Thursday, May 31, 2018

ගාල්ලෙන් එක ගනේගොඩ සමෘද්ධි බංකුව


  සමෘද්ධි බැංකු සංගම් ඇගයීමේ උළෙලේ දී ගාලු දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයත්‍, ජාතික මට්ටමේ ඇගයීමේදී ලංකාවෙන් පස් වෙනි ස්ථානයටත් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගනේගොඩ සමෘද්ධි බැංකුව විසින් දිනාගන්නා ලදී. 

   මෙවන් තත්වයට  ගනේගොඩ සමෘද්ධි බැංකුව ඔසවා තබමින් අපිරිමිත මෙහෙයක් කල සමෘද්ධි කළමණාකරැ අනුර ලිලානන්ද මහත්මා ප්‍රමුඛ සියලු නිලධාරීන් හට සමෘද්ධි දිස්ත්‍රික් අධක්ෂක දිස්නා සමන්මලී විතානගේ මැතිණිය සමග සමෘද්ධි ගමන සුභ පැතුම් එක් කරමු.

"සමෘද්ධි බැංකු හරසර" 2018


  කාර්යක්ෂම සමෘද්ධි බැංකු සේවාවක් හා සමෘද්ධි නිලධාරීන් ඇගයීම සදහා  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වාර්ෂිකව සංවිධානය කරන  සමෘද්ධි බැංකු හරසර 2018 අද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන්, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලාවේදී පැවැත්විනි.

  මෙහිදී අදහස් දැක්වු පී.හැරිසන් මහතා සමෘද්ධි බැංකුව කියන්නේ ඉතිරි කිරීම් පුරුදු කරන පුහුණු මධ්‍යස්ථානයක්. ගමේ මුල්ලක තිබුන බැංකුව මහපාරට ගෙනැල්ල සමෘද්ධි නිලධාරීන්ට හොද තැනක් ලබා දෙන්න ඔවුන් ශක්තිමත් කරන්න කටයුතු කළ යුතුයි. මේ සදහා සමෘද්ධි නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරීමටත් ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබා දීමටත් කටයුතු කරන බව පැවසීය.
ඔවුන් දේශපාලන ඉත්තන් කර නොගැනීමට කටයුතු කරන අතර ඔවුන්ට ඉදිරියට යාමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

  මෙහිදී අදහස් දැක්වු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා , 2012 දී 6.7% ක්වු ජාතික දරිද්‍රතාවය අද වන විට 4.1% දක්වා අඩුවී ඇති බවත් මේ සම්බන්ධයෙන් සමෘද්ධි බැංකුවට ස්තුතිවන්ත වන බවත් පැවසීය. 

  මෙහිදී සමාද්ධි ප්‍ර‍ජාමුල බැංකු ශ්‍රේණිගත කිරීම හා නිලධාරීන් අගැයීම සිදු කෙරිණි. මෙහිදී ජාතික මට්ටමින් ඉදිරියෙන් සිටින සමෘද්ධි ප්‍ර‍ජාමුල බැංකු 10 අතරින් ප්‍ර‍ථම ස්ථානය යාපනය ඉනුවිල් සමෘද්ධි බැංකුවට හිමි වු අතර ලක්ෂ 10 ක මුදල් ත්‍යාගයක්ද හිමිවිය. 

  දිවයිනේ වැඩිම අළුත් අවුරුදු ඉතුරුම් (2017) රැස්කළ නිලධාරියා සදහා වු කුසලානය කුරුනෑගල මඩහපොල සමෘද්ධි ප්‍ර‍ජාමුල බැංකුවේ  සමෘද්ධි සංවර්ධන නිලධාරී එස්. තිස්ස කුමාර සුභසිංහ මහතා හිමි කර ගත්තේය.

  සමෘද්ධි බැංකුවල වැඩිම ණය නිකුත් කිරීම වෙනුවෙන් කුසලානය හිමිකර ගත්තේ දැරනියගල සමෘද්ධි ප්‍රජාමුල බැංකුවේ එච්.පී.ටී.පියදාස මහතාටයි. 

