Friday, August 31, 2018

වෘත්තීය ගැටලු කඩිනම් විසදන්න කමිටුවක්


   වෘත්තීය ගැටලු සදහා කඩිනම් විසදුමි ලබා දීමට වෘත්තීය සමිති නියෝජිතයන් හා අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සැදුමිලත් කමිටුවක්. සමෘද්ධි නිලධාරීන්ගේ පත්වීමි, විශ්‍රාම වැටුප් ලබාදීම කඩිනමින්ම 2018.08.31 වෘත්තීය සමිති සාකච්ඡාව අමාත්‍යාංශ ශ්‍රවණාගාරය.....

Tuesday, August 28, 2018

සමෘද්ධි සෞභග්‍යා වැඩසටහනෙන් මගී ආවරණයක් විවෘත කෙරේ...........


  සමෘද්ධි සංවර්ධන දෙපාර්මේන්තුව හා  ශ්‍රී ලංකා යුනිලීවර් සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ගමට සෞභග්‍යා වැඩසටහන  යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ඉදිකල මගී ආවරණය විවෘත කිරීම 2018.08.27 දින ගෝනාපීනූවලදී සිදු කෙරුණි.

  ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කර වසර 15ක් ගතවුවද එහි සේවාවාන් ලබාගැනීට පැමිනෙණ සේවාලාභීන් හට හා ප්‍රදේශවාසීන්ට පොදු මගී ප්‍රවාහන සේවාවන් පැමිනනෙණ තෙක් හිසට සෙවනක් නොමැතිව අව් වැසි නොතකා මහා මර්ගය අසල රැදී සිටීමට සිදු විණි.

   ශ්‍රී ලංකා යුනිලීවර් සමාගම සමග අඛණ්ඩව වසර 05ක් පමණ ජංගම අලෙවි කටයුතු සිදු කල ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රතිලාභියෙකු වන ආර්.කේ. චමිලා චාමරී මහත්මියගේ ඉල්ලීමකට අනුව රුපියල් 68,460.00 වියදමින් ඉදිකරන ලද මෙම මගී ආවරණය  විවෘත කිරිමේ අවස්ථාවට ගෝනාපීනූවල සහකාර ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුනසේන මහත්මිය, සවුත් ඒෂියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නජිත් දමින්ද මහතා, ශ්‍රීලංකා යුනිලීවර් සමාගමේ සෞභග්‍යා අංශයේ සුරාජ් සංජීව මහතා, තනුෂ්ක කුමාර මහතා. ගෝනාපීනූවල මූලස්ථාන සමෘද්ධි කළමණාකරු ගංගා ගුරුසිංහ මහත්මිය, ව්‍යාපෘති කළමණාකරු එච්.ජී.කමල් චන්දන මහතා, ආරච්චිකන්ද සමෘද්ධි බැංකු කළමණාකරු එම්.සිරිනන්දන මහතා , ගෝනාපීනූවල සමෘද්ධි බැංකු සමිති කළමණාකරු නිරෝෂා දිල්රුක්ෂි මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් හා ප්‍රදේශවාසීන් පිරිසක් එක්වීය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනාපීනූවල

ළමා සමාජ දරැවෝ වෙන්නප්පුව අහස සරසයි


  වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නයිනමඩම කලාපයේ උ/ දුම්මලදෙනිය හා නැ/ දුම්මලදෙනිය ග්‍රාම නිලධාරි වසම්හි රාජකාරි කරන ප්‍රභහා හංසිකා මෙනවිය හා සචිනි මලිෂා  ප්‍රනාන්දු  යන නිලධාරියන්  එක්ව සංවිධානය  කරන ලද  ළමා සමාජ සරැංගල් තරගය පසුගියදා උල්හිටියාව   වෙරළ තිරයේදි පැවැත්වුනි. මෙය කලමනාකරිනිය ශ්‍යාමලි රේණුකා  මහත්මියගේ  ප්‍රධානත්වයෙන්  පැවැත්වුනි. මෙහි දැක්වෙන්කේ එම තරගය සදහා සහභාගි වු දරැවන් ඇතුලු නිලධාරින් සමුහ  ඡයාරැපයක් සදහා පෙනි සිටි අයුරැ ගමන කැමරා කාචයේ සටහන් වු අාකාරයයි.

ප්‍රිති උදයසිරි  ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

Tuesday, August 21, 2018

මැදිරිගිරිය රාජ්‍ය සේවකයින් සුහද ක්‍රිකට් ගැටුමක


  විනෝදය මෙන්ම ශාරීරික ව්යායයාමයක් එක්කරමින් මානසික ඒකාග්‍ර තාවයෙන් මිදීමට රාජ්‍ය සේවා සුහද ක්‍රිකට් තරගාවලියක් පසුගිය 16 වෙනි දින ඒකනායක ක්‍රිඩාංගනයේදී පැවැත්වූයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් සි.එම්. කරුණාරත්න මෙනවියගේ ප්‍රධානත්වයෙනි. විවිධවූ අංශ වලට බෙදී තම සේවාදායකයින් වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටි තම නිලධාරීන් එක් ස්ථානයකට ගොනු කරමින් මෙම තරගාවලිය සදහා ග්‍රාම නිලධාරී, ආයතන, ක්ෂේත්‍ර, සංවර්ධන හා සමෘද්ධි වශයෙන් පිරිමි කණ්ඩායම් තරගය සදහා සහභාගිවූ අතර ජයගාහි කණ්ඩායම වශයෙන් ක්‍රිඩා නිලධාරී මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්ෂේත්‍ර නිලධාරී කණ්ඩායමද, අනුශූරතාවය ආයතන කණ්ඩායමද හිමිකරගත් අතර, සමෘද්ධි හා ග්‍රාම නිලධාරී කාන්තා අංශයේ තරගයෙන් ග්‍රාම නිලධාරී අංශය ජයගහණය හිමිකර ගන්නා ලදි.

