Friday, December 29, 2017

කැකුළු ප්‍රවර්ධන ඇගයීම


    කරන්දෙනිය කොට්ඨාශයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ සාමාජික ප්‍රවර්ධන සහ ඇගයීම් උළෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ප්‍රාදේශීය ලේකම් අයි.එස්. සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. මෙහිදී 2017 වසර පුරාවට ළමාවිය සංවර්ධන වැඩසටහන් ග්‍රාම නිළධාරී වසම් සහ බැංකු මට්ටමින් ක්‍රියාත්මක කරන ලද අතර එම වැඩසටහන් ඇසුරේ මෙම ඇගැයුම් උළෙල සංවිධානය කොට තිබිණ.

01.බැංකු මූල්‍ය අංශය මගින් 2017 ජාත්‍යන්තර ළමා දිනය ඉලක්ක කොට පවත්වන ලද කැකුළු ළමා ගිණුම් තැන්පත් ප්‍රවර්ධන වැඩසටහනේ ඉලක්ක සපිරූ දරුවන් වෙත ත්‍යාග ප්‍රධානය 

02.සමෘද්ධි කැකුළු සාහිත්‍යය හා සංසංස්කෘතික තරගාවලියේ කලාප / ප්‍රාදේශීය / දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය කිරීම 

03.2017 ළමා තරගාවලියේදී අගුලුගල්ල වසමේ ප්‍රභාත් නිම්සර විසින් ළමා කතන්දර නිර්මාණ තරගය සදහා රචිත කතා කරන්න බැරි හින්දා ළමා කතාව එම තරගාවලියේ චිත්‍ර අංශයේ ජයග්‍රාහී සදලි හංසිකා ජයවර්ධන දියණියගේ චිත්‍ර වලින් හැඩගන්වා පොතක් ලෙස එලිදැක්වීම

    කතන්දර පොත පිලිබඳ හැදින්වීමේ දේශනය ප්‍රාදේශීය ලේකම්තුමා පැවැත්වූ අතර ජාතික සාහිත්‍යය සහ බුදුදහමේ අනන්‍යතාව වෙනුවෙන් ළමා සමාජ කාර්යභාරය මැයෙන් දේශනය විචිත්‍ර ධර්ම දේශක පූජ්‍ය පණ්ඩිත පිටිගල ධම්මවිනීත හිමියන් විසින් පවත්වන ලදි.

    අවස්ථානුකූලව දරුවන්ගේ දක්ෂතාද ඉදිරිපත් කරමින් පැවැත්වූ මෙම උත්සව අවස්ථාවට කරන්දෙනිය සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ටී.එස්. චන්දිමා මහත්මිය සමග සියළුම සමෘද්ධි කළමණාකරුවන් සහ නිලධාරීන්ද, දෙමාපියන් විශාල පිරිසක්ද සහභාගී වූහ.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දේණිය

Thursday, December 28, 2017

දුගී බව තුරන්කරන්න තරුණ ශක්තිය සමෘද්ධියට


   දිළිදුකම තුරන් කිරිමේ ඒකායන අධිෂ්ඨානයෙන් පිහිටුවනු ලැබු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ තිරස්ථායි බව පිළිබිබු කරමින් බදවා ගන්නා ලද නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ක්ෂේත්‍රගත පුහුණුවකට යොමු කිරීම සදහා දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා (27) මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය සමෘද්ධි මූලස්ථානයේදී මූලස්ථාන කළමණාකරු එස්.එම්. දුරුතු කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

   කොට්ඨාශය තුල පවතින සමෘද්ධි නිලධාරී පුරප්පාඩු වසම් වල ක්ෂේත්‍ර පුහුණුවිම් සදහා යොදවන අතර සමෘද්ධි වැඩසටහන පිලිබද පරිනත දැනුමක් ඇති සමෘද්ධි නිලධාරින්ගේ සහයෝගය මේ සදහා ලබා ගන්නා බවත්, එක් නිලධාරියෙක් තෝරා ගන්නා ලද තම ගම්ගොඩැල්ලේ අඩු ආදායම්ලාභි පවුල් 05ක් තෝරාගෙන ඔවුන්ගේ ශක්තීන් දුර්වලතා අවස්ථා හදුනාගෙන ඔවුන් මුහුණපා ඇති තර්ජන වලින් මුදවා ගැනීම සදහා නිලධාරී ස්වරූපයෙන් ඔබ්බට ගොස් මැදිහත් කරුවකුගේ ස්වරූපයෙන් පවුල් සංවර්ධන සැලසුම් 05ක් සහ එම ඉලක්ක සපුරා ගැනීම සදහා ඔවුන්ගේ සැගවුනු කුසලතා දක්ෂතා, සම්පත් උපයේගී කරගෙන ව්‍යාපෘති වාර්ථා 15ක් සෑදීම මෙම නිලධාරින්ගේ ප්‍රයෝගික අභ්‍යාස වන බවත්, මෙයට අමතරව කුඩා කණ්ඩායම් ක්‍රියාවලිය, කාර්යාල ක්‍රිම පිලිබදවද මනා දැනුමක් ලබා ගැනිමට සැලැස්වීම මෙම ක්ෂේත්‍රගත පුහුණු සැසියේදී අපේක්ෂාව බව මූලස්ථාන කලමණාකරු එස්.එම්. දුරුතු කුමාරි මහත්මිය සමෘද්ධි ගමනට අදහස් දක්වමින් කියා සිටියේය.

සටහන -
එම්.පි. වජිරා දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක - මැදිරිගිරිය
සේයාරූ -
ඩි.එම්.පි.කේ. දිසානායක

Wednesday, December 27, 2017

ප්‍රජා සංවිධාන පිළබඳව සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට දැනුම


   හික්කඩුව  ප්‍රාදේශිය ලේකම් මුලස්ථාන සමෘද්ධි අංශය මගින් සංවිධානය කල ප්‍රජා සංවිධාන පිළබඳව සමෘද්ධි සංවර්ධන නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගිය 15 දින හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී කේ.එච්. ගොතික් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ පි.එච්. ධම්මික වජේරත්න, එච්.බිජි. අනුර, එස්.ඩබ්. විජේසිංහ මහත්ම මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
   
   ග්‍රාම නිලධාරි වසම් 97 නිලධාරින් ද මේ සදහා සහභාගිවිය. මෙහි සම්පත් දායකත්වය දැක්වු  නිලධාරින් විසින් ප්‍රජා මුල්‍ය සංව්ධානය පිහිටවිම සම්බන්ධව හා එහි ගිණුම් ක්‍රියාවලිය සම්බන්ධව දැනුම ලබා දෙන ලදී.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

වටදාගෙයට නව ජීවයක්....