  දිවයිනේ වැඩිම ක්ෂේත්‍ර‍ ලැබීම් රැස් කළ නිලධාරියා ලෙස සම්මාන ලබා ගත්තේ ගාල්ල ඇල්ලකන්ද සමෘද්ධි බැංකුවේ ඩී.මයාකඩුව මහතායි. 

පලමු සමෘද්ධි කොඩිය සමෘද්ධිලාභී දරුවන් අතින් ගරු අග්‍රාමාත්‍යතුමාට


මැයි 31 වන දිනට යෙදෙන ජාත්‍යන්තර දුම්වැටි හා මත්ද්‍රව්‍ය නිවාරණ දිනය නිමිති කර ගනිමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි කොඩි දිනයෙහි පලමු සමෘද්ධි කොඩිය සමෘද්ධිලාභී දරුවන් විසින් ගරු අග්‍රාමාත්‍යතුමාට පැලදවීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරිණි.

Thursday, May 24, 2018

සමෘද්ධි ඇමති සමග සමෘද්ධි කළමණාකරුවන්ගේ වෘත්තීය සමිතිය සාකච්ඡාවක


  මස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ වෘත්තීය සංගමයහි නිලධාරීන්ගේ සාකචිඡුාවක් අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී ගරැ සමාජ සවිබල ගැන්වීම් හා සමෘද්ධි අමාත්‍ය පී. හැරිසන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23 දා පැවැත්වින. මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන් විසින් ඉදිරිපත් කල කරැණු කරෙහි අමාත්‍යවරයගේ අවධානය යොමු විය.

සමෘද්ධියේ ගැටළු හිගන්නාගේ තුවාලය වගේ ඇදගෙන යන්න මම ඉඩ තියන්නේ නෑ


  බුදු හාමුදුරුවන්ගේ කාළයේ ළඟම සිටි මස්සිනා දෙවුදත් හරහට හිටියා.  ඒ වගේ මොනම කැපිල්ලක්, කෙටිල්ලක් ආවත් සමෘද්ධි නිලධාරියාට විශ්‍රාම වැටුප ලබා දෙන කාර්යය මෙන්ම, දුගී දුප්පත් පවුල් ලක්ෂ දෙකක පිරිසකට අළුතින් සමෘද්ධි සහනාධාරය ලබා දීමටත්, දුක් විඳින නැතිබැරි කමින් පෙළෙන ජනතාව වෙනුවෙන් කැප වී සේවය කිරීමටත්, තමන් නොපැකිලව පෙනී සිටින බව සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

   අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ දිවිනැගුම ඒකාබද්ධ වෘත්තීය සංගමය සමගින් අමාත්‍යාංශයේදී පසුගියදා (22) පැවති සාකච්ඡාවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් හා එක්ව සමස්ථ සමෘද්ධි නිලධාරීන් නියමිත වැටුප්තලයක තබමින් විශ්‍රාම වැටුප ලබා දීමට කටයුතු කරන බවයි. සමෘද්ධි නිලධාරීන්ගේ ගැටළු හිඟන්නාගේ තුවාලය වාගේ ඇදගෙන නොයන බවත්, මින් කිසිඳු දේශපාලන වාසියක් ලබා ගැනීමට තමන් හට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

   ඇතැම් අය සමෘද්ධි නිලධාරීන් දේශපාලනයට ඈඳා ගැනීමෙන් සමෘද්ධි නිලධාරියාට ගම තුළ දේශපාලන ලේබලයක් ඇලවී ඇති බවත්, ඒ තුළින් එම නිලධාරීන්ගේ වෘතිය ගරුත්වයට හානි සිදුවී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. සමෘද්ධි නිලධාරීන්ට මැතිවරණය තුළ අපේක්ෂකත්වය ලබා නොදීමට හේතුවක් වූයේ ද, දේශපාලන කෝණයෙන් ඇතැම් පිරිස් සමෘද්ධි නිලධාරියා දෙස බැලීම යැයිද දේශපාලඥයින් සමෘද්ධි නිලධාරියා බලලුන් ලවා කොස්ඇට බාවා ගැනීම වැනිදේට 
යොදාගෙන ඇති බවද කීය. 