  මෙම තරගයේ විශේෂත්වයවූයේ තම කණ්ඩායමට ක්‍රිඩා කිරීමට තරග කරුවන් නොමැති බව දැනගත් විගසම තම රාජකාරි ඇදුමෙන්ම නිලධාරිනියන් තරගය සදහා සහභාගිවූයේ කණ්ඩායම් හැගීම මෙන්ම විනෝදාස්වාදය වෙනුවෙනි. 

  මෙම අවස්ථාව මාධ්‍ය ආවරණයේ යෙදුනු සමෘද්ධි ගමන කැමරා කාචයට මුසුවූයේ මැදිරිගිරිය සමෘද්ධි ගමන සංනිවේදක මහත්මියද එසේ තරග බිමේ සිටි ආකාරයයි. විවිධ අංශවල නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගිවි සිටි අතරම පරිපාලන නිලධාරි මහතාගේ ප්‍රධානත්වයෙන් තරගය ආරම්භ වූ අතර සමෘද්ධි මූලස්ථාන කලමණාකරු මහත්මියද සහභාගිවි සිටින ලදි. 

  නිවේදන කටයුතු සදහා සම්බන්ද වූ සමෘද්ධි නිලධාරී ප්‍රියන්ත සිසිර කුමාර මහතා කෙරෙහි කාගෙත් සිත් ඇදී ගියේ ජාතයන්තර නිවේදකයකුගේ ආකාරයෙන් තම නිවේදන කටයුතු සිදු කිරිමයි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

කුසලතාවයට මුල්තැන......... ජීවිතය ජයගන්න විදාතා පුහුණුව......


   සමෘද්ධි ගමන මැදිරිගිරිය විදාතා සම්පත් මධ්ය ස්ථානය වෙත පියමැන්නේ නව තාක්ෂණය හා මුසුව විවිධවූ පුහුණු වැඩසටහන් හා සේවා සපයන ප්‍රධාන ආයතනයක් තුල සාරි ජැකට් හා බෑග් මැසීමේ පුහුණු වැඩසටහනක් පසුගිය 18 වෙනි දින පැවැත්වු බැවිණි.

    මෙම පුහුණු වැඩසටහන සදහා විශාල පිරිසක් සහභාගිවී සිටි අතර සම්පත් දායකත්වය සිංගර් ආයතනය විසින් දරන ලදි. විවිධ ආයතන වලින් මහන මැෂින් ලබාගෙන ඒවා පුහුණුවකින් තොරව භාණ්ඩයක් බවට පත්වූ නිවෙස් වල කාන්තාවන්ද මෙම පුහුණුව සදහා පැමිණ සිටි අතර සමෘද්ධි ගමන සහභාගිවූවන් සදහා  දොඩමළු වීමේදී ඔවුන් කියා සිටියේ මෙම පුහුණුව සතියකට පෙර සිටන් දැනුවත් කර පැවැත් වීමේදී තමන්ට ඒ සදහා කාලය කලමණාකරනය කරගෙන සහභාගිවීමට ලැබීම ඉතා වටිනා බවත්, පැවති පුහුණුව ඉතාම වටිනා අගනා කාලෝචිත පුහුණුවක් බවත්, ඉතා සරළව හොදට දියකර පුණලයකින් වක්කරන්නාක් සේ රසවත්වූ බවයි. මේ සදහා දායකත්වය දැක්වූ සියළුම මහත්ම මහත්මීන්ට උපහාර කරන බවද ඉතා ඕනෑකමකින් පවසන ලදි.

   විදාතා සම්පත් ආයතනාධිපති බංදුල විජේමාන්න මහතාගේ මගපෙන්වීමෙන් සමිබන්ධීකාරක බංදුල වැලිපිටිය මහතා සහ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලදි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

Friday, August 17, 2018

සමෘද්ධි නිලධාරීන් වන ඔබට - ගරු අමාත්‍යතුමන් මොනරාගල දී කල කථාව

ගරු අමාත්‍යතුමන් මොනරාගල දී කල කතාවේ පලමු කොටස

ගරු අමාත්‍යතුමන් මොනරාගල දී කල කතාවේ දෙවන කොටස

සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලු සොයන රත්නපුර දිස්ත‍්‍රික් වැඩසටහන

  සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලු සොයා බලන රත්නපුර දිස්ත‍්‍රික් වැඩසටහන රත්නපුර රත්නපුර පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී ඊයේ (16) පැවැතිනි. 

Wednesday, August 15, 2018

පුත්තලම සමෘද්ධි බැංකුවේ අවුරුදු ගණුදෙණු කෝටි නවය ඉක්මවයි...


  ‘පේකම රැක ගනිමු   ඉතුරුමට මග කියමු’’ යන තේමාව යටතේ  ශ්‍රී ලංකා සමෘද්ධි දෙපාර්තුමේන්තුව විසින් සෑම වසරකම අප්‍රේල් මාසයේ ක්‍රියාත්මක  ඉතුරුම් ප්‍රවර්ධන සතිය තුල , 2018 වසරේ  පුත්තලම සමෘද්ධි බැංකුව රැස්කල ඉතුරුම් ප්‍රමානය කෝටි නවය ඉක්මවා ඇත.

