Wednesday, February 20, 2019

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට තාක්ෂණික පුහුණුවක්


  කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය  කිරීම සදහා තාක්ෂණික පුහුණුව  ලබාදීමේ  වැඩ සටහනක්  පසුගියදා පුත්තලම  මනල්තිව්  ග්‍රාමයේදී  සංවිධානය  කර තිබිණි. සමෘද්ධි  බැංකුවෙන් ණය  ලබාගෙන  සත්ත්ව පාලනය හා කෘෂි කර්මාන්තයේ යෙදෙන  ව්‍යාපෘතිකරුවන්  50 දෙනෙකු  පමණ  මේ සදහා සහභාගි විය.

   බටහිර දෙසින් පුත්තලම කලපුවටත් උතුරු දෙසින්  වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයටත් මායිම් වී ඇති මනල්තිව්  ප්‍රදේශයේ ගම්වාසීන්ගෙන් බහුතරය  සත්ත්ව පාලනය හා කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගෙන ජීවත් වෙති . එබැවින් කොම්පෝස්ට් පොහොර සෑදීමට අවශ්‍ය  අමුද්‍රව්‍ය සපයා ගැනීම හා ඒවා අලවිකර ගැනීම  ඉතා පහසුවෙන් කරගත හැකිය.

   මෙම ව්‍යාපෘතිය දියුනු කිරීමෙන් පසුව පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පුරා  සිටින එලවළු ගොවීන්ට  පොහොර අලවි කිරීමට අදහස් කර ඇති අතර එමගින් රසායනික පොහොර භාවිතය අවම කිරීමටත් වසවිස වලින් තොර ආහාර රටාවකට ජනතාව හුරු කිරීමටත් බලාපොරොත්තුවේ.

  පුත්තලම ගොවිජන මධ්‍යස්ථානයේ කෘෂි උපදේසක නිලධාරින් මගින්  මෙම පුහුණුව ලබාදුන් අතර  පුත්තලම සමෘද්ධි බැංකු කලමණාකරු ඩබ්.එම්.එස්.කේ. වාසල මහත්මිය හා  මනල්තිව් වසම බාර සමෘද්ධි නිලධාරි එම්.පී,වි. බාලනාදන් මහතාද  මෙම අවස්ථාවට  එක්විය.

චින්තන රත්නායක
ගමන  සන්නිවේදක
පුත්තලම

Monday, February 18, 2019

පොළොන්නරුව නිදහසේ අරුණළු මෙවරත් මැදිරිගිරියට


  71 වෙනි නිදහස් දින පොළොන්නරුව දිස්ත්‍රික් නිදහසේ අරුණළු රාජ්‍ය උත්සවය පැවැත්වූයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් රාජකීය විද්‍යාලීය ක්‍රිඩා පිටියේදීය.

  මෙවර මෙම උත්සවයට ප්‍රදර්ශණ රථ 60කට අධික ප්‍රමාණයක් සහභාගිව තිබූ අතර 70 වෙනි නිදහස් දින සමරුව මෙන්ම මෙවරත් ප්‍රථම ස්ථානය මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලිය ප්‍රදර්ශණ රථයට හිමිවූයේ ප්‍රාදේශිය ලේකම් සී.එම්.කරුණාරත්න මෙනවියගේ අපිරිතිහක කැපවීම තුල සියළු නිලධාරීන් කිසිදු බේදයකින් තොරව පොදු හා මාගේ යන හැගීමෙන් එකාමෙන් වැඩකිරිම තුලිනි.
                
   එතුමිය මෙවරත් සමෘද්ධී ගමනට කියා සිටියේ මාගේ වැයම මා රජ වීමට හෝ තව කෙකු රජ කරවීමට නොව මාගේ සියළු නිළධාරින් කිසිදු බේදයකින් තොරව තම රාජකාරිය මෙන්ම විවිධ වූ ක්‍රියාකාරකම් තුලද සමගිව කටයුතු කිරිම දැකීමයි. ඒ තුල ජයග්‍රහණ ලබා ගැනිම එතරම් අමාරු කාර්යයක් නොවන බවයි. 

සමෘද්ධි ගමන සමූහ
ඩි.එමි.පි.කේ.දිසානායක
එම්.පි.ඩබ්.වජිරා දිසානායක
පොළොන්නරුව