  සමෘද්ධි නිලධාරියා නිර්පාක්ෂික කිරීම තමාගේ අවශ්‍යතාවය බව පැවසූ අමාත්‍යවරයා, සමෘද්ධි නිලධාරියාට හිමිවිය යුතු නිසි ගරුත්වය, පිළිගැනීම ලබා දීම තම ඒකායන අරමුණ යැයිද පැවසීය.

අවුරැදු ඉතුරුම් වලින් නියාගමින් පෙරට


   2018 වසරේ අප්‍රේල් සිංහල හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් පැවති තැන්පත් ඒකරාශීකරනයෙන් නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට නියාගම කලාපයේ 38 නියාගම වසමේ රුපියල් 1076390/=ක් ඒකරාශී කල සමෘද්ධි සංවර්ධන නිළධාරී මල්ලිකා ගොඩකන්ද මහත්මිය සමත් වූවාය. ඇය ගිය වසරේද කොට්ඨාශයේ ප්‍රථමයා වෙමින් මෙම දක්ෂතාව පෙන්නුම් කළාය. 

    එසේම රුපියල් 1042400/=ක් සහ රුපියල් 1030130/=ගෙන එමින් මත්තක වසමේ ඉරෝශිකා ඩයස් මහත්මිය සහ පොරවගම දකුන වසමේ එච්.වී. ශාන්ති මල්ලිකා මහත්මිය පිළිවෙලින් ප්‍රථම සහ තෙවන ස්ථාන දිනා ගත්තාය.

   එමෙන්ම පිළිවෙලින් පෝද්දිවල නැගෙනහිර වසමේ එච්.ජී. සෝමලතා මහත්මිය රුපියල් 656270/=ක්, මාරග්ගොඩ වසමේ කුමාරි වනිගසේකර මහත්මිය රුපියල් 611400/=ක් ⁣, වැයිහේන වසමේ එල්.ජී. බන්දුලසේන මහතා රුපියල් 609440/=ක්, නියාගම බටහිර වසමේ මහේෂිකා කහවෙවිතාන මහත්මිය රුපියල් 570400/=ක්, පෝද්දිවල බටහිර වසමේ නයනී මංගලිකා මහත්මිය රුපියල් 545323/=ක් ,දූවේගොඩ වසමේ කේ.ජී. රංජිත් මහත්මා රුපියල් 528600/=ක් සහ පොල්පැලකැටිය වසමේ කේ.බී. දයානි මහත්මිය රුපියල් 451900/= ගෙන එමින් හතර වන ස්ථානයේ සිට දස වන ස්ථානය දක්වා සිය ස්ථානයන් තහවුරු කර ගැනීමට සමත් විය. 

   නියාගම කොට්ඨාශයේ සියලුම සමෘද්ධි සංවර්ධන නිළධාරීන් මෙම වැඩ සටහන සාර්ථක කර ගැනීම සදහා දැඩි උද්‍යයෝගයකින් කටයුතු කරන ලදි.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

ක්‍රිඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන වැඩසටහනක් ගෝනාපීනූවලදී.........


   තිගරු ජනාධිපති මෛත්රරපාල සිරිසේන මහතාගේ අදහසක් අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් දකුණු පලාත් ක්‍රිඩා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රිඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතියට සමගාමීව ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සදහා ශරීර සුවතා වැඩසටහනක් හා බෝනොවන රෝග හා ආහාර භාවිතය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක්  2018.05.23 දින ගෝනාපීනූවල  සහකාර ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුනසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

     ශාරීරික සුවතා වැඩසටහන ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රිඩා නිලධාරී සෞම්‍යා එස්. කළුආරච්චි මහත්මිය විසින් මහෙයවනූ ලැබූ අතර බෝනොවන රෝග හා ආහාර භාවිතය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන ආයුර්වේද වෛද්‍ය නිලධාරී උදය ප්‍රසංග මහතා විසින් මෙහෙයවන ලදි. 