  ඒ අනුව කලාපයේ ප්‍රථම ස්ථානය දිනා ගත් සමෘද්ධි සංවර්ධන නිලධාරිනි එම්.ටී. ඉස්මියා මහත්මිය රැස්කල මුදල රු.තුන්කෝටි දා හතරලක්ෂ තිස්තුන්දාස් පන්සියකි.දෙවන ස්ථානය දිනාගත් එම්.යු.එෆ්.නස්රියා මහත්මිය එක්කෝටි හැට හය ලක්ෂ විසිනවදාස් පන්සිය අනුවක්ද,තුන්වන ස්ථානය දිනාගත් එච්.ෆයිරුස් මහතා එක්කෝටි හතලිස් දෙලක්ෂ විසිදාස් හත්සියක්ද,ඇතුලුව කළාපය තුල රැස්කල මුළු මුදල රුපියල් නව කෝටි දාහතර ලක්ෂ අනු තුන්දාස් තුන්සිය හතලිස් නවයකි.

  පසුගිය වසර දෙක තුලම පුත්තලම බැංකුව ඉතුරුම් ප්‍රවර්ධන සතිය තුල දිස්ත්‍රික්කයේ වැඩිම  තැන්පතු රැස්කල බැංකුව ලෙස දිස්ත්‍රික් මට්ටමේ ඇගයීමට ලක්වී ඇති අතර ගිය වසර හා සසදන කල මෙම වසරේ රැස්කල මුදල ඉහල අගයක් ගන්නා බැවින් මෙවර ජාතික මට්ටමේ ජයග්‍රහනයක් කරා යාමට බොහෝදුරට ඉඩකඩ ඇත.

චින්තන රත්නායක
සමෘද්ධි ගමන සන්නිවේදක
පුත්තලම.

වෙල්ලමංකරය සමෘද්ධි සරැංගල් සැනකෙලිය


  වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයේ  නයිනමඩම  කලාපයේ වෙල්ලමංකරය වසමේ    ළමා සමාජ දරැවන්  දෙවන   වරටත්  සමෘද්ධි   සංවර්ධන නිලධාරිනි සමන්මලි විජේසුර්ය  මහත්මිය  විසින්  සංවිධානය කල සරැංගල්   තරගය  පසුගියදා   වෙරල තිරයේදි  පැවැත්වුනි .  මෙහි   සටහන්   වන්නේ  ඒ  සදහා  යොදාගත් සරැංගල්  හා ළමා සමාජ  දරැවන් ඇතුලු සමෘද්ධි   සංවර්ධන  නිලධාරින්  වේ.

ප්‍රිති උදයසිරි  ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

පුත්තලම සමෘද්ධි බැංකුවෙන් ලේ දන්දීමක්...


  පුත්තලම සමෘද්ධි බැංකු කලමණාකරු ඩබ්.එම්.එස්.කේ.වාසල මහත්මිය ඇතුලු පුත්තලම කළාපයේ සමෘද්ධි නිලධාරින් එක්ව සංවිධානය කල ලේ දන්දීමේ වැඩ සටහනක් 2018/08/13දින දවස පුරා පුත්තලම සමෘද්ධි බැංකු කළාප කාර්යාලයේදී පැවැත්විය.

  සමෘද්ධි සංවර්ධන නිලධාරින්,ප්‍රජාමුල සංවිධානවල නියෝජිතයින් ඇතුලුව එකසිය පනහකට ආසන්න පිරිසක් ලේ දන්දීම සදහා පැමිණ සිටියහ.

   මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා ප්‍රධාන අනුග්‍රහය පුත්තලම නාගරික මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ලබාදුන් අතර පුත්තලම මහජන බැංකුව,ප්‍රෙන්ඩ්ස් ආයතනය,මිල්කෝ ආයතනය හා පාලවිය ලිහිනියා බේක් හවුස් වැනි ආයතන ලේ දන්දෙන අයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා දෙන ලදි.පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජිවනී හේරත් මහත්මිය හා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ සම්පත් වීරසේකර මහතා විසින් අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස් ලබා දුන්හ.

චින්තන රත්නායක
සමෘද්ධි ගමන  සන්නිවේදක
පුත්තලම

හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිල සෙවන කාර්යාල විවෘතවේ


  හික්කඩුව  ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරි වසම්  08 ක් සදහා  නිල සෙවන කාර්යාල ලබාදිම 2018.08.13 වන දින  ජනතා  අයිතියට  පවරාදිම සිදුවිය.

   ශ්‍රි ලංකා ප්‍රජාතානත්‍රික  සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතතුමාගේ සහ අග්‍රාමාත්‍ය  ගරු රනිල් වික්‍රමසිංහ  මැතිතුමාගේ මගපෙන්වීමෙන්  ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සංකල්පයක් වු නිල සෙවන ව්‍යාපෘතියට සමගාමිව හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 45 ඊ රෙජ්ජිපුර,44 බී ගනේගොඩ ,49 බී පන්විල පහලගොඩ,72 ඒ ගල්දුව, 72 සීඩෙල්මාර් ජනපදය,77  බී දිඹුල්දුව,78 ඒ ගලගොඩ නැගෙනහිර, 78 සී ගලගොඩ  බටහිර නිල සෙවන කාර්යාල ගරු වජිර අබේවර්ධන මැතිතුමගේ සුරතින් 2018.08.13 වන විවෘතවිය.

  මෙහිදී එකම කාර්යාලයක් තුල ග්‍රාම නිලධාරි,සමෘද්ධි සංවර්ධන නිලධාරි,ආර්ථික සංවර්ධන නිලධාරි, කෘෂි පර්යේෂණ නිලධාරි 04  දෙනාම එකම ස්ථානයක සේවය ලබාදිම. 

  මේ සඳහා ගරු වජිර අබේවර්ධන ඇමතිතුමා ,ගාල්ල දිස්ත්‍රික් ලේකම් ,ගාල්ල දිස්ත්‍රික්  වැඩ බලන  කමල් රණසිංහ මැත්තුමා,හික්කඩුව වැඩ බලන ප්‍රාදේශිය ලේකම් එල්.එන්.පියුමලී ලියනගේ මැතිනිය,හික්කඩුව සහකාර ප්‍රාදේශිය ලේකම් ඩී.එන් පියුමාලි කුලරත්න මැතිනිය.සමෘද්ධි මුලස්ථාන කළමණාකරු කේ.එච්.ගොතික් මිය,පරිපාලන ග්‍රාම නිලධාරි ඩි.එච්.එස්.කුමාර.ද. සිල්වා  සුසිත් වාසව මහතා කෘෂිපර්යේෂණ නිලධාරි සමෘද්ධි කළමණාකරුවන්,ආර්ථික සංවර්ධන නිලධාරින්,සමෘද්ධි සංවර්ධන නිලධාරින් ,දේශපාලන අධිකාරිය හා ගම්වාසින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය. 

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

ළමා ආරක්ෂාව පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක්


  වෙන්නප්පුව   ප්‍රාදේශීය ලේකම් කර්යාල⁣ය විසින් ළමා ආරක්ෂාව ආදාල නිති,  ශ්‍රි ලංකා ළමා අයිතිවාසිකම්  හා ළමා හිංසනය  පිලිබදව  දැනුවත් කිරිම   පිලිබද  දැනුවත්  කිරිමේ  වැඩසටහනක්   ප්‍රාදේශීය ලේකම් තුමියගේ  මුලිකත්වයෙන්   වර්ල්්විෂන් ආයතනයේ අනුග්‍රහයෙන් (14 දින)  නිති ආධාර කොමිෂන් සභාාව්  නිති්  නිලධාරිනි   සංජිවනි අබේකොන්   මහත්මියගේ   මෙහෙවිිමෙන්  ප්‍රාදේශීය ලේකම් කර්යාලයේ  රැස්වීම්  ශාලාවේදි පැවැත්වූනි. මේ  සදහා    ග්‍රාම නිලධාර් ,ආර්ථික සංවර්ධන  නිලධාරින් හා  සමෘද්ධි කලමනාකරුවන්  ඇතුලු සමෘද්ධි  සංවර්ධන නිලධාරින් විශාල  පිරිසකි සහභාගිවිය.

ප්‍රිති උදයසිරි  ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පු

සමෘද්ධි සිප්දොර සම්මුඛ පරීක්ෂණ හික්කඩුවේදී


  හික්කඩුව  ප්‍රාදේශිය  ලේකම් කාර්යාලයේ සමෘද්ධි  මුලස්ථාන අංශයේ 2018/2020  සිප් දොර  ශිෂ්‍යත්ව සම්මුඛ පරීක්ෂණය 2018/07/16 ප.ව.1.00  ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විය

  හික්කඩුව ප්‍රාදේශිය ලේකම් ( රාජකාරි ආවරණ)  පියුමාලි කුලරත්න මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්විම පරිදි දිවයින පුරා පැවැත්වෙන සමෘද්ධි සිප්දොර සම්මුඛ පරීක්ෂණය  පැවැත්විය. මෙහිදී 2017 වර්ෂයේ අ.පො.ස. සා.පෙ.විභාගයට පෙනි සිටින ලද විශිෂ්ඨතම ප්‍රතිඵල ලබාගන්නා ලද සිසුන් 67 දෙනෙකු තෝරා ගැනිම සිදු විය.

  හික්කඩුව ප්‍රාදේශිය ලේකම් වසම් 97 කින් යුත් විශාල කොට්ඨාසයකි .මෙහිදී එක් ලමයකුට රු.1500*24 =36000*67  =2412000 (රු විසි හතරලක්ෂ දොලොස් දාහක් ) ලබාදිම මගින් අඩු ආදායම්ලාභි දරුවන්ට මහත් පිටුවහළකි. 

  මේ සඳහා  ගා/හෙන්නතොට විද්‍යාවර්ධන විද්‍යාලයේ උප විදුහල්පති  තුෂිතා විජේබන්ඩාර මිය,මුලස්ථාන කළමණාකරු කේ.එච්.ගොතික් මිය ,ව්‍යාපෘති කළමණාකරු එම්.ටි.අනෝමා මිය,එරංග සංජිව මයා , ෂමී ගූණරත්න මිය,රුවිණි සිල්වා  මිය,ඩිලීෂා නිලන්ති, ශ්‍රියානි කනකරත්න මිය,කේ විමලරත්න මයා,එච්.ජි.චන්දන මයා,පි.ජී.චන්ද්‍රානි මිය සිසුන් හ  දෙමාපියන් විහාල පිරිසක් සහභාගිවිය.  

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

Sunday, August 12, 2018

සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලු සොයා බලන මොනරාගල දිස්ත‍්‍රික් වැඩසටහන


  සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලු සොයා බලන මොනරාගල දිස්ත‍්‍රික් වැඩසටහන මොනරාගල පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී 2018.08.11 පැවැතිනි. 

