Friday, June 29, 2018

අනු බුදු හිමියන් සිහිකර උ/ සිරිගමපල පිංකම් රැසක්


වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයේ  උ/ සිරිගමපල  වැඩිහිටි  සමිතිය හා සමෘද්ධි  ප්‍රජාමූල සමිතිය එක්ව පොසොන් පෝය  නිමිති කොටගෙන  විශේෂ  පහන් පුජාවක් හා බෝධි පුජා පිංකමක්  පසුගියදා සිරිගමපල  බොධිරැක්ඛාරාම විහරස්ථානයේදි  වසමේ  බාල මහලු වැඩිහිටි සැමගේ සහභාගිත්වයෙන් පැවැත්වූනි .  මෙහි  දැක්වෙන්නේ  එම  මහගු  කර්තව්‍ය  සදහා   සුදානම්වන  ආකාරයයි.

සි ප්‍රිති උදයසිරි  ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

ග්‍රාමීය රාජ්‍ය සේවයෙන් ආදර්ශයක්


  කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිරිනුගේ වසමේ පදිංචි එච්.එච්.නන්දසේන මහතාගේ පවුල පරම්පරාවෙන් හිමිවූ පුංචි ඉඩම් කොටසේ මුළු ජීවිතකාලයම නිවසක් පිළිබඳව සිහින දකිමින් කටුමැටි පැලක ජීවත් වුනා.ඔහු සමෘද්ධි සහනාධාරලාභීයෙක් නිසා මෙම තත්වය වසමේ සමෘද්ධි නිලධාරී සී.පී. කුලතුංග මහතාගේ අවධානයට යොමුවුනා.

  වසමේ ග්‍රාම නිලධාරීනී සහ ආර්ථික සංවර්ධන නිලධාරීනීය ඔහු සමග එක්ව සමෘද්ධි සමාජ සංවර්ධන පදනමින් රු:20000 ක් ලබාගෙන නව නිවසක් ඉදිකිරීම ආරම්භ කලා. වසමේ ප්‍රාදේශීය සභා නියෝජිත කමල් හේවගේ ඔවුන් සමග එක්වුනා. ප්‍රදේශයේ සියළුම දෙනාගෙ උදව්වෙන් නන්දසේනගේ පවුල වෙනුවෙන් හොඳ සුන්දර පුංචි නිවසක් ඉදිවුනා. නිවසට අවශ්‍ය මූලික උපකරණ පරිත්‍යාග ලෙස ලැබුණ. හැමෝම එකතුවෙලා පුංචි උත්සවයක් සමග පසුගියදා නිවසට ගෙවැදුනා.
   
  රාජකාරි විෂයයන් 4ක ගමේ බලධාරීන් සියළු දෙනා එක් අරමුණක් වෙනුවෙන් එක්ව ක්‍රියාත්මකවීම මෙහිදී විශේෂයෙන් අගය කල යුතුය.

එල් පි වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේද
කරන්දෙණිය

සුමදුර ධර්ම දේශනාවක් වෙන්නප්පුව සමෘද්ධි බැංකුවෙන්


වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  වෙන්නප්පුව  සමෘද්ධි බැංකුව  විසින්  පොසොන්  පෝය නිමිති කරගෙන විශේෂ ධර්මදෙශනාවක්  ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේදි  පවත්වන ලදි. මෙම  ධර්ම දේශනාව   සදහා   ප්‍රාදේශීය ලේකම්තුමිය  සමෘද්ධි කලමනාකරු  ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.

සි ප්‍රිති  උදයසිරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

අක්මීමන කැකුළු ළමා සමාජ ප්‍රාදේශීය තරගාවලිය සාර්ථකව අවසන්



  අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයේ ,කැකුළු ළමා සමාජ ප්‍රාදේශීය තරගාවලිය පසු ගිය දින (2018.06.24.) පැවැත්විණි. රැහුනු ජාතික අධ්‍යාපන විද්‍යපිඨයේ ගුරු සිසුන් ගේ සහභාගිත්වයෙන් තරග විනිශ්චය කටයුතු සිදු විය. කලාප තරග වලින් ජය ගත් ප්‍රථමයෝ ඉතා තරගකාරී  අයුරින් සහභාගිත්වය සිදු විම  විශේෂත්වයකි. මුලස්ථාන කලමනාකරු ට්.ජි.කේ. නන්දනි මිය ,කලමනාකාර අධ්‍යක්ෂ නිමල් වික්‍රමසිංහ ,සමාජ සංවර්ධන කලමනාකරු එච්.පි. ශ්‍රියාලතා මිය ,කලමනාකරු විද්‍යාරත්න මහත්මා ,සමාජ සංවර්ධන සහකාර රංජිත් මුදලිගේ මහත්මා  මෙි සදහා සහභාගි විය.

සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

වයික්කාල සමෘද්ධි ප්‍රජාමූල බැංකුවේන් අයිස් ක්‍රිම් දන්සැලක්


  වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  වයික්කාල  සමෘද්ධි ප්‍රජාමූල  බැංකු  නිලධාරි මණ්ඩලය  එක්ව  ප්‍රථම  වතාවට සංවිධානය   කල අයිස්ක්‍රීම්  දන්සැල   පොසොන්   පොහෝදින   එම  බැංකු භුමියේදි  පැවැත්විමට සුදානම්  කර තිබු අවස්ථාව  ගමන  කැමරා කාචයේ  සටහන් වු  ආකාරය.

සි ප්‍රිති උදයසිරි  ප්‍රනාන්දු
වෙන්නප්පුව  සන්නිවේදක

Sunday, June 17, 2018

කිරිඔයට කිරි ඉතිරෙන “ආදර්ශ ගම්මාන වැඩසටහන”


   ලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ , නිශ්චිත ආදායම් මාර්ගයත් නොමැති ජල පහසුකම් හෝ කුඹුරු ඉඩම් නොමැති කුලීවැඩ ජීවන වෘතිය කරගත් ජනතාවක් සිටින ඉතා දුෂ්කර ග්‍රාම නිළධාරී වසමක් වන කිරිඔය වසම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ආදර්ශ ගම්මාන වැඩ සටහන යටතේ වගා ළිං ඉදිකිරීම, නිවාස ආධාර, පලතුරු වගා ව්‍යාපෘති මෙන්ම, විවිධ වු ක්ෂේත්‍රයන් මගින් සංවර්ධනය කිරීමට කටයුතු කරන අතර ආර්ථික සමාජීය, ආධ්‍යාත්මික මෙන්ම මානසික සංවර්ධනයටද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. 

  ඒ අනුව ගම්වාසීන් සියයකට වැඩි පිරිසක් සම්බන්ධ කර ගනමින් මනෝ උපදේශන වැඩසටහනක් පැවත්වු අතර සම්පත් දායක්වය උපදේශන සේවා නිළධාරී සුසන්තා ජයලත් මහත්මිය ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් ඉතා සාර්ථක දේශනයක් සිදුකරන ලදි.

   මෙම වැඩසටහන ඇලහැර ප්‍රාදේශීය ලේකම් එස් එම් කේ කුමාරිහාමි මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම් මත මුලස්ථාන කළමනාකාර දුමින්ද සංජීව තළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී කුමාරසිංහ, සමාජ සංවර්ධන සහකාර පාලිත අබේසිංහ යන අයගේ මැදිහත්වීම මත සමෘද්ධි සංවර්ධන නිළධාරී අනුෂා හුලංගමුව මහත්මිය වැඩසටහන සංවිධානය කර ඇත.

කේ එම් වික්‍රමවංශ රාජපක්ෂ
සමෘද්ධි ගමන සන්නිවේදක
ඇලහැර

විදියේ රැගුමින් මත් විරෝදී දින සමරයි


  ගාල්ල යක්කලමුල්ල ප්‍රා.ලේ. කොට්ඨාශයේ මාගෙදර සමෘද්ධි බැංකු කලාපයේ මාගෙදර නැගෙනහිර ග්‍රාම නිලඩාරී වසමේ මිනිමුතු ළමා සමාජයේ හා සමෘද්ධි  ප්‍රජා  සංවිඩානය  2018 දුම් වැටි හා මත්විරෝඩී  දිනය වෙනුවෙන් වීදී නාට්යක් රග දෑක්වීමට කටයුතු සංවිදානය කර ප්‍රදාන මංසන්දි වල රගදැක්වීම මගින්  ප්‍රදේශයේ ජනතාවට දුම්  වැටි හා මත් ද්‍රව්‍ය භවිතය ඇබ්බැහිවීම නිසා සිදුවන දුක්ගැහැට, සමාජයේ  හිමිවන තැන මනාව පැහැදිලී කිරීමක්  මේයතුලින් ජනාතාවට හේත්තු ගැන්වීමට හැකිවීම් සැමගේ පැසසුමට ලක්විය.  

   මෙම කාර්ය සදහා  කටයුතු කරනු ලැබුවේ  වසම භාර නිලදාරී නීතා ගුනසිරී  මහත්මිය විසිනි. මෙම අවස්ථාව සදහා යක්කලමුල්ල ප්‍රාලේකම් සී. මුහන්දිරම්  මැතිතුමා.මුලස්ථාන කළමණාකරු අනුර මහාතා  මහා සංගම් අධ්‍යක්ෂ  තුශාන්ති මිය, කලාප කලමනාකාර  පත්මසිරි මහතා, ව්‍යාපෘති කලමණාකාර ආනන්ද මායාකඩුව, පි.වී.අශෝකා, වසමේ ග්‍රාම නිලදාරී, ආර්ථික  සංවර්ධන නිලධාරී, ළමා කටයුතු නිලධාරී, යක්කලමුල්ල පොලීසිය මේ සදහා සහයෝගය දක්වන ලදී.  

ජේ. එල්. ගාමිණී
සමෘද්ධි සන්නිවේදක
යක්කලමුල්ල

Thursday, June 14, 2018

ඉදිරි අවුරුදු එකහමාර තුළ ලක්ෂ 5 කට අළුතින් සමෘද්ධිය


   පාට පක්ෂ, ජාති ආගම්, කුළමළ භේදයෙන් තොරව සමෘද්ධිය නියම සුදුස්සාට ලබා දීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉදිරි අවුරුදු එකහමාර තුළ දී ලක්ෂ 5කට අළුතින් සමෘද්ධි සහනාධාරය ලබා දීම තම අමාත්‍යාංශයේ ඉලක්කය බවත් සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. මධ්‍යම නුවර ගම්පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්  නියගයෙන් පීඩා විදි ගොවි පවුල් වෙත නියං සහනාධාර බෙදාදීමට එක් වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

   මෙම වසරේ අගෝස්තු මස වන විට ලක්ෂ 02කට පමණ පිරිසකට ද දෙසැම්බර් මස වන විට තවත් ලක්ෂ 02ක පිරිසකට ද අළුතින් සමෘද්ධිය ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා ඊළඟ අප්‍රේල් මස වන විට තවත් ලක්ෂයක පමණ පිරිසකට අළුතින් සමෘද්ධිය ලබා දෙන බව ද පැවසීය.

   මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අවම වශයෙන් එක කොට්ඨාසයක පවුල් 10කට 12කට මේ තුළින් සමෘද්ධිය අළුතින් ලැබෙනවා. සමෘද්ධි නිලධාරී, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරීගේ නිර්දේශ හරහා ප්‍රදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් හරහා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්ට, අමාත්‍යාංශයට අදාළ ඉල්ලුම් පත්‍ර එවන්න කටයුතු කරන්න. අපි පළමු වටේ එතනින් දෙන්නම්. දිය යුතුම පිරිසක් එතන ඉන්නවා. හැබැයි ඊළඟ වට දෙක තුන දෙනකොට අපි අර අතහැරිච්ච පිරිස් වලටත් සමෘද්ධිය දෙන්න ලෑස්ති කරනවා. ඒ නිසා අළුතින් සමෘද්ධි බලාපොරොත්තු වන අයට මම කියන්නෙ ඔබ තුමන්ලාගේ අභියාචනා මම කියපු නිලධාරීන්ට ඉදිරිපත් කරන්න පුවත්පත් මගින් වගේම සමෘද්ධි නිලධාරීන් හරහා අපි කටයුතු කරනවා කියලයි. ඒකෙදි සමෘද්ධිය බලාපොරොත්තු වන අයට තනි තනියෙන් අභියාචනා ඉදිරිපත් කරන්නැයි, ද අමාත්‍යවරයා පවසා සිටියේය.

   තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ස්වේච්ඡා සංවිධාන වල තියෙන අදහස් ඉදිරිපත් කරන්න. ආගමික සංවිධානවල අදහස් ඉදිරිපත් කරන්න. ඒ වගේම මහජන නියෝජිතයින්ට තමන්ගේ උදවිය ගැන තියෙන අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. සමෘද්ධි නිලධාරී ඇතුළු මම කියපු අර නිලධාරීන් 4දෙනාට අදහස් ඉදිරිපත් කරන්නඅවස්ථාව තියෙනවා. එහෙම නැතුව මම ඇවිල්ලා මේ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ඇමතිවරයා කියලා පාට පක්ෂ තෝරලා ඒ අයට සමෘද්ධිය දෙන්න මම ලෑස්ති වුනේ නෑ. ඒ නිසා මේක විනිවිද භාවයෙන් පේන විදියට නියම සුදුස්සන් සමෘද්ධි ලාභීන් විදියට තෝරා ගන්නවා, යැයි අමාත්‍යවරයා පැවසීය.

සමෘද්ධි ක්‍රිකට් තරඟාවලියෙන් දියබෙදුම “ලයන් හාට්ස්” ට ජය


   ලහැර සමෘද්ධි සමාජ සංවර්ධන පදනම මගින් සංවිධානය කරනලද සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය ජයසිරිපුර ක්‍රීඩාංගනයේදී දින දෙකක් තුල පැවත්වුන අතර මේ සදහා වෙනත් දිස්ත්‍රික්කවල ක්‍රිකට් කණ්ඩායම්ද සහභාගීවීම සුවිශේෂී කාරණයකි.

   කණ්ඩායම් දහ අටක් මේ සදහා ඉදිරිපත් වු අතර තරඟාවලියේ අනු ශුරතාවය දඹුල්ල ක්‍රිඩා සමාජය ලබාගත් අතර, දියබෙදුම ලයන් හාට්ස් ක්‍රීඩා සමාජය ශුරතාවය දිනා ගැනීමට සමත් වීය. තරගාවලියේ වීරයා ලෙස ලයන් හාට්ස් ත්‍රීඩා සමාජයේ හර්ෂ එගොඩගේ කුසලානය හිමිකර ගනු ලැබීය.

   ඇලහැර ප්‍රාදේශීය ලේකම් එස්. එම්. කේ. කුමාරිහාමි මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම් මත සමාජ සංවර්ධන පදනමේ සහ ප්‍රදේශයේ ජනතාවගේ අනුග්‍රාහකත්වය ඇතිව සමෘද්ධි මුලස්ථාන සහ බැංකු කළමණාකාර වරුන්ගේ අධීක්ෂණයන් මත වසම තුල ප්‍රජාමුල සංවිධාන  වල එකමුතු වෙන් සමෘද්ධි සංවර්ධන නිළධාරී මංජුල විජේරත්න මහතා මෙය සංවිධානය කර ඇත.         

කේ එම් වික්‍රමවංශ රාජපක්ෂ
සමෘද්ධි ගමන සන්නිවේදක
ඇලහැර                                          

Tuesday, June 12, 2018

විගණන විමසුම් සදහා පිළිතුරු සැපයීම පිළිබද එක් දින පුහුණු වැඩසටහනක් ගෝනාපීනූවලදී......


   2018 වර්ෂයේ වාර්ෂික පුහුණු සැලැස්ම යටතේ දිස්ත්‍රික් කාර්යාලීය ප්‍රතිපාදන මත ශ්‍රි ලංකාවේ  රාජ්‍ය විගණනය, විගණන විමසුම් හා විගණන විමසුම් සදහා පිළිතුරු සැපයීම  පිලිබද එක් දිණ පුහුණු වැඩසටහනක් ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පසුගියදා (11) දින පැවැත්විණි.

   ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරියේ නියුතු කාර්යාලීය නිළධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් ඉලක්කකර ගනිමින් පැවැත්වූ මෙම පුහුණු වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන අභ්‍යන්ර විගණක පී.ඒ.අයි. ලේලවල මහත්මිය විසින් මෙහෙයවන ලදි.

   රාජ්‍ය  විගණනය, විගණන විමසුම් හා විගණන විමසුම් සදහා පිළිතුරු සැපයීම , විණකාධිපතිගේ කාර්යභාරය, විගණන විමසුමක ඇතුලත් වින කරුණු පිලිබදව දීර්ඝව මෙහෙදී සාකච්චා කෙරුණු අතර , ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී ඩී.එම්.පී.ජී. මල්කාන්ති මහත්මිය ඇතුළු කාර්යාලයේ සියළුම අංශ නියෝජනය වන පරිදි රාජ්‍ය  නිලධාරීන් පිරිසක් මෙම පුහුණුව සදහා සහභාගී වී සිටින ලදි.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනාපීනූවල

Monday, June 11, 2018

දක්ෂතා සපිරි ළමා සමාජ දරුවන් ඇගයේ.....


  ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමාද්ධි සමාජ සංවර්ධන අංහයේ මෙහෙයවීමෙන් සමෘද්ධි කැකුළු ළමා සමාජ දරු දැරියන්ගේ දක්ෂතා ඇගයීමේ වැඩසටහනක් ගෝනාපීනූවල සහකාර ප්‍රාදේශීය ලේකම් පී.ඒ. දුලානි ශෂිකලා ගුණසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2018.06.06 දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

   සමෘද්ධි කැකුළු ළමා සමාජ නියෝජනය කරමින් කලාප, ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් ජයග්‍රහණ හිමිකරගත් දරු දැරියන් විශාල පිරිසක් මෙම අවස්ථාවේ දී ත්‍යාග හා සහතික පත් හිමිකර ගන්නා ලද අතර දරු දැරියන් ගේ දක්ෂතා ඉදිරිපත් කරමින් විවිධ අංග රාශියක්ද ඉදිරිපත් කරන ලදි.

  ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ පරිපාලන නිලධාරි ජී.ටී.වී.එන් තන්තිරිගේ මහතා ඇතුළු කාර්යාලීය නිලධාරීන් ,සමෘද්ධි නිලධාරීන් හා දරු දැරියනගේ දෙමාපියන් අතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී සිටින ලදි.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්දි සන්නිවේදක
ගෝනාපීනූවල

වෙන්නප්පුව සමෘද්ධි කැකුලු සංකෘතික තරගාවලිය


  වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වයික්කාල සමෘද්ධි කලාපය විසින් සමෘද්ධි කැකුලු සංකෘතික තරගාවලියේ කලාපිය තරග එහි කළමණාකාරිනි චම්පිකා මෙනවියගේ මුලිකත්වයෙන් පසුගියදා පැවැත්වූනි. මෙහි දැක්වෙන්නේ එම ළමා සමාජ දරැවන් චිත්‍ර තරග සදහා සහභාගි සිටින ආකාරයයි.

සි ප්‍රිති උදයසිරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

Friday, June 8, 2018

මූල්‍ය කටයුතු අධීක්ෂණය හා නියාමන කළමණාකරණ මණ්ඩලය පත්වේ


   කීර්ති මිහිරිපැන්න , ජේ.සමරතුංග , ලෙස්ලි තිසේරා යන මහත්වරු සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිතීන් හි මූල්‍ය කටයුතු අධීක්ෂණය හා නියාමනය කිරීමේ කාර්යය සදහා වූ කළමණාකරණ මණ්ඩලයහි සාමාජිකයන් ලෙසින් සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී හැරිසන් අමාත්‍යතුමන් විසින් පසුගිය 07 දින පත් කරන ලදී

Tuesday, June 5, 2018

සමෘද්ධි ගම්දොර ඇරඹෙයි


  ර්ථික හා අධ්‍යාපනික වශයෙන් සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සවිමත්කි රීම තමාගේ එකම අරමුණ බව සමාජ සවිබල්ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.ඒ මහතා ඒ බව පවසා සිටියේ සමෘද්ධි ගම්දොර වැඩසටහන යටතේ මුලතිව්  මාන්තායි   ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගිය දා පැවති
වැඩසටහනකට එක්වෙමිනි.

   වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ දිළිඳු ජනතාව අතර මත්ද්‍රව්‍ය සඳහා නිවසේ ගෘහමූලිකයා ඇබ්බැහිවීම මත පවුලේ ආර්ථිකය බිඳවැටී ඇති බවත්, සමෘද්ධි මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන නියමිත උපදේශනය යටතේ ගුණාත්මකව සිදුකිරීමෙන් ප්‍රතිලාභියා මෙන්ම, පවුලේ ආර්ථිකයද නගා සිටුවිය හැකි බවත්ය. එහෙයින් වඩාඋනන්දුවෙන්, කාර්යශීලීව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සිදුකරනලෙසට එහිදී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙන ලදී. ඒ අතරම, ස්වයං රැකියා සඳහා ණය ප්‍රධානය කිරීමේදී ණය කොන්දේසී ලිහිල් කරමින් ලක්ෂ 05 සිට 25 දක්වා ඉදිරියේදී ණය ලබාදීම තුළින් ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට හැකිවනු ඇති බව පැවසූ අමාත්‍යවරයා ස්වයං රැකියා උපදෙස් වැඩමුළු පැවැත්වීමට කටයුතු කළ යුතු බවද කීය. සාමානන්‍ය පෙළ, උසස් පෙළ අධ්‍යාපනය හැදෑරූ තරැණයන්ට මෙන්ම, උසස් අධ්‍යාපන වරම් අහිමි වූ දරුවන්ට වෘතීය පාඨමාලා සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම තම අපේක්ෂාවබවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

   සමෘද්ධි බැංකුව ක‍්‍රියාශීලී ගුණාත්මකබවින් සේම, වඩා ආකර්ෂණියව නවීකරණය කරමින් වැඩි පොළී ප්‍රතිශතයක් වෙනුවට අඩු පොළී ප්‍රතිශතයකට ණය ලබා දීමේ අවස්ථා ඇති කිරීමේ ආදර්ශ ගම්මාන ඉදිරියේදී ඇති කරන බවත්, ඒ යටතේ කිරිගව ව්‍යෘපෘති ඇතුළු ගෘහස්ථ කර්මාන්ත තුළින් ග්‍රාමීය ආර්ථිකය, ජීවනෝපාය සංවර්ධනය සිදුකල යුතු බවද කීය.

   රටේ නිෂ්පාදනයට දායක වන ග්‍රාමීය ජනතාවට රුපියල් 50000ක මුදලක් ලබා දී සවිබලගැන්වීමට තමා බලාපොරොත්තු නොවන බවත්, ප්‍රතිලාභීන්ගේ දෛනික හා මාසික ආදායම වර්ධනය කෙරෙන නව ව්‍යාපෘති හඳුන්වා දී සමෘද්ධි ප්‍රතිලාභීන් දිරිගැන්වීමට නව ක්‍රමවේදයක් සකස් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. මහපොලොව හා ගැටෙන මිනිසුන් වෙනුවෙන් රාජකාරීය දේවකාරියක්
මෙන් ඉටුකරන නිලධාරීන්ට උසස්වීම් හා ශීෂ්‍යත්ව පිරිනැමීමට ඉදිරියේදී කටයුතුකරන බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරනය කළේය. ශිෂ්‍යත්වය, සාමාන්‍යෙපළ හා උසස්පෙළ හැදෑරූ ශිෂ්‍යන්ට සමෘද්ධි සංවර්ධන දෙපාර්තුව විසින් පිරිනමන ශිෂ්‍යත්ව මුදල සේම, ප්‍රතිලාභී දරුවන් ගණන වැඩිකිරීම තුළින් දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක්වීම තම අරමුණ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

   මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කටිටඹුවාව, මුලතිව්, මාන්තෛ, මැදවච්චිය, ඉකිරිගොල්ලාව යන ග්‍රමයන්හි සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ගැටළු මෙම සංචාරයේදී අමාත්‍යවරයාගේ අවධානයට ලක්විය. සමාජ සවිබලගැන්වීම් අමාත්‍යෘංශයේ ලේකම් ශිරාණි වීරකෝන්, අමාත්‍ය උපදේශක එච්.එල්.තිසේරා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජේ. දඩල්ලගේ, යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් අමාත්‍යවරයා සමග මෙම සංචාරයට එක් විය.