  මෙම අවස්ථාවට කාර්යාලීය නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් පිරිසක් සහභාගී විය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනාපීනූවල

Monday, May 21, 2018

හදිසි අපදාවකදී දැනුම් දෙන්න 117 ඔබ වෙනුවෙන්

  ඔබ ප්‍රදේශයේ යම් ආපදා තත්ත්වයක් මතු වී ඇත්නම් නම් ඒ බව 117 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යාංශය දන්වා සිටී.

ප්‍රධාන ගංගා ආසන්නයේ ගංවතුර අවධානමක්

  දිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය ආරක්ෂාව සලසා ගන්නා මෙන් ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි.

  විපතට පත් ප්‍රදේශ වල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දුරකථන අංක හා අදාල ප්‍රදේශය භාර නිලධාරීන්ගේ විස්තර පහතින් දැක්වේ.

අයි කේ ඒ නන්දසිරි – කොළඹ   011 232551 / 011 2437242 / 0778819389

ඒ සෙදේරා – ගාල්ල  091 2247175 / 091 2247175 / 077 1761692

කුමාරසිරි- ගම්පහ   033 2234142 / 033 2222900 / 077 4342786

ක්‍රිෂාන් – කලුතර 077 6368763

විදානගේ – මාතර  041 2222284 / 041 2222234 / 071 8245180

කේ. කුමාර- රත්නපුර  045 2222233 / 045 2222140 / 071 4408835

සමෘද්ධි දිරිය පියසින් පවුල් හතරකට හිසට සෙවන........


  දිළිදු ජනතාවට තමාගේම ශක්තියෙන්  නැගී සිටින්නට සැමදා අතහිත දෙන සමෘද්ධි ව්‍යාපාරයේ එක් අංගයක් වන සමෘද්ධි දිරිය පියස වැඩසටහනේ ආධාර මත සාදා නිමකල නිවාස හතරක්  එම නිවාස හිමියන්ට භාර දීම, පසුගියදා  පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජීවනී හේරත් මැතිනියගේ හා පුත්තලම දිස්ත්‍රක් සමෘද්ධි අධ්‍යක්ෂ සම්පත් වීරසේකර මහතාගේ අතින් සිදුවිය.

  2017 වසරේ දිරිය පියස වැඩසටහන යටතේ තෝරා  ගන්නා ලද මෙම පවුල් හතර පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාලවිය කළාපයේ ,මධ්‍යම අට්ටවිල්ලුව, රත්මල්යාය හා නෙළුම්වැව යන ග්‍රාම නිලධාරි වසම් වලට අයත්වේ.

  කොට්ඨාශය තුල කරන ලද සමීක්ෂන වලින් අනතුරුව ඉතාමත්ම දිළිදු තත්ත්වයේ පසුවන පවුල්     හතරක් මේ සදහා තෝරාගෙන තිබු අතර එයින් එක් නිවසක අයිතිකරු අබාදිත අයෙකි.

  පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජිවනී හේරත් මහත්මිය,දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ සම්පත් වීරසේකර මහතා, දිස්ත්‍රික් සමාජ සංවර්ධන කළමනාකරු එස්.ඒ‍. ජානක මහතා, මුලස්ථාන කළමනාකරු උපුල් නයනානන්ද මහතා,බැංකු සමිති කළමනාකරු ඩී,එම්.ධර්මවීර මහතා,කළාප කළමණාකරු ප්‍රියන්ත රණසිංහ මහතා සහ සමාජ සංවර්ධන සහකාර කුමාර ඉරුගල්බන්ඩාර මහතාද ,සමෘද්ධි සංවර්ධන නිලධාරින් හා ප්‍රදේශයේ විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චින්තන රත්නායක
සමෘද්ධි ගමන සන්නිවේදක
පුත්තලම

සමෘද්ධි සංවර්ධන සැලැස්ම එලිදකී

    2030දී දුප්පතුන් නැති රටක් බිහිකිරීම වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කල දුප්පතුන් සවිබල ගැන්වීමේ ක්‍රියාකාරී සැලැස්ම හදුන්වාදීම රටපුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් මේ දිනවල සිදුවෙමින් පවතියි.