වන සම්පත සුරකින්න රාජ්‍ය  නිලධාරීන් පෙරමුණේ 

   ග්බෝ නිරිදුන්ගෙන් පහසලත් ඓතිහාසික මැදිරිගිරිය වටදාගෙය එදා වන ගහණයෙන් පෝෂණය වි තිබුණා. මැදිරිගිරියට  විවිධ ප්‍රදේශ වලින් සංක්‍රමණය වු මිනිසුන් වටදාගෙය තම හදවත මෙන් ආරක්ෂා කරගෙන වන්දනාමාන කරගෙන ඉතා සතුටින් ජිවනෝපාය කරගෙන ගියා. මැදිරිගිරිය වටදාගෙය මැදිරිගිරියට පමණක් නොව මුළු මහත් රටටම වටිනා වස්තුවක්. එදා ගොවිතැන් කටයුතු කල අපේ ගොවි මහතුන්ට සතා සිවුපාවන්ගෙන් විවිධ වූ හානි සිදුඋනා. සර්පයන් වැනි සතුන් දෂ්ඨ කිරිමේදී ගමේ සිටිය අපේ සිංහල වෙදකමේ හොද දක්ෂ වෙද මහත්තයෙක් වන බුරුත වෙද මහතා නමින් විරුදාවලිය ලත් යු.බි. දිසානායක වෙද මහත්තයා බෙහෙත් සොයා ගත්තේ මේ වටදාගෙය භුමියෙන්.

     2017.12.23 දින මැදිරිගිරිය වටදාගෙය භුමියේ වන සංරක්ෂණ වැඩසටහනට වැඩමකල මණ්ඩලගිරිය විහාරාධිපති මොරගොල්ලාගම සිවලි ස්වාමින් වහන්සේ මේ බව පැමිණ සිටි රාජ්‍ය නිලධාරින් අමතා අනුශාසණා කරන ලදි. වැඩිදුරටත් ස්වාමින් වහන්සේ අනුශාසනා කලේ මෙවැනි රුක් රෝපණ වැඩසටහන් මෙයට පෙරදීද කල බවත් පසු විපරමක් සිදු නොවිමෙන්  ඒවා විනාශවී ගොස් ඇති අතර අද දින රෝපනය කරන ඇහැල ගස ඉතා වටිනා ශාකයක් වන බවයි. විදේශ රට වලින් ගෙනෙන ශාක අද රටට විපරියාසයක් වී ඇති බැවින් අපේ දේශිය පරිසර හිතකාමී ගස් වැල් වලට මුල් තැනදී කටයුතු කිරීම ඉතාමත්ම වටිනා බවයි.

   මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් සි.එම්. කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රුක්රෝපණ වැඩසටහන සදහා සැලසුම් අධ්‍යක්ෂක තුමිය ඇතුළු සමෘද්ධි සංවර්ධන නිලධාරී, ග්‍රාම   නිලධාරී, සංවර්ධන නිලධාරී මහත්ම මහත්මින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවක මහත්ම මහත්මීන් සහභාගිවී සිටි අතර ඇහැල පැල 100ක් වටදාගෙය භූමිය තුල රෝපණය කරන ලදි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

Tuesday, December 26, 2017

මතින් තොර ගමක් සඳහා...


   රණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අරණායක ළමා සමාජ 58ක් මේ වන විට ලියාපදිංචි වී ඇත. එම ළමා සමාජවල සභාපති ලේකම්වරුන් සහභාගිකර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දරුවන්ට කලහැකි වෙනස පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2017.12.22 දින ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ රැස්විම් ශාලාවේදී මූලස්ථාන කළමණාකරු පී.ජී. අනුලාවතී මහත්මියගේ, සමාජ සේවා නිලධාරි ජේ.යූ. උඩගෙදර මහතාගේ හා සමාජ සංවර්ධන සහකාර එස්.ඒ.අයි.සුරවීර මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදි. එම අවස්ථාවේ ගමන කැමරා කාචයේ රැදි දසුන්.

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

Tuesday, December 19, 2017

ගාල්ල දිස්ත්‍රික්යේ වයවසායකන් බලගැන්විමේ විශිෂ්ඨයා හික්කඩුව ප්‍රා. ලේ. කොට්ඨාශය

    ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය විසින් සංවිධානය කරන ලද සමෘද්ධි අහිමාණි උදුවප්දැක්ම අලෙවි ප්‍රදර්ශණය 2017.12.14 ,15 දිනයන් තුල ගාල්ල ක්‍රිඩා මණ්ඩප පරිශ්‍රයේදී පැවත්විය.

    මේ සඳහා ගාල්ල දිස්ත්‍රිත් ලේකම් එස්.ටි. කොඩිකාර මැතිතුමන්ගේ උපදේශකත්වයෙන් හා ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ දිස්නා විතානගේ මිය, ගාල්ල කඩවත් සතර ප්‍රාදේශියය ලේකම හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ වැඩබලන ඩබ්.එස්. සතයානන්ද මහතාද සමන් ජයසේකර මහතාද අැතුළු ගාල්ල දිස්ත්‍රික්කය පුරා විසිරි සිටින සමෘදධි ව්‍යාපාරය හරහා  වයවසායකත්වයට පත්වු විශාල පිරිසක්  මෙම වෙළඳ ප්‍රදර්ශනයට විසිතුරු මල්පැල, නෙට් හා තිර රෙදි  නිම් අැඳුම් පැණි වලලුු බිම්මල්  හැන්බැග්ස් වර්ග, විසිතුරු මසුන්, කැවිලි වර්ග හා වසවිස නැති අාහාර ඉතාමත්පහසු මිලට ගැනිම මෙම වෙලඳපොලින්   ලබාගත හැකිවිය. 

   මෙහිදි ගාල්ල දිස්ත්‍රික්යේ  හොඳම වයවසාකයන් බලගැන්විම විශිෂ්ඨ හික්කඩුව ප්‍රාදේශිය ලේකම්  කොටඨාශයට ලැබිම ද  දිස්ත්‍රික්යේ හොඳම වයවසායකයන්ගේ දිස්ත්‍රික් දෙවැනි ස්ථානය නදිශානි කුරුප්පු අාරච්ච්ටද ගාල්ල දිස්ත්ක්කයේ තුන්වැනි ස්ථානය මල්වගාව හා පැල තවාන් සදහා  පියවති ද සොයිසා මහත්මින්ට හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ලැබිම භාගයක් ලෙස සතුටින් දැන්විය. 

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

හිසට සෙවනක් හිතට නිවනක්


  2017 දිරිය පියස නිවාස වැඩසටහන යටතේ අසරණ පවුල් සඳහා නිවාස 02 කට සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමෙන්තුව මගින් රු.300000/- ක මුදලක් වෙන්කරන ලදි. ඒ අනූව නිවාස දෙකක් තෝරාගත් අතර, රහල වසම - යූ.ජී. මාටින් මහත්මා වෙනුවෙන් ඉදි වූ නිවසේ පවුලේ සාමාජිකයින් 04ක් වූ අතර එයින් දරුවන් දෙදෙනක් ආබාධිත අය වේ. මාටින් මහතාද වයෝවෘද්ධ තත්ත්වයෙන් පසුවන අතර වයස අවුරුදු 74ක් පමණ වේ. 

   සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මඟින් රු.150000/- ආධාර ලබා දෙමින් ධනපතියන්ගේ හා ගම්වාසින්ගේ අනුග්‍රහයෙන් රු.750000/- පමණ වටිනා නිවසක් නිමකර ඇති අතර 2017.12.18 දින ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ්.ඒ.එම්. ෆයිසල් මහත්මාගේ හා කළමණාකාර අධ්‍යක්ෂ බී.ජී. ලකී බෙන්හර්  මහත්මා, මූලස්ථාන කළමණාකරු පී.ජී.අනුලාවතී මහත්මිය ,හකුරුගම්මන සමෘද්ධි බැංකු සංගමයේ කළමණාකරු සෙනවිරත්න මහත්මාගේ හා සමාජ සංවර්ධන සහකාර එස්.ඒ.අයි. සුරවීර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ හා සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ සහභාගිත්වයෙන් නිවස යූ.ජී.මාටින් මහතා අතුලු පවුලේ සාමාජිකයින්ට භාරදෙන ලදි.

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

සමෘද්ධි අභිමානි 2017 තෙවන තැන ඉමදුවට

    මෘද්ධි අභිමානි 2017 උදුවප් දැක්ම දිස්ත්‍රික් වෙළද ප්‍රදර්ශණය  2017 .12. 14 සහ 15 යන දෙදින තුල ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ දිස්නා විතාණගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ක්‍රිඩා මංඩප පරිශ්‍රයේදි පැවැත්විනි.

    දිස්ත්‍රික් සමෘද්ධි වැඩ සටහන හා සම්බන්ධ සමෘද්ධි ව්‍යාකපාරික සංගම් වල ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සහ සේවා වලට ඇති අලෙවි අවස්ථා පුළුල් කරමින් වෙළද පොළ වර්ධනය කරවීම මෙන්ම එම නිෂ්පාදන හා සේවා දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් ප්‍රචලිත කිරිමේ අරමු‍නෙන් මෙම වෙළද ප්‍රදර්ශණය වාර්ෂිකව පවත්වනු ලැබේ. 


   ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 19 තුල විසිරි සිටින සමෘද්ධි ව්‍යාපාරික සංගම් වල විවිධ වු ස්වයංරැකියා වල නියුක්ත විශාල පිරිසක් මෙම ප්‍රදර්ශණය සදහා සහභාගි වු අතර දිස්ත්‍රික්කයේ තෙවන හොදම වෙළද කුටිය වෙනුවෙන්  සම්මාන ලබන්නට ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සමත් විය. එසේම හොදම ව්‍යවසායකයින් දසදෙනා අතර අටවන ස්ථානය ලබා ගන්නට  ද ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ඉදිරිපත් වු මීපගේ දම්මිකා මහත්මිය සමත්විය.

   ජයග්‍රහකයින්ට සහතික පත් ප්‍රධානය එදින සවස අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වෙළද ප්‍රදර්ශණ පරිශ්‍රයේදි පැවැති අතර  දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමිය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාවි විය. ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මි කාන්ති මහත්මියගේ උපදෙස් හා මගපෙන්විම් යටතේ ව්‍යාපෘති කලමණාකරු ඉසුරු කළුආරච්චි මහතා ඉමදුව සමෘද්ධි ව්‍යවසායකයින් මේ සදහා සහභාගි කරන ලදි. 

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

Sunday, December 17, 2017

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට නව නියමුවන් ඇළහැරට


   ඩු ආදායමලාභී දිළිඳු ප්‍රජාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම අරමුණු කරගෙන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අලුතින් බඳවා ගත් සමෘද්ධි සංවර්ධන නිළධාරීන් ජීවිතයට නවමු අත් දැකීමක් එක් කරගනිමින් ඇළහැර ප්‍රාදේශීය ලේකම් එස්.එම.කේ. කුමාරිහාමි මහත්මියගේ සුරතින් රාජකාරී කටයුතු බාර ගත් අත්තේය. 

   ඇළහැර ප්‍රාදේශීය ලේකම කොට්ඨාශය සඳහා එම්.එම්. අංජලී රුමේෂිකා, එව්.එමි. සෞම්‍යා කුමාරි, පී.ජී.ඩබ්. අනුරුද්ධිකා, එව්.ඒ. කාවින්දි සඳුනිකා, ඩබ්.ඒ.ජී. හේමමාලා ඩී.ජී. ප්‍රභාෂිනී මහේෂි,.එස්.එම්. දසුනි තාරිකා, බී.එම්. සමන්ත නීල් යන නිළධාරීන් අට දෙනකු සේවයට වාර්තා කර ඇති අතර ඉදිරි දිනයන් තුල දැනට පුරපපාඩු පවතින ස්ථාන සඳහා රාජකාරී කටයුතු  සඳහා අනුයුක්ත කිරීමට නියමිත බව සමෘද්ධි මුලස්ථාන කළමණාකාර එස්.එම්. ගාමිණි කුමාරසිංහ මහත්මා සඳහන් කලා.

කේ.එම්. වික්‍රමවංශ රාජපක්ෂ
සමෘද්ධි ගමන සන්නිවේදක
ඇළහැර

Friday, December 15, 2017

සමෘද්ධි ගමන නව කලාපය 2017/12/15 නැරබීම සදහා මෙතනින් පිවිසෙන්න =>

පුුංචි පැටවුන්ට පාසල් උපකරණ


   ල්පිටිය ගනේගොඩ බැංකු කළමණාකරු අනුර ලිලානන්ද මහත්මාගේ හා මැටිවිලිය වසම භාර සමෘද්ධ් සංවර්ධන නිලධාරි නන්දන කුසුම්සිරි මහත්මාගේ අදහසකට අනුව ප්‍රාදේශවාසි පරිත්‍යාගශීලී ජනතානගේ උදවු උපකාර සමගින් පසුගියදා ඇතිවු ගංවතුර උවදුරින් පාසල් උපකරණවලට හානිවු දරුවන් වෙනුනෙක් පාසල් උපකරන ලබා දීමේ වැඩසටහනක් පසුගිය 14 වන දින මැටිවිලිය විහාරස්ථානයේදී ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් විමල් සිසිර කුමාර මැතිතුමගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

  මෙහිදී අදහස් දක්වු ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම්තුමා මෙවන් කටයුතු ගංවතුරින් යටවු ප්‍රදේශ වල ක්‍රියාවට නැන්වීමේ වැදගත් කම පෙන්වා දුන් අතර සමෘද්ධි වැඩසටහන මගින් දුප්පත් ග්‍රාමිය ජනතාවට කරන්නා වු අමිල මෙහෙවර ගැන සිය සතුට හා සුභාශිංෂන එක් කලේය. තව දුරටත් අදහස් දක්වමින් තමන්ද සිය පාසල් ජීවිතයේ මෙතරම් දුර පැමිණියේ මෙවන් රජයේ අධාර වැඩසටහන් සමගින් බවත් ජනසවිය, සමුපකාරය හා සමෘද්ධියට තවමත් ආදරය කරන බවද පැවසීය. උදාවන නත්තල හා 2018 නව වර්ෂයටද සුභ පැතුම් එක් කිරිමට ලේකම්තුමා අමතක නොකලේය.

  මෙම අවස්ථාවේදී ගනේගොඩ බැංකු කලාපයේ සියලූ ගම්මාන සමිති සභාපතිවරුන් වෙත සිය ප්‍රජාමුල සංවිධානය ලියාපදිංචි කිරිමේ සහතික පත් පිරිනැමීම හා පාසල් උපකරක පිරිනැමීම පැමිණ සිටි ආරාධිත අමුත්තන් සුරතින් සිදුවිය.

  මෙම අවස්ථාව සදහා මුලස්ථාන කළමණාකරු තේජා දමයන්ති, මහ සංගම් කළමණාකරු ප්‍රේමිකා මල්කාන්ති, සියලූ වසම් නියේජනය කරමින් සංවර්ධන නිලධාරින් හා සභාපතිවරු, ග්‍රාම නිලධාරි, කෘෂි කර්ම පර්යේෂණ නිලධාරී හා ගමිවාසී විශාල පිරිසක් එක්විණි.

ප්‍රදීප් චන්දන නානායක්කාර

ප්‍රජාමූල සංවිධාන සක්‍රීය කිරීම


  රණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි ප්‍රජාමූල සමිතියේ ගම්මාන සමිති 149 පමණ 2017 වර්ෂයේ ලියාපදිංචි වී ඇති අතර, කොට්ඨාශයේ වසම් 61 ක් තුල සක්‍රීයව මෙම ගම්මාන සමිති ක්‍රියාත්මකව ඇත. සමෘද්ධි වැඩසටහන සක්‍රීයව ක්‍රියාත්මක කිරීම සඳහා වසම්වල  සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා ප්‍රජාමූල සමිතිවල සභාපති ලේකම්වරුන්ගේ ක්‍රියාකාරිත්වය ඉතාම වැදගත් වේ. සමෘද්ධි සංවර්ධන නිලධාරින් වෙනුවෙන් ප්‍රජාමූල සංවිධාන සක්‍රියව ක්‍රියාත්මක කිරීම හා නව වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2017.12.04 දින දිස්ත්‍රික් සමෘද්ධි කළමණාකරුවන් වන  ඩබ්.එම්.සී.ඒ. බණ්ඩාර මහත්මාගේ හා ඒ.එල්.එම්. බණ්ඩාර මහත්මාගේ සම්පත් දායකත්වයෙන් කළමණාකාර අධ්‍යක්ෂ බී.ජී.ලකී බෙන්හර් මහතාගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

Thursday, December 14, 2017

ළමා ආරක්ෂාව හා ගෘහ කළමනාකරණය පිළිබද දැනුම සාමාජිකයින්ට


  ල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොටිඨාශයට අයත් ගෙනේගොඩ සමෘද්ධි බැංකු කලාපයේ 29 ඒ අවිත්තාව ග්‍රාම නිලධාරි වසමෙහි සමෘද්ධි සංවර්ධන නිලධාරී එච්.එම්.  රංජනී කුමාරි මහත්මිය විසින් සංවිධානය කල ළමා ආරක්ෂාව හා ගෘහ කළමනාකරණය පිළිබද සමෘද්ධි සමිති සමාජිකයින් දැනුවත් කිරිමේ වැඩමුලූවක් පසුගියදා (28) අවිත්තාව ප්‍රජා ශාලාවේදී පැවැතිවිණි.

  ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී දුමින්ද සම්පත් මහත්මාගේ සමිපත් දායකත්වයෙන් පැමිණ සිටි පිරිස් වෙත සිය දැනුම හා අත්දැකීමි සමගින් දේශන පැවාත්විම සිදුවිණි. මෙම අවස්ථාව සදහා ආර්ථාක සංවර්ධන නිලධාරී ජඩින්තා ලියනගමගේ මහත්මිය ඇතුලූ සම්භාවනීය පිරිසක් සහ සාමාජිකයින් විශාල පිරිසක් එක්විණි.

අනුර ලිලානන්ද
සමෘද්ධි ගමන විශේෂාංග සන්නිවේද

කරන්දෙනියේ සමෘද්ධිලාභීන්ට විශ්‍රාම වැටුප්


   මාජ සවිබලගැන්වීම්, සමාජ සුභසාධන සහ කන්ද උඩරට සංවර්ධන අමාත්‍යාංශය යටතේ වූ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ක්‍රියාත්මක සුරක්ෂා යෝජනා ක්‍රමයතුල කරන්දෙනිය කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රතිලාභීන් විශ්‍රාම වැටුප් අරමුදලට සාමාජිකයන් ලෙස ඇතුළත් කිරීම පසුගියදා ආරම්භ කරන ලදි.

  තමන්ගේ වයස පදනම් කොට මාසිකව වාරික වශයෙන් දායකත්ව මුදල් ගෙවා වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසුව මාසිකව විශ්‍රාම වැටුප් ගෙවීම සිදුවෙයි. ඊට අමතරව සාමාජිකත්වය ලබන දරුවන් විශේෂ අධ්‍යාපන කඩඉම් ජය ගන්නා සෑමවිටම යෝජිත විශ්‍රාම වැටුප් මුදල මෙන් දෙගුණයක් පරිත්‍යාගයක් ලෙස ලැබෙයි. උදාහරණයක් ලෙස වයස අවුරුදු 10ක දරුවෙක් රුපියල් 10000/=ක විශ්‍රාම වැටුපක් සදහා දායක වන්නේනම් මාසික වාරිකය රුපියල් 280/=කි. දරුවා ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉහළින් සමත්වීමේදී වරකට රුපියල් 20000/=ක් බැගින් එම සෑම අවස්ථාවකදීම ලැබෙයි.

   මෙම ක්‍රමය අඩුආදායම්ලාභී ප්‍රජාවගේ අනාගත සුරක්ෂිතභාවය තහවුරු කිරීමට සහ ඉතුරුම් ප්‍රවනතාව වර්ධනයට ඉමහත් රුකුලක් බව පැහැදිලිවන බැවින් උනන්දුවෙන් මැදිහත්වී තම සේවාලාභීන් යොමු කිරීමට කටයුතු කරන ලෙස ප්‍රාදේශීය ලේකම් විසින් ලබාදුන් උපදෙස් අනුව වසම්භාර සමෘද්ධි නිලධාරීන් ඉතා කැපවීමෙන් ක්‍රියාත්මක වී පලමු දිනයේදී විශාල පිරිසක් යෝජනාක්‍රමයට ඇතුළත් කිරීමට කටයුතු කරන ලද අතර ග්‍රාමනිළධාරී සහ ආර්ථික සංවර්ධන නිලධාරී පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දේණිය

Wednesday, December 13, 2017

සමෘද්ධි අභිමානී උඳුවප් දැක්ම අලෙවි ප්‍රදර්ශනය දෙසැ 14 හා 15 ගාල්ල ක්‍රිඩා මන්ඩප පරිශ්‍රයේදී


   ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අංශය විසින් සංවිධානය කරනු ලබන සමෘද්ධි අභිමානී උදුවප් දැක්ම අලෙව් ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා (දෙසැ 14,15) යන දිනයන්හිදී ගාල්ල ක්‍රිඩා මන්ඩප පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

   ගාල්ල දිස්ත්‍රික්කය පුරා විසිරී පැතිරී සිටින සමෘද්ධි ව්‍යාපාරය හරහා ව්‍යාවසායකයින් බවට පත්වු ග්‍රාමීය ව්‍යවසායකයින් එකසිය පනහකට අධික පිරිසකගේ නිශ්පාදන මෙම වෙළද ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට නියමිතය. විසිතුරු මල්පැල,  කෘෂි උපකරණ, පොහොර, නිමි ඇදුම්, තිරරෙදි, ස්වර්ණාභරණ, විසිතුරු අත්කම් නිර්මාණ, විසිතුරු මසුන්, එසැනින් පිසින ලද කැවිලි වර්ග හා වස විසෙන් තොර ආහාර පාරිභොගිකයන්ට ඉතාමත් පහසුවෙන් මිලදී ගැනීමට මෙම වෙළද ප්‍රදර්ශනය හරහා අවස්ථාව උදාවන අතර එම නිශ්පාදන පිළිබද තොරතුරු එහි නිශ්පාදකයා වෙතින්ම දැනුවත් වීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

   ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතාගේ උපදේශකත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ දිස්නා විතානගේ මහත්මිය ඇතුළු ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අංශය මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන අතර වෙළද ප්‍රදර්ශනයේ අවසන් දින පස්වරු 2.00ට ඒ සදහා සහභාගි වු හොදම ව්‍යවසායකයින් හා ඔවුන්ගේ නිශ්පාදන ඇගයීම සදහාද කටයුතු සුදානම් කර ඇත.
දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය හා දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ සහභාගීත්වයෙන් දෙසැ 14 වැනි දින පෙරවරු 9.00 ට ප්‍රදර්ශනයේ කටයුතු ආරම්භ වන අතර දින දෙක පුරාම සවස 6.00 දක්වා ප්‍රදර්ශනය පැවැත්වීමටද නියමිතය.

   එලැඹෙන නව වසර සඳහා හිතේ හැටියට අරගෙන යන්න තේමාවෙන් සංවිධානය වන මෙම වෙළද ප්‍රදර්ශනය හා සැනකෙළිය සඳහා සහභාගී වෙමින් මෙම නවමු අත්දැකීම  හා එක්වන ලෙස සියළු දෙනා වෙත ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අංශය ආරාධනා කර සිටි.

ඩී.ඒ.පී. සුරංජිත්
දිස්ත්‍රික් සමෘද්ධි සන්නිවේදක

2017 සමෘද්ධි කැකුළු ළමා සමාජ ජාතික තරගාවලියේ ජයග්‍රහණ රැසක් ගාල්ලට


   දැයේ දුවා දරුවන්ගේ නැණ පහන් දල්වමින් සමබර පෞරුෂයකින්  හෙබි කලාකාමී දරු පරපුරක් රටට , දැයට දායාද කරලීමේ උදාරතර අරමුණ සහිතව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන සහ පරිසර අංශය විසින් සංවිධානය කරන ලද සමෘද්ධි කැකුළු ළමා සමාජ සාහිත්‍ය හා සංස්කෘතික ජාතික තරඟාවලියේ සිංහල මාධ්‍ය තරඟ 2017. නොවැම්බර් 11  වන දින බත්තරමුල්ල සුභූති ජාතික පාසලේ දී පවත්වන ලදි.
  
   වයස් කාණ්ඩ 3 ක් යටතේ එනම් අවු.07-10 , 11-14, 15-18 යටතේ තරඟ ඉවව් 14 ක් පවත්වන ලදි.සෑම දිස්ත්‍රික්කයකින්ම ඒ ඒ වයස් කාණ්ඩවලින් තරඟ ඉසව් වල ප්‍රථම ස්තානය දිනා ගත් දරු දැරියන් මෙම ජාතික තරඟ නියෝජනය කිරීම සඳහා වරම් ලබා ගෙන තිබුණි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 ක් නියෝජනය කරමින් සමෘද්ධි කැකුළු ළමා සමාජ දරු දැරියන් 100 ට අධික පිරිසක් මෙම තරඟාවලියට ඉදිරිපත් වූ අතර වැඩි පිරිසත් ජාතික මට්ටමේ ජයග්‍රහණ හිමි කර ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයට කීර්තියක් ගෙන ඒමට සමත්ව තිබේ.
ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගත් ගාල්ල දිස්ත්‍රික්කයේ දරු දැරියන් .....

අවු.15-18 - ජන ගායනා- ප්‍රථම ස්ථානය - ගෝනපිනුවල - පාරමී අංජුලා කුලතුංග
අවු.11-14 - ජන නැටුම් - ප්‍රථම ස්ථානය - වැලිවිටිය දිවිතුර නැටුම් කණ්ඩායම
අවු.07-10 - ශාස්ත්‍රීය ගායනා -  දෙවන ස්ථානය- වැලිවිටිය දිවිතුර - සිතාරා තේජානි
අවු.11-14 - ශාස්ත්‍රීය ගායනා- දෙවන ස්ථානය - අක්මීමන - අනුත්තරා දිව්‍යාංජලී
අවු.15-18 - ශාස්ත්‍රීය වාදනය - දෙවන ස්ථානය - අම්බලන්ගොඩ සංජලී ප්‍රමෝදා
අවු.07-10 - ජන නැටුම් -  දෙවන ස්ථානය- බද්දේගම ජන නැටුම් කණ්ඩායම
අවු.15-18 - කථික - දෙවන  ස්ථානය - හික්කඩුව - කවීෂ් මයුරංග
අවු.11-14 - කථික  - දෙවන ස්ථානය - යක්කලමුල්ල - පුලිඳු විල්හාන් පතිනායක
අවු.07-10 - සරල ගී -  දෙවන ස්ථානය- බෝපෙ පෝද්දල - කවීන් ගීනාත්
අවු.15-18 - පද්‍ය රචනා- තෙවන ස්ථානය - ගෝනපිනුවල - ගයනි මල්කාන්ති ද සිල්වා
අවු.15-18 - චිත්‍ර - තෙවන ස්ථානය - අක්මීමන - ඉෂානි සංදීපනී
අවු.07-10 - චිත්‍ර -  කුසලතා- අම්බලන්ගොඩ - සයුරි සංජනා
අවු.15-18 - පද්‍ය රචනා -  කුසලතා- අක්මීමන - විදූෂා ලක්මි නෙත්සර
අවු.11-14 - සරල ගී -  කුසලතා- අක්මීමන - සුජානි හංසිකා
අවු.11-14 - පහතරට නැටුම් -  කුසලතා- බෙන්තොට - සඳරුවන් සිරිවර්ධන
අවු.11-14 - උඩරට නැටුම් -  කුසලතා- වැලිවිටිය දිවිතුර - තෙමල්යා දේවින්දි

  එලෙස ජාතික තලයේ ජය කෙහෙළි නැංවූ අපේම දුවා දරුවන්ට ගමන මාධ්‍ය ඒකකයේ උණුසුම් සුභ පැතුම් මෙලෙසින් එක්කරමු.

ප්‍රියන්ත කුමාර කාරියවසම්
දිස්ත්‍රික් සමෘද්ධි සන්නිවේදක

මානව හිමිකම් සම්බන්ධයෙන් සමෘද්ධි නිලධාරින්ට පුහුණුව


   දෙසැම්බර් 10 දිනට යෙදී ඇති ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් පුත්තලම සමෘද්ධි බැංකුව සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ  වැඩසටහනක් පසුගියදා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි  පැවැත්විනි.

   පසුගිය 10 දිනට යෙදී තිබුනේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශිත මානව හිමිකම් දිනයේ  70වන සංවත්සර සැමරුමයි. එදිනට සමගාමීව මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවති අතර ප්‍රෙන්ඩ්ස් ආයතනය  මේ සදහා අනුග්‍රහය ලබාදෙන ලදී.

    කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාදිපති වසන්තා සෙනවිරත්න මහත්මිය හා  ජේෂ්ඨ කථිකාචාර්්‍ය ප්‍රතිභා මහනාම මහතා සම්පත්දායකයින් ලෙස  මේ සදහා එක්විය.

   පුත්තලම මුලස්ථාන කලමණාකරු උපුල් නයනානන්ද මහතා පුත්තලම සමාද්ධි බැංකුවේ කලමණාකරු ඩබ්.එම්.එස්.කේ. වාසල මහත්මිය බැංකු සමිති කලමණාකරු ඩී.එම්. ධර්මවීර මහතා ඇතුලු සමෘද්ධි නිලධාරින් හා සමෘද්ධි සමිති සාමාජිකයින්ද වෙනත් ප්‍රජාමුල සමිති නියෝජිතයින් ඇතුලු 150පමණ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චින්තන රත්නායක
ගමන සමෘද්ධි සන්නිවේදක
පුත්තලම

ආපදා කළමනාකරණ පුහුණුව කරන්දෙනියට


   ශ්‍රී ලාංකික ප්‍රජාව මෑත ඉතිහාසයේ 1983 වසරේ සිට විවිධ ආපදාවන් අත්දුටු ජාතියකි. මෙම ආපදාවන් අතර උතුරු නැගෙනහිර ප්‍රදේශ පදනම් කරගත් වාර්ගික ගැටළුව හරහා පැනනැගී යුද්ධය මෙන්ම අපට මුහුණදීමට සිදුවූ ඉතාම සුවිශේෂී ස්වාභාවික ආපදාව වූ සුනාමි ව්‍යසනයද විය. මීට අමතරව නායයාම්, පස්කදු කඩාවැටීම්, සැඩ සුලං, ඉඩෝරය, ගිනිගැනීම්, විදුලිසැර වැදීම් වැනි ආපදාවන්ද විය. 

   ආපදා අවස්ථාවට සැලසුම් සහගතව පෙර සූදානම්ව මුහුණ දෙන්නට හැකියාව තිබෙන පිරිසක් වෙත ආපදා තත්ත්වයන් පෙර හදුනාගෙන සංවිධානය වීමට අවශ්‍යය දැනුම ලබාදී දැනටමත් ගමේ වැඩිවශයෙන් ස්ථාවර මහජන සම්බන්ධතාවක් සහිත නිලධාරියෙකු ලෙස සමෘද්ධි සංවර්ධන නිලධාරී වෙත වැඩි වගකීම් පැවරෙන පරිදි ග්‍රාමනිළධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ කෘෂි පර්යේෂණ නිලධාරී ඇතුළු නිලධාරීන් සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ ග්‍රාමීය කමිටු පිහිටුවා ගැනීම පිලිබඳ ක්‍රියාකාරකම් සහිතව පුහුණු වැඩසටහන සැලසුම් කොට තිබිණ. 


මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලෙකම් අයි.එස්. සමරකෝන් මහතා සමග ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ කර්නල් ගම්පත් රත්නායක මහතා ඇතුළු කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සේවය කරන සියළුම ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දේණිය

Tuesday, December 12, 2017

සමාද්ධි බැංකු වල පරිගණක ක්‍රියාකරුවන්ගේ හෙට දවස

බලදාරීන්ගේ අවදානය පිණිස

   ශ්‍රි ලංකා සමෘද්ධි අධිකාරියේ සිට අද වන විට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ තාවකාලික පදනම මත බඳවා ගන්නා ලද පරිගණක ක්‍රියාකරුවන් විශාල පිරිසක් මේ වන විට සමාද්ධි බැංකු වල සේවයේ කරති. පරිගණක ආශ්‍රිතව විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතා දක්වන පිරිසක් මේ ලෙස තම තරණ ජවය ලබා දෙමින් කටයුතු කරනු ඇත. ඔවුන් හුදු පරිගණක පුහුණුවකට පමණක් සිමා නොවු නියමිත් දින හා ඉලක්ක වලට බැංකු වල වර්ධන ක්‍රියාවලිය වේගවත් කරමින් පරිගණක ක්‍රියාකාරකම් වල නියැලෙමින් දෛනික රාජකාරිය කරන පිරිසකි.

   මෙසේ තම සේවය ලබාදෙන අයගෙන් බොහෝ පිරිසක් උපාධිදාරියෝය. තවත් පිරිසක් පරිගණක මෘදුකාංග පාඨමාලා ඉහළ ලෙස සමත් වුවෝය. එසේම පර්ගණක photo shop - editing,graphic desing, Team viewer එසේම NVQ Level  සමත් එසේම Net work ක්‍රියාකාරකම් වල දක්ෂයෝ වෙති. ඔවුන් බැංකු වල Excel  ආශ්‍රිතව ක්‍රියාකාරකම්, ප්‍රගති වාර්තා සකස් කිරීම, දෛනික හා මාසික ගිණුම් තුලන කටයුතු, වාර්ෂික මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට කිරීමට සහය දැක්වීම වැනි  පරිගණක ආශ්‍රිතව සියළු කටයුතු සිදු කරනු ලබයි. ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබා දී බැංකු පරිගණක බැංකු පරිගණක ගත කිරීම කඩිනම් කරන්නේ නම් එය වඩාත් යහපත් වනු ඇත. 

   මීට අමතරව මෙම පරිගණක ක්‍රියාකරුවන් බැංකුවේ දෛනික ගිණුම් තුලන කටයුතු, ශේෂ පිරික්ෂුම් සැකසීම, කල්පසු ලේඛණය සැකසීම සකස් කිරීම වැනි රජකාරි කටයුතු වලට ද ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බවද කිව හැකිය. එසේම බැංකු ශ්‍රේණිගත කරන අවස්ථාවේදී  ඔවුන්ගෙන් ලැබුණු සේවය අගය කළ යුතුය. සමහර බැංකු වල බැංකු කාර්ය මණ්ඩල පස්දෙනෙකු නොමැති පුරප්පාඩු පවතින නිසා බැංකු වල දෛනික කටයුතු සිදු කිරීමට පරිගණක කටයුතු වල නිරත වුවන් විශාල දායකත්වයක් ලබා දෙනු ඇත. එසේම තම තරුණ ජවය වසර 5ක් 6 ක් වැඩි කාලයක් කැප කළ ඔවුන් මෙලෙස ලබා ඇති පන්නරයට නිසි ඇගයිමක් අද වන විට ලැබී නැත. නව නිළධාරීන් බඳවා ගැනීමේ දී ඔවුන්ට ප්‍රමුඛතාවය ලබා දී නැත. අදාළ බළධාරීන් මේ ගැන අවධානය යොමු කරනවා නම් ඔවුන්ගේ හෙට දවස යහපත් හා දීප්තිමත් වනු නොඅනුමානය.

ඊ.ඩබ්.එම්.ජී.සි. ඒකනායක
ගම්පහ

අඩු ආදායම්ලාභීට වියළි ආහාර


   බරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උණවටුන සමෘද්ධි කලාපයට අයත් හදුගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි අඩු ආදායම්ලාභී  පවුල් 30 කට පමණ පසුගිය 27 වනදා වියළි ආහාර මල්ලක් බැගින් ලබාදීමට එම් වසමේ රාජකාරි කටයුතු කරන එස්මි ජයලත් මහත්මිය කටයුතු කර තිබුණි. එම ප්‍රදානයන් සිදුකිරීමට අවශ්‍ය දායකත්වය ප්‍රදේශයේ දානපතියකු විසින් ලබා දි තිබූ අතර මෙම අවස්ථාව සඳහා එම ප්‍රදේශයේ රාජකාරි කටයුතු කරන ක්ෂේත්‍ර නිලධාරීන් ද සහභාගී විය.

එම්. ඉන්දිරා ලක්මාලි
සමෘද්ධි සන්නිවේදක
හබරාදුව

පුහුණුවක්, ගුරුවරයකු නොමැතිව අලුතින් යමක් කරන්නට “ධනාත්මකව” සිතු ධනපාල


   ළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 28 කටුකැලියාව වසමෙහි සමෘද්ධි සහනාධාර ලාභී ඩබ්.ඒ. ධනපාල මහත්මා කුඩාකළ සිටම අලුතින් යමක් හිතන්නට කරන්නට උනන්දුවන අයෙක් වන අතර මොහුගේ ජීවන වෘතිය වශයෙන් විදුලි උපකරණ අලුත් වැඩියාව සිදුකරන අයෙකි. එහෙත් ඔහුගේ පලපුරුදු රැකියාව පසෙකට තබා ඔහු විසින්ම අත්හදා බැලීමෙන් සොයාගත් මැටි ආශ්‍රිත බිත්ති සැරසිලි , විවිධ සතුන් වැනි විසිතුරු නිර්මාණයන් වෙළඳපලට හදුන්වාදීමට සමත් වී ඇත.

   මෙහි ඇති වැදගත්ම කාරණය වන්නේ පාරම්පරික මැටි කර්මාන්තයෙන් ඔබ්බට ගිය නව නිර්මාණයක් වීම මෙන්ම, නුතන යුගයේ තරුණ පිරීස පාරම්පරික කර්මාන්ත වල නියැළිමට අඩු කැමත්තක් දක්වන යුගයක  ප්‍රදේශයේ තරුණ තරුණියන් මෙම නිර්මාණයන් කිරීමට කැමත්තක් දක්වන බැවින් ඒ සඳහා ඔහුගෙන් දැනුම පුහුණුව ලබාදෙන ලෙස ඉල්ලීම් සිදුකිරීමයි. 

   සමෘද්ධි ජීවනෝපාය වැඩසටහන මඟින් ගොඩනැගිල්ලක් ඉඳිකර ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදී ඇති අතර ප්‍රාදේශීය ලේකම් එස්.එම්.කේ. කුමාරිහාමි මහත්මිය, මුලස්ථාන කළමණාකාර ගාමිණී කුමාරසිංහ, කළමණාකාර රංජිත් තිලකසිරි යන අයගේ උපදෙස් හා මඟපෙන්වීම මත සමෘද්ධි සංවර්ධන නිළධාරී ආර්.ජී. ස්වර්ණ ලතා  මහත්මිය මෙම කටයුතු වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවරයන් සකස් කරමින් පවතී.                                                                                     
කේ.එම්. වික්‍රමවංශ රාජපක්ෂ
සමෘද්ධි ගමන සන්නිවේදක
ඇළහැර

පහේ හපනුන්ට සමෘද්ධියෙන් පාසල් උපකරන


   2016 මැයි 17 දින අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දකුණු ආසියාවේ දෙවන විශාලතම නාය යෑමෙන් එළඟිපිටිය වසමේ පුද්ගලියින් 100 කට අධික පිරිසක් මිය ගොස් නිවාස 48 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ විය. එයට සමගාමිව තවත් වසම් ගණනාවක නායයැම් සිදු විය. අම්බලකන්ද වසමේ සහ එළගිපිටිය යන වසම් වල අවධානම් සහිත නිවාසවල ජීවත් වු ජනතාව කොට්ඨාශයේ කඳවුරු ගණනාවක් ජිවත් වූ අතර 2016 සිට වර්ෂයක් ගතවන විට මෙම කඳවුරුවල සිටි ප්‍රජාව සඳහා ස්ථීර වාසස්ථාන ලබාදීම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් Z.A.M. ෆයිසල් සහ අනෙකුත් නිලධාරින්ගේ කැපවීම මත ලබාදිමට හැකි විය.

  2017 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේදී G.ආකර්ශිකා තක්ෂිකා දියණිය උස්සාපිටිය ක්‍රිඩාංගනයේ දී පවතින කඳවුරු වල සිට දුෂ්කර පසුබිමක පාඩම් කරමින් ලකුණු 171 ක් ලබාගත් අතර තල්ගස්පිටිය මුස්ලිම් වසමේ පහසුරවත්ත කඳවුරේ ජීවත්ව W.A.සේමිණි උදාන දමනි විජේසූරිය දියණිය  ඉතා දුෂ්කර ලෙස අධ්‍යපන කටයුතු කරමින් ලකුණු 185 ක් ලබා ගෙන ඇති බවත් ඒ සඳහා කැපවීමෙන් කටයුතු කල දරුවන්ගේ දෙමාපියන් හා දරුවන්ට සම සභාපති අධිනීතිඥ ලලිත් දිසානායක මැතිතුමා, ප්‍රාදේශීය ලේකම් Z.A.M. ෆයිසල් මැතිතුමා, ඇතුලු ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2017.12.11 දින සම්බන්ධීකරණ රැස්වීමේදි සමාජ සංවර්ධන අරමුදලින් පාසල් උපකරණ කට්ටලයක් පිරිනමන ලදි.

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

පිරිවෙන් නේවාසික හිමිවරුනට සමෘද්ධිය



   පිරිවෙන් අධ්‍යාපනය සුවිශේෂිය. පැවිදි සාමනේර හිමිවරුන් අතර පිරිමි ළමුන්ද සමග ගිහි සහ පැවිදි ගුරුවරුන් පිරිසක් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට එක්වී සිටියි. වනපොත් කිරීම හෙවත් කටපාඩම් කිරීම බොහෝ විෂයයන්හි අනිවාර්ය වේ. ගමේ සිටින ඉගෙනුම් දක්ෂතා අඩු දරුවන් අධ්‍යාපනය ලබන්නේ බොහෝවිට පිරිවෙනේය. අධ්‍යාපනික කටයුතු සවස් කාලයේදී සිදුවන අතර විෂය නිර්දේශයද වෙනස්ය.

   මා මේ අත්දැකීම ලබන්නේ කරන්දෙනිය මඩකුඹුර සිරි අභයතිස්ස මහ පිරිවෙන ඇසුරෙහිය. පූජ්‍ය පණ්ඩිත ගිනිගලපෙදෙසේ සුධම්ම හිමි එහි පරිවෙනාධිපතිව කටයුතු කරමින් සිටියි. "අපේ පිරිවෙනේ කාර්යාලය, ගුරු විවේකාගාරය, පරිඝණක ඒකකය, පුස්තකාලය සහ පන්ති කාමර ශාලා දෙකක් තිබෙනවා. ගිහි පැවිදි ඕනෙම කෙනෙකුට මෙහේ නේවාසිකයකු ලෙස ඉගෙන ගන්නට හැකියාව තිබෙනවා. නේවාසික සහ ප්‍රත්‍ය පහසුකම් අපි නොමිලයේ සපයනු ලබනවා. අපේ පංසලේ නේවාසික සියළුම සාමනේර හිමිවරුන් සමෘද්ධි සහනාධාර ලබනවා. පසුගිය සමයේ පිරිවෙනේ ඉවත්වන හිමිවරුන්ගේ සහනාධාර ආපසු රජයට ගත්ත. දැන් අළුතෙන් පැවිදි වෙන හිමිවරුනට ඒවා හරවා දෙනවා. අපට ඒක ලොකු ශක්තියක්."

  මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් වෙතින් විමසුවා. "ඔව් පසුගිය කාලයේ හිමිකාරිත්වය ඉවත්වන සමෘද්ධි සහනාධාර ආපසු හරවා  යවමින් සිටියා නමුත් දැන් කොට්ඨාශයේ උපරිමයට යටත්ව ගිහි පැවිදි වෙනසක් නැතිව සහනාධාර අයිතිය සංශෝධනය කරන්න අවසර තිබෙනවා" ගිහි සමාජයේ අවධානය යොමු කලොත් දරුවන්ට ඉගෙන ගන්න බැරිනිසා අධ්‍යාපනය අත්හැරීම වෙනුවට පිරිවෙන් අධ්‍යාපනයට යොමු කරවා චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරන සංවේදී පුරවැසියන් පිරිසක් බිහි කිරීමට දායකත්වය දීමට අපට හැකියාව තිබෙනවා.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දේණිය

සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන පිලිබඳ දැනුම


   ක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර රාජකාරි කටයුතු කරන සමෘද්ධි සංවර්ධන  නිලධාරීන්ට ප්‍රජාමූල සංවිධානය යනු කුමක්ද එහි නීතිමය බලය පිළිබඳව දැනුවත් කිරීමත්, සාමාජිකයා ගේ වගකීම ක්‍රියාකල යුතු ආකාරය පිලිබඳවත්, ප්‍රජාමූල සංවිධානය මුදල් පිළිබඳව කටයුතු කල හැකි නීතිමය තත්ත්වය අය වැය සකස් කරන පිළිවෙළ සංවිධානයේ නිලධාරීන් ක්‍රියා කලයුතු ආකාරය සාමාජිකත්වය ලබා ගැනීම එය ආරක්ෂා කරගන්නා ආකාරය පිළිබඳ විශේෂ වැඩ සටහනක් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. ගාලු දිස්ත්‍රික් සමෘද්ධි නියෝජ්්‍ය අධ්‍යක්ෂක සම්බන්ධීකරණ නිලධාරි ධම්මික සෙනෙවිරත්න මහතා කළමණාකාර උපුල් මහතා මෙහි දැනුවත් කිරීම් සිදුකර අතර මෙම අවස්ථාවට යක්කලමුල්ල මූලස්ථාන කළමණාකාර අනුර මහතා ද සහභාගී විය.

ජේ.එල්. ගාමිණී
සමෘද්ධි සංනිවේදක
යක්කලමුල්ල