Thursday, August 9, 2018

උද්ඝෝෂණය කිරීමෙන් සමෘද්ධි සේවක ගැටලු විසඳෙනවානම් උද්ඝෝෂණයට මාත් එනවා


  උද්ඝෝෂණය කිරීමෙන් සමෘද්ධි නිලධාරින් සම්බන්ධයෙන් උද්ගත වී ඇති සේවක ගැටලු විසදෙන්නේ නම් තමා ද එවැනි ඕනෑම උද්ඝෝෂණයකට එක්වන බවත්, අමාත්‍යධූරය ලබා ඉතා කෙටි කාලයක් තුළ මෙම සේවක ගැටලු විසඳීටම අදාල පාර්ශවයන් සමඟ සාකච්ඡා කළ ද අධිකරණයේ නීතිමය කටයුතු කිහිපයක් හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වී ඇති බවත් සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

   මාතර, වැලිගම නගර ශාලාවේ දී පැවති දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරී හමුව අමතමින් අමාත්‍යවරයා පහුගියදා මේ බව පැවසීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා. අවුරුදු 20 – 23ක් වැඩ කරපු නිලධාරින්ට දැන් තියෙන ප්‍රශ්නය තමයි, තම තමන්ගේ අනාගතයට මොකද වෙන්නේ කියන කාරණාව. සමෘද්ධි නිලධාරින්ට තවම විශ්‍රාම වැටුපක් නෑ. නිසි වැටුපක් නෑ. බලය හිමි දේශපාලන පක්‍ෂ සමෘද්ධි නිලධාරින්ගෙන් දේශපාලන වාසි ලැබුවා මිසක් සමෘද්ධි සේවක ප්‍රශ්න විසදන්න කටයුතු කළේ නෑ.

   අපි මේ අමාත්‍යාංශය භාරගෙන මාස දෙකයි. මේ මාස දෙක ඇතුළත අවස්ථා තුනක දී අපි සමෘද්ධි සේවක ප්‍රශ්න විදසන්න අදාල ආයතන ඒක්ක මූලික සාකච්ඡාවක්පැවැත්වූවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ස්වදේශ කටුයුතු අමාත්‍යාංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තුව, වැටුප් හා සේවක කොමිෂන් සභාව ඒ ආයතනයි. මේ වන විට සමෘද්ධි සේවක ප්‍රශ්න විසඳන්න කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකා 5ක් ඉදිරිපත් කර තිබෙනවා. 

   සමෘද්ධිලාභීන්ව සතුටු කරන්න ඉස්සර වෙලා සමෘද්ධි නිලධාරින්ගේ සේවක ප්‍රශ්න විසදිය යුතුව තිබෙන බව මම අවබෝධ කරගෙනයි තියෙන්නේ. මේ සේවක ප්‍රශ්න ගැන දැනට අධිකරණයේ නඩු 2ක් තියෙනවා. නීතිපතිතුමා කියලා තියෙන්නේ ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු විභාගය අවසන් වන තෙක් තීන්දු ගන්න එපා කියලයි. ඒක කැබිනට් මණ්ඩලයට නීතිපතිතුමන් දැනුම් දීලා තියෙනවා. නීතිපතිතුමන්ගේ ඒ දැනුම් දීම මත විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාත් වැටුප් හා සේවක කොමිෂන් සභාවත්, රාජ්‍ය සේවා කොමිසමත් අදාල ආයතනත් බලා ඉන්නේ මේ නඩු තීන්දුව එනකල්. ඒ නිසා මේ නඩු තීන්දුව එන තෙක් ඒ නිලධාරීන් තීන්දු තීරණ නොගෙන ඉන්නවා. අධිකරණයේ යම් නඩු කටයුත්තක් තියෙනවානම් ඒකට තීන්දු තීරණ විසඳුම් තිබිය යුතුමයි.

   සමෘද්ධි සේවක ප්‍රශ්න විසඳීමේ දී දේශපාලන වාසි අවශ්‍ය වන්නේ නෑ. මේ ඇමතිකමෙන් යන්න කලින් සමෘද්ධි සේවක ප්‍රශ්නවලට හරිහමන් විසඳුමක් දීලා සමෘද්ධි නිලධාරීන්ගේ රැකියා ස්ථිර කරලා විශ්‍රාම වැටුපක් හදලා දීලා තමයි ඇමතිකමෙන් යන්නේ යැයි ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

  මෙම අවස්ථාව සඳහා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් ශිරානි වීරකෝන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජේ. දඩල්ලගේ, අමාත්‍ය උපදේශක ලෙස්ලි තිසේරා යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වූහ. 

අක්මීමන සමෘද්ධි අංශය විශිෂ්ඨ ලෙස ප්‍රශංසාවට


  2018.08.07 වෙනි දින අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ රැස්වීමේදි  නෙඑව  ප්‍රාදේශීය ලේකම් චතුරංග ගුනසේකර මැතිතුමා, ගෝනපනුවල ප්‍රාදේශීය ලේකම් පියුමාලි ලියනගේ මැතිනිය ,කඩවත් සතර සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි නියෝජ්‍ය අධ්‍යක්ෂ කල්‍යානි මැතිනිය ගෙන් සැදුම්ලත් කන්ඩායමෙ අධික්ෂනයට ලක්වූ අක්මීමන සමෘද්ධි අංශය පිළිබඳව ඔවුන් සියලු දෙනා අතිශයින්ම සතුටට පත් විය. 

  මෙම පරික්ෂා කිරිමෙිදි, ලකුණු 79ක් ලබා දෙමින් ඇගයිමට ලක් කල අතර ,දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් ගේ ප්‍රශංසාවට ලක් විය .
                                                     

   ප්‍රාදේශීය ලේකම් පුෂ්පිකා තුෂාරි ජාගොඩ මැතිනියගේ නොමද මගපෙන්වීමත්, සහකාර ප්‍රාදේශීය ලේකම් නිලුකා සුරියආරච්චි මැතිනියගේ නිරන්තර සොයා බැලිමත්, මුලස්ථාන කලමනාකරු ටි.ජි. නන්දනි මහත්මියගේ  හා ආදරනිය කලමනාකරුවන් ,සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ මනා කැපවීම  මෙම ජයග්‍රහණයට හේතුවයි.

සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්ම්මන

සමුගැනීමකින් එක්වීමක්


  පුරා මාස හතරක් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එහි කාර්ය නව්‍ය මාවතකට යොමු කරමින් ඵලදායි සේවයක් ඉටු කළ ප්‍රාදේශීය ලේකම් කේ.එස්.සී. සුගත් කුමාර මහතා පසුගිය 3 වන දින සමුගත්තේ සියල්ලන්ගේම සිත් කදුලින් බර කරමිනි.

  එක් මගපෙන්වන්නෙක් නික්ම යද්දී හිඩැස පුරවමින් නව ප්‍රාදේශීය ලේකම් වශයෙන් මැදිරිගිරිය හිටපු සහකාර ප්‍රාදේශිය ලේකම් පී.ටී.එම්. ඉර්ෆාන් මහතා එදින සුභ මොහොතින් වැඩ භාරගන්නා ලදි. මෙම අවස්ථාවට මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් සි.එම්. කරුණාරත්න මෙනවිය හා එම කාර්යාලීය සේවක මහතුන් පිරිසක්ද සහභාගිවී සිටි අතරම තමන්කඩුව ප්‍රාදේශිය ලේකම් එන්.ඒ.ඒ.ඒ.එස්. නිශ්ශංකආරච්චි මහතාද සහභාගිවී සිටින ලදි.

සමෘද්ධි ගමන සමූහ සංනිවේදක
එම්.පී.රංජනී ජයවර්ධන - දිඹුලාගල
ඩි.එම්.පි.කේ. දිසානායක - පොළොන්නරුව දිස්ත්‍රික්

පුත්තලම සමෘද්ධි ව්‍යවසායකත්ව කමිටුව රැස්වේ


  අඩු ආදායම්ලාභීන්ගේ  හැකියාවන් හදුනා ගැනීම සදහා වු  ව්‍යවසායකත්ව කමිටුව  2018/08/08 දින පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී  රැස්විය

   පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජීවනී හේරත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වු අතර මුලස්ථාන කලමණාකරු උපුල් නයනානන්ද මහතා අරමුණ පැහැදිලි කරමින් .දිගු කාලීනව සමෘද්ධි බැංකුව හා සම්බන්ධව කටයුතු කල අඩු ආදායම් ලාභීන්ගේ හැකියාවන් හදුනා ගැනීමට හා ඔවුන්ගේ ණය අවශ්‍යතා හදුනා ගැනීමට සහය දක්වන ලෙස පැවසීය.

  පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියළුම සමෘද්ධි කලමණාකරුවන්, සංවර්ධන නිලධාරිවරුන්ද ග්‍රාම නිලධාරිවරුන් හා ආර්ථික සංවර්ධන නිලධාරි වරුන් ඇතුලුව ප්‍රජාමුල සංවිධාන නියෝජිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චින්තන රත්නායක
සමෘද්ධි ගමන සන්නිවේදක
පුත්තලම

රට පුරා සමෘද්ධි නිලධාරින් අද වැඩවර්ජනයේ

  ට පුරා සමෘද්ධි නිලධාරින් අද (9) වැඩවර්ජනය කරමින් වෘත්තිමය ක්‍රියාමාර්ගයක නිරත වීමට පියවර ගෙන ඇති බව වෘත්තීය සමිති ක්‍රියා කාරකයින් පවසති.

   ඒ අනුව අගෝස්තු 09 වන දා සියළුම ප්‍රජාමුල බැංකු , කලාප කාර්යාල,මුලස්ථාන හා ප්‍රාදේශිය සමිති කාර්යාල වසා තබමින් සේවයෙන් ඉවත්ව සිටිමට තීරණය කර තිබේ.

  වැටුප් අඩු නොකරනු,සියළු නිලධාරින්ගේ විශ්‍රාම වැටුප් තහවුරු කර පත්වීම් ලිපි ලබාදෙනු,දුප්පතුන්ගේ අරමුදලට අත නොතබනු,උසස්වීම් පටිපාටිය ක්‍රියාත්මක කරනු,මනාපය වෙනස් කිරිමට අවස්ථාවක් ලබා දෙනු යන ඉල්ලීම් සටන් පාඨ ලෙස ඉදිරිපත් කර තිබේ.

   සමෘද්ධි නිලධාරින්ගේ ඉහත ගැටළු වසර ගනනාවක සිට බලධාරින් වෙත ඉදිරිපත් කලද විසදුමක් නොලද නිසා මෙම පියවර ගත් බව පවසන වෘත්තීය සමිති නායකයින් 9 වන දා පාර්ලිමෙන්තු වටරවුමේ සමෘද්ධි කළමණාකරුවන් හා නිලධාරීන් එක්ව උද්ඝෝෂණයක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.එමෙන්ම 10 වන දා විෂයභාර ඇමතිවරයා නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක වල නිලධාරින් හමුවී ගැටළු සාකච්චා කිරිමේ රැස්වීම් සංවිධානය කර තිබෙන අතර 9වන දා මුලික ගැටළු ඉදිරිපත් කරන බැවින් එම රැස්වීම් වර්ජනය කිරිමටද තීරණය කල බව හෙතෙම අවධාරණය කරයි.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

Wednesday, August 8, 2018

දැනුම කුසලතාවය වර්ධනයෙන් ජාත්යකයන්තර වෙළදපල .....


  ලක්කයන් පමණක් සපුරා ගැනීම සදහා සමහර ආයතන යන ගමනේදී මෙතෙක් ලබාදී ඇති පුහුණුවීම් හා උපකරණ තුලින් අද කොළඹින් නොව කොළඹට නිමි ඇදුම් පවා ග්‍රාමිය මට්ටමින් යැවිය හැකි බව සමෘද්ධි ගමනට ඒත්තුගියේ පයුගිය 06 වෙනිදා මහවැලි ගංගාදෝණි ආශිත කෘෂිකාර්මික ප්‍රජාව දේශගුණික විපර්යාස වල අහිතකර බලපෑම් වලට අනුහුරු කරවීමේ ව්‍යාවපෘතියේ විශේෂිත වූ කාලෝචිත පුහුණු වැඩසටහනක් මාධ්‍ය ආවරණය කිරිමේදීය.

  මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවති මෙම පුහුණු වැඩසටහන පුහුණුවීම් මාස 03ක් වන අතර අංශ 06ක් යටතේ සිදු කරනු ලබයි. නවීණ තාක්ෂණය උපයෝගී කරගෙන ගුණාත්මකව දේශිය හා ජාත්යන්තර වෙළදපලට ගැලපෙන පරිදි අත්කම් හා නිමි ඇදුම් පිලිබදව ලබා දෙනු ලබන මෙම පුහුණු සැසිය සදහා තෝරා ගත් වසම් කිපයක කාන්තාවන් වැඩි වශයෙන් සහභාගිවි සිටින ලදි.

   මැදිරිගිරිය සංවර්ධන අංශය මගින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරතිබූ අතර මැදිරිගිරිය ප්‍රදේශිය ලේකම් සි.එම්. කරුණාරත්න මෙනවියගේ හා මහවැලි ඩි කලාපභාර නේවාසික කළමණාකරු ප්‍රසන්ත ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ගංගා දෝණි සංවර්ධන වැඩසටහනේ ජාතික උපදේශක චමින්ද ප්‍රනාන්දු මහතා සහ සංනිවේදනය පිලිබදව උපදේශක ඈපා උපසේන මහතා සහභාගිවී සිටි අතර බාහිර උපදේශක වශයෙන් ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ සහකාර අධ්යික්ෂක ප්‍රියංගනී මහත්මියද සේවාදායකයින් වෙනුවෙන් තම දැණුම අත්දැකීම් බෙදාගන්නා ලදි. 

ඩි.එම්.පි.කේ.දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්රි.ක් සංනිවේදක
පොළොන්නරුව

සමෘද්ධි නිලධාරීන්ට පත්වීම් සම්බන්දව අදහස් දක්වම්න්

සමෘද්ධි නිලධාරීන්ට පත්වීම් ලබාදීම පිළිබද සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී හැරිසන් අමාත්‍යතුමන් දැක්වූ අදහස් 2018.08.07

සවිබල පවුල් සදහා ගෙවතු වගා පුහුණුවක්


   2018 වර්ෂය සදහා සවිබල ගැන්විමට තෝරා ගත් පවුල් සහ වසමි භාර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සදහා තම ගෙවත්ත ක්‍රමවත්ව සංවර්ධනය කර ගැනීම සදහා ගෙවතු වගාව පිළිබඳ දැනුවත් කිරිමෙි වැඩසටහනක් 2018.08.03.වන දින දවස පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .ව්‍යාපෘති කලමනාකරු ඩබ් .එච් .කේ.සුනිල් මයා, මුලස්ථාන කලමනාකරු ටි.ජි.නන්දනි මිය ,ව්‍යාපෘති සහකාර අබෙිවික්‍රම මිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන කෘෂිකර්ම උපදේශක දිස්නා ජයවික්‍රම මිය හා ධම්මික මයා විසින් පැමිණ සිටි සියලු දෙනාටම ගෙවතු වගාව පිළිබඳ කැමැත්තක් ඇතිවන  අයුරින් දැනුවත් කිරීම සිදු කරන ලදි .    
          
   ඉදිරියේදී පැවැත්විමට නියමිත ගෙවතු වගා තරගය සහ ත්‍යාග පිළිබඳව ව්‍යාපෘති කලමනාකරු විසින් පැහැදිලි කරන ලදි.මෙම වැඩසටහන සදහා නොමද මගපෙන්වීම  ප්‍රාදේශීය ලේකම් පුෂ්පිකා තුෂාරි ජාගොඩ මැතිනිය විසින් ලබා දෙන ලදි.

සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්ම්මන

පිරිපුන් මිණිසෙකුවී රට දැය බබළවමු...... සමෘද්ධි සිප්දොර 2018-2020......


   ද අපේ බොහෝ දරුවන් පොත පතේ දැනුමට පමණක් සීමා වෙලා, සමාජීය දැනුම මෙන්ම සංස්කෘතික හා සාහිත්‍ය රසාස්වාදය කෙරෙහි නැබුරුවක් නැහැ.පොත පතෙහි දැනුමට මේවත් එකතුකර ගැනීම තුලයි පිරිපුන් මිනිසෙකු මෙළොවට බිහි වෙන්නේ.දෙමව්පියන් පොත පතට වැඩි නැබුරුතාවයක් දැක්වීම තුල තම දරුවන්ද ඒ කෙරෙහි නැබුරුතාවයක් දක්වනවා. දිවුලන්කඩවල ජාතික පාසැලේ විදුහල්පති පේමකුමාර වීරක්කොඩි මහතා පසුගියදා පැවති සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව ලාභීන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සදහා පැමිණි දරුදැරියන් හා දෙමව්පියන් අමතා මේ බව ප්‍රකාශ කලේය.

    මෙම සම්මුඛ පරීක්ෂණය සදහා සමෘද්ධිලාභි පවුල් වල දරුදැරියන් 125 දෙනෙක් සහභාගිවී සිටි අතර 2018 -2020 සිප්දොර ශිෂ්‍යත්ව සදහා 58 දෙනෙක් තේරී ඇති බව සමෘද්ධි ගමනට දැනගන්නට ලැබුණි.සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සදහා සහකාර ප්‍රාදේශිය ලේකම් පි.ටි.එම්. ඉර්පාම් මහතා, දිවුලන්කඩවල ජාතික පාසැලේ විදුහල්පති පේමකුමාර වීරක්කොඩි මහතා සහ මූලස්ථාන කළමණාකරු දුරුතු කුමාරි මහත්මිය සහභාගිවන ලදි.

වජිරා දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

සමෘද්ධි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සදහා සමෘද්ධි ව්‍යවසායක සංවර්ධන ණය වැඩසටහන


  වසර  තුනක් සමෘද්ධි ඛැංකු සංගමයේ සාමාජිකත්වය පැරණි ව්‍යවසායකයින් සදහා සමෘද්ධි ව්‍යවසායකත්ව සංවර්ධන ණය වැඩසටහනක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින්  හදුන්වා දි ඇත. 

  මෙි පිළිබඳ කොටිඨාශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ,ආර්ථික සංවර්ධන නිලධාරීන් ,පාලන මන්ඩල සභාපතිවරැන් ඇතුළු ප්‍රජා මුල නිලධාරීන් දැනුවත් කිරීම ප්‍රාදේශීය ලේකම් පුෂ්පිකා තුෂාරි ජාගොඩ මැතිනියගේ උපදෙස් අනුව 2018.08.02 වන දින ප.ව.3 ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි .ව්‍යාපෘති කලමනාකරු ඞබි.එච් .කේ. සුනිල් මයා, බැංකු සමිති කලමනාකරු නිමල් වික්‍රමසිංහ මහතා ,මුලස්ථාන කලමනාකරු ටි.ජි.නන්දනි මිය මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්ම්මන

Wednesday, August 1, 2018

හිසට සෙවන දෙන සමෘද්ධි දිරිය පියස ...........


  දිලිදුකම පිටුදැකිම වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක දැවැන්තම ව්‍යාපාරය සමෘද්ධි ව්‍යාපාරයයි. අඩු ආදාම්ලාභී දිලිදු ජනතාව නගා සිටුවන්නට ආර්ථික, සමාජීය හා අධ්‍යාත්මික යන අංශ ආවරණය වන පරිදි විවිධවු වැඩ සටහන් සෑම වර්ෂයකම ක්‍රියාත්මක කරනු ලැබේ.

   ඒ යටතේ දිරිය පියස නිවාස වැඩ සටහනට හිමි වන්නේ සුවිශේෂි වු ස්ථානයකි. හිසට සෙවනක් ඉදිකර ගැනිමට වරම් අහිමිව, දරුවන් සමග අනාරක්ෂිතව ජීවත් වන අසරණ පවුල් වලට ආරක්ෂාව සහ රැකවරණය ලබාදීම, සමාජයේ අවධානයෙන් ගිලිහෙමින් සිටින අසරණ පවුල් වලට සෙවන ලබා දෙමින්, ඔවුන්ගේ දරුවන් පිලිබද අවධානය යොමු කරමින් පියවරෙන් පියවර ඉදිරියට ගැනිම මෙම වැඩ සටහනේ ප්‍රමුඛ අරමුණයි.

   ඒ යටතේ ඉමදුව ප්‍රාදේශි ලේකම් කොට්ඨාශයේ නිවාස තුනත් ඉදිකිරිමට යොජිත වි ඇති අතර  ඉන් නිවාස දෙකක් සදහා මුල්ගල් තැබිම පසුගිය 2018.07.12 වන දා ප්‍රාදේශිය මහ ලේකම් ලක්ෂ්මි කාන්ති මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ඒ ඉමදුව කලාපයේ දීගොඩ ග්‍රාම නිලධාරි වසමේ මහත්මියගේ සහ හවුපේ කලාපයේ හවුපේ වසමේ ලක්සිරි ජයන්ත මහතාගේ නිවාස සදහායි. රුපියල් ලක්ෂ දෙකක මුදල ප්‍රතිපාදන මේ සදහා ලැබෙන අතර ප්‍රදේශවාසි , ප්‍රභු අයගේ උදව් උපකාර ඇතිව වැඩ අවසන් කිරිමට නියමිතයි. මුලස්ථාන කලමණාකරු, සමෘද්ධි බැංකු සමිති කලමණාකරු, ව්‍යාපෘති කලමණාකරු, සමාජ සංවර්ධන සහකාර, ඇතුළු සංවර්ධන නිලධාරින් මෙම අවස්ථාව සදහා සහභාගි විය.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව