Thursday, March 29, 2018

හිසට සෙවනක් හිතට නිවනක්


   රණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන වැඩසටහන යටතේ 2017 වර්ෂයේ ප්‍රතිපාදන වලට අනූව තල්ගස්පිටිය සිංහල වසමේ මව මිය ගිය 2016 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9 ක් ලබා ගත් දියණියක සිටින ඉතා අසරණ පවුලක් වෙනුවෙන් නිවසක් ඉදි කර දිම පසුගිය දා සිදු විය. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ්.ඒ.එම්. ෆයිසල් මැතිතුමා , කළමණාකාර අධ්‍යක්ෂ ලකී බෙන්හර් මයා, මූලස්ථාන කළමණාකරු අනුලාවතී මිය, සමාජ සංවර්ධන සහකාර එස්.ඒ.අයි. සුරවීර මිය, වසම්භාර සංවර්ධන නිලධාරි, ග්‍රාම නිලධාරී,ආර්ථික සංවර්ධන නිලධාරි, හා ග්‍රාමිය ප්‍රජාවගේ සහයෝගය ලබා ගනිමින් නිවස ඉදි කිරීම් කටයුතු සිදු විය.

   ඒ අනූව වැඩ අවසන් නිවස ප්‍රාදේශීය ලේකම්තුමා, සමෘද්ධි කළමණාකාර අධ්‍යක්ෂ, මූලස්ථාන කළමණාකරු සහ ප්‍රාදේශීය ඉඩම් පරිහරණ නිලධාරි දයාරත්න මහතාගේ සහභාගිත්වයෙන් 2018.03.15 දින නිවස විවෘත කරන ලදි. ප්‍රාදේශීය ලේකම්තුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් එම නිවසට විදුලිය ලබා දීම හා මුළුතැන් ගෙයි කට්ටලයක් ලබා දුන් අතර ඉඩම් පරිහරණ නිලධාරිතුමා විසින් මුදල් පරිත්‍යාගයක්ද සිදු කරන ලදි. අවසාන වශයෙන්  මෙම නිවස හිමි ඒ.එම්. බාලමැණීකේ මිය හඬමින් ප්‍රකාශ කල සිටියේ වසර 05 කට පසු මිණිබිරියන් දෙදෙනා සහ බෑණා සමග එකම නිවසක සිටිනුයේ අද  (15) දින බවයි.

එස්.ඒ.අයි. සුරවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
අරණායක

පුත්තලමේ කතුන්ට ගෘහ කළමණාකරනයට උපදෙස්


   සුගිය දිනට යෙදුන කාන්තා දිනය නිමිත්තෙන් පුත්තලම සමෘද්ධි බැංකුව සංවිධානය කල කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් පුත්තලම සමෘද්ධි බැංකු  රැස්වීම් ශාලාවේදී පැවැතිවිණි.

   මෙම වැඩ සටහනේදී ගෘහ කළමණාකරණය හා සතුටු පවුල් සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කල අතර විශාල කාන්තාවන් පිරිසක් මෙයට සහභාගී විය මෙයට සමගාමීව බැංකුව තුල දිරිය මාතා ගිණුම් විවෘත කරමින් ඉතිරි කිරීමේ අගය කාන්තාවන්ට වටහා දුන් අතර ඉහත දේශනය පුත්තලම සමාජ සංවර්ධන සහකාර කුමාර ඉරුගල් බන්ඩාර මහතා විසින් මෙහෙයවනු ලැබීය.

   පුත්තලම සමෘද්ධි බැංකු කළමණාකරු ඩබ්.එම්.එස්.‍වාසල මහත්මිය, සමෘද්ධි බැංකු සමිති කළමණාකරු ඩී.එම්.ධර්මවීර මහතා පාලවිය සමෘද්ධි බැංකු කලමණාකරු ප්‍රියන්ත රණසිංහ මහතා සහ සමෘද්ධි සංවර්ධන නිලධාරින් මෙම අවස්ථාවට සහභාගීවිය.

චින්තන රත්නායක
සමෘද්ධි ගමන සන්නිවේදක
පුත්තලම

Wednesday, March 28, 2018

කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි අභිමානි වෙළඳ ප්‍රදර්ශනය....


කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි අභිමානි වෙළඳ ප්‍රදර්ශනය නොවැම්බර් 24 25 26 තෙදින පුරා කෑගල්ල නිදහස් මාවතේ දී පැවැත්විය .ආරම්භක අවස්ථාව සඳහා විදුලි බල අමාත්‍ය ගරු අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය මැතිතුමා , ගරු කබීර් හෂීම් අමාත්‍ය තුමා , දිස්ත්‍රික් ලේකම් තුමන් , කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමිය , කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් වරුන් , සමෘද්ධි අංශයේ සියලුම නිලධාරීන් සහ වවසායකයින් විශාල ප්‍රමාණයක් සහභාගී විය . කෑගල්ල දිස්ත්‍රික්කයේ  සමෘද්ධී ප්‍රජා මූල බැංකු 44 කට අයත් ව්‍යවසායකයින් ව්‍යවසායකයින් තමන්ගේ නිෂ්පාදන මෙම ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබිණි . පසුගිය වර්ෂයේ සමෘද්ධි අභිමාය වෙළෙඳ ප්‍රදර්ශනය සාර්ථකම වවසායකයින් දස දෙනා හට සහතික පත් පත් හා තිළිණ ප්‍රදානය ද එම අවස්ථාවේදී සිදුවිය.

