Tuesday, July 31, 2018

සිල් සමාදන් වූ උවැසි උවැසියන්ට සමෘද්ධි සමිතියෙන් දානය


   හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කතලුව බටහිර  ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි ප්‍රජාමූල සංවිධානය විසින් අැසල පුන් පොහෝ දින උපාසක දානමය පින්කමක් පැවැත්වූහ. කතලුව රුවන්වැල්ල පුරාණ විහාරස්ථානයේ සිල් සමාදන් වූ උවැසි උවැසියන් විශාල සංඛ්‍යාවක් වෙනුවෙන් මෙම දානමය කටයුත්ත සිදුකරන ලදි.
             
    කතලුව බටහිර සමෘද්ධි සංවර්ධන නිලධාරිනී වර්නා දීපිකා මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ සමිතියේ නිලධාරී මන්ඩලය හා සියලුම සාමාජික සාමාජිකාවන්ගේ දායකත්වයෙන් මෙම කටයුතු සිදු කෙරිණි. මෙම දානමය පින්කම හැම වර්ෂයකම අැසල පුන් පොහෝ දිනයේ දී සිදුකල අතර  සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව මෙම පුණ්‍ය ක්‍රියාව සිදුකරන ලදි.

ඉන්දිරා ලක්මාලි
සමෘද්ධි සන්නිවේදක
හබරාදුව

Monday, July 30, 2018

සමෘද්ධි සහනාධාර අයදුම් කිරිමේ අවසාන දිනය ජුලි 31


   සමෘද්ධි සහනාධාර වැඩ පිළිවල ක්‍රමවත් කිරිමේ හා නව ප්‍රතිලාභීන් හදුනාගැනීම අවශ්‍ය බව කලක සිට බොහේ දෙනා අතර පැවති මතයකි. එම නිසා නැවත වරක් තමන්ට සමෘද්ධිය අවශ්‍ය බව හැගේනමි ඉල්ලුම් කිරිමට මසකට අධික කාලයක් ලබා දී තිබින.

   එම මසක කාලය මෙම මස 31 වන හෙට දිනෙන් අවසන් වේ. එම නව සහනාධාර ඉල්ලුම්පත් සමෘද්ධි ගමන වෙබි අඩවියෙන් භාගත කිරිමේ පහසුකම් සලසා දී ඇත. ඔබට සමෘද්ධී සහනාධාරය අවශ්‍ය නම් එම ඉල්ලුම් පත්‍රය පුරවා වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරියාට හෝ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයට හෙට දිනය තුල භාර දිමට කටයුතු කරන්න.

Thursday, July 26, 2018

සමෘද්ධියේ මුලිකත්වයෙන් කාන්තා හා ළමා හිමිකම් සුරැකීමේ සංසදයක්


   නොයෙකුත් හේතූන් මත හිංසනයට ලක්වන කාන්තාවන්ට හා විවිධ අපචාරයන්ට ලක්වු දරුවන්ට පිහිට වීමේ අරමුණින් රජයේ නිලධාරින් එක්වු සංසදයක් පසුගියදා පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පිහිටවනු ලැබීය.

   පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජීවනී හේරත් මහත්මියගේ උපදෙස් මත මුලස්ථාන කළමණාකරු උපුල් නයනානන්ද මහතා සහ බැංකු කළමණාකරු  ඩබ්.එම්.එස්.කේ. වාසල මහත්මිය  විසින් මෙය සංවිධානය කල අතර පරිපාලන  ග්‍රාම නිලධාරි එච්.එන්.සී. මල්කාන්ති මහත්මිය ඇතුලු ක්ෂේත්‍ර නිලධාරින් කීප දෙනෙකු ආරම්භක රැස්වීමට සහභාගි විය.

   හිංසනයට ලක්වන කාන්තාවන්ට හා දරුවන්ට රාජ්‍ය නිලධාරින්ගේ මැදිහත්වීමෙන් සහන සැලසිය හැකි ආකාරය සම්බන්ධයෙන් එහිදි සාකච්චා කල අතර  ලබන අගෝස්තු මස තිස්  එක්වන දින වන විට කොට්ඨාශයේ මෙකි ගැටලුවලට මුහුන දුන් අය සම්බන්ධයෙන්  නිවැරදි තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර ගත්හ. සමෘද්ධි නිලධාරීන් මාර්ගයෙන් වසම් මට්ටමින් මෙම තොරතුරු ලබා ගන්නා අතරම රාජ්‍ය නොවන සංවිධාන වල සහය ලබා ගනිමින් ඔවුන්ට නීති උපදෙස් ලබා දීමටත් ඉදිරි ජීවනෝපාය ව්‍යාපෘති සදහා ආධාර ලබා ගැනීමටත්  සාකච්ඡා කරන ලදි.ඉහත නිලධාරින්ට අමතරව රාජ්‍ය නොවන සංවිධානයක් වන ප්‍රෙන්ඩ්ස්  ආයතනයේ කලමණාකරු බන්දුල විජේ සිංහ මහතා සහ ව්‍යාපෘති නිලධාරි එම්. එෆ්. සුප්‍රියා මෙනවියද මෙම අවස්ථාවට එක්විය.

චින්තන රත්නායක
සමෘද්ධි ගමන සන්නිවේදක
පුත්තලම

Wednesday, July 25, 2018

නාගොඩ සමෘද්ධි ව්‍යාපෘති පසු විපරමට


   නාගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඪාශයේ යටලමත්ත බටහිර බිඩි පහ කොටසේ සිතා ගාල්ලගේ මහත්මිය සිය නිවසේ ඉතා සාර්ථකව විසිතුරු මත්ස්‍ය නිශ්පාදන ව්‍යාපෘතිය පවාත්වාගෙන යයි. පසුගියදා යටලමත්ත කලාප සහකාර අරුණ ජයවික්‍රම මහත්මා විසින් එම ව්‍යාපෘතිය පරික්ෂාට ලක් කල අාකාරය ඉහත සේයාරැවේ දැක්වේ.


ඩබි. ජී. කුමාරරත්න
සමෘද්ධි සන්නිවේදක
නාගොඩ

සමෘද්ධි ලොතරැයි දිනුමි ඇදීම අමාත්‍යවරයාගේ අධික්ෂණයට


   සමෘද්ධි නිවාස ලොතරැයි දෙලක්ෂපතියන් තෝරාගනු ලබන දිනුමි ඇදීමේ අවස්ථාවට පසුගියදා ගරැ සමෘද්ධි අමාත්‍ය පී හැරිසන් මැතිතුමාද එක් විය. මාසිකව ප‍්‍රතිලාභී පවුල් 300ක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම දිනුමි ඇදීමෙන් ජයග‍්‍රාහකයන් ලෙස තෝරාගනු ලබයි. 

සමෘද්ධියේ නැණ උල්පත.........සිසුදිරියයි............


 මෘද්ධියේ නැණ උල්පත සිසුදිරිය ශිෂ්‍යත්ව වැඩ සටහන බවත් එතුලින් දරිද්‍රතාවයෙන් පෙලෙන සමෘද්ධිලාභී පවුල් වල දරුදැරියන්ට ලැබෙන පිටිවහල අතිමහත් බවත් ඉමදුව බටේමුල්ල ජාතික පාසලේ විදුහල්පති වසන්ත කරුණාසිංහ මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ පසුගියදා ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 2017 වසරේ අපොස (සා.පෙළ) විශිෂ්ඨ අයුරින් සමත් වු සමෘද්ධි ප්‍රතිලාභි පවුල්වල සිසුන් තෝරා ගැනිමේ සම්මුඛ පරික්ෂණය සදහා සහභාගිවු අවස්ථවේය.  

    ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවති සම්මුක පරික්ෂණ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉමදුව සහකාර ප්‍රාදේශිය ලේකම් සුලනි සුලෝචනා මහත්මිය, මුලස්ථාන සමාද්ධි කලමණාකරු ආනන්ද දිසානායක, ව්‍යාපෘති කලමණාකරු ඉසුරු කතළුආරච්චි සමාජ ආරක්ෂණ නිලධාරි රමණි වීරතුංග මහත්මිය සහ ආයතන කටයුතු භාර අනෝජා මහත්මිය යන  නිලධාරි මංඩලය ඉදිරියේ පැවතින.  මෙම වැඩ මුඑව සදහා සිසු දරු දැරියන් අසු හය දෙනෙකු සහභාගි වු අතර ඉහලම සුදුසුකම් තිබු සිසුන් තිස් අට දෙනෙකු ඉදිරි  දෙවර්ෂය වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීම සදහා පරික්ෂණ මංඩලය විසින් තෝරා ගනු ලැබුවා. 

   මසකකට රුපියල් එක්දහස් පන්සියක් බැගින් මාස විසිහතරක් පුරාවට මෙම ශිෂ්‍යත්ව වැඩ සටහන ක්‍රියාත්මක කෙරෙන අතර එමගින් එම සිසුන්ට අවශ්‍යය පොත්පත්,උපකාරක පන්ති  ඇතුඑ අනෙකුත් අවශ්‍යතාවන් ඉටුකර ගත හැකි බවත්  බවත්  මෙම වැඩ සටහනේ අරමුණු හා අපෙක්ෂාවන් පිලිබද පැමිණි සිටි දෙමපියන්ට හා සිසුදරුවන්ට පැහැදිලි කරමින් මුලස්ථාන කලමණාකාර තුමා කෙටි දේශණයක්ද පවත්වන ලද අතර පැමිණි සියළු සිසුදරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සමෘද්ධි මුලස්ථාන කාර්යමංඩලය මගින් පවත්වන ලදි.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

අභියෝග ජය ගන්න.... දරුවන්ට........


  අපේ රටේ අනාගතය අපේ වර්ථමාන දරු පරපුරයි. එබැවින් රටට අවශ්‍ය සංවේදි, නිර්මාණශිලි කුසලතාවලින් පරිපූර්ණ, නැණ ගුණ නුවණින් යුතු අභියෝග ජය ගත හැකි දරු පරපුරක් දැයට දායාද කිරිම අප කාගේත්  යුතුකම හා වගකීම විය යුතුය.  

   එම අභියෝග ජයගැනිමට හැකි ඔවුන්ට ශක්තිය ධෛර්ය සපයන විශේෂ වැඩ මුළුවක් පසුගිය 2018.07.06 දින ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණ. ඒ ඉමදුව කොට්ඨාශයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ දරුදැරියන්ට ජීවිතාරක්ෂක ප්‍රථමාධාර ක්‍රම ශිල්ප පිලිබද ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුලත් වැඩ මුළුවක් ලෙසිනි.

   ජීවිතාරක්ෂක ක්‍රම ශිල්ප පිලිබදවත්, හදිසි අනතුරවලදි, දියේ ගිලීමකදි සහ හදිසි ආපදාවලට පත්වන පුද්ගලයින්ට ප්‍රථමාධාර ලබාදිය යුත්තේ කෙසේද යන්න පිලිබදවත් ප්‍රායෝගික හා න්‍යායාත්මක  දැණුම ලබාදීම මෙහිදි සිදුවිය. මෙම වැඩ සටහන සදහා ගාලු දිස්ත්‍රික් රතුකුරුස සංවිධානයේ දිස්ත්‍රික් වැඩ සටහන් සම්බන්ධිකාරකවරුන් වන කේ. දිනුක නදිශාන් සහ ජි.ඒ. තාරුෂ දේෂාන් යන මහත්වරුන් විසින පවත්වන ලද අතර ළමා සමාජ දරුදැරියන් 75 දෙනෙකු පමණ සහභාගි විය. ළමාහිමිකම් ප්‍රවර්ධන නිලධාරි අශෝකා මහත්මිය සහ සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරි නිශාන්ත සුදුසිංහ මයා විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබිණ.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

සමෘද්ධි කැකුළු ළමා සමාජ ප්‍රාදේශිය තරඟාවලිය - ඉමදුව................


   සමෘද්ධි කැකුළු ළමා සමාජ සංස්කෘතික හා සාහිත්‍ය  ජාතික තරඟාවලියට දරුදැරියන් තෝරා ගැනිමේ ප්‍රාදේශිය තරඟ පසුගිය දා ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවැත් වින. සමෘද්ධි කලාප මට්ටමින් දක්ෂතා දක්වා ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් දරුදැරියන් ප්‍රාදේශිය තරඟ සදහා සහභාගි වු අතර ඉන් ජයග්‍රහණය කර ප්‍රථම ස්ථාන ලබාගත් දරුදැරියන් දිස්ත්‍රික් තරඟ සදහා සුදුසුකම් ලැබීය. සරල ගී. නැටුම්, චිත්‍ර, කථික, නිවේදක, ජන ගායනා ,  පද්‍ය රචනා,ගද්‍ය රචනා  යන තරඟ ඉසව් ඔස්සේ පැවති මෙම තරඟ විද්වත් විනිසුරු මඩුල්ලක්  ඉදිරියේ පැවැත්වීමට සංවිධායක මංඩලය කටයුතු කර තිබුනි.

    දැයේ දුවා දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කිරිමේ අරමුණ සාක්ෂාත් කරමින් අනාගත වැඩ ලෝකයට ගැලපෙන අයුරින් දරුවන් නිර්මාණය කිරිම සදහා  වයස අවුරුදු හතත් දහ අටත් අතර වයසේ පසුවන දරුවන් ග්‍රාමිය මට්ටමින් සමෘද්ධි කැකුළු ළමා සමාජ වටා ඒකරාශි කරමින් ඔවුන් සමග විවිධ වු ක්‍රියාකාරකම් වල යෙදෙමින් සංවේදි, නිර්මාණශිලි කුසලතාවලින් පරිපූර්ණ, නැණ ගුණ නුවණින් යුතු අභියෝග ජය ගත හැකි දරු පරපුරක් දැයට දායාද කිරිමේ අරමුණ පෙරදැරිව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සෑම වරෂයකම මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබේ.

   මුලස්ථාන කලමණාකරු, සමෘද්ධි බැංකු සමිති කලමණාකරු, සමාජ සංවර්ධන නිලධාරි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

Tuesday, July 24, 2018

ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි බැංකු ප්‍රවර්ධන උපාය මාර්ග සකස් වේ


  දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු ජාලය ප්‍රවර්ධන ක්‍රම උපාය සකස් කිරීම පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් වැඩම වැඩමුළුව ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ දිස්නා  විතානගේ මැතිනියගේ ප්‍රධානත්වයෙන් මේ මොහොතේදී ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

  ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකුව නියෝජනය කරමින් සමෘද්ධි බැංකු කලමණාකරුවන් ඇතුළු විශාල නිලධාරි පිරිසක් සහභාගී වී සිටිති. මෙහිදී සමෘද්ධි බැංකු ජාලය ප්‍රවර්ධනය කිරීම සහ ඉදිරියේදී පොදු ජනතාවට වඩාත් සමීප බැංකුව බිහිකිරීම සදහා උපාය මාර්ග ක්‍රමවේද සකස් කිරීම පිළිබඳ දීර්ඝව සාකච්ඡා කරනු ලැබේ.

ඩබ්. ඒ. ජී. සුරංජිත්
සමෘද්ධි දිස්ත්‍රික් සන්නිවේදක
ගාල්ල

නිලධාරින්ගේ ගැටලු සොයන්න සමෘද්ධි ඇමති යාපනේ


   මෘද්ධි සංවර්ධන නිලධාරින්ට ඇතිවී තිබෙන ගැටලු පිළිබදව නිරතුරැව සොයන ගරැ පී. හැරිසන් ඇමතිතුමා පසුගියදා (21) යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයකට එක් විය. එහිදී සිය නිලධාරින්ගේ ගැටලු පිළිබදව සිය අවධානය යොමු කලේය.

   මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු නිලධාරින් පිරිසක් එක් විය. යාපනය දිස්ත්‍රික් සමෘද්ධි අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබින. 

කුසලතා වඩන්නට වෙන්නපුවේ ළමා චිත්‍ර තරගයක්


  වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  නයිනමඩම සමෘද්ධි තලාපයේ  උ/ දුම්මලදෙනිය හා  නැ/ දුම්මලදෙනිය වසම් එකාබද්ධව වයස අවුරුදු 11 පහල හා අවුරුදු 12 ත් 18 ත් අතර  ලෙස  පවත්වන ලද ළමා සමාජ චිත්‍ර තරගය  පසුගියදා (19)  නැ/ දුම්මලදෙනිය ප්‍රජා ශාලාවෙදි පැවැත්වූනි.  

  මෙහිදි  වසම්   දෙකෙහිම   සියලුම   තරගකරැවන්  සදහා තැගි ප්‍රධානය   කෙරැනි. මෙහි දැක්වෙන්නේ  සමෘද්ධි සංවර්ධන නිලධාරිනි   ප්‍රභාහා හංසනි  මෙනවිය  විසින් දරැවෙක්  සදහා තැගි  ප්‍රධානය කෙරෙන අවස්ථාව හා ළමුන් තරගයට සහහාගි විසිටින අවස්ථාවයි.

සි  ප්‍රීති උදයසිරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

Saturday, July 21, 2018

අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය මනුප හා නොච්චියාගම සමෘද්ධි නිලධාරි හමුව


   අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය මනුප හා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයන්හි සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සමග සාකච්ඡාවක් පසුගියදා (17) ගරැ අමාත්‍ය පි. හැරිසන්  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. එහිදී සමාද්ධි නිලධාරීන්ගේ ගැටලු ගැන හා ඉදිරි වැඩ සටහන ගැන ඇමතිවරයාගේ විශේෂ අවධානය යොමු විය. 

මැදිරිගිරියේ රාජ්‍ය සේවකයින්ට සෞඛ්‍ය වෛද්‍ය සායනයක්.....


  නිරෝගිමත් ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යෑම තුල තම රාජකාරියද සේවාදායකයා වෙනුවෙන්කාර්යක්ෂමව ඉටු කිරීමේ පරම අධිෂ්ඨාණය ඇතිව මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් සි.එම් කරුණාරත්න මෙනවිය තම සියළු රාජ්‍ය සේවා කාර්ය මණ්ඩලය සදහා සෞඛ්‍ය වෛද්‍ය සායනයක් පසුගිය 19 වෙනි දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

   දියවැඩියාව, අධි රුධිරපීඩනය, හෘද රෝග, ස්වශන රෝග‍, ඇස් පරික්ෂාව, කොලොස්ටරෝල් පරික්ෂාව, ආදී විවිධවූ පරික්ෂාවන්  මෙහිදී සිදුකල අතර මෙම අවස්ථාවට මැදිරිගිරිය රාජ්‍ය සේවයේ ප්‍රධානියා වශයෙන් හා මෙම වැඩසටහනේද නායිකාව වශයෙන් මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් තුමියද තම කාල වේලාව එළබෙන තුරු සියළු දෙනා සමග සතුට සොම්නස බෙදාගත්තේ උස් පහත් බේදයකින් තොරව  අනෙතකුත් නිලධාරින්ටද ආදර්ශයක් ලබාදෙමිණි.

   මෙම අවස්ථාවට සහභාගිවූවන් සමග සමෘද්ධි ගමන දොඩමළුවූයේ වැඩසටහන පිලිබදව අදහසක් දැනගැනීමේ අධිඨණනි.පැමිණි සියළුම දෙනාගේ අදහසවුයේ... මෙම වෛද්‍ය සායනය කාලයට උචිත බවත්, තමන් අසනීපයක් සෑදී රෝහල්ගත වීමෙන් පමණක් තම ශරීරයේ ඇති ලෙඩ රෝග හදුනා ගැනිමට හැකි බැවින් මෙවැනි වැඩසටහන්තුල විවිධවූ රෝගයන් කලින් හදුනාගැනීමෙන් ඒ සදහා අවශ්‍ය ප්‍රතිකාරයන් කිරිම තුලන් වලක්වා ගැනීමට හැකියාව ඇති බවයි.තවද සෑම වර්ෂයක් පාසාම ක්‍රියාත්මක කිරීම ඉතාම අගනා බවත්ය.

  සමෘද්ධි අංශයේ මූලස්ථාන කලමණාකරු දුරුතු කුමාරි මහත්මිය හා සමාජ සේවා නිලධාරිනී එස්.ඩි.ශිරාණි රේණුකා මහත්මිය මෙම සෞඛ්‍ය වෛද්‍ය සායනය සංවිධානය කරතිබූ අතර, මැදිරිගිරිය ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්.ඒ.අතුල උදය කුමාර මහතා සහ වෛද්‍ය නිලධාරී ජි.පි.ටි.ගලප්පත්ති මහතා ඇතුළු එම සෞඛ්‍යෙ සේවා නිලධාරී කාර්ය මණ්ඩලයේ පූර්ණ මැදිහත්වීමෙන් ඉතා සාර්ථකව පැවැත්විණ.
    
ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

Friday, July 13, 2018

සමෘද්ධියේ ඉදිරි සංවර්ධන කාර්යයන් පිළිබද සාකච්ඡාවක්


  සමෘද්ධි දෙපාර්තමේන්තුවෙහි ඉදිරි සංවර්ධන කාර්යයන් පිළිබද සාකච්ඡාවක් අමාත්‍යාංශයයේදී පසුගියදා (11) පැවැත්විය. එහිදී ගරැ අමාත්‍ය පී හැරිසන් මැතිතුමා, නියෝජ අමාත්‍ය රංජන් රාමනායක මැතිතුමා ඇතුලු සමෘද්ධි සංවර්ධන දෙපාර්කමෙන්තුවේ ඉහල නිලධාරී මණ්ඩලය සහභාගි විය. 

   මෙහිදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුවට අදාල විශේෂ සැලසුම් ඉදිරියේදී ක්‍රියාත්මක කල යුතු අාකාරය පිළිබදව විශේෂ අවදානය යොමු විය.

ගාල්ල දිස්ත්‍රික් කුඩා වයාපාර සංවර්ධනය පිළිබදව දැනුවත් කිරීමේ වැඩ සටහනක්


  2018/06/29 දින ගාල්ල දිස්ත්‍රික් කුඩා වයාපාර සංවර්ධන අංශය මගින් දැනුවත් කිරීමේ වැඩ සටහනක් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදී. එ් සදහා සමෘද්ධ් සංවර්ධන නිලධාරින්, ග්‍රාම නිලධාරීන් හා අාර්ථික සංවර්ධන නිලධාරීන් සහභාගි වන ලදී. එ් සදහා  ගාල්ල දිස්ත්‍රික් කුඩා වයාපාර සංවර්ධන අංශයේ සහකාර අධයක්ෂක  හා සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තර

Friday, July 6, 2018

පොසෙන් පොහොය නිමිත්තෙන් ගනිහිගම සමෘද්ධි බැංකුවෙන් වැඩසටහන් රැසක්


  දොම්පේ කොට්ඨාශයේ ගනිහිගම සමෘද්ධි බැංකු විසින් සංවිධානය කරන ලද පොසොන් ධර්ම දේශනාව හා කඩල දන්සල 2018/06/28 දින බැංකු පරිශ්‍රයේදී සිදු කරන ලදී. බැංකු කළමනාකරැ ඊ.එම්.කේ. එදිරිතිලක මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීමෙන් පාලක මණ්ඩල සභාපතිවරුන්, ප්‍රදේශ වාසීන් හා බැංකු කාර්ය මණ්ඩලය විසින් ඉතා සාර්ථක ලෙස සිදු කරන ලදී.

ගයෝමා ඒකනායක
සමෘද්ධි ගමන විශේෂ
දොම්පේ

Thursday, July 5, 2018

සමෘද්ධි බැංකුව තවත් පියවරක් ඉදිරියට තබමින් ස්ථාවර තැන්පතු ගිණුම් ආරම්භ කරයි............


  මේ වන විට ශ්‍රීලංකාවේ  ක්ෂුද්‍ර මුල්‍ය  ක්ෂේත්‍රෙය් ප්‍රමුඛයා බවට පත්වෙමින් දිළිදු  ජනනතාවගේ ඉතාම විශ්වාසනීය බැංකුව බවට පත්ව ඇත්තේ සමෘද්ධි බැංකුවයි.වසර විස්සකට පෙර ඉතා කුඩා ව්‍යාපාරයක් ලෙස ආරම්භ කල සමෘද්ධි ව්‍යාපාරය අද වන විට මිලියන ගණනක හිමිකරුවෙකු බවට පත්ව සිටි.

   ආරම්භයේ දී ව්‍යවසායකයින්ට රු.5000ක් වැනි කුඩා ණය ලබාදුන් සමෘද්ධි බැංකුව මේවන විට රු.500000.00 ,ලක්ෂ 10 වැනි විශාල ණය ලබාදීමට කටයුතු කරමින් සිටි.

  විසි වසරක පැමිණි ගමන්මගේ තවත් යෝධ පියවරක් ඉදිරියට තැබු සමෘද්ධි බැංකුව ස්ථාවර තැන්පතු ගිණුම් ආරම්භ කිරීමට සමත්වී ඇත.

  2017/12 චක්‍ර ලේඛයට අනුව, පුත්තලම සමෘද්ධි බැංකුව ස්ථාවර තැන්පතු ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කරන අතර එහිදි මුල්ම ස්ථාවර තැන්පතු ගිණුම ආරම්භ කල බැංකු පාලක මණ්ඩල සභාපති එස්.සිවරත්නම් මහතාට කලමණාකරු ඩබ්.එම්.එස්.කේ.වාසල මහත්මිය විසින් අදාල සහතිකය පිරිනැමීම ඡායාරූපයෙන් දැක්වේ.සහකාර කලමණාකරු එම්.ටි.එම්. නියාස් මහතා සහ සිවරත්නම් මහතා පදිංචි වසම බාර සමෘද්ධි නිලධාරිණි ඒ.ටී,ඉස්මියා මහත්මියද පසකින් 

චින්තන රත්නායක
ගමන සමෘද්ධි සන්නිවේදක
පුත්තලම.

සමෘද්ධි ප‍්‍රතිලාභීන්ගේ ගැටලු වලට විසදුම් සොයා


  සමෘද්ධි ප‍්‍රතිලාභීන්ගේ ගැටලු වලට විසදුම් ලබා දෙම්න් පසුගිය දින කිහිපය තුලම ගරැ අමාත්‍යතුමා ගම් නියම්ගම් සැරිසරම්න් ඔවුන් හමුවු අයුරැ

  ඒ අනුව මඩකලපුව පදිරිප්පු සමෘද්ධි ප‍්‍රතිලාභීන්ගේ හා ඔටිටමාවඩි සමෘද්ධි ප‍්‍රතිලාභීන්ගේ ගැටලු වලට විසදුමි ලබා දෙමින් 2018.06.30 ද. ත‍්‍රීකුණාමලය අමිබුවලිපුරම් හා පුමිබුහාර් ගම්මානවල සමෘද්ධි ප‍්‍රතිලාභීන්ගේ ගැටලු සොයා බැලීමේ ගමිදොර වැඩසටහනට එක්වෙමින් 2018.06.29 දිනද එක් වු අයුරැ

මිගොඩ සමෘද්ධි ප්‍රජා මුල සංවිධානයෙන් දානමය පිංකමක් . .


  මිගොඩ සමෘද්ධි ප්‍රජා මුල සංවිධානයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දානමය පිංකම පසුගිය පොසොන් පොහොය දින මිගොඩ පුර්වාරාම විහාරයේදි පැවැත්විණි. මෙදින සිල් සමාදාන්ව සිිටි උපාසක උපාසිකාවන් සදහා දානය පිරිනැමීම , මිගොඩ ප්‍රගති මාවත සමෘද්ධි ප්‍රජා මුල සංවිධානයේ සාමාජික සාමාජිකාවන්ගේ හා සමෘද්ධි නිලධාරීන්ගේ එකමුතුවෙන් සිදුවිය

සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

අනුරපුර යන වන්දනාකරුවන්ට පාලවිය සමෘද්ධි බැංකුවෙන් සව්කැද දන්සැලක්.......


   පොසොන් පෝය දිනට පෙර දින  අනුරාධපුරය බලායන වන්දනා කරුවන්ට සංග්‍රහ කිරීම සදහා සව්කැද  දන්සැලක් 2018.06.26 දින සවස පාලාවිය සමෘද්ධි බැංකුව ඉදිරිපිටදී පැවැත්විය.

   බැංකු කළමණාකරු ප්‍රියන්ත රණසිංහ මහාතාගේ උපදෙස් මත කළාපයේ සියළුම සමෘද්ධි නිලධාරින් හා පාලක මන්ඩල සභාපතිවරුන් එක්ව මෙම දන්සැල සංවිධානය කර තිබිණි.

   පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජීවනී හේරත් මහත්මිය හා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ සම්පත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දන්සැල ආරම්භ කල අතර පාලවිය සමෘද්ධි බැංකුව පිහිටා ඇත්තේ  කොළඹ අනුරාධපුර මාර්ගයට ඉතා ආසන්නයේ බැවින් වන්දනා කරුවන් විශාල පිරිසක් මෙම දන්සැලට සහභාගි විය

චින්තන රත්නායක
සමෘද්ධි ගමන සන්නිවේදක
පුත්තලම

සමෘද්ධියේ දරුවන්ට ශිෂ්‍යත්ව


  කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් සමෘද්ධි සමාජ සංවර්ධන පදනම විසින් ශිෂ්‍යත්ව 66 ක් ප්‍රදානය කිරීම සහකාර ප්‍රාදේශීය ලේකම් බී.පී.එස්. අනුරාධි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවුණා.

  ජාත්‍යන්තර දුම්වැටි විරෝධී කොඩි දිනය වෙනුවෙන් 2017 වසරේ දී සමුර්දි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද දුම්වැටි විරෝධී කොඩි දින වැඩසටහනේදී කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අරමුදල් රැස් කිරීමේ වැඩසටහනට ප්‍රදේශයේ දානපතියන් විසින්  ලබා දුන් රුපියල් රු:378000/= ක මුදලක් මේ සදහා යොදාගත් බව සමෘද්ධි සමාජ සංවර්ධන නිළධාරී ටී.එච්.පී. ජයවර්ධන මහතා පැවසීය.

එල් පි වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේද
කරන්දෙණිය