Monday, July 31, 2017

කැකුළු ළමා සමාජ තරගාවලිය සාර්ථකව අවසන්


   අක්මීමන  ප්‍රාදේශිය  ලේකම් කොටිඨාශයේ කැකුළු ළමා සමාජ තරගාවලිය පසුගියදා (29) දීන  පෙ.ව. 9 සිට  ප්‍රාදේශිය  ලේකම් කාර්යාලයේ  දී සාර්ථක අන්දමින් පැවැත්වීණි. විවිධ දක්ෂතා අැති දු  දරුවන් ඉතා උද්යෝගයෙන් තරගාවලිය සඳහා සහභාගිත්වය ලබා දෙන ලදි. තරග විනිශ්චය  කටයුතු  සඳහා  කුරුඳු වත්ත අධ්‍යාපන  විද්‍යාපීඨයේ පුහුණු ලාභි ගුරු සිසුවියන් සහභාගි විය.  මුලස්ථාන කලමණාකරු ටි.ජි.කේ. නන්දනි, කලමණාකාර අධ්‍යක්ෂ නිමල් වික්‍රමසිංහ, සමාජ සංවර්ධන කලමණාකරු  ශ්‍රියාලතා, සමාජ සංවර්ධන  සහකාර රංජිත්, සියලු බැංකු කලාප නියෝජනය කරමින් සහකාර ඇතුලු මහත්ම මහත්මින් මල් වන් දරැවන්ගේ දස්කම් දැක්වීමට සහයෝගය දක්වමින්  සහභාගි විය. 

කේ. ආර්. සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

බොන්නට දිය බිදක් ලැබෙන තුරැ අදත් අපි පෝලිමේ


   වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම්   කොට්ඨාසයට අයත්  සිරිගමපල   සාන්තආනා ජනපදයද රටේ  පවතින  දැඩි නියගය හේතුවෙන් තම ජල අවශ්‍යතාවන් සපුරා ගැනිමට ජලය නොමැතිව මහත් අසිරැතාවයකට පත්ව ඇත. මෙය මැද/ ලුනුවිල, නැ/ලුනුවිල , ද/සිරිගමපල, උ/සිරිගමපල   ග්‍රාම නිලධාරි වසම් 4 ක බල ප්‍රදේශයක් වන අතර  පවුල් පන්දාකට වඩා වැඩි ප්‍රමාණයක්  වාසය කරයි.  ගමන කැමරා  කාචයේ  සටහන්ව ඇත්තේ  නැ / ලුනුවිල   3 කොටස  ජනතාව  ආපදා කළමණාකරන ආමාත්‍යංශය  මගින්  පොදු ස්ථාන වල තබා ඇති ජල ටැංකි සදහා   ජලය රැගෙන ජල බවුසර්  පැමිනෙන තුරැ තමන්ගේ බාල්දි  බකට් රදවා තමන්ගේ ස්ථානය සනිටුහන්  කර  ඇති ආකාරයයි.

   බොන්නට දිව බිදක් ලබා ගැනීම සදහා ඉතා කඩිනමින්  නල ජල ව්‍යාපෘතියක්  ලබා දෙන ලෙස  ප්‍රදේශවාසීන් ඉල්ලා සිටි.

සි. ප්‍රිති  උදයසිරි  ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

සමෘද්ධීයෙන් බුලත් ගමක්

    
   ගාලු දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රතඹලා කැටිය, උඩුවැල්ල, ඇල්ල ඉහල යන ග්‍රාම නිලධාරි වසම් තුනක දැනට බුලත් වගා කරන ගොවින් 150ක් පමණ තෝරා ගෙන බුලත් ගමක් නිර්මානය කිරිමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.  මෙම වසම් භාර සංවර්ධන නිලධාරීන් වන නීල් ජයලත් මහතා, එම්.ජි. විනීතා මහත්මිය ව්‍යාපෘති කලමනාකරු ආනන්ද මායාකඩුව මහතා, සහකාර ව්‍යාපෘති පියල් මහතා සමග මුලස්ථාන කලමණාකරු අනුර මහතාගේ අධීක්ෂණය යටතේ ගොවි මහතුන් තෝරා ගැනීම සිදුකර ඇත. 
   
   ලක්ෂ 70 ක මුදලක්  සමෘද්ධි ප්‍රතිපාදන මෙම ව්‍යාපෘතිය සදහා වෙන්කර ඇත. ව්‍යාපෘතියට සම්බන්ද වන   ගොවින්ගේ අවශ්‍යතා හදුනාගෙන  ද්‍රව්‍යම , මූල්‍යමය ආධාර  හා දැනුම ලබා දීමට ද ව්‍යාපෘති අංශය සැලසුම් සකස්කර ඇත .

    වගා කරනු ලබන බුලත් අපණයනය සදහා සැලසුම් කර ඇති අතර  දැනට අපණයනය සදහා නිශ්පාදනය කරනු ලබන දොම්පේ ප්‍රාදෙශීය ලේකම් කොට්ටාසයේ තෙල්කැකුණ ග්‍රාම නිලධාරි වසමේ බුලත් ගොවියන්ගේ සංගමය සමග දැනුම බෙදා ගැනීම සදහා පසුගිය දා ගොවි මහතුන් එම වගාබිම් බලා කැදවාගෙන යාමට කටයුතු කරන ලදි. එහිදී සංගමයේ සභාපති විශ්‍රමලත් විදුහල්පති ආරියරත්න මහතා උපදෙස් ලබාදීම සිදුකරන ලදි .

    ගොවි මහතුන්ට ශක්තියක් වන්නට යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් චන්දිම මුහන්දිරම්, මහා සංගම් අධ්‍යක්ෂිකා තුෂානි උඩුකල, මුලස්ථාන ග්‍රාම නිලධාරි ඉන්දිකා නිල්මිනි, සංවර්ධන නිලධාරි උපුල් සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන් සහභාගි විය .දොම්පේ මාලිද සමෘද්ධි කලාපයේ කලමණාකාර තුමා, ක්ෂ්‍රේත්‍ර සහකාර තුමිය, තෙල් කැකුණ ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරි තුමා, සමෘද්ධි සංවර්ධන නිලධාරි ප්‍රියන්ත මහතා ඇතුලු සැම දැක්වූ සහයෝගය ඉමහත්ය.


ජෙ.එල්. ගාමිණී
සමෘද්ධි සන්නිවේදක
යක්කලමුල්ල

Sunday, July 30, 2017

සමෘද්ධියයි....... මහවැලියයි...... දිවියට දිරියක් සොයන ජානකී


    මැදිරිගිරිය දිරිය මිනිසුන් සොයා ගිය ගමනේදී සමෘද්ධි ගමනට හමුවූ තවත් දිරිය ලියකි පි.ජි. ජානකි ඉරේෂා මහත්මිය 97 වෙඩිකච්චිය සමගිපුර පහල කොටසේ පදිංචි ඇය නිවසට වී නිකරුනේ කාලය ගෙවූ අතර ඇයගේ ස්වාමියා දෛනික කුලී වැඩ කරමින් පවුලේ බර කරට ගෙන සිටි අයෙකි. ජානකීද අදයට දේශීය කිරි ගවයෙකු බැලූ අයෙක් වන අතර සමෘද්ධි වැඩසටහනට සම්බන්ධවී 2015 ජීවනෝපාය චක්‍රීය ණය වැඩසටහන මගින් රුපියල් 75000/-ක ණය මුදලක් ලබා ගැනීම සදහා මගපෙන්වා ඇත්තේ සමෘද්ධි සංවර්ධන නිලධාරී එම්.ජී. අතුල සිරි කුමාර මහතා විසිනි. එම මුදල් සහ තමාගේ ඉතිරිකිරිම් මුදල් යොදවා තමාටම කිරි ගවයෙක් ලබාගත් ජානකි දැනට කිරි ගවයින් 07 දෙනෙකුගේ හිමි කාරියෙකි.

   මේ දක්වා රුපියල් 35000/-ක පමණ මාසික කිරි ආධායමක් ලබාගත්තද දැනට කිරි අවාරය බැවින් ලබා ගනුයේ දිනකට කිරි ලීටර් 04 පමන වන අතර රුපියල් 7500/-ක මුදලක් වුවද කිරි ශිතකරණයක් ගමට තිබිමෙන් මෙම මුදලද දෙගුණ කර ගැනීමට හැකි වන බව ඇයද පවසයි.

    මහවැලි සංවර්ධන අධිකාරිය මගින් කිරි ගවගාල සදහා රුපියල් 50000/-ක ආධාර මුදලක් ලබාදී ඇති ඇතර ජානකීගේ ඉදිරි බලාපොරොත්තු වනුයේ කිරි දෙනුන් 25 පමණ ඇති කර එය තම ස්වාමියාට පවරා තම ස්වාමියා වෙනත් තැන්වල කුලියට යෑම නතර කිරිමයි.

   එම අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සදහා පලමු පියවර වශයෙන් රුපියල් ලක්ෂ 02ක පමණ ණය මුදලක් සමෘද්ධි බැංකුවෙන්ද, සමෘද්ධි ජීවනෝපාය වැඩසටහනින් රුපියල් 50000/-ආධාරයක් සහ මහවැලි සංවර්ධන අධිකාරියෙන් කිරිගව ප්‍රධානයන්ද අපේක්ෂා කෙරේ.

එම්.පි.ඩබ්. මල්කාන්ති දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

Saturday, July 29, 2017

මැදිරිගිරියේ දිවිය ජයගත් දිරිය මිනිසුන්

   1948 නිදහසෙන් පසු අප බොහෝ දෙනෙක් බලා සිටිනුයේ රජයන් විසින් තම නිවසටම නිකන් ලබා දෙනු ලබන සහනාධාර පත්‍රිකා දෙසය. එසේ ලබා දුන්නද තමන්ගේගේ විවිධවූ ප්‍රශ්ණ හා ගැටළු වලට විසදුම් සොයා ධනාත්මක ආකල්පමය වර්ධනයෙන් තම පවුලේ විවිධ වූ සම්පත් උපයෝගී කරගෙන දුප්පත් කමින් මිදීමට තම වටා ඇති රාජ්‍ය රාජ්‍ය නොවන සම්පත් උපයෝගී කරගන්නේද ඉතාම සුළු පිරිසකි.

   බොහෝ දෙනෙක් තම බඩ වියත පමණක් රැක ගැනීම සදහා විවිධ වූ ආයතන වලින් සහනාධාර සොයා යන මොහොතක සමෘද්ධියේ දැක්ම යථාර්තයක් කිරිමට සමෘද්ධියේ මෙහෙවරවූ සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය භාවිතා කරමින් දිවියෙන් ජයගන්නා වු දිරිය කතුන් සමෘද්ධි ගමනට හමුවූයේ මැදිරිගිරිය මණ්ඩලගිරිය සමෘද්ධී කලාපයේ 97 වෙඩිකච්චිය ග්‍රාම නිලධාරී වසම තුලදීය...   පලමුවෙන්ම ගමනට හමුවූයේ අංක 185 සමගිපුර පදිංචි ඊ.ජි. චන්ද්‍රාවතී මහත්මියයි.. තම ස්වාමියා කුලී වැඩ කරමින් තමා සහ තම දරුවන් පෝෂණය කරමින් සිටින අවස්ථාවේදී රු.420/- සමෘද්ධි සහනාධාරයක් ලැබ සමෘද්ධි වැඩසටහනට සම්බන්ධ වූ ඇය අදයට අසල්වැසියෙකුගෙන් දේශිය ගව දෙනෙකු ලබාගෙන කිරිගව පාලනයට මුලපුරා ඇත. ස්වාමියා කුලී වැඩ කරන ගමන් කිරිගව පාලනයද ස්වාමියාට පවරූ ඇය සමෘද්ධි වැඩසටහනින් ජුකී මැෂිමක් ලබාගත්තේ තමා රෙදි මැසීමට දන්නා බැවින් හා තමා නිවසේ නිකරුනේ කාලය ගෙවීම පවුලේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන බැවිනි. මේ වන විට ඇදුම් මැසීමෙන් මාසෙකට රුපියල් 10000/-ක් 15000/-ක් පමණ ඇය අතිරේක ආධායමක් ලබා ගන්නා බව ඉතා සතුටින් ඇය ප්‍රකාශකර සිටියාය.

    2015 වර්ෂයේදී සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහනේ චක්‍රීය ණය වැඩසටහනට සම්බන්ද වී ඇත්තේ එවකට සේවය කල සමෘද්ධි සංවර්ධන නිලධාරී එම්.ජී. අතුල සිරි කුමාර මහතාගේ මග පෙන්වීමෙනි. එමගින් රුපියල් 50000/-ක ණය මුදලක් හා තමා ලග ඉතිරි කරගත් මුදල්ද යොදවා තමාටම කිරි ගවයෙක් මිලදී ගත් ඇය මේ වන විට තමාගේම කිරි ගවයින් 10 දෙනෙකුගේ අයිතිකරුවෙකි. කිරි ලබා දෙන දෙනුන් දෙදෙනෙකු පමණක් අද වන විට සිටින බැවින් එම දෙනුන්ගෙන් දිනකට කිරි ලිටර් 15 පමණ ලබා ගන්නා බවත් කිරි ලීටරය රුපියල් 65/=, 67/=ට අලෙවි කරන බවද, ඉදිරියේදී අනෙකුත් දෙනුන්ද ගැබ්බර වීමෙන් මෙය වැඩිවන බවත්, පැවසූ චන්ද්‍රාවතී මහත්මිය කිරි ශිතකරණයක් තිබීමෙන් ඇය සමග සිටින තවත් 20 දෙනෙක් පමණවූ හිතවත් අයගේ දෙනුන්ගෙන් සවස කිරි ලබාගෙන මෙම ආධායම දෙගුණ කරගතහැකි බව පවසයි... මෙම ගමනට සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය තුල මැදිරිගිරිය මහවැලි සංවර්ධන අධිකාරිය විශාල දායකත්වයක් ලබා දුන්බව ඇය පැවසූවේ ඉබින්න දුන්න අත කිසිදා සපානොකන්න යන වදන ගමනට සිහිපත් වීමෙනි.

   මහවැලි සංවර්ධන අධිකාරියේ ධම්මිකා මහත්මිය, ස්වදේශිකා මහත්මිය, අනුරුද්ධ මහතා සහ ප්‍රධාන නිලධාරීතුමා ඇතුළු පිරිස තම දිළිදු බවින් මිදිම සදහා ගවගාල සදහා රුපියල් 50000/=ක්, කිරිගවයෙකු සදහා රුපියල් 40000/-ක්, තණකොළ කැබලි කරන මැෂිම සදහා රුපියල් 40000/=ක්, ප්‍රධානයන් වශයෙන් ලබාදුන් බවත්,  9% වාර්ෂික පොළිය මත රුපියල් 100000/=ක ණය මුදලක් දී කිරිගව පාලනය සදහා උනන්දු කල බව බවසන ඇය කිරි දෙනුන් 20ක් ඇතිකර දිනකට කිරි ලීටර් 100ක් ඉදිරි අපේක්ෂාව බවද වැඩිදුරටත් ඇය කියා සිටියේය. තමාගේ පවුලේ කාලය තවත් ඉතිරිවී ඇති බැවින් 2017 වර්ෂයේදී මහවැලි අධිකාරිය මගින් ඕකිඩි සහ ඇන්තූරියම් මල්පැල වගාව කරගෙන යෑම සදහා රුපියල් 50000/-ක් වටිනා මල් ගෙයක් ( නෙට් හවුස් )  අනුමත වී ඇති බවත් ඒ සදහාද අවශ්‍ය කටයතු කරගෙන යන බව එතුමිය සදහන් කරන ලදි....

   දිළිදුකමින් මිදිමට සමෘද්ධි සහනාධාර දීමනා පත්‍ර අනවශ්‍ය බවත් උනන්දුව උත්සාහය කැපවීම තිබේනම් ඉදිරි ඉලක්ක අභියෝග ජයගතහැකි බව පවසන චන්ද්‍රාවති මහත්මිය යමක් ලගට දෙනතුරු නොසිට විවිධවූ සම්පත් සොයා ගොස් එක් දෙයකට එක් ආයතනයකට සීමානොවී පටු ආකල්ප වලින් බැහැර වීමෙන් පවුලේ මෙන්ම රටේ ආර්ථිකයටද දායක වියහැකි බව පැවසූවේ මහත් අභිමානයෙනි... අවසන් වශයෙන් සහයෝගය දුන් සියළු නිලධාරින්ට ස්තූතිය පුදකිරිමට එතුමිය අමතක කලේ නැත.

   චන්ද්‍රාවති මහත්මිය සමගිපුරට පමණක් නොව රටටම චන්ද්‍රාවක් වෙනු ඇතැයි සමෘද්ධි ගමනද අපේක්ෂා කරන්නෙමු...

එම්.පි.ඩබ්. මල්කාන්ති දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

වෙන්නප්පුව සමෘද්ධි කැකුලු ළමා සමාජ තරග සාර්ථකව අවසන්වේ


   වෙන්නප්පුව, නයිනමඩම, බොරලැස්ස, වයික්කාල  සමෘද්ධි කලාප වලට අයත්  වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි  කැකුලු ළමා සමාජ  සහිත්‍ය හා සංස්කෘතික තරග අද දින (29)  ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ රැස්වීම් ශාලාවේදි  ප්‍රවින විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ පැවැත්වූනි. මේ සදහා  කලාප තරගවලින් සැම අංශයකින්ම තෝරා ගන්නා ලද  තරගකරැවන් රැසක් සහභාගි වි් සිට් අතර එය  ගමන කැමරා කාචයෙ සටහන් වු ආකාරය.



සි. ප්‍රිති  උදයසිරි  ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

ගෝනාපීනූවල සමෘද්ධි කැකුළු ළමා සමාජ සංස්කෘතික හා සාහිත්‍ය තරගාවලිය පැවැත්වේ..


   සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන සමෘද්ධි කැකුළු ළමා සමාජ සංස්කෘතික හා සාහිත්‍ය තරගාවලියේ ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ තරග අද දින (29) අළුත්වල මහා විද්‍යාලයේ දී පැවැත්විණි.

    මේ සදහා කොට්ඨාශයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ නියෝජනය කරමින් දරු දැරියන් රැසක් සහභාගීවී සිටි අතර විවිධ වයස් කාණ්ඩ යටතේ තරග ඉසව් රාශියක් පැවැත්විණි. ඒ අතරින් සරල ගී, ශ්‍රාස්ත්‍රිය ගායනා, ශ්‍රාස්ත්‍රිය වාදනය, ජන ගායනා, ජන නැටුම්, නිවේදන, චිත්‍ර , කඨික, ගද්‍ය හා පද්‍ය රචනා යන තරග ඉසව් සදහා දරු දැරියන්ගේ ඉදිරිපත් වීම කැපි පෙනුන කරුනක් විය.

   ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් එල්.එන්. පියුමලි ලියනගේ මහත්මියගේ මගපෙන්වීමෙන් හා උපදේශකත්වයෙන් ගෝනාපීනූවල සහකාර  ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුණසේන මහත්මියගේ හා ගෝනාපීනූවල සමෘද්ධි මූලස්ථාණ කළමණාකරු ගංගා ගුරුසිංහ මහත්මියගේ අධීක්ෂණය යටතේ සමාජ සංවර්ධන සහකාර දුමින්ද විජේරත්න මහතා විසින් සංවිධානය කල මෙම තරගාවලියේ විනිශ්වය කටයුතු සදහා ප්‍රදේශයේ පාසැල් රැසක විෂයානු බද්ධ ගුරු භවතුන් හා ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විෂයානු බද්ධ නිලධාරීන් විසින් සිදුකරන ලදි. 

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සංනිවේදක
ගොනාපිනූවල

Friday, July 28, 2017

බෙන්තර ඩෙංගු වුවදුර හා මත් වුවදුර අවම කිරිමට වහාම පියවර ගැනේ



   බෙන්තර ප්‍රාදේශිය ලේකම් කොටිඨාශයේ  සම්බන්ධිකරන කමිටු රැස්විම බෙන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පසුගියදා (17) පැවැත්විණි. එහිදි ගොවි ජනතාව සදහා පොහොර ලබා දිම, දෙද්දුව ව්‍යාපෘතිය පිලිබදව හා මහ උෟරගහ බෝදිමලුව සුදුවැලිපත යන ප්‍රදේශ වලට බස්රථ වල අඩු පාඩු පිලිබදවද සාකච්චා කරන ලදි. විශේෂයෙන්ම ප්‍රදේශයේ පවතින ඩෙංගු  වුවදුර හා මත් වුවදුර පිලිබදවද සාකච්චා කරන ලදි. එහිදී මෙම ගැටලු දෙක සදහා වහාම අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සංවිධානය කල යුතු බව තිරණය කරන ලදී.

කේ. ඒ. මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තර

බොරලැස්ස සමෘද්ධි කලාපයේ කැකුලු ළමා සමාජ තරගාවලිය සාර්ථකව අවසන්


   රට පුරා ක්‍රියාත්මක  සමෘද්ධි  කැකුලු ළමා සමාජ  සාහිත්‍ය හා සංස්කෘතික  තරගාවලියට සමගාමිව  බොරලැස්ස  සමෘද්ධි  කලාපයේ  චිත්‍ර , නර්තන හා රචනා  තරග  එම කලාපයේ කලමණාකරු  දර්ශන  සිසිර කුමාර මහතාගේ  පුර්ණ අධ්ක්ෂණයෙන්  පසුගියදා (24 )  බොරලැස්ස රජයේ  විද්‍යාලයේ දි් පැවැති අවස්ථාව  ගමන කැමරාවේ සටහන් වු අයුරැ.

සි ප්‍රි්ති  උදයසරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

Thursday, July 27, 2017

සමාජ සංවර්ධන පදනමට වැඩිම අරමුදල් රැස්කල නිලධාරින් ඇගයිමට ලක්වේ


   වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  සමෘද්ධි  සමාජ සංවර්ධන පදනමට  අරමුදල් රැස්කිරිම සදහා දායකත්වය ලබා දුන්  සමෘද්ධි සංවර්ධන  නිලධාරින්  ඇගයිමේ වැඩසටහනක්  අද   දින (27)  ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයීය  රැස්වීම් ශාලාවේදි පැවැත්වූනි. මෙය සංවිධානය කර තිබුනේ  මහ සංගම අධ්‍යක්ෂක අනුර හෙලසිරි රාජපක්ෂ  මහතාගේ උපදෙස් මත  සමාජ සංවර්ධන  සහකාර පද්මිනි මහත්මිය විසිනි. එම අවස්ථාවේදී සමෘද්ධි  සංවර්ධන නිලධාරින් තම ඇගයම් කලමණාකරුවන් අතින් ලබාගන්නා ආකාරය ගමන කැමරා කාචයේ සටහන් වු අයුරැ.

සි. ප්‍රි්ති  උදයසිරි  ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව  

පවුල් උපදේශනය හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන


   අඩු ආදායම් ලාභී පවුල්වල ජීවන මට්ටම ඉහල නැංවීම අරමුණු කර ගෙන පවුල් ආරවුල් විසඳා ගැනීම ළමා අපචාර වළක්වා ගැනීම, නිවැරදි සංවර්ධන ඉළක්ක කරා ලඟාවීම පිළිබඳව උපදේශන වැඩසටහනක් පසුගියදා ඇළහැර සමෘද්ධි සමාජ සංවර්ධන පදනම විසින් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන සදහා පවුල්වල ස්වාමියා සහ බිරිඳ දෙදෙනාම  සහභාගීවීම සුවිශේෂී කැපී පෙනෙන කරැනක් විය.  සම්පත්දායිකාව ලෙස උපදේශන නිළධාරී සුසන්තා ජයලත් මහත්මිය සහභාගී වු අතර සමාජ සංවර්ධන සහකාර ජානක නලින් කුමාර මහතාගේ මැදිහත්වීම මත මුලස්ථාන කළමණාකාර ගාමිණී කුමාරසිංහ මහත්මාගේ උපදෙස් අනුව අංක 10 කෝට්ටපිටිය දකුණ වසම භාරව කටයුතු කරන සමෘද්ධි සංවර්ධන නිළධාරී ඊ එම් ජී, පේමතිලක මහතා මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

කේ.එම්. වික්‍රමවංශ රාජපක්ෂ
සමෘද්ධිි ගමන සන්නිවේදක
ඇළහැර

වෙන්නප්පුව සමෘද්ධි ප්‍රගතිය සමාලෝචනයේ පළමු තැන නයිනමඩුව බැංකු කළාපයට


     වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ   2017   අප්‍රේල් මස 01  සිට   ජුනි මස 30 දක්වා  මහ සංගම් ප්‍රගති සාමාලෝචන රැස්විම   අද  දින (27)  ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ  රැස්විම් ශලාවේදි   පැවැත්වූනි.   එහිදි  කොට්ඨාශයට ආදාල  කලාප 4රේම  මාසික තැන්පතු ඉලක්කයන්, ණය  ලබාදිම්, කල්පසු  ණය, බොල්ණය අයවිම් හා කල අයෝජන සම්බන්ධව  ප්‍රගතිය සමාලෝචනය කල අතර එහිදි පිලිවෙලින්  නයිනමඩම  කලාපය  පලමු ස්ථානයත්, වෙන්නප්පුව  කලාපය  දෙවන ස්ථානයත්,  බොරලැස්ස   හා වයික්කාල  කලාප තෙවන  හා සිව්වන ස්ථාන ලබා ගන්නා ලදි.


සි. ප්‍රි්ති  උදයසිරි   ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව  

සජීවිකරණයෙන් අවදිව දිවියෙන් ඉදිරියට .........

  ඵලයක් ගන්න ගසක් සිටෙව්වත් තමා බලාපොරොත්තුවන ප්‍රතිඵල නොලබන බව බොහෝ දෙනෙක් අද කියන දෙයකි. ගස සරු සාරව හැදී වැඩී ඇති අතර ගසෙන් පවස නිවන සිසිලස පමණක් ලබාදීම හෝ ගෙඩි කීපයක් පමණක් හට ගැනිම වැනි හේතු බොහෝ දෙනෙක් පවසයි.
   
   මැදිරිගිරිය 86 ගජබාපුර වසමේ පසුගිය දිනක කරන ලද සමාජ සජීවිකරණ පුහුණු වැඩසටහනින් අනතුරුව තමා විසින්ම සම්පත් සොයා ගැනීමට උනන්දුවක් දක්වන විවිධ අවශ්‍යතා ඇති  පිරිස් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ සම්බන්ධව ක්‍රමාණුකූලව පැල තවාන්කරණය පිළිබදව හා තම ගෙවතු තුල ඇති විවිධවූ පළතුරු ගස්වල ගෙඩි හට නොගැනීම සම්බන්ධව පලතුරු පැල කප්පාදුව පුහුණු වැඩසටහන් දෙකක් දින දෙකකදී සංවිධානය කර පවත්වන ලදි.

    මේ සදහා මගපෙන්වීම් ලබාදී ඇත්තේ සමෘද්ධි සංවර්ධන නිලධාරී එම්.පි. වජිරා මල්කාන්ති මහත්මිය වන අතර, පාලක මණ්ඩල ගරු සභාපති අයි.ජි. දුමින්ද ප්‍රියන්කර මහතා විසින් සංවිධාන කටයුතු කරන ලදි. අදාල පුහුණු ලබාදෙන ලද්දේ මැදිරිගිරිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශිකා හෂාරා චතුරාංගනී මහත්මිය විසිනි. සහභාගී වූ සියළුම දෙනා කියා සිටියේ මෙවැනි පුහුණු වැඩසටහන් ඉතාම අත්‍යාවශ බවත්, සම්පත් වලින් උපරිම ප්‍රයෝජන නොගැනීම දුප්පත් කමට බලපාන තවත් කරුණක් බවයි..... කුඩා කණ්ඩායම් වශයෙන් ගස් කප්පාදුව සිදුකර අනවශ්‍ය අතු ඉවත්කර වැඩි ළුලදාවක් ලබාගෙන මෙම පුහුණු වැඩසටහනේ ඵල නෙලා ගන්නා බවයි.....

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

Wednesday, July 26, 2017

සමෘද්ධි දිරිය පියසෙන් නිවසක්

 
   සමෘද්ධි සහනාධාරලාභී සහ අඩුආදායම්ලාභී පවුල් වල නිවාස අවශ්‍යතාව සපුරාලීම අරමුණ කොට රටපුරා ක්‍රියාත්මක සමෘද්ධි දිරිය පියස නිවාස සංවර්ධන වැඩසටහනට අදාළව කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2017 වසරේ ඉදිවෙමින් පවතින නිවාස 02 අතර 39F හල්ගහවේල්ල වසමේ සිව් දෙනෙකුගෙන් යුතු පවුලේ ටී.එච්. පේමවතී මහත්මියගේ නිවාසය මුල්ගල තබා වැඩ ආරම්භ කිරීම පසුගියදා සුභ මොහොතින් සිදුවිය.

   මෙම නිවාසයන්හි ඉදිකිරීම් කටයුතු සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු සමාජ සංවර්ධන අංශය වෙතින් එක් නිවාසයක් වෙනුවෙන් කොටස් වශයෙන් රු:150000/= ක මුදලක් බැගින් ලබාදීමට නියමිතව ඇත. මෙම වැඩසටහන වසම්භාර නිලධාරීන් විසින් මෙහෙයවීමේ වගකීම දරණ අතර ප්‍රාදේශීය ලේකම් ප්‍රධාන සමෘද්ධි සමාජ සංවර්ධන පදනමේ පූර්ණ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වේ.

   ලබාදීමට යෝජිත මුදල සම්පූර්ණයෙන්ම පරිත්‍යාගයක් වන අතර නිවෙස් හිමියන් ලබාදෙන දායකත්වය සහ කැපවීම මත අංගසම්පූර්ණ නිවාසයක් අදාල පවුල වෙත ලැබෙන හෙයින් පවුලේ නිවාස ගැටලුව වසර 20කට පමණ විසදීයනු ඇත.

   මත්ද්‍රව්‍ය හෝ දුම්වැටි භාවිතයෙන්යුත් විනය පිරිහුණු ගෙදර වෙනුවට සතුට සොම්නස පිරුණ නිවහනක් සෑම පවුලකටම හිමිවන මානුෂික උරුමකම සැකසීමේ මෙම වැඩසටහන කරන්දෙනිය කොට්ඨාශයේ ඉතාම උසස් මට්ටමින් ක්‍රියාත්මක කිරීම ඉලක්කය බව සමාජ සංවර්ධන නිලධාරීවරයා පැවසීය.


එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

සමෘද්ධි වවසායකයින්ට නව්‍ය අලෙවිකරණ උපක්‍රම පිළිබද පුහුණුවක්................


     ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි වවසායකයින්ට නව්‍ය අලෙවිකරණ උපක්‍රම පිළිබද දැනුම වර්ධනය කිරීමේ එක් දින පුහුණු වැඩසටහනක් ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2017.07.25 දින කාර්යාලීය ශ්්‍රවණාගාරයේදී පැවැවිණි.

    ඒ මගින් පාරිභෝගිකයින් දිනා ගැනීම සදහා මෙන්ම තම වෙළද පොල කොටස ස්ථායීව පවත්වාගෙන යාම හා වෙළද පොල ක්‍රමිකව පුළුල් කර  ගැනීම සදහා ඔවුන් අනුගමනය කලයුතු අලෙවි උපක්‍රම පිලිබද දීර්ග දැනුමක් සමෘද්ධි වවසායකයින්ට ලබා ගැනීමට හැකි විය. මෙම පුහුණු වැඩසටහන සදහා ගෝනාපීනූවල ප්‍රාදේශීය සමෘද්ධි ව්‍යාපාරික සංගමයේ සියළුම සාමාජිකයන් සහභාගී වී සිටි අතර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ සී.ඩබ්.කේ. මන්ඩලවත්ත මහතා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ වවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී මොහොමඩ් ෆයිසාල් නුස්කා මහත්මිය පුහුණු උපදේශන සපයන ලදි.

    ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි ව්‍යාපෘති කළමණාකරු එච්.ජී. කමල් වන්දන මහතා විසින් මෙම පුහුණු වැඩසහෙන සංවිධානය කල අතර ගෝනාපිනූවල සමෘද්ධි මූලස්ථාන කළමණාකරු ගංගා ගුරුසිංහ මහත්මිය ඇතුව නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනාපිනුවල

Tuesday, July 25, 2017

කරන්දෙනිය කොට්ඨාශයේ පුහුණුවීම් අඩුආදායම්ලාභීන්ට


      සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් රටපුරා ක්‍රියාත්මක ජීවනෝපාය සංවර්ධන වැඩසටහනට අදාළව ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රතිලාභී සහ අඩුආදායම්ලාභී ප්‍රජාවගේ ජීවන මට්ටම නගාසිටුවීමේ අරමුණින් ස්වයං රැකියාලාභීන් සදහා විශේෂ පුහුණුවීම් මාලාවක් පැවැත්විමට සමෘද්ධි ව්‍යාපෘති අංශය කටයුතු යොදා ඇත.

  ඒ යටතේ පහත සදහන් අයුරින් පුහුණුවීම් සැලසුම් කොට ඇත.
1. මහණ මැෂින් අලුත්වැඩියාව සහ නඩත්තුව - ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය 
2. විසිතුරු මත්ස්‍ය අභිජනනය - ජලජීවී වගා සංවර්ධන අධිකාරිය 
3. නව්‍ය අලෙවිකරණ ක්‍රමෝපායන් හදුන්වාදීම - කුඩා ව්‍යාපාර සංවර්ධන අධිකාරිය 
4. කසළ කලමනාකරණය සහ කාබනික පොහොර නිශ්පාදනය - ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ කාර්යාලය 
5. විවිසිතුරු මල් වගාව සහ දියරමය පොහොර නිශ්පාදනය - කෘෂිකර්ම පුහුණු පාසල පෝද්දල යන ආයතනවල සම්පත් දායකත්වය ලබාදීමට කටයුතු සූදානම් කොට ඇත.

      මේ අතරින් මහණ මැෂින් පුහුණු වැඩසටහන පසුගියදා කරන්දෙනිය සමෘද්ධි බැංකු සමිති  ශ්‍රවණාගාරයේදී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උපදේශකවරුන් විසින් පවත්වන ලදි. අනෙකුත් පුහුණුවීම් අදාල ආයතනවලින් දින වෙන්කොට දෙන පරිදි පවත්වන බව ව්‍යාපෘති කලමනාකරු සමන්ත බේරුවල මහතා පැවසීය.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

සමෘද්ධියෙන් සවිය ලබා රටම දිනු පැහැසර අක්කා


   ගාල්ල දිස්ත්‍රික්කය පුරා කුඵබඩු වෙළද ක්ෂේත්‍රයේ ''පැහැසර" නාමය ගැන නොදන්නා අයෙක් නොමැති තරමටම ඇයගේ නිශ්පාදන ජනප්‍රියය. ඒ පාරිභෝගියන්ගේ රස නහර පිනවන්නට ප්‍රමිතියෙන් උසස් නිශ්පාදන ඔවුන් වෙත ලබාදෙන්නට ඇය ට තිබු හැකියාව නිසාමය. අනේක වු දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරුණු ඇගේ කථාව සැබැවින්ම දියුණවන්නට සිතන ඕනෑම කෙනෙකුට ලැබෙන වටිනා පාඩමක් බව කිව යුතුමය.

    ගාල්ල, තලගහ, කාල්ටන් සිටි හි පදිංචි ඇය නමින් ශ්‍රියාණි හෙට්ටිආරච්චිය. නමුත් බෝහෝ දෙනෙක් ඇය හදුනන්නේ පැහැසර අක්කා ලෙසිනි. ඒ ඇයගේ නිෂ්පාදන ඒ තරමටම ඔවුන්ගේ ජීවිත වලට සමීප වු නිසාමය. ශ්‍රියාණි මහත්මිය තම කුඵබඩු වෙළද වයාපාරය අරඹන්නේ 2008 වර්ෂයේදී මිරිස් කුඩු, තුනපහ කුඩු, ඇතුඵ කුඵ බඩු නිෂ්පාදන වෙළද පොළට එක් කරමින්ය. ඇය තමන් සතුව තිබු රුපියල් පහලොස්දහසක මුදල මුලිකවම වයාපාරය ආරම්භ කිරීමට යොදවමින් වෙළද සැල් කිහිපයකට තම නිෂ්පාදන ලබා දෙමින් එය අරඹා ඇති අතර ඇයගේ නිෂ්පාදන වල ගුණාත්මක තත්ත්වය හා ඇති රසය නිසාම ඇයට සපුරාලිය නොහැකි තරම් ඇණවුම් ලැබෙන්නට විය. ඒ හේතුවෙන් තම ව්‍යාපාරය දියුණු කර ගැනීමට බලවත් අවශ්‍යතාවක් පැවතියද මුල්‍ය දුෂ්කරතාවයන් නිසාම ඒ සදහා අවස්ථාවක් නොලැබුනු නුමුදු ඇය තම උත්සාහය බිදකුදු අඩු කර නොගෙනම තම ව්‍යාපාරය දියුණු කර ගන්නට මාවතක් සොයන්නට විය.

     සමෘද්ධි ලාභිනියක නොවුවද තම ගම්මානය තුල ක්‍රියාත්මක සමෘද්ධි සමිතිය හා එක්වන ඇය එ තුලින් ගොඩනැගෙන කුඩා කණ්ඩායම් තුලින් රුපියල් විසිපන්දහසක ණය මුදලක් ලබා ගන්නට සමත් වන්නේ මේ අතරතුරය, ඉන් තම ව්‍යාපාරය නැවත පුඵල්ව ආරම්භ කරන්නට අවශ්‍ය කටයුතු සලසා ගන්නා ඇය තමන්ගේ නිෂ්පාදන තවත් ඉදිරියට ගෙන යමින් මැලේ අච්චාරු මිශ්‍රණය, බුරියාණි මිශ්‍රනය චිලි පේස්ට් මිශ්‍රණය වැනි නව නිෂ්පාදන කිහිපයක් වෙළද පොළට ඉදිරපත් කරන්නීය. එ සදහා ඇයට  වෙළද පොලෙන් දැඩි ඉල්ලුමක් ලැබෙන අතරම තමන් ලබා ගත් ණය මුදල තෝරාගත් කාලයටත් අඩු කාලයකින් පියවා අවසන් කරන ඇය නැවත රුපියල් පනස් දහසක ණය මුදලක් සමෘද්ධි වැඩසටහන ඔස්සේ ලබා ගන්නට සමත් වන්නීය. එම මුදලින් තම නිෂ්පාදන වල ගුණාත්මක භාවය මෙන්ම ප්‍රමිතිය වර්ධනය සදහා අවශ්‍ය කටයුතු සිදු කරන ඇය මුල් වරට තම නිෂ්පාදන බාර් කෝඩි අංක සහිතව හා උසස් ප්‍රමිතියකින් යුතු අසුරණ මගින් වෙළද පොලට ඉදිරිපත් කරන්නට සමත් විය. ඒ නිසාම ඇගේ නිෂ්පාදන සදහා සුපිරි වෙළද සැල් වලින් ඉහල ඉල්ලුමක් ලැබෙන්නට වු අතර ඇය බෝතල් කල අහාර වර්ගද නිෂ්පාදනය මේ සමඟම ආරම්භ කලාය. ඉන් නොනැවතී රාජ්‍ය  අංශය හරහා නැවත රුපියල් දෙලක්ෂ පනස් දහසක ණය මුදලක් ලබා ගන්නා ඇය එමගින් තවත් නිෂ්පාදන රාශියක් අඵතින් වෙළද පොලට හදුන්වා දුන් අතර නිෂ්පාදන කටයුතු සදහා අවශ්‍ය  උපකරණද තමන් වෙතම සපයා ගන්නට අවස්ථාව සලසා ගෙන ඇත.

     මේ අතර වාරයේදී සාර්ක් සංවර්ධන අරමුදල හා ක්‍රියාත්මක කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන් හා එක්වන ඇය ඉන්දියාවේ මයිසුර් නුවර දකුණු ආසියාණු අාහාර තාක්ෂණ පාර්යේෂණාගාරයෙන් අහාර නිෂ්පාදන පිළිබද දැනුම ලබා ගත් අතර, ඉන්දියාවේ මුම්බායි නුවරදී ඇසුරුම්කරණය පිලිබද පාථාමාලවක් හදාරන්නටද  අහමදාබාද් නුවරදී ව්‍යාපාර කළමණාකරනය පිලිබද වැඩිදුර අධ්‍යාපනය හදාරන්නටද අවස්ථාව උදාකරගන්නා ලදි.

   මේ සියඵ අවස්ථාවන් දිරියෙන් තම ව්‍යාපාරය ගොඩනගන්නට වැය කල ඇය 2013 වසරේදී ගාල්ල දිස්ත්‍රික්යේ හොදම සමෘද්ධි වවසායිකාව බවටද 2017 වර්ෂයේදී දකුණු පළාත් සභාව මගින් බෝපේ පෝද්දල කොට්ඨාසයේ සුවිශේෂි කාන්තාව ලෙස සම්මානයෙන් පිදුම ලබන්නට අවස්ථාව උදාකර ගත්තාය.  ඒ අතරම ගෘහස්ථා කාන්තා අහාර නිශ්පාදිකාවන්ගේ නිෂ්පාදන දිරිගන්වමින් ඔවුන් සවිබල ගන්වන දකුණු ආසියානු සංවර්ධන අරමුදල හා සමෘද්ධි ව්‍යාපාරය එක්ව ක්‍රියාත්මක සභා ශ්‍රී ලංකා වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂකවරිය ලෙසද කටයුතු කල අතර, ඇයගේ සේවය අගයමින් එම ආයතනයේ සමස්ත සාර්ක් කලාපයේම අධ්‍යක්ෂකවරිය ලෙස පිදුම් ලබන්නටද සමත් වුවාය.
වර්ථමානය වන විට ඇය තමන් වැනිම කාන්තා වවසායකින් දිරි ගන්වන වැඩසටහනක් දකුණු ආසියා කලාපය පුරාම ක්‍රියාවය නැංවිමට තම දායකත්වය හා දැනුම බෙදා හරිමින් අති සාර්ථක වවසායකාවක් බවට පත්ව සිටින්නීය.

ඩී.ඒ.පී සුරංජිත්
සමෘද්ධි දිස්ත්‍රික් සන්නිවේදක
ගාල්ල

Monday, July 24, 2017

ඉමදුව දිරිය ළියට සොඳුරු සෙවණක්........


   සෑම වසරකම මාර්තු 08 වන දිනට යෙදෙන ජත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව විවිධ වු වැඩ සටහන් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවනු ලබන අතර මෙවර සුවිශේෂි මුහුණුවරකින් එය ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇත.  ඒ “ දිරිය ලියට සෙවනක් ” වැඩ සටහනයි. දරිද්‍රතාවය නිසාම හිසට සෙවනක් ඉදිකර ගැනිමට වරම් අහිමිව, දරුවන් අනාරක්ෂිතව ජිවත් වන අසරණ පවුල් වලට ආරක්ෂාව සහ රැකවරණය ලබාදීම, සමාජයේ අවධානයෙන් ගිලිහෙමින් සිටින අසරණ පවුල වලට සෙවන ලබාදෙමින් , ඔවුන්ගේ දරුවන් පිලිබදව අවධානය යොමු කරමින් පියවරෙන් පියවර ඉදිරියට ගැනිම මෙහි මූලික අරමුණ වි ඇත.

     එම වැඩ සටහනට සමගාමිව ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේද නිවාස දෙකක් ඉදිකිරිමට කටයුතු සිදු කෙරේ. ඉන් එක් නිවසක් ඉදිවන්නේ මාවැල්ල ග්‍රාම නිලධාරි වසමේ  පි.බි. අනෝමා මහත්මියටයි. ඒ වචනයේ පරිසමාප්තියෙන්ම ඇය දිරිය ලියක් නිසාවෙනි.

      මීට වසර හතකට පමණ පෙර සිය සැමියා ඇය හැරදමා නිවසින් පිටව යන්නේ ගැහැණු දරුවන් දෙදෙනකු සමග කටුමැටි ගා නිවසේ තනිකර දමමින්. එතැන් පටන් ඇය දරුවන් දෙදෙනා සමග සිය ජිවිතය ගෙන යන්න දරණ උත්සාහය අතිමහත්.  සමෘද්ධිලාභිනියක් වු ඇය දරුවන් දරුවන් දෙදෙනා සමග සිය පවුලේ කටයුතු කර ගැනිම සදහා තේ තවාන් වල බාස්කට් පිරවීම සිදුකරමින් සිය ජීවිකාව කරගෙන යන ලදි.  හිතේ හයියත් ගතේ හයියත් තිබු ඇයට සිය ස්වයංරැකියාව ආරම්භ කරන්න උදව්වෙන්නේ  මවැල්ල වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි චමින්ද හලල්ලුව මහතායි. එතුමාගේ මග පෙන්වීම යටතේ සමෘද්ධි බැංකුව මගින් රු. 25,000/- ක ණය මුදලක් ලබාගෙන සිය නිවසේ තේ පැල තවාන් දැමිම ආරම්භ කිරිමත් සමගයි. එතැන් පටන් ක්‍රමයෙන් පිළවෙලින් ණය මුදල් ලබාගනිමින් ඇය තේ තවාන් ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනිමට ඇයට හැකිවිය. ඒ ඈ තුල තිබු අපිරිමිත උත්සාහය හා කැපවීම මතයි. ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන හරහා ද ඇයට තාවාන් දැල් ඇතුඑ උපකරණ ලැබීම සිය ව්‍යාපාරය දියුණු කරගැනිමට ඉවහල් වි ඇත. අට වසර සහ හතර වසර ඉගෙණුම ලබන ගැහැණු දරුවන් දෙදෙනා සමග   කටු මැටි ගෑ  වහලට ටකරන් සෙවිලි කල නිවසේ සිටින මෙම දිරිය පවුල ගැන වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරි ජනක ගල්හේන මහතා කලාප කලමණාකරු වන ජි.එස්. දහනායක මහතා  දැනුවත් කිරිම තුලින් ඇයගේ නිවාස සිහිනය  සැබැවෙමින් පවතියි.  ඒ මෙවර දිරිය ලියට සෙවනක් වැඩ සටහන යටතේ සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් එම නිවස තෝරා ගැනිම තුලිනි. 

    පසුගිය දා ඒ උතුම් සත්කාර්ය සදහා මුල්ගල් තැබිම ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මි කාන්ති මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ප්‍රදේශවාසි විශාල පිරිසක් නිවස ඉදිකිරිමේ කටයුතු සදහා දායක වු  අතර මුලස්ථාන කලමණාකරු ආනන්ද දිසානායක, මහ සංගම් කලමණාකරු ලක්ෂ්මන්, සමාජ සංවර්ධන සහකාර නිශාන්ත සුදුසිංහ, වසම්භාර නිලධාරි ජනක ගල්හේන මහතා ඇතුඑ ප්‍රදේශවාසි විශාල පිරිසක් සහභාගි විය.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

අවුරුදු උත්සවය හා සුහද හමුව සදහා වැය කිරිමට තිබු මුදලින් ගංවතුරෙන් විනාශ වු පාසල් නවීකරණය


   අවුරුදු උත්සවය හා සුහද හමුව සදහා වැය කිරිමට තිබු මුදලින් ගංවතුරෙන් විනාශ වු පාසල් විද්‍යාගාරය නවීකරණය කිරිම සහ උපකරණ සපයා දිමට ලංකා විදුලිය බල මණ්ඩලයේ මධ්‍යම පළාත් සුභ සාධක සංගමය පියවර ගෙන තිබේ.

   ඒ අනුව පසුගිය දා ගංවතුරෙන් විනාශයට පත්වු රත්නපුර අයගම ප්‍රාදේශය ලේකම් කොට්ඨාශයට අයත් මැදගලතුර සිංහලගෝඩ විදයාතලයේ විදයාගාරය නවීකරණය කර දි ඇත. ගංවතුරෙන් හානියට පත් ගොඩනැගිල්ල නවීකරණය කිරිමෙන් පසු විද්‍යාගරයට අවශ්‍ය අන්වික්ෂ ඇතුළු උපකරණ, ලිපි ද්‍රව්‍ය ,පරිඝනක තුනක්, පුස්තකාලයට පොත් පත් 600ක් පමණ හා විද්‍යාලීය තූර්ය වාදක කණ්ඩායමට සංගීත භාණ්ඩ කිපයක්ද සපයා දෙනු ලැබීය.

   පිළිසකර කිරිමෙන් පසු පසුගිය දා (17) සිසු අයිතියට පවරා දුන් අතර එම අවස්ථාවට සුභසාධක සංගමයේ සභාපති ගිනිගත්හේන විදුලි ඉංජින්නේරු පි.එන්. දිසානායක මහතා මධ්‍යම පළාත් නියෝජ්‍ය සාමාන්‍යා අධිකාරි එම්.ආර් රනතුංග, රත්නපුර නියෝජ්‍ය, සාමාන්‍ය අධිකාරි රෝහිත ජයන්ත මහත්වරු ඇතුළු සාමාජික සාමාජිකාන් පිරිසක් හා එම විද්‍යාලයේ විදුහල්පති ඒ.එස්. සමන්ත ධර්මදාස මහතා ඇතුළු ගුරුභවතුන් හා සිසු සිසුවියන් එක්ව සිටියහ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

Sunday, July 23, 2017

දරුවන්ගේ දස්කම් මතුකලා


    ජාතියේ දරුවන් විශිෂ්ඨ පුරවැසියන් කරන්න සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සුවිශේෂී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටී. ඒ අතර ප්‍රධාන තැනක් කැකුළු ළමා සමාජ වැඩසටහනට ලැබේනවා. සමෘද්ධි සමාජ සංවර්ධන අංශයේ ප්‍රධාන අවධානය වසම් මට්ටමින් ළමා සමාජ වැඩසටහන ක්‍රියාත්මක වෙනුවෙන් යොදවා තිබෙනවා. ළමයින්ගේ ළමාවිය ළමයින් ලෙස ගෙවන්න දරුවන් යොමු කරමින් ළමයින්ගේ නිපුණතා දක්ෂතා ඉස්මතු කරමින් නිපුණ ළමා ලොවක් නිර්මාණය කිරීමට මෙම වැඩසටහන උපයෝගී වී තිබෙනවා.

   ඒ අනුව රටපුරා ක්‍රියාත්මක සමෘද්ධි කැකුළු ළමා සමාජ සාහිත්‍යය හා සංස්කෘතික තරගාවලියේ කරන්දෙනිය ප්‍රාදේශීය තරග පසුගියදා කරන්දෙනිය ජාතික පාසලේදී පැවැත්විණි. කරන්දෙනිය මූලස්ථාන සමෘද්ධි කලමණාකාර තිලක් ගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ බැංකු සමිති කලමණාකාර අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරීන් සහ කලමණාකරුවන්ගේ සංවිධායකත්වයෙන් පැවැති තරගාවලියේ විනිශ්චය මණ්ඩලය ලෙස ප්‍රදේශයේ නිපුණතා පිරි විශය ගුරු පිරිසක් යෙදවීමට සමාජ සංවර්ධන අංශය කටයුතු යොදා තිබිණි.

   දරුවන්ගේ ඉදිරිපත් කිරීම්වලට නවතාවයන් එක් කරමින් දුර්වලතා අඩුපාඩු පෙන්වාදීමටද එම ගුරු පිරිස කටයුතු කිරීම ප්‍රශංසා කලයුතු කාර්යයකි. විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවීමද මෙහිදි අගය කලයුතුය.

   සරල ගී ගායනා, ජන ගායනා, ශාස්ත්‍රීය ගායනා, කථික නිවේදන හා චිත්‍ර ඇතුළු දරුවන්ගේ සියළු හැකියාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාවන් ලැබේන අයුරින් තරගාවලිය සංවිධානය කිරීමට සමෘද්ධි සමාජ සංවර්ධන අංශය කටයුතු යොදා තිබිණි.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

දිලිදුකම පිටු දැකිම අරමුණු කරගනිමින් පොකුණු මත්ස්‍ය වගා කිරිමේ ව්‍යාපෘයක්


  ජිවනෝපාය සංවර්ධනය හා දිලිදුකම පිටු දැකිම අරමුණු කරගනිමින් ධිවර හා ජලජ සම්පත් අමාත්‍යශය මෙහෙයවන පොකුරු ක්‍රමයට පොකුණු මත්ස්‍ය වගා කිරිමේ ව්‍යාපෘය හැටන් පැන්මුර් තේ වත්ත ප්‍රදේශයේදි ඉකුත් 22 දා  ආරම්භ කෙරින.

   මධ්‍යම පළාත් ධිවර හා කෘෂිකර්ම ඇමති එම් රාමේස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් ක්‍රිෂ්ණභවන් ශාලාවේදි සමාරම්භක උත්සවය පැවති අතර එහිදි මිරිදිය මත්ස්‍ය වගා පොකුණු ගොවියන් වෙත බෙදා දීමට  මුදල් ප්‍රතිපාදන වතු අධිකාරිවරුන්වෙත පිරිනැමිමද සිදු කෙරින.

   ජලජ සම්පත් ගෘහස්ථ ලෙස පරිභෝජනයට ගනිමින් වතු ආශිත ජනතාවගේ පරිභෝජනය සදහා මිරිදිය මසුන් වගා කිරිම මෙන්ම එමගින් මන්දපෝෂණයෙන් අත් මිදිම හා අමතර ආධායම් මාර්ගයක් ලෙස ජිවනෝපාය සංවර්ධනයද අපේක්ෂා කෙරේ.

    ඒ අනුව කදුකරයේ ක්‍රියාත්මක කරන මෙම මිරිදිය පොකුණු මත්ස්‍ය  වගාව වටවල වැවිලි සමාගම හා සමගින් එක්ව ක්‍රියාත්මක කරන අතර තොරා ගත් ස්ට්රැ දන්, විග්ටන්, කරලිනා හා ෂැනන් තේ වතු වල පොකුණු හැටක් පමණ ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ. මේ සදහා එක්වන ගොවියන් සදහා විදිමත් තාක්ෂණික  පුහුණුවක් කලාවැව ප්‍රදේශයේදි දිනතුනක‍ දි නේවාසිකව ලබා දි තිබේ. මුළු ව්‍යාපෘතිය සදහා ධිවර හා ජලජ සම්පත් අමාත්‍යංශය වැය කරන මුදල රුපියල් ලක්ෂ 240 කි.

     උත්සව සභාවෙන් අනතුරුව පිරිස පැන්මුර් ජලාශය පරිශ්‍රය වෙත පිවිස පොකුණු සදහා මත්ස්‍ය පැටව් නිදහස් කිරිම සංතෙක්තවත් කරමින් තිලාපියා මත්ස්‍ය  පැටව් 2000 ක් පැන්මුර් ජලාශයට  මුදා හරින ලදි.

    එම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරුන් වන කනපති කණගරාජ්, පිලිප් කුමාර, අඹගමුව කෝරළය ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමුටුවේ සම සභාපති ඩබ්ලිව් .ජී රණසිංහ, ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති නිතිඥ උපාලි මොහොට්ටි, අඹගමුව කෝරළය ප්‍රාදේශය ලේකම් ටි.පි සුමනසේකර මහත්වු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

Saturday, July 22, 2017

ජීවිතයක් රැක ගන්න එක්වන්න


අලුත් අවුරුදු ගනුදෙනු වැඩ සටහනේ වැඩිම තැන්පත් ගෙන ආ නිළධාරීන් ඇගයීමට ලක්වේ


    පසුගිය සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙින්තුව වාර්ෂිකව සංවිධානය කරනු ලබන අලුත් අවුරුදු ගනුදෙනු වැඩ සටහන මෙවරද දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු කේන්ද්‍ර  කරගනිමින් පැවැත්වුණි. ඒ අනුව නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුලද මෙම වැඩ සටහන ඉතා සාර්ථකව ක්‍රියත්මක විය. සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ මෙන්ම අඩු ආදායම් ලාභීන්ගේ ද දැඩි උනන්දුවක් මේ සදහා ඇති වී තිබීම මෙවර දක්නට ලැබුණු විශේෂත්වයක් විය. එසේම අප නිළධාරීන් තුලද එම උනන්දුව සහ කැපවීම මෙන්ම දැඩි තරගකාරීත්වයක්ද තිබුණි. එම තත්වය නිසා මෙවර රුපියල් කෝටියකට ආසන්න මුදලක් අවුරුදු ගනුදෙනු තුලින් උපයා ගන්නට හැකිවීම විශාල ජයග්‍රහනයකි.⁣ 

   ඒ අනුව මෙවර අවුරුදු ගනුදෙනු වැඩ සටහනේ වැඩිම තැන්පත් ප්‍රමානයක් ගෙන එමින් සිය දක්ෂතා පෙන්නුම් කල පලමු සමෘද්ධි සංවර්ධන නිළධාරීන් දසදෙනා ඇගයීමකට ලක්කොට ඔවුන්ට ඇගයීම් සහතිකයක් ලබාදීමක් මෙවර නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සමෘද්ධි නිළධාරී මාසික රැස්වීමේදි සිදුවුණි. ප්‍රාදේශීය මහ ලේකම් එච්.බී.ජී. ප්‍රගීත් රසික කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී අවුරුදු ගනුදෙනු වැඩ සටහන සාර්ථක කර ගැනීම සදහා කැපවීමෙන් කටයුතු කල සියලු නිළධාරීන්ට සිය ස්තුතිය පුදකරන්නට ප්‍රාදේශීය ලේකම් තුමා අමතක නොකළේය. එතුමා අතින් පෙර සේවා කාලය සහිතව ⁣දෙපාර්තමේන්තුවේ සේවයට එක්වූ නිළධාරීන් කිහිප දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රධානයක්ද සිදු කරන ලදි. මූලස්ථාන කළමනාකාර ප්‍රියංකා කොඩිකාර මහත්මිය, කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් කිත්සිරි මහතා, ව්‍යාපෘති කළමණාකාර අනෝමා ප්‍රියදර්ශිකා මහත්මිය, පිටිගල බැංකු කළමණාකාර ජී.වී. නන්දනී මහත්මිය ඇතුළු වසම් භාර සමෘද්ධි සංවර්ධන නිළධාරීන් මේ සදහා එක්ව සිටියහ.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

Friday, July 21, 2017

වෙරළමංකරය වෙරළ තිරය පිරිසිදු කිරිමේ ශ්‍රමදානයක්

   මේ දිනවල වසංගතයක්ව පවතින ඩෙංගු රෝගය  ව්‍යාප්ත වි්ම  අවම  කරගැනිම වස්  වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම් තුමියගේ  අනු දැනුමෙන් හා සහභාගිත්වයෙන්,   වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  වෙරළමංකරය  ග්‍රාමනිලධාරි වසමේ ⁣වෙරළ සංරක්ෂණය කිරිමේ වි⁣ශේෂ වැඩසටහනක් පැවැත්විණි.  එම ග්‍රාමනිලධාරි වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි,  ග්‍රාම නිලධාරි, අර්ථික සංවර්ධන නිලධාරි  මහත්ම මහත්මින්ගේ හා ප්‍රදේශයේ  ජනතාවගේ සහභාගිත්වයෙන්  පුරා දෙදිනක්  ( 15 හා 17 )  වෙරළ තිරය පිරිසිදු කිරිම ශ්‍රමදානය පැවැත්විණි.

ප්‍රි්ති උදයසිරි  ප්‍රනාන්දු
සමෘද්ධි සන්නිවේදන
වෙන්නප්පුව

මව්සාකැලේ ජලාජයේ පාවෙමින් තිබු අපද්‍රව්‍ය ටොන් ගණනාවක් ඉවතට


    මස්කෙළිය - මව්සාකැලේ ජලාජයේ පාවෙමින් තිබු ප්ස්ටික් බෝතල්,පොලිතින් හා දිරා නොයන ඝන අපද්‍රව්‍ය   ටොන් ගනනාවක් ශ්‍රමදානයකින් ඉවත් කිරිම අද දිනය තුලදි සිදු කෙරින. ජාතික ජල විදුලිය පද්ධතියට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැණියෝන් හා සමනල යන ජල විදුලිය බලාගාර සදහා ජලය සැපයෙන ප්‍රධාන ජලාශය වන මෙහි වපසරය අක්කර ඝන අඩි 93000කි.

     මස්කෙළිය නගරය හා අවට වැසියන් හා මස්කෙළිය ඔය අවට ජනතාව අවිදිමත් ලෙස නොදිරන ඝන අපද්‍රව්‍ය හා  පරිසරයට මුදාහැරිමේ ප්‍රතිඵලයක් ලෙස මව්සාකැලේ ජලාශය මෙලෙසින් අපවිත්‍රවී තිබේ. එම හේතුව නිසා ජලාශයේ ජලය දුෂණය විම, ජලජ ශාඛ හා ජලජ ජීවින්ගේ මෙන්ම මත්සයින්ගේද ජිවිත වලට තර්ජන එල්ල වෙමන් පැවතින. එමෙන්ම ධිවර කර්මාන්ත කරුවන්ටද පිඩා ගෙන දෙන්නක් වු අතර විශේෂයෙන්ම ඔවුන්ගේ ධිවර ආම්පන්න වලට හානි සිදුවු බව පවසති.

     නිර්මාණය වි තිබුන පාරසරික ව්‍යසනයෙන් මව්සාකැලේ ජලාශය බෙරා ගැනිම සදහා මෙම ශ්‍රමදාන වැඩසටහන මස්කෙළිය පොලිසියේ ප්‍රජා පොලිස් එකකය, මස්කෙළිය ධිවර සමිතිය එක්ව සංවිධානය කල අතර ඒ සදහා මස්කෙළිය ශාන්ත ජෝශප් විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ජලාශය බාර ලංකා විදුලිය බල මණ්ඩලයේ ආරක්ෂක අංශයේ සාමාජිකයින්ද එක්ව සිටියහ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

Thursday, July 20, 2017

ඵලදායිතා අන්තර් පළාත් ක්‍රිකට් අනුශූරතාව දකුණු පළාතට........


   ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සංවිධානය කල, ඵලදායිතා නිළධාරීන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් පැවැත් වූ අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලිය පසුගිය දා (2017.06.16 ඉරිදා) පිළියන්දල සෝමවීර චනුද්‍රසිරි ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

    ප්‍රබල පිතිකරුවන් පිරිසකින් සමන්විත නැගෙනහිර පළෘත් කණ්ඩායම් ශුරතාවය දිනාගත් අතර ඔවුන් පළමු වටයේ තරඟයක දී වයඹ පළාත් කණ්ඩායමකට එරෙහිව පන්දුවාර අටකදී ළකුණු 128 ක් රැස් කිරීමට සමත් විය.

    දකුණු පළාත් කණ්ඩායම පන්දු යැවීමෙන් ඉදිරියෙන් සිටි අතර දකුණු පළාත් කණ්ඩායම් නායක ගෝනපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා නිළධාරී ජයන්ත විතානගේ පළමු වටයේ තරඟයකදී එක් ළකුණක් පමණක් ලබා දෙමින් යැවූ පන්දු ඕවරය තරඟාවලියේ හොඳම පන්දු ඕවරය ලෙස සටහන් විණි. අවසාන මහා තරඟයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දකුණු පළාත් කණ්ඩායමේ මිලින්ද කුමාර තරඟාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගත්තේය.

   ත්‍යාග ප්‍රදානය සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂකවරුන් වන අකිල සුභසිංහ මහතා, ඉෂානි කොල්ලුරේ මෙනවිය, මධුරංගි ජයසිංහ මහත්මිය සහභාගි විය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සංනිවේදක -
ගෝනපිනුවල