වික්‍රම දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සන්නිවේදක
කෑගල්ල

මැටරඹ සමෘද්ධි බැංකුව නිලධාරීන් හා ප්‍රජා මුල සංවිධාන නිලධාරීන් අගයයි


 2017 වර්ෂය තුළ මැටරඹ සමෘද්ධි බැංකු සංගමයට අයත් ප්‍රජා මුල සංවිධාන නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇගයීමට ලක් කරමින් තිලින ප්‍රධානය කිරිම සහකාර ප්‍රාදේශීය ලේකම් නිලුකා එල් .සුරියආරච්චි මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2018.03.23 දින යටගල රජමහා විහාර පිරිවෙන් ශාලාවේදි පැවැත්වීනි .    
                                         
  කලමනකරු දයාරත්න උඩුකල මහතාගේ අදහසකට අනුව ක්‍රියාවට නැංවුණු මෙම ඇගයීම් උත්සවය සහකාර ප්‍රාදේශීය ලේකමිතුමිය ගේ  පැසසුමට ලක් විය .තැන්පත් ඒකරාශීකරනය ,ණය දිම,ණය අයකිරිම  ,බොල් ණය නොමැති විම යන කරැනු පාදක කර ගනිමින් ඇගයීමට ලක් කල අතර  සමෘද්ධි සංවර්ධන නිලධාරී හසන්ති මදිරා කාරියවසම් ,කේ.එ.අරැනි දිපිකා,නිශාන්ති දිපානි යන නිලධාරීන් ප්‍රශස්ත ඇගයීමට ලක් විය . 
                                                                     
   දැඩි කැපවීමෙන් කටයුතු කල ප්‍රජා මුල සංවිධාන නිලධාරීන්ද මෙදින තිලින ලැබූ අතර සමෘද්ධි සංවර්ධන නිලධාරීයකු නොමැති නාගහවත්ත ග්‍රාම නිලධාරී වසමෙි සභාපතිති පි.වි ප්‍රේමලතා මිය මෙදින විශේෂ ඇගයීමට ලක් විය .කලමනකරු උදානි මිය ,කලාප සහකාර එස් .අයි.සුබසිංහ මහත්මා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ,ප්‍රජා මුල සංවිධාන නිලධාරීන් මෙි අවස්ථාවට සහභාගි විය.

සේනානි ඉන්දිරා
සමෘද්ධී සන්නිවේදක
අක්මීමන

සොයුරියක් සමුගනියි......

කදුළු සගවා හිත යට 
සිනහා වැපිරෑ ඔබ.....
මතකයෙන් නොමියෙනා තරමට
සෙනෙහසින් ලෙන්ගතු වුනා ඔබ....
දරා ගන්නට නොහැකි තරමට
ඉකි බිදියි හද සෝ සුසුම් මැද
අතැරදා සැම ගියද යන්නට
මතක අමතක නොවේ සදහට....
ඔබට නිවන් සුව සොයුරියේ.......

සර විස්සක් පුරාවට සමෘද්ධි සංවර්ධන නිලධාරිණියක් ලෙස අප හා අත්වැල් බැද ගෙන නුවරගල සමෘද්ධි බැංකුවේ රාජකාරි කල චන්දානි කුසුම්ලතා සොයුරිය 2018 මාර්තු මස 23 වන දින   අප අතරින් සමු ගත්තාය. පුරා දින තුනක් සිරිපුර නිවහන තුල තැන්පත් කර තැබු ඇගේ නිසල වත 26 වන සදු දින සිරිපුර සුසාන භූමියේ සැගව ගියේ සියල්ලන්ගේ දෑස් කදුලින් පුරවමිනි. දයාබර සොයුරිය නුබට අමා මහ නිවන් සුව පතමි මම. තවද නුඹට අවසන් ෙගෟරව දැක්වීම සදහා පැමිණි සමෘද්ධි සංවර්ධන දෙපාර්තෙම්න්තුවේ සියළුම නිලධාරි මහත්ම මහත්මීන්ට මාගේ හදපිරි තුති පිරිනමමි..

ඒම්.පී. රංජනී ජයවර්ධන
සමෘද්ධි ගමන සංනිවේදක
දිඹුලාගල

සමෘද්ධි මුලස්ථාන ප්‍රගති සමාලොචනය - වෙන්නප්පුව


   වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  2018  සමෘද්ධි  මුලස්ථාන  ප්‍රගති  සමාලොචන  රැස්වීම්  ඊයේ  දින    ( 27  )   මුලස්ථාන   කලමනාකරු  කිර්ති මහතාගේ  මුලිකත්වයෙන්    සමෘද්ධි  බැංකු  කලමනාකරුවන් ,  සමෘද්ධි  සංවර්ධන නිලධාරිගේ   සහභාගිත්වයෙන් පැවැත්විය.  මෙහි  දැක්වෙන්නේ  මුලස්ථාන  කලමනාකාර  තුමා විසින්   ප්‍රගති  සමාලොචන   රැස්විම  මෙහෙවන  ආකාරය.