   ඒ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි නිලධාරීන් සහ සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන නිලධාරීන් දැනුවත් කිරීමේ එක්දින වැඩසටහනක් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩී.එස්. විතානගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.

   සමෘද්ධි සහනාධාර ලබන නොලබන අඩු ආදායම්ලාභී සමස්ථ ප්‍රජාව ඇතුළත්ව වසමේ සියළුම දුප්පතුන් ආර්ථික, සමාජීය, දේශපාලනික ආදී වශයෙන් අංශ 8ක් ඔස්සේ සවිබල ගැන්වීම සදහා එම සියළු දෙනා වෙනුවෙන් ඔවුන්ගේ පවුලේ ශක්තීන්, දුර්වලතා ඔවුන් සතු අවස්ථාවන් සහ තර්ජන හදුනාගෙන ජීවනෝපාය සංවර්ධන සැලැස්මක් සකස් කොට ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරමින් වසර 2030දී මෙම ඉලක්කය සපුරාලීමට වහාම ක්‍රියාත්මක වීමට උපදෙස් දෙමින් සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කිරීමක් සමෘද්ධි අධ්‍යක්ෂතුමිය විසින් කරන ලදි.

  සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව.ටී.ආර්. චන්දිමා මහත්මිය සහ මූලස්ථාන සමෘද්ධි කළමනාකරු තිලක් ගුණරත්න මහාතාද මෙහිදී අදහස් දක්වන ලදි.

එල්. පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

Friday, May 18, 2018

නව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ජේ.දඩල්ලගේ


  මෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වු ජේ. දඩල්ලගේ මහතා පසුගිය (17) දා පත් විය. ශ්‍රි ලංකා පරිපාලන සේවයේ කිර්තීමත් නිලධාරියෙකු වු දඩල්ලගේ මහතා අමාත්‍යාංශ රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන ගණනාවක විවිධ තනතුරු දරමින් කටයුතු කොට අත්දැකිම් බහුල නිලධාරියෙකු වන අතර රාජ්‍ය පරිපාලන හා සුවදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කොට 2016 වසරේ විශ්‍රාම ලැබිය. 

   දඩල්ලගේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා උපදේශකවරයා ලෙසද කටයුතු කරයි.  
                                                                                                                                       
   කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වු දඩල්ලගේ මහතා මානව සම්පත් සංවර්ධනය පිළිබඳව පශ්චාත් උපාධිය ඇමරිකාවේ මෑන්චෙස්ටර් සරසවියෙන් ලබා තිබේ. මානව සම්පත් කමනාකරණය පිළිබඳව ශ්‍රි ලංකාවේ ප්‍රාමාණික විද්වතෙකු වු දඩල්ලගේ මහතා කැනඩාව, සිංගප්පුරුව, තායිලාන්තය, ඉන්දියාව, උතුරු කොරියාව, මාලදිවයින ඇතුළු රටවල් ගණනාවක මානව සම්පත් කළමනාකරණය පිළිබඳ අධ්‍යනයන් හි සහ පර්යේෂණ වල නිරත වී තිබේ.    

   ස්ලීඩා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එතුමා කටයුතු කල සමයේ ශ්‍රි ලංකාවේ රාජ්‍ය නිලධාරින් වෙනුවෙන් නව අධ්‍යන හා පර්යේෂණ ක්ෂේත්‍ර ගණනාවක් හඳුන්වා දීමට ද කටයුතු කළේය.

සේයා රෑ හා සටහන - සමෘද්ධි මාධ්‍ය අංශ්‍ය

Tuesday, May 15, 2018

පුත්තලම දිස්ත්‍රික්කයේ සුහද වොලිබෝල් තරගාවලියක්


දිගු කාලීනව කාර්යාල තුල සේවය කිරීම නිසා රාජ්‍ය නිලධාරින් වයස්ගත වන විට  නොයෙකුත්  රෝගී තත්ත්වයන්ට ගොදුරුවීම වර්තමානයේ සුලභ කරුණකි. දවසේ වැඩි වේලාවක් එකම ඉරියව්වක වාඩිවී සිටීම, රැකියාවේ ඇති ඒකාකාරී බව හා ඒ නිසාම ශරීරයට අවශ්‍ය ව්‍යායාම නොමැති වීම එම තත්වයන්ඇති වීමට ප්‍රධානම හේතුව වී ඇත.

   මෙම ගැටලුවෙන් නිදහස් වීමට නම් හැකි පමනින් ව්‍යායාම කිරීම හා ක්‍රීඩා වලට යොමුවීම කල යුතුය.මේ සම්බන්ධයෙන් අවධානය යොමුකල පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එන්.චිත්‍රානන්ද මහතාගේ අදහසකට අනුව පුත්තලම දිස්ත්‍රික්කය තුල ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් අතර සුහද ‍වොලිබෝල් තරගාවලියක් 2018/05/15දින පුත්තලම පොලිස් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

   පුත්තලම දිස්ත්‍රික්කය තුල ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16 හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියොජනය කරමින් කන්ඩායම් 17ක් තරග වැදුන අතර සෑම කන්ඩායමකම වැඩි පිරිස සමෘද්ධි සංවර්ධන නිලධාරින් විම විශේෂයෙන් කැපී පෙනිණි

    පුත්තලම දිස්ත්‍රික් ලේකම් තුමා, පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජීවනී හේරත් මැතිණිය හා පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ සම්පත් වීරසේකර මහතාගේ පුර්ණ අධික්ෂනය මත හා පුත්තලම කොට්ඨාශය භාර පොලිස් අධිකාරි ජේ.ඒ.චන්ද්‍රෙස්න මහතාගේ හා පුත්තලම මුලස්ථාන පොලිස් පරීක්ෂක අනුර ගුනවර්ධන මහතාගේ සහයෝගය ඇතිව මෙම තරගාවලිය සංවිධානය කර තිබිනි.


චින්තන රත්නායක
ගමන සමෘද්ධි සන්නිවේදක
පුත්තලම

නව පවුල් ලක්ෂ දෙකට අලුතින් සමෘද්ධිය


 ව සමෘද්ධිලාභීන් ලක්ෂ දෙක දක්වා වැඩි කරමින් දිළිඳුකම පිටුදැකීම තම අරමුණ බව සමාජ සවිබලගැන්වීම් පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

 සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ දී (15) සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් වෘත්තීය සමිති 22 ක නිලධාරින් හමුවේ අමාත්‍යවරයා මේ බැව් පැවසීය.

 වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, පාට කණ්නාඩි වලින් බලා සමෘද්ධි සහනාධාරය ලබාදිමේ ක්‍රමවේදය මින් පසු අහෝසි වන බවත්, සත්‍ය වශයෙන් ම ගමේ දිළිඳු පවුල්වෙත, නැති බැරි පවුල්වෙත සමෘද්ධි සහනාධාරය මින් ඉදිරියේදී ලබාදෙන බවත්, රට දිළිඳුබවින් මුදවා ගැනීම තම ඒකායන අපේක්ෂාව බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

 එලෙසම සමෘද්ධි නිලධාරින් අතර පවතින වැටුප් විෂමතාවට, සේවා ස්ථිරභාවයට තමා කඩිනමින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා සමෘද්ධි වෘත්තීය සමිති නායකයන් හට පොරොන්දු විය. 

 ගමේ තිබෙන සමෘද්ධි බැංකුව නව මුහුණුවරකින් සේම නව තාක්ෂණයෙන් වැඩි දියුණු වු ගුණාත්මක බැංකුවක් ලෙස සංවර්ධනය කරන බවත්, සමෘද්ධිලාභීයාට සේම සමෘද්ධි නිලධාරියාට ද බැංකුව මඟින් ණය පහසුකම් ලබාදීමේ සේවාව අරඔන බවත් එහිදි අමාත්‍යවරයා අවධාරණය කළේය.

 සමාජ සවිබලගැන්වීම කාර්යශිලිව ඉටු කරණු ලබන සමෘද්ධි නිලධාරින්ට උසස්වීම් සේම විදෙස්ශිෂ්‍යත්ව පිරිනැමීම තම බලාපොරොත්තුව වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 සමෘද්ධි දෙපාර්තමේන්තුවේ විෂය පද්ධතිය, සේවා ගැටළු අඩුපාඩු සේම ඉටුකළ යුතුව ඇති ඉදිරි ක්‍රියාකාරකම් පිළිබඳව කෙටි කලක් තුළදි අමාත්‍යවරයා දක්වන ලද යහපත් ප්‍රතිචාරය පිළිබඳව වෘත්තිය සමිති නිලධාරින් මෙහිදි සිය ප්‍රසාදය අමාත්‍යවරයා වෙත පළ කර සිටියේය. 

 මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ශිරාණි වීරකෝන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන) සී.ඩී.කළුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නිලධාරින් රැසක් සහභාගී වුහ. 


සමෘද්ධි බැංකුව මහ බැංකුවට පවරා ගැනිමට මම ඉඩ දෙන්නේ නැහැ

  මොනම හේතුවත් නිසාවත් සමෘද්ධි බැංකුවට පවරා ගැනිමට තමා ඉඩ නොදෙන බවත් එවැනි අවශ්‍යතාවයක් නොමැති බවත් සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවතී සමෘද්ධි නිලධාරි හමුවකදි එතුමා මේ බව පසවා සිටියේය. එහිදි වැඩිදුරටත් පැවසු අමාත්‍යවරයා,
සමෘද්ධිය කියන්නේ සහානාධාර බෙදීමක් ද ? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ මේ මම පළමු සතියේ හඳුනා ගත්ත ප්‍රශ්න ටික කියන්නේ,සමෘද්ධිලාභියා ශක්තිමත් කිරීමට පෙර සමෘද්ධිය භාරව ඉන්න අය ශක්තිමත් විය යුතුය.මේ අමාත්‍යාංශයේ වැඩ බාරගත්ත මුල් දවසේ මම බැලුවා සමෘද්ධියේ සේවකයෝ කොයි තරම් ප්‍රමාණයක් ඉන්නවද කියලා.ඒ අනුව 29,000 කට වඩා වැඩි පිරිසක් මේ අමාත්‍යාංශයේ ඉන්න බව දැනගත්තා.
රාජ්‍ය පාරිපාලන අමාත්‍යාංශය හැරුණු විට සමස්ථයක් ලෙස බලන විට ලංකාවේ වැඩිම සේවක පිරිසක් ඉන්න තැන මේ අමාත්‍යාංශයයි. එහෙනම් ඔබතුමාලාට විශේෂ කැප කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. මට තියෙන්නේ ලොකු රේස් එකක් දුවන්න. මේ වැඩසටහනේ, එක පැත්තකින් කොහොම ද නිලධාරින්ගේ ප්‍රශ්න විසදන්නේ කියන ඒක වගේමසමෘද්ධි සහානාධාරය සහ අපේ සේවය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්න විශාල පිරිසක් ඉන්නවා, ඒ අයට කොහොම ද සේවය සපයන්නේ කියලා. මම ආපු මුල් දවසේම හිතුවා,සමෘද්ධි ව්‍යාපාරය, සමෘද්ධි වැඩසටහන, ජන සවි ව්‍යාපාරයට ආදේශකයක් හැටියට එකට විකල්පයක් හැටියට.1994 මම හිතන්නේ මෙතැන ඉන්න බහුතරයක් දෙනා විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබපු අය. ඒ අනුව ඔබතුමාලාගේ ඒ ඒ සුදුසