුකම් නොමැති වීම, ගමන මෙහෙයුම් මැදිරිය ගං වතුරට හසු වීම හේතුවෙන් පුවත් අඩවිය යත්කාල කීරීමට නොහැකි වීම පිළිබද අපගේ බලවත් කණගාටුව පල කරමි
ගමන සංස්කාරක

Friday, May 26, 2017

රාජ්‍ය පරිපාලන සේවා විභාගය කල් යයි

ඇති වී ඇති ගංවතුර හා ආපදා තත්ත්වය හේතුවෙන් හෙට දිනයේ (27)පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය පරිපාලන සේවා විභාගය කල් දමන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා  පැවසීය.

ගමන විශේෂ

දිවයින පුරා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල ප්‍රදේශ භාර නිලධාරීන්ගේ දුරකථන අංක

කළමනාකරණ මධ්‍යස්ථානයේ 0112136226, 0112136136 සහ 0773957900
ගාල්ල - ඒ.සේදර මහතා - (0912247175/ 0771761692)
ගම්පහ - කුසුම්සිරි මහතා - (0332234142/ 0332222900/ 0771761692)
කළුතර - ක්‍රිෂාන් මහතා - (0776368763)
කොළඹ - කේ.ඒ.නන්දසිරි මහතා (0112325511/ 0112437242/ 0778819383)
මාතර - විදානගේ මහතා - (0412222284/ 0718245180)
රත්නපුර - කේ.කුමාර මහතා - (0452222233/ 0452222140/ 0714408835)
ගුවන් හමුදාවේ සහාය ලබාදීමට 0112343970
ගං වතුර ආපදාවේ අලුත්ම තත්ත්වය

වියලි ආහාර එක්රැස් කිරීමේ වැඩසටහනක්

  හානියට පත් ජනතාව සඳහා කඩිනමින් සහන සැලදීමේ පියවරක් ලෙස වියලි ආහාර එක්රැස් කිරීමේ වැඩසටහනක් හානි වාර්තා නොවන ප්‍රදේශවල සමෘද්ධි බැංකු හරහා සිදු කිරීමට ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩි. එස්. විතානගේ මැතිණිය විසින් සිය නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
      ප්‍රියන්ත කුමාර කාරියවසම්,
        දිස්ත්‍රික් සන්නිවේදක
ගං වතුර ආපදාවේ අලුත්ම තත්ත්වය

සමෘද්ධි බැංකු රැසකට අධික හානී

     වාර්තාවන අන්දමට තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිනිදුම සමෘද්ධි බැංකුව මුළු මනින්ම යටවී ඇති අතර නාගොඩ කොට්ඨාසයේ නාගොඩ බැංකුව ද යටවීමේ තර්ජනයට මුහුන පා ඇත. තවද හික්කඩුව පිංකන්ද සමෘද්ධි බැංකු ගොඩනැගිල්ලට විශාල ගසක් කඩා වැටීමෙන් බරපතල හානි සිදු වී ඇති බවද  වාර්තා වී ඇත.
   ගමන සමුහ

අධික වර්ෂාවෙන් ප්‍රදේශ රැසක් යටවේ

    මේ දිනවල නොනවත්වා ඇදහැලෙන අධික වැස්ස හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් මේ වන විට ජලයෙන් යටවී ඇත. නෙළුව, තවලම, නාගොඩ, නියාගම, බද්දේගම, ඇල්පිටිය, වැලිවිටිය සහ යක්කලමුල්ල කොට්ඨාස වලට වැඩි තර්ජනයක් මේ හේතුවෙන් ඇති වී ඇත. ගම්මාන රැසක් මේ වනවිට ගංවතුර තර්ජනයට ලක්වී ඇති අතර නිවාස රැසක් මුළු මනින්ම ජලයෙන් යටවී ඇත.

    මෙම  ප්‍රදේශවාසීන් පවසන්නේ  2003 වර්ෂයේ ඇතිවූ ගංවතුර තත්ත්වයට ආසන්න තත්ත්වයක් මතුවිය හැකි බවයි. මේ වන විට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා අදාළ දිස්ත්‍රික් ආපදා කළමනානරණ ඒකක වෙතින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දැක ගත හැකි අතර තව දුරටත් වැසි තත්ත්වය දිගින් දිගටම පැවතුන හොත් 2003 වර්ෂයේ ඇති වූ ගංවතුර තත්ත්වය අබිභවා යාහැකි බවට අනාවැකි පළකර ඇත.
මේ මොහොතේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවති රැස්වීමකිදී අනාවරණය වූයේ එම තත්ත්වය ඇතිවිය හැකි බැවින් ඒ සඳහා සුදානම් වීමට සියළුම ජනතාව අවධානයෙන් සිටියව යුතු බවයි. විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ගිං ගඟ දෙපස හා පහත් බිම්වල සිටින ජනතාව මේ වන විටත් දැනුවත් කර ඇති අතර ප්‍රාදේශීය ලේකම් වරුන් සිය නිලධාරීන් මඟින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

ප්‍රියන්ත කුමාර කාරියවසම්,
දිස්ත්‍රික් සන්නිවේදක,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
ගාල්ල.

ප්‍රාදේශ රැසක් ජලයෙන් යට වී ජන ජීවිතය අඩාලයි


       දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව නිසා ගිං ගග මේ වන විටත් පිටාර ගලා ඇති අතර ඇල්පිටිය , තවලම, නාගොඩ, නියාගම, බද්දේගම ආදී ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවී ඇත. ගිං ගග පෝශක ප්‍රදේශ වලින් ජනතාවට ඉවත් වීමට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දී ඇත. ඇල්පිටිය මාපලගම මාර්ගය කහදුව ප්‍රදේශයේ දී ජලයෙන් යටවී ඇති අතර ගමනා ගමනය අඩාල වී ඇත. මේ වන විටත් මාර්ග කිහිපයක ගමනා ගමනය සම්පුර්ණයෙන්ම අඩාල වී ඇති බව අපගේ ප්‍රාදේශිය සන්නිවේදකයන් පවසයි. 
    ගමන සමුහ

Thursday, May 25, 2017

බැංකු දැනුම ගමේ ඔබට.....

     ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් විමල් සිසිර කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ගනේගොඩ සමෘද්ධි ප්‍රජාමූල බැංකු කලමණාකරු අනුර කුමාර ලීලානන්ද මහතාගේ අදහසක් අනුව මේ දිනවල ගණේගොඩ කලාපය තුල ක්‍රියාත්මක කරනු ලබන ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාවලිය පිලිබඳදව ප්‍රජාව දැනුවත් කිරීමේ ප්‍රථම වැඩසටහන 2017/05/23 වන දින 28සී ඕමත්ත ග්‍රාම නිලධාරි වසමේ බුළුගහහන්දිය
ප්‍රජාශාලාවේදී පැවැත්විණි.
      මෙහිදී ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන කලමණාකරු එස්. විජේසිංහ මහතා විසින් මූල්‍ය සාක්ෂරතාව පිලිබදව සරලව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරන ලද අතර සමෘද්ධි බැංකු ණය තැන්පතු හා ණය ක්‍රියාවලිය පිලිබදව පැහැදිලි කිරීමක් ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරි ගයාන්
වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලදි. අංක 28 සී ඕමත්ත හා ඉහල ඕමත්ත වසම්වල ජීවත් වන විශාල පිරිසක් බැංකු ක්‍රියාවලිය පිලිබදව නොදත් බොහෝ කරුණු පිලිබදව දැනුවත් භාවය ලබා ගන්නා ලදි. 
       මේ අවස්ථාවට ගණේගොඩ සමෘද්ධි ප්‍රජාමූල බැංකු කලමණාකරු අනුර කුමාර ලිලානන්ද, ග්‍රාම නිලධාරි යු.එස්.කරුණාසේන, ආර්ථීක සංවර්ධන නිලධාරි අනුෂා ප්‍රියදර්ශනි ගනේගොඩ සමෘද්ධි ප්‍රජාමූල බැංකු ක්ෂ්‍රේත්‍ර කලමණාකරු රූපලතා විතානගේ, දිවි නැගුම සංවර්ධන නිලධාරි යු.එස්.ඒ. අශෝකා කාන්ති යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ.
    ගමෙන් ගමට යන වැඩසටහනේ මීලග වැඩසටහන ලබන මස පැවැත්වීමට ගනේගොඩ සමෘද්ධි ප්‍රජාමූල කටයුතු සංවිධානය කර ඇත. 

උපුල් ලියනගමගේ
 විශේෂාංග සන්නිවේදක

Wednesday, May 24, 2017

වැඩිම දුම්වැටි විරෝධි කොඩි අලෙවි කල නිලධාරීන්ට සහතික පත් ප්‍රධානය කෙරේ

      අප කවුරුත් නොදැනම මාරයා වෙත ගෙනයන දුම්වැටිය වෙනුවෙන් වියදම් කරන මුදල එකතු කර පුංචි පැටවුන්ට පොත් ටිකක්, සපත්තු කූට්ටමක් අරන් දෙන්න හින මවන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇගයීම පසුගියදා (19) ඛෙන්තර ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී සිදුවිණි. 2016 වර්ෂයේ දුම්වැටි විරෝධි කොඩි දිනය වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් එකතු කල සංවර්ධන නිලධාරින් සදහා සහතික පත් ප්‍රධානය කිරීම ඛෙන්තර ප්‍රාදේශිය ලේකම් වසන්ත විතානගේ මහත්මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

     සහකාර කළමණාකරු ලෙස හා පහුරුමුල්ල වසමේ වැඩ බලන ප්‍රභාත් නිශාන්ත මහවත්ත මහත්මා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වැඩිම කොඩි ආදායම එකතු කල සංවර්ධන නිලධාරියා වශයෙන් සහතික පත් ලබා ගත් අතර මෙම අවස්ථාව සදහා මුලස්ථාන කළමණාකරු කුමුදු ප්‍රියන්ති මහත්මිය, මහ සංගම් අධ්‍යක්ෂ ජගත් අස්සල ආරච්චි මහත්මා සහ සංවර්ධන නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වීය.

කේ. ඒ. මොනිකා කැලන්
 සමෘද්ධි සන්නිවේදක -
 ඛෙන්තර

සමෘද්ධි නිලධාරින්ටත් යෝග අභ්‍යාස

     දිගු කාලීනව කාර්යාල තුල සේවයේ යෙදීමෙන් මානසික ආතතිය දියවැඩියාව හා කොලොස්ට්‍රෝල් වැනි රෝගවලට ගොදුරු වීමේ ප්‍රවනතාවක් පවති. මෙම රෝග වලින් මිදීම සදහා භාවනා ක්‍රම හා නොයෙකුත් ව්‍යායාම වල යෙදීම සුදුසු බව වෛද්‍ය වරුන්ගේද මතය වී ඇත. ඒ අනුව  පුත්තලම දිස්ත්‍රීක් සමෘද්ධි අධ්‍යක්ෂ නාලක ප්‍රියශාන්ත මහතාගේ අදහසකින් සමෘද්ධි නිලධාරින්ට යෝග ව්‍යායාම සම්බන්ධව පුහුණුවක් ලබා දීමේ වැඩසටහනක් පසුගියදා පුත්තලම සමෘද්ධි බැංකු රැස්වීම් ශාලාවේදි පැවැත්විණි. 
        පුත්තලම දිස්ත්‍රික් සමාජ සංවර්ධන නිලධාරින්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ප්‍රථමයෙන් මෙම වැඩසටහන පැවැත්වු අතර යෝග ව්‍යායාම සම්බන්ධයෙන් මනා පුහුණුවක් ලබා ඇති පුත්තලම මුලස්ථාන කළමණාකරු උපුල් නයනානන්ද මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබිය.

         පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමා, සමාජ සංවර්ධන නිලධාරින් හා පුත්තලම ප්‍ර‍ාදේශිය ලේකම් කොට්ඨාශයේ  සමෘද්ධි සංවර්ධන නිලධාරින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චින්තන රත්නායක
   ගමන සන්නිවේදක  -
   පුත්තලම

නිවසක සිහිනය සැබැ කල සමෘද්ධි දිරිය පියස නිවාස භාර දීම

    නිවසක සිහිනය දකිමින් සිටි යක්කලමුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ  මාගෙදර සමෘද්ධි ප්‍රජාමුල බැංකු කලාපයේ කරාගොඩ පහල මනරම් ගමි පියසේ පදිංචි එම්. ජී. චන්දිරා රාමල්කාන්ති මහත්මියට එම සිහිනය යථාර්තක් වනු දැකීමට පසුගියදා හැකිවිණි. ඒ වසම් භාර නිලධාරි කීර්ති ලියනගේ මහත්මාගේ උත්සාහයේ සහ ප්‍රදේශ වාසීන්ගේ දායකත්වයේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ උත්සාහයේ ප්‍රතිඵලයෙන්  ලක්ෂ හතක් පමන වටිනාකමින් යුත් සමෘද්ධි දිරිය පියස නිවසක් අයට හිමිවීමය.
    මෙම නිවස භාර දෙන අවස්ථාව සදහා මුලස්ථාන කළමණාකරු යු. අනුර මහත්මා, බැංකු කළමණාකරු දයාරත්න උඩුකල මහත්මා ඇතුලු නිලධාරීන් සහභාගී විණි. සංවර්ධන නිලධාරි කීර්ති ලියනගේ මහත්මා විසින් පුටු පරිත්‍යාගයක් මෙම අවස්ථාවේ දී සිදුකෙරිණි.

ජේ. එල්. ගාමිණි
   සමෘද්ධි සන්නිවේදක  -
   යක්කලමුල්ල

අාරච්චිකට්ටුවේ අඩු ආදායම් ලාභීන් සදහා එල්.පී.ගෑස්


   ශ්‍රී ලංකාව දිළිඳුකම පිටු දැකීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන වැඩසටහන සමෘද්ධි සංවර්ධන වැඩසටහන වන අතර සමෘද්ධි වැඩසටහන සමග අත් වැල් බැද ගනිමින් ලාෆ්ස් ගෑස් සමාගම අඩු ආදායම්ලාභි පවුල් සදහා එල්.පී.ගෑස් භාවිතයට හුරු කිරීම හා භාවිතයේ ඇති වැදගත්කම පිලිබදව සමෘද්ධි නිලධාරින් දැණුවත් කිරීමේ වැඩසටහනක් (23) ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදි පවත්වන ලද අතර එය ප්‍රජා සවිය සංවර්ධන වැඩසටහන ලෙස නම්කර තිබුණි.

කුලරත්න ජයසේකර
   ගමන සන්නිවේදක -
   ආරච්චිකට්ටුව

Tuesday, May 23, 2017

තොරතුරු දැනගැනීමේ පනත ගැන ගාල්ලේ දිස්ත්‍රික් සමෘද්ධි අංශයේ නිළධාරින් දැනුවත් කෙරේ

       වර්ථාමාන රජය විසින් පොදු මහජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් යහපාලනය අර්ථ නංවමින් ජනතාව වෙත වඩාත් විනිවිද භාවයකින් යුක්තව තොරතුරු ලබා ගැනීමේ අයිතිය සුරක්ෂිත කරමින් ඉදිරිපත් කල තොරතුරු දැනගැනීමේ පනත පිළිබදව ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් හෝල් ඩී ගෝල් ශාලාවේදී අද (23) දා පැවැත්විනි.
      ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස් ටී කොඩිකාර මහතාගේ උපදෙස් අනුව සංවිධානය කල මෙම වැඩසටහන් මාලවේ තුන්වැන්න මෙය වන අතර ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා විසින් මෙම දැනුවත් කිරිමේ වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දෙන ලදි
     මේ සදහා සහභාගි වු සියඵම නිළධාරි මහත්ම මහත්මීන්ට තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධව දැනුවත් කිරීම සිදු කරන අතර ඒ තුලින් මහජනතාව වෙත සේවය සලැසීම පිලීබදවද නිළධාරින්ගේ වගකීම සම්බන්ධව අවධාරණය කරන ලදි. සහභාගී වු සැම නිළධාරියකුටම පනතේ පිටපත් ලබා දීමද මෙහිදි සිදු කරන ලද අතර ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන සියඵම නිළධාරින් දැනුවත් කිරීමද මේ සමඟ අවසන් කොට ඇත. මෙම වැඩසටහනට නිලධාරින් සියයකට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.

ඩී.ඒ.පී සුරංජිත්
 දිස්ත්‍රික් සමෘද්ධි සන්නිවේදක -
 ගාල්ල

Monday, May 22, 2017

සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා සුමදුර ධර්ම සාකච්ජාක්

      ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 73 සි කරුවලබැද්ද ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ දිවිනැගුම සංවර්ධන නිලධාරී කේ.පී. සුජීවා මල්කාන්ති මහත්මියගේ සංවිධානයෙන් කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා සුමදුර ධර්ම සාකච්ජාක් 2017.05.21 දින කරුවලබැද්ද ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.
      මෙම ධර්ම සාකච්ජාව පවත්වනු ලැබුවේ ගෝනාපීනූවල ප්‍රාදේශයේ ප්‍රවින ගිහි ධර්ම උපදේශකයෙකු වන කේ.කේ සුජීව මහත්මා විසිනි. ප්‍රතිලාභීන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා වන කාලීන ධර්ම කරුණු රාශියක් එතුමා විසින් සාකච්ජා කරනු ලැබු අතර පැය තුනක පමණ කාලයක් මෙම ධර්ම සාකච්ජා පැවැත්විණි.
     මෙම අවස්ථාවට ගෝනාපීනූවල මුලස්ථාණ කළමණාකරු ගංගා ගුරුසිංහ මිය , සමාජ සංවර්ධන සහකාර දුමින්ද විජේරත්න මයා හා ප්‍රදේශයේ ප්‍රභුන් පිරිසක්ද සහභාගි විය.

ප්‍රභාත් නිශාන්ත,
  සමෘද්ධි සංනිවේදක -
  ගෝනාපීනූවල.

Sunday, May 21, 2017

නියාගම සමෘද්ධි කැකුළු ළමා සමාජ පිහිටුවයි

      සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සමෘද්ධි ළමා සමාජ පිහිටුවීමට අදාල චක්‍රලේඛ උපදෙස් අනුව නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල සමෘද්ධි කැකුලු ළමා සමාජ පිහිටුවීම මේ දිනවල සිදු කර ගෙන යනු ලබයි. ප්‍රාදේශීය මහ ලේකම් එච්.බී.ජී. ප්‍රගීත් රසික කුමාර මැතිතුමාගේ උපදෙස් අනුව, සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මනෝරත්න මහතාගේ මග පෙන්වීම යටතේ මෙම ළමා සමාජ පිහිටුවීම සිදු  කෙරේ.   

      මේ අනුව ළමා සමාජ ලියාපදිංචිය, ළමා සමාජ ව්‍යවස්ථාව සහ සමෘද්ධි කැකුලු ළමා සමාජ සංස්කෘතික හා සාහිත්‍ය ජාතික තරගාවලි සම්බන්දව දැනුවත් කිරීම් සිදු කෙරේ. ඒ අනුව මත්තක, පොරවගම දකුන සහ අමරගම ග්‍රාම නිළධාරී වසම් වල කැකුළු  ළමා සමාජ පිහිටුවන ලදි. මේ සදහා ළමුන්ගේ දැඩි උනන්දුවක් තිබූ අතර 31බී2 අමරගම වසමෙි ළමා සමාජ පිහිටුවීම 2017/05/21 දින සිරි අමරසිරි දහම් පාසල ආශ්‍රිත ප්‍රජා ශාලාවේදී පැවැත්වුණි. දහම් පාසැල් ළමුන්ද ඒකරාශී කර ගනිමින් පැවැත්වූ මෙම වැඩ සටහනට දහම් පාසැල් ප්‍රධානාචාර්‍ය ප්‍රියන්ත ජයසිංහ මහතා ඇතුළු  ආචාර්‍ය  මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහය ලැබී තිබුණි. 
    එහිදී සමෘද්ධි කැකුළු ළමා සමාජය සදහා නව නිළධාරි  මණ්ඩලයක් ද තෝරා පත් කර ගන්නා ලදි. මේ අවස්ථාව සදහා නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරී එම්.ජී. සදමාලී  මහත්මියද සහභාගි වූ අතර ඇයද පැමින සිටි ළමුන් අමතා විශේෂ දැනුවත් කිරීමක් සිදු කළාය. සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මනෝරත්න මහතා විසින් ළමා සමාජය පිහිටුවීම සම්බන්ද සියලු කරැණු සභාවට ඉදිරිපත් කල අතර, සමෘද්ධි සංවර්ධන නිළධාරී බී.එච්.ඒ. ප්‍රසන්න මහතා මෙය සංවිධානය කර තිබුණි.
     
     
        බී.එචි.ඒ.  ප්‍රසන්න                                
        සමෘද්ධි සන්නිවේදක -
        නියාගම
හොඳම දේ දරුවන්ට....
සමෘද්ධි කැකුළු ළමා සමාජ සාහිත්‍ය හා සංස්කෘතික තරඟාවලිය මෙවරත්
        වනයේ පිපෙන මලක් වනය පමණක් සුවදවත් කර රහසේම පරව යානොදී දසත සුවඳ විහිදුවන මලක්  බවට පත් කළ හැකිනම් කෙතරම් අගනේද? එවන් වූ සහජ හැකියාවන්, කසලතාවයන් සොයා යමින් එම හැකියාවන් කුසලතාවයන් තුළින් රටක් ජය ගන්නට තරම් අවස්ථාවක් සලසා දිය හැකි නම් එය තවත් කෙතරම් අගනේද?
    
       එවැනි උත්සාහයකට මෙවරත් ඔබට අවස්ථාවක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන හා පරිසර අංශය විසින් සලසා දී ඇත. 2017 සමෘද්ධි කැකුළු සාහිත්‍ය හා සංස්කෘතික තරඟාවලිය පෙර වර්ෂවලදී මෙන්ම වයස් කාණ්ඩ 3 ක් යටතේ තරඟ ඉසව් 14 ක් ඔස්සේ සිංහල හා දෙමළ මාධ්‍යය දෙකෙන් පැවැත්වීමට තීරණය කර ඇත.

        සමෘද්ධි  කැකුළු ළමා සමාජවල සාමාජිකත්වය ඇති , සමෘද්ධි බැංකුවේ කැකුළු හෝ සිසුරක ගිණුමක් සහිත වයස අවු.7 සිට 18 දක්වා වන වයස් සහිත දුවා දරුවන්ට මේ සඳහා ඉදිරිපත් විය හැකිය.එසේම දැනටමත් ඔබ ළමා සමාජයක සාමාජිකයකු නොවේ නම් තරඟ පැවැත්වෙන කාලයට පෙර බැංකුවේ ළමා ගිණුමක් විවෘත කර ළමා සමාජයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් මේ සඳහා ඉදිරිපත් වීමට අවකාශ සලසා ගත හැකිය.

       චිත්‍ර , නැටුම් ,ජන නැටුම්, සරල ගී, ශාස්ත්‍රීය ගායනා, ජන ගායනා, කථික , නිවේදක , ළමා කතන්දර ලිවිම , කෙටි නාට්‍ය , ගද්‍ය රචනා මෙන්ම  පද්‍ය රචනා වැනි තරඟ ඉසව් සඳහා ඉදිරිපත් වීමේ හැකියාව ඇති අතර වයස 7 -10, 11-14 සහ 15-18 යන වයස් කාණ්ඩ තුනට අනුව වෙන වෙනම තරඟ ඉසව් පවත්වනු ලැබේ.

       මෙවර සමෘද්ධි බැංකු (කලාප ) මට්ටමේ තරඟ 2017.06.15 දිනට පෙරත්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් පැවැත්වෙන ප්‍රාදේශීය තරඟ 2017 ජූලි 30 දිනට පෙරත් පැවැත්වීමට සැලසුම් කර ඇත.

      සමෘද්ධි කැකුළු ළමා සමාජයේ සාමාජිකත්වය ලබා ගැනීමට ප්‍රදේශයේ ඕනෑම දරුවෙකුට අවස්ථාව සලසා දී ඇති බැවින් මේ පිළිබඳ වැඩිදුර විස්තර ඔබට, ඔබ ප්‍රදේශයේ සමෘද්ධි බැංකු කළමනාකරුගෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර නිලධාරී හමුවීමෙන් ලබා ගත හැකි වේ.

ප්‍රියන්ත කුමාර කාරියවසම්.
දිස්ත්‍රික් සන්නිවේදක - ගාල්ල

ගමට ඉතුරුම් පුරුදු කියා දී පලමු තැන දිනු මාලනී

      සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරන අඩු ආදායම් ලාභීන් ඉතුරුමට හුරු කරන අලූත් අවුරුදු ඉතුරුම් වැඩ සටහනේ 2017 වර්ෂයේ යක්කලමුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වැඩිම අලූත් අවුරුදු ගනු දෙනු සිදු කරනු ලැබුවේ එන්. ටී. මාලනී කුමාරිහාම් මහත්මියයි. ඇය කලාප සහකාර ලෙස පොල්පාගොඩ සමෘද්ධි ප්‍රජාමුල බැංකුවේ සේවය කරන අතර,  වසම් දෙදක වැඩ බලන නිලධාරිනිය ලෙස ද සිය සේවය ඉටු කරයි. 

      පසු ගිය අලූත් අවුරුදු ඉතුරුම් වැඩ සටහනට සිය වැඩ බලන වසම් දෙක වන පොල්පාගොඩ හා පොල්පාගොඩ බටහිර වසම් වලින් ඇය රු ලක්ෂ හතරකට ආසන්න අනුමත තැන්පතු සිය බැංකු සංගමයට එකතු කර දී ප්‍රදේශයේ ජනතාව ඉතුරැමට හුරැ කර ඇත. තවත් මෙවැනිම උතුම් වු ඉතුරුම් පුරුදු ප්‍රදේශයේ ජනතාවට පුරුදු කිරිමට ශක්තිය, ධෛර්ය ලැබේවායි සමෘද්ධි පවුලේ අප සැම ප්‍රර්ථනා කරමු.

ජේ. එල්. ගාමිණී
සමෘද්ධි සන්නිවේදක -
යක්කලමුල්ල

Friday, May 19, 2017

සමෘද්ධි බැංකු හා ක්ෂ්‍රේත්‍ර  නිලධාරීගේ ධාරිතා සංවර්ධනය කිරීමේ වැඩසටහනක්

       ගෝනාපීනූවල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි බැංකු හා ක්ෂ්‍රේත්‍ර නිලධාරීගේ ධාරිතා සංවර්ධනය කිරීමේ අරමුණින් එක් දින පුහුණු වැඩමුළුවක් 2017.05.19 දින (අද දින) ආරච්චිකන්ද සමෘද්ධි බැකු පරිශ්‍රයේදී පැවත්වේ.

      මෙම වැඩසටහන යටතේ සමෘද්ධි නිලධාරීන්ගේ ආකල්ප සංවර්ධනය හා පාරිභෝගික සත්කාරය, ප්‍රජාමූල බැංකුකරණය හා යහපාලනය, අභිමානවත් රාජ්‍ය සේවකයෙකු වීමේ මග හා මානව දයාවෙන් පිරුණු ලෙන්ගතු ආමන්ත්‍රණය යන මාතෘකා යටතේ දේශණ මාලාවක් පැවැතවේ.

      වැඩසටහනේ සම්පත් දායකයින් ලෙස ග්‍රාම සංවර්ධන හා පුහුණු ආයතනයේ ජේෂ්ඨ පුහුණු පර්යේෂණ නිලධාරී ප්‍රියශාන්ත කාරියවසම් මහතා, ගාල්ල දිස්ත්‍රික් දිවිනැගුම කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කපිල මාසකෝරාල මහතා, ජේෂඨ සම්බන්ධීකරණ නිලධාරී (නීතී) බිංදු රංගොඩගේ මහතා, සමෘද්ධි කළමණාකරු එස්. විජේසිංහ මහතාත් කටයුතු කරයි.

ප්‍රභාත් නිශාන්ත,
සමෘද්ධි සංනිවේදක -
ගෝනාපීනූවල.

රණවිරු උපහාර වෛදය සායනයක් කහදුවේ දී

     තිස් වසරකට අධික කාලයක් රටපුරා පැවති යුද්දය නිමා කර රටට සාමය ලබා දුන් රණවිරුවන් සමරා කහදුව පරම විසුද්ධාරාම පුරාණ මහ විහාරයේ ධර්මශාලා මංදිරයේදී රණවිරු උපහාර දැවැන්ත වෛද්‍ය සායනයක් මේ වන විට (19) ආරම්භ කර ඇත. වෛද්‍යවරුන් 40 කට අධික වෛද්‍ය කණ්ඩායමකින් හා විශාල සේවක මණ්ඩලයක් මේ වන විටත් සායන හා රසායණාගාර පරික්ෂණ සිදු කරනු ලබයි.
      සෞඛ්‍ය අමාත්‍යංශය හා ස්වර්ණවාහිණි පුරසරණි පුජා සත්කාර වැඩසටහන අනුග්‍රහයෙන් කහදුව එක්සත් සුභ සාධක සමිතිය හා කහදුව පරම විසුද්ධාරාම විහාරස්ථාන ස්චේඡ්චා සංවිධාන එකමුතුව මගින් මෙම රණවිරැ උපහාර වෛද්‍ය සායනයේ සංවිධාන කටයුතු මෙහෙවනු ලබයි.
ප්‍රදීප් චන්දන නානායක්කාර

අාරච්චිකට්ටුවේ බුදු තෙමගුල සමරා කිරි ගවයින්ට නිදහස


       ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් ඩබ්. ආර්. ඒ. එන්. එස්. විජයසිංහ මහතාගේ සංකල්පයකට අනුව කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රජා මූල බැංකු පොදු සුභ සාධක අරමුදල් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්ගේ මූල්‍ය දායකත්වයෙන් 2017 වෙසක් උත්සවයට සමගාමීව කිරි ගවයන් තිදෙනෙකු මරණින් මුදවා ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 03ක් සදහා ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා පරිත්‍යාග කිරීමේ පුන්‍ය කර්මයක් 2017.05.12 දින ආරච්චිකට්ටුව මානවේරිය දිස්ත්‍රික් සමෘද්ධි අළෙවි මධ්‍යස්ථානය අසලදි සිදුකරනු ලැබු අතර මේ සත්කාර්ය සදහා පුත්තලම දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරි හලාවත පුත්තලම දෙදිසාවේ උප අධිකරණ සංඝනායක හා මයියාව විහාර පරම්පරාවේ නායක ගරු නවදන්කුලමේ මේධානන්ද හිමිපාණන් සහ පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ එස්.ඒ. නාලක ප්‍රියශාන්ත මහතා ඇතුළු තවත් සම්භාවණීය පිරිසක්ද සහභාගී විය. එදින වෙසක් කූඩු නිර්මාණ තරගයක් සහ බැති ගී ප්‍රසංගයක්ද පැවති අතර මේ සදහා අති විශාල ජනතා සහභාගීත්වයක් හිමි විය.
       මෙම කාර්ය සංවිධානයේදි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව ආරච්චිකට්ටුව විවිධ සේවා සමූපකාර සමිතිය ප්‍රදේශයේ සියළුම විහාරස්ථාන හා දහම් පාසැල් සියළුම සමෘද්ධි නිලධාරින් ග්‍රාම නිලධාරින් ආර්ථික සංවර්ධන නිලධාරින් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්ගේද අගනා සහය හිමි වූ බව ආරච්චිකට්ටුව සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිතියේ කලමණාකාරිනි අනෝජා ආරියරත්න මෙනවිය ප්‍රකාශ කලාය. මෙහි සංවිධාන ශක්තිය සැපයූවේ සමෘද්ධි මූලස්ථාන කලමණාකාරිනී නිරුපා ප්‍රනාන්දු මෙනවියයි.

කුලරත්න ජයසේකර
ගමන සන්නිවේදක -
ආරච්චිකට්ටුව

Thursday, May 18, 2017

වෙසක් සතිය නිමිත්තෙන් අඩු ආදායම්ලාභීන්ට වියලි ආහාර මල්ලක්
     වෙසක් සතියට සමගාමිව ගෝනාපිනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමයේ අදහසකට අනුව දිවිනැගුම සංවර්ධන අංශය මගින් ක්‍රියාත්මක කල කොට්ඨාශයේ අඩු ආදායම් ලාභින්ට රුපියල් 1,500 ක් වටිනා වියලි ආහාර මල්ලක් ප්‍රධානය කිරිමේ වැඩසටහනක් 2017.05.15 දින ගෝනාපිනුවල වැඩ බලන ප්‍රාදේශීය ලේකම් අයි. හිමාලි රත්නවිර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුණසේණ මහත්මිය ඇතුළු සියලුම මාංඩලික නිලධාරින් හා කර්යාල නිලධාරින් සහභාගි විය. මෙම වැඩ සටහන සදහා ගෝනාපීනූවල සමාජ සංවර්ධන සහකාර දුමින්ද විජේරත්න මහතා විසින් ක්‍රියාකාරී දායකත්වය සපයන ලදි.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සංනිවේදක -
ගෝනාපීනූවල
වෙසක් බැති ගී සරණියේ පළමු තැන බෝපෙ පෝද්දල ට

  තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ගේ උත්තම වු ගුණ වරුණාව ගැයීම වස් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කල වෙසක් බොදු බැති ගී සරණිය පසු ගිය දා (11) ගාල්ල දුම්රිය අංගනයේ දී පැවැත්විණි. මෙම බැති ගී සරණියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බෝපෙ පෝද්දල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය බැති ගී කණ්ඩායම සමත්විණි. 
විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමගේ          ප්‍රධානත්වයෙන් ආරම්භ වු බැති ගී සරණිය දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මැතිතුමාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය බෞද්ධ ආගමික අංශය සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාව සදහා බෝපේ පෝද්දල ප්‍රාදේශිය ලේකම් ලලින්ද ගමගේ, ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් ඩබ්ලිවි. එස් සත්‍යානන්ද මහත්වරුන් ඇතුලූ විශාල ආරධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. බැති ගී සරණිය නැරබීම සදහා විශාල පිරිසක් එක් වී සිටින අයුරු දැක ගත හැකි විණී.

සරත් පලිහපිටිය ගමගේ
සමෘද්ධි සන්නිවේදක -
බෝපේ පෝද්දල