ප්‍රිති උදයසිරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

Monday, March 26, 2018

නාගොඩ - බුද්පනාගම නිල සෙවන ජනතා අයිතියට


   නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඪාශයේ බුදපනාගම ග්‍රාම නිලධාරි වසමෙි නිල සෙවණ කාර්යාලය පසුගිය 25 වන දින ජනතා අයිතියට පත් විය. ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබෙිිවර්ධන මැතිතුමන්ගේ සුරතින් නිල සෙවන කාර්යාලය විවෘත කරණ ලදි. එම අවස්ථාව සදහා දේශපාලන නියෝජිතයන්, ප්‍රාදේශීය ලේකම්තුමිය, රාජ්‍ය නිලධාරීන් රැසක් හා ප්‍රදේශවාසින්ද විශාල පිරිසක් සහභාගී වුහ. 

ඩබ්. ජී කුමාරරත්න
සමෘද්ධි සන්නිවේදක
නාගොඩ

මැදිරිගිරිය රෝහලට රැධිර කාන්දු පෙරණ ඒකකයක්


   කුගඩු රෝගීන් වැඩිවශයෙන් පෙළෙන මැදිරිගිරියට මූලික අවශ්‍යතාවයක් වු රැධිර කාන්දු පෙරණ ඒකකයක්  මැදිරිගිරිය මූලික රෝහලට ලබාදීම මැදිරිගිරිය ජනතාව කාලාන්තරයක් බලාපොරොත්තු පොදි බැද සිටි ජයග්‍රහණයකි. මැදිරිගිරිය වකුගඩු රෝගීන් තම රුධිරය පෙරා ගැනීම සදහා පොළොන්නරුව මහ රෝහලට ගිය අතර අද වන වට මැදිරිගිරිය මූලික රෝහලින් ඉටුකර ගන්නේ අතිගරු ජනාධිපති තුමාගේ උදාරතර සංකල්පක් වන සෞඛ්‍ය සේවාව නැන්වීමේ පරමාර්ථය ඇතිව මැදිරිගිරියට රුධිර පෙරණ ඒකකයක් ලබාදී එය මහජන අයිතියට පවරා දීමෙනි. 

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් වකුගඩු රුධිර පෙරණ ඒකකය, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය හා හෙද නේවාසිකාගාරය පසුගිදා ජනතා අයිතියට පත්වන ලදි. මැදිරිගිරිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වයි.එම්.එස්. යාපා මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම උත්සව අවස්ථාව සදහා උතුරු මැද පලාත් ආණ්ඩුකාර තුමා හිටපු කෘෂිකර්ම අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත මහතා ප්‍රමුඛ පොළොන්නරුව දිසාපති තුමා, සෞඛ්‍යෙ සේවා නිලධාරී මහත්ම මහත්මින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාහීන් විශාල පිරිසක් සහභාගීවූ අතර මෙම වැඩසටහනේ මාධ්‍ය ආවරණය සදහා සමෘද්ධි ගමනටද  අවස්ථාව ලැබිණී.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සන්නිවේදක
පොළොන්නරැව

කැකුලු ළමා සමාජය දරැවෝ දුක් ප්‍රාප්තිය සිහිකරමින් පාද නමස්කාරයේ


    වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  නයිනමඩම  සමෘද්ධි කලාපයේ වෙරළමංකරය  ග්‍රාම නිලධාර්  වසමේ   සමෘද්ධි  සංවර්ධන නිලධාරි  සමන්මලි  මහත්මිය  හා සමෘද්ධි  කැකුලු ළමා සමාජය එක්ව කිස්තු තුමාන්ගේ  කුරිසියේ ඇන ගැසිමේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් චාතාරික සමය  වෙනුවෙන් පාදනමස්කාරය යාම  පසුගියදා  එනම් 6 වන සිකුරාදා වෙරළමංකරය දේවස්ථාන  භුමියේදි  සිදුකෙරැනි . ගමන කැමරා කාචයේ  සටහන්ව ඇත්තේ එහි එක් ස්ථානයක  දරැවන් විසින් යැදුම් වල යෙදි සිටින ආකාරයයි.

ප්‍රි්ති  උදයසිරි  ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

වතුජනතාවගේ නිතිමය ගැටලු විසදීමට ජංගම සේවයක්


    තුකරයේ ජනතාවගේ දෛනිකව මුහුණපාන නිතිමය ගැටළු සදහා විසදුම් ලබාදිම වෙනුවෙන් පැවැතිවු ජංගම සේවය තලවාකැලේ දි සිදුකෙරින.

    ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය මඟින් පවත්වනු ලබන  නීතිමය ලේඛන ලබා දීමේ  එක්දින ජංගම සේවාවක්  ඊයේ (26) දිනයේදි තලවකැලේ දෙමළ මහ විදුහලේදී පැවැත්විණි.

   උප්පැන්න සහතික හා  විවාහ සහතික ලබා ගැනීමේදි ඇති වී තිබෙන ගැටළු නිවරදි කිරීම, ජාතික හැදුනුම්පත් ලබා ගැනීම සඳහා අවශ්‍ය මුලික කටයුතු සිදු කිරීම, සේවක අර්ථ සාධක අරමුදල් ලබා ගැනීමේදි ඇතිවෙන ගැටළු, විශ්‍රාමිකයන්ට එල්ල වී ඇති ගැටළු මෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නීති අධාර කොම්ෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, ජාතික ජල සම්පාදන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ඉඩම් ප්‍රතිශස්කරණ කොමිසම් සභාව, ඇතුළු රාජ්‍ය ආයතනයන් රැසක සේවා පහසුකම් ජනතාවට මෙහෙදී සපයාදීමට කටයුතුකර තිබිණි.

   නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තලවකැලේ, කූමුඩ්, බෙයාවේල්, ලිඳුල, නාගසේන, ඩෙවෝන්, රත්නගිරිය, හොලිරූඩ්, සමරසෙට් හා ග්‍රෙස්වෙස්ටන් යන ග්‍රාම නිලධාරී වසම් ඉලක්ක කර ගනිමින් මෙම සේවාව පැවැති අතර එහි ආරම්භක අවස්ථාට නුවරඑළිය දිසාපති එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා ඇතුළු රාජ්‍ය ආයතනවල විශාල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. ඉහත සඳහන් ග්‍රාම නිලධාරී වසම්වල පදිංචි සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතික විශාල පිරිසක් මෙම ජංගම සේවාවෙන් විවිධ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පැමිණ සිටියහ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

Friday, March 23, 2018

වස විසෙන් තොර හෙළ බොජුන් හලක් අත්තනකඩවලට


   ර්තමානයේ පවතින බෝනොවන රෝග වැලඳී මට ප්‍රධානම හේතුව වී ඇත්තේ අප විසින් ගනු ලබන ආහාරපාන වල අක්‍රමවත් බවයි, එබැවින් “වස විසෙන් තොර “ ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ රජයේ වැඩසටහනට අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2017 වසරේ සමාජ සංවර්ධන අංශයේ මුදල් ප්‍රතිපාදන මත දිස්‍ත්‍රික් මට්ටමින් හෙළ බොජුන් හල් ඉඳිකිරීමට ගත් තීරනයට අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අත්තනකඩවල සමෘද්ධි බැංකු පරිශ්‍රය තුල රුපියල් ලක්ෂ හයක වියදමින් ඉඳිකරන ලද හෙළ බොජුන් හල මඟින් වස විසෙන් තොර ,සහල්, සහල්පිටි ධාන්‍ය වර්ග, පලතුරු වලින් සකස් කරන ලද පෝෂ්යිදායී අහාර ලබාදීම මෙන්ම කෘතිම රසකාරක වලින් තොරව  සම්ප්‍රදායික දේශීය අාහාරපාන සඳහා ජනතාව යොමුකර ගැනීමද අපේක්ෂා කරන අතර, පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්.ජී.ඩබ් වනසිංහ මහත්මාගේ සහ ඇලහැර ප්‍රාදේශීය ලේකම් එස්.එම්.කේ. කුමාරිහාමි මහත්මියගේ ප්‍රධානත්වයෙන් , දිස්ත්‍රික් සමාජ සංවර්ධන කළමණාකාර යමුනා මල්කාන්ති, මුලස්ථාන කළමණාකාර ගාමිණී කුමාරසිංහ ,බැංකු කළමණාකර රංජිත් තිලකසිරි යන මහත්වරුන් මෙන්ම සියලු සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් 2018/03/19 වන දින, හෙළ බොජුන් හල විවෘත කිරීම් කටයුතු  සිදුකරන ලදි. 

කේ. එම්. වික්‍රම රාජපක්ෂ
සමෘද්ධි ගමන සන්නිවේදක
ඇලහැර

Thursday, March 22, 2018

රන්කරැවන්ට සමෘද්ධියෙන් ආදර්ශ ගම්මානයක්


   මෘද්ධි ආදර්ශ ගම්මාන සංකල්පය ඵල දරමින් තවත් ආදර්ශ ගම්මානයක් අමාත්‍ය එස්.බී දිසානායක මැතිතුමන්ගේ සුරතින් 17 වන දින විවෘත විය. (Samurdhi Model Village concept is becoming fruitful...) මෙරට දිළිඳුකම පිටු දැකීමේ සාර්ථක ම සහ ප්‍රායෝගික ම ව්‍යාපාරය සමෘද්ධිය යි. එය ක්‍රමිකව විකාශනය වීම තුළ ජනතාව නඟාසිටුවීමේ ව්‍යාපෘති රැසකට නැවත පණ දෙන්නටත් අලුතින් ඇරඹීමටත් හැකි විය. එහි ප්‍රථිපල අනාගතයේ දී අපට දෙනෙතින් දුට හැක... වලපනේ-ලියන්වල පහළ-රන්කරුවන් සඳහා ම වන සමෘද්ධි ආදර්ශ ගම්මානය විවෘත කිරීමේ උත්සවය ගරැ අමාත්‍යවරයා පැවසීය.

ප්‍රදිප් චන්දන නානායක්කාර

Sunday, March 18, 2018

සමෘද්ධි ප්‍රතිලාභීන්ට උපහාර


   බරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කතලුව නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ සවිබල ගැන්වූ පවුල් 2 ක සහනාධාර පත් පසුගියදා නැවතත් රජයට භාරදුනි. එවැනි ආදර්ශ දිරිය මිනිසුන් අැගයීමට පසුගිය දා (16) කතලුව නැගෙනහිර සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය විසින් සිදුකරන ලදි. එම සහනාධාරයන් භාරදුන් සමෘද්ධිලාභීන් වන එල්.එච්.ඩබ්. අනුලාවතී මිය හා එම්.බී. කුසුමලතා යන මහත්මීන්ට හා පසුගිය වසර පුරාවට සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ තනතුරු දරමින් එම සංවිධානය ඉදිරි මග කරා ගෙන ඒමේ මහගු කර්යයට උරදුන් නිලධාරීන් අැගයීමට හා ඔවුන්ට උපහාර පුදදීම සිදුකරන ලදි.
          
  මෙම අවස්ථාව සඳහා හබරාදූව ප්‍රාදේශීය ලේකම් තරංගා වික්‍රමරත්න මහත්මිය, මූලස්ථාන කලමණාකාර මොහාන් චිත්‍රලාල් මහතා, ව්‍යාපෘති කලමණාකාර එම්.කේ. ජයන්ත මහතා, සංවර්ධන නිලධාරීන් වන එම්. වික්‍රමසිංහ මහතා හා කුමාරි රාජපක්ෂ මිය, කොග්ගල සමෘද්ධි බැංකු කලමණාකාරු ජී.එච්. මල්කාන්ති මිය අැතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර මෙම මහත් වූ සමාජ සත්කාරක  ක්‍රියාව එම වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී එල්.ජී. සිරිල් මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ කතලුව නැගෙනහිර සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය විසින් සංවිධානය කර තිබුණි.

ඉන්දිරා ලක්මාලි
සමෘද්ධි සන්නිවේදක
හබරාදුව

හදමු නිල්වන් තුරුලතා...... විදිමු සිසිලස දිවි සොබා........


   ර්තමානයේ වැඩි වශයෙන් තුරු ලතා කපා විනාශ කර දැමීම තුල සිදු වන්නේ අපේ ජීවිත වලටම තර්ජන එල්ල වීමයි. අපේ පෘථිවිය නිර්මානය වී ඇති ජල ගෝලයට, ශිලා ගෝලය, හා  වායු ගෝලයට සෘජුවම මෙයින් බලපෑම් එල්ල විම නිසා සියළු පෘථිවි සත්වයින් විවිධවූ ප්‍රශ්ණ ගැටළු මේ වන විට අත් විදිමින් සිටිති. අපේ දුවා දරැවන්ට හෙට ලෝකය දිනා ගැනීම සදහා මෙම මහා අභියෝගයට මුහුණ දීම පිණිස සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරිත උයන වැඩ සටහන සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි  ක්‍රියාත්මක කරනු ලැබේ.

    පොළොන්නරුව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මැදගම මහා විද්‍යාලයේ පාසල් සිසු දරුවන් හා දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙවර හරිත උයන සමාජ සත්කාරක වැඩ සටහන පසුගිය මස 23 වන දින දිඹුලාගල මැදගම මහා විද්‍යාලයේදි ක්‍රියාත්මක කරන ලදි.. ප්‍රාදේශීය ලේකම් තුමියගේ මගපෙන්වීමෙන් සමෘද්ධි කළමණාකාර මහත්ම මහත්මීන් හා සමෘද්ධී නිළධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම අනගි කර්තව්‍ය සදහා විදුහලේ විදුහල්පති තුමා සහ ආචාර්ය මණ්ඩලයේ සහයෝගයද ලැබීම ඉමහත් සතුටට හේතුවක් විය.
.
සමෘද්ධි ගමන සමූහ සංනිවේදක
එම්.පී.රංජනී ජයවර්ධන - දිඹුලාගල
ඩි.එම්.පි.කේ.දිසානායක - පොළොන්නරුව

සැවොම එක් වෙමු ඩෙංගු වළකමු


   ප විසින් පරිසරයට මුදාහරින පොලිතින් ප්ලාස්ටික් වැනි ද්‍රවය හා අප විසින් දෛයිනිකව පිරිසිදු නොකරන ජලය රැදෙන ස්ථාන වලින්ද ඩෙංගු මදුරුවන් බෝ විම සිදුවන අතර ඩෙංගු උවදුර නිසා සිදු වන මරණ සංඛ්‍යාවද දිනෙන් දින ඉහල අගයක් ගන්නා අතරම මේ හේතුවෙන් විශාල පිරිසක් පිඩා විදිනු ලැබේ. මෙවන් කනගාටුදායක තත්වයක් ඇති වන්නේ අපගේ වරදින්ම නොවන්නේද. මෙයට වගකිව යුත්තේ අපම නොවේද. එසේ නම් මෙම උවදුර වලක්වා ගැනිම සදහා කටයුතු කල යුත්තේද අප විසින්මය“දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් තුමිය මේ බව දැනුවත් කලේ 2018 වර්ෂයේ ඩෙංගු මර්ධන වැඩසටහනේ සැලසුම් සාකච්ඡා කිරිම සදහා පසුගියදා දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති අපේ නොසැලකිල්ල නිසාම ව්‍යාප්ත වන ඩෙංගු උවදුර දෙසට අපගේ සැලකිල්ල යොමු කරනු පිණිස සෞඛ්‍ය පරිපාලන හා සංවර්ධන අංශ වල නිලධාරි මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් හා ප්‍රාදේශිය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති රාජ්‍ය නිලධාරින් අමතමිනි......

   මෙම සාකච්ජාව සදහා මහජන සෞඛ්‍ය පරික්ෂක මහතා වසම් භාර ග්‍රාම නිලධාරින් ,සංවර්ධන නිලධාරින් සමෘද්ධි සංවර්ධන නිලධාරින් හා කෘෂි පර්යේෂන නිලධාරින් මහත් මහත්මීන් සහභාගීවී සිටි අතර පෙබරවාරි මස සිට සෑම සිකුරාදා දිනකම තම වසමට අයත් පාසල් වලද සතියේ ඉතිරි දින වැඩ කරන දින සතරේ වසමේ නිවෙස් වලද ශ්‍රමදාන කටයුතු මෙහෙයවීම සිදු කල යුතු බව තිරණය කෙරිණි.තවද පෙබරවාරි මස 12 වන දින සිට මෙය ක්‍රියාත්මක කල යුතු බවද තීරණය කෙරිණි. ඒ සදහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ හා පවුල් සෞඛ්‍ය නිලධාරී මහත්මීන්ගේ සහයෝගය හා මග පෙන්වීම ලබා දෙන බවත් සාකච්ජා කරන ලදි.

එම්.පී. රංජනී ජයවර්ධන
සමෘද්ධි ගමන සංනිවේදක
දිඹුලාගල

Thursday, March 15, 2018

ආරච්චිකන්ද සමෘද්ධි බැංකු නව පාලක මංඩලය පිහිටුවයි


  ගෝනාපීනූවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආරච්චිකන්ද සමෘද්ධි බැංකුවේ 2018 වර්ෂය සදහා නව පාලක මංඩලය තෝරා පත් කර ගැනීම ගෝනාපීනූවල ප්‍රාදේශිය  ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගෝනාපීනූවල නිග්රෝමධාරාම විහාරස්ථ ධර්ම ශාලාව්දී පසු ගියදා සිදු කෙරුණි.

   ඒ අනුව 2018 වර්ෂය සදහා නව පාලක මංඩල සභාපති වශයෙන් ගෝනාපීනූවල බටහිර ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි ප්‍රජාමූල සමිති සභාපති ආර්.කේ.චමිලා චාමරී මහත්මිය තේරීපත් වූ අතර උප සභාපති වශයෙන් වුඩ්ලන්වත්ත සමෘද්ධි ප්‍රජාමූල සමිති සභාපති සුභසීලි තුඩුවගේ මහත්මිය තේරී පත්විය. මීට අමතරව අනෙකුත් ග්‍රාම නිලධාරී වසම් නියෝජනය කරමින් පාලක මංඩල සාමාජිකයින් දහතුන් දෙනෙකු තේරීපත් වූ අතර නව පාලක මංඩලයේ සියළුම දෙනා තමා වෙත පැවරී ඇති කාර්යභාරය මැනවින් නොපිරිහෙලා අනලස්ව අපක්ෂපාතීව සිදු කිරීමට කැපවෙන බවට ප්‍රතිඥා ලබා දෙන ලදි.

   ආරච්චිකන්ද සමෘද්ධි බැංකු කළමණාකරු එම්.ඒ. සිරිනන්දන මහතා විසින් සංවිධානය කරනු ලැබූ මෙම උත්සව අවස්ථාවට මූලස්ථාන කළමණාකරු ගංගා ගුරුසිංහ මහත්මිය, සමෘද්ධි බැංකු සමිති කළමණාකරු එම්.එච්. නිරෝෂා දිල්රුකෂි මහත්මිය, ව්‍යාපෘති කළමණාකරු එච්.ජී. කමල් චන්දන මහතා ඇතුළු සියළුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මෙන්ම සමෘද්ධි බැංකු කොටස් හිමියන් නියෝජනය කරමින් පිරිසක් ද සහභාගී විය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනාපීනූවල

Sunday, March 11, 2018

ආබාධිත දරුවකු සිටින පවුලකට සමෘද්ධියෙන් ස්ථිර නිවහනක්.........


   මෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අලෙවි අංශය මඟින් මෙහෙයවනු ලබන සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදලේ දායකත්වයෙන් දිස්ත්‍රික්කයකින් තෝරා ගත් ආබාධිතවූවන් සහිත එක් පවුල් ඒකකයක් සදහා නිවාස ආධාර ලබා දීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේද එවැනි නිවසක් සාදා නිම කරන ලදි.

   ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 19 න්ද ඉල්ලුම්පත් කැඳවා තෝරා ගනු ලැබූවේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යටලමත්ත සමෘද්ධි බැංකු කලාපයේ ඌරල පහළ  ග්‍රාම නිලධාරී වසමේ කේ.ජී. චමින්ද ප්‍රදීප් කුමාර මහතාගේ නිවසයි. ඔහු දරුවන් 05 දෙනෙකුගේ පියෙකු වන අතර ඉන් 3 දෙනෙක් පාසල් යන අතර ආබාධිත සහිත දරුවකු ද වේ. කුලී වැඩ කර ජීවත් වන අතර භාර්යාව ද අසනීපයෙන් පසුවෙයි.

   මෙම වැඩසටහන යටතේ රු.250,000/= ක මුදලක් එම පවුල වෙත ආධාර වශයෙන් ලබා දුන් අතර මේ වන විට එම මුදල් වැය කර ස්ථිර නිවසක් සාදා ගෙන ඇත. ඉතා දුෂ්කර ප්‍රදේශයක ජීවත් වන මෙම පවුලට මෙසේ ආධාර මුදලක් ලබා දීමට හැකිවීම පිළිබඳව බැංකු කළමනාකරු ප්‍රේමතිලක මහතා ද සිය සතුට ප්‍රකාශ කරන ලදි.

   සිය දරුවන්ටත් තමන්ටත් හිසට වහලක් ලබා දීම සම්බන්ධයෙන් චමින්ද මහතාගේ භාර්යාව විසින් සමෘද්ධි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් , දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ තුමියටත්, ප්‍රාදේශීය ලේකම් තුමන් ඇතුළු කැපවීමෙන්  කටයුතු කළ සියළුම නිලධාරීන්ටත් ස්තුතිය පුද කරන ලදි.

ප්‍රියන්ත කුමාර කාරියවසම්
ගාල්ල දිස්ත්‍රික් සන්නිවේදක

කාන්තා දින සමාජ සංවර්ධනය


   රන්දෙණිය සමෘද්ධි සමාජ සංවර්ධන පදනම 2018 මාර්තු 01 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් විවිධ ඉලක්ක කණ්ඩායම් පදනම් කොට වැඩසටහන් ක්‍රියාත්මක කලා. 2018 දෙසැම්බර් අ:පො:ස:(සා:පෙ:) විභාගයට කරන්දෙණිය ජාතික පාසල මගින් පෙනීසිටින දරුවන් 305 ක් අතරින් 115ක් විෂයයන් 6ක් සමත්විය නොහැකි දරුවන් ලෙස 11 වසර අංශ ප්‍රධානී හදුනාගෙන සිටි අතර නිවසේ ඉගෙනුම් පරිසරය සකස් වියයුතු ආකාරය පිළිබඳව එම දරුවන්ගේ මව්වරුන් දැනුවත් කිරීම මෙහිදී සිදුවිය.

  "අධ්‍යාපනය ඇතුළු සෑම ජයග්‍රහණයක් සඳහාම නිවැරදි ජීවන පැවතුම් බලපෑම් කරයි" මාතෘකාව ඔස්සේ පූජ්‍ය නාරංගොඩපාළුවේ ඣානානන්ද හිමි සහ "සියළුම දරුවන්ට ජීවිතය ජයගන්න පුළුවන්"මාතෘකාව ඔස්සේ කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ටී.ප්‍රනීත් මහතා විසින් දැනුවත් කිරීමේ දේශන පවත්වන ලදි.

   තව නොබෝ දිනෙක සිදු කෙරෙන සමෘද්ධි සිසුදිරිය ශිෂ්‍යත්ව ප්‍රධානයේදී මෙම කණ්ඩායමේ සිටින දුප්පත් දරුවන් වෙනුවෙන්ද යම් සහන සැලසීමට කටයුතු කරන බව සමෘද්ධි සමාජ සංවර්ධන නිළධාරි ජයවර්ධන මහතා මෙහිදී පැවසීය.

   විද්‍යාලයේ විදුහල්පති ශාන්ත ආරියරත්න මහතා පිරිස පිළිගත් අතර නියෝජ්‍ය විදුහල්පති දෙපල සහ 11 වසර අංශ ප්‍රධානී චින්තක මහතා ඇතුළු මව්වරුන් සමග පියවරුන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට සහභාගි වී සිටීම විශේෂයෙන් අගය කල යුතුය.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දේණිය

ආර්ථික අපහසුතා ඇති දරුවන් 28 දෙනෙකුට සෙනෙහසේ දෑත් දිගුවෙයි ........

  “නාගතය උදෙසා වර්තමානය ” සූදානම් කිරීම මිනිසුන් ලෙස අප කාගෙත් වගකීම බව සියළු රට වැසියන්ට අවබෝධ විය යුතු කාලය මේ බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත්  අපට  උපන් ගමන් දරුවන් මහ මඟ දමා යන සිදුවීම් ද නිරතුරුව අසන්නට  දකින්නට  ලැබේ. එවන් කාල වකවානුවක තමන් කුසින් බිහි නොකළ දරුවන්ට මවක පියකු ලෙස සළකන්නට ඉදිරිපත් වන අම්මලා තාත්තලා ද නැතුව නොවේ.

   එවැනි අවස්ථාවක් පසු ගිය දා බද්දේගම අදුරත්විල සමෘද්ධි ප්‍රජා මූල බැංකු පරිශ්‍රයේදී දැක ගන්නට ලැබුණි. ඉගෙන ගැනීමට හපන්කම් තිබුණත් ආර්ථික අපහසුතාවන් බාධාවක් වීම හේතුවෙන් අසරණ වූ දරුවන් 28 දෙනෙකුට වර්ෂයක් පුරාවට මාසිකව ශිෂ්‍යත්ව ලබා දීමේ සමාරම්භය පසුගිය 09 වන දා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ දිශ්නා විතානගේ මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

   මෙහිදී ප්‍රදේශයේ  පරිත්‍යාගශීලි වැඩිහිටියන් 18 දෙනෙකු විසින් මෙම එක් දරුවකු වෙනුවෙන් රු.6000/= බැගින් සිසු දිරිය ශිෂ්‍යත්ව අරමුදල සඳහා ලබා දී තිබුණි. පරිත්‍යාගශීලීන් අතර වෙද්‍යවරුන් , ව්‍යාපාරිකයින් , ඉඩම් හිමි වැවිලිකරවන් මෙන්ම විශ්‍රාමලත් ගුරු භවතුන් ද දක්නට ලැබුණි. එම පරිත්‍යාගශීලින් අතින්ම තෝරාගත් දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරුණු අතර පරිත්‍යාගශීලීන් සඳහා ද සිහිවටන සහතිකපත් ලබා දීම මෙහිදී සිදු කෙරුණි.

    මෙම අවස්ථාවට බද්දේගම සහකාර ප්‍රාදේශීය ලේකම් , දිස්ත්‍රික් සමාජ සංවර්ධන කළමනාකරු , ප්‍රජා මූල බැංකු සමිති කළමනාකරු, අදුරත්විල සමෘද්ධි බැංකු කළමනාකරු, බද්දේගම සමාජ සංවර්ධන සහකාර ඇතුළු සියළුම ක්ෂේත්‍ර සංවර්ධන නිලධාරීන් ද සහභාගී වී සිටින ලදි.

ප්‍රියන්ත කුමාර කාරියවසම්
ගාල්ල දිස්ත්‍රික් සන්නිවේදක

Friday, March 9, 2018

ලලනාවන්ට ඉතුරැම් අගය කියා දුන් ඌරගස්මන්හණ්දිය සමෘද්ධි බැංකුව


  2018 මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දින සමෘද්ධි ඉතුරුම් ගිණුම් ප්‍රවර්ධනය වෙනුවෙන් ඌරගස්මන්හණ්දිය සමෘද්ධි බැංකුව විශේෂ ගිණුම් ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

  මේ යටතේ දැනටමත් ආරම්භ කොට ඇති සමෘද්ධි දිරියමාතා ගිණුම් සඳහා තැන්පත් රැස්කිරීම සහ අළුතින් දිරියමාතා ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කර තිබිණි. බැංකුවේ කළමනාකාරිණී කේ.ජී.ආර්. මල්කාන්ති ක්ෂේත්‍ර සහකාර දයාරත්න සමග බැංකුවේ සහ ක්ෂේත්‍රයේ රාජකාරි කරන සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරිනියන් මෙම කටයුත්තට සිය දායකත්වය ලබා දුන්හ.

  මෙහිදී බැංකු කළමනාකාරිණී ඇතුළු පිරිස ඌරගස්මන්හණ්දිය නගර තදාසන්න ප්‍රදේශයේ වෙළෙඳසල් සහ නිවාස වෙත යමින් කාන්තාවන් වෙත කරුණු පැහැදිලි කරමින් සමෘද්ධි දිරියමාතා ගිණුම් සඳහා මුදල් තැන්පත් රැස්කිරීම මෙන්ම අළුතින් දිරියමාතා ගිණුම් ආරම්භ කිරීමටද කටයුතු කරන ලදී.

  ප්‍රදේශයේ කාන්තාවන් වෙත යමින් කරුණු පැහැදිලි කොට ඔවුන්ගේ වෙළෙඳසලේ හෝ නිවසේදීම අයදුම්පත් සම්පූර්ණ කොට එවෙලේම සමෘද්ධි දිරියමාතා ගිණුම් ආරම්භ කොට පාස්පොත නිකුත් කිරීම සිදු කරන ලදී.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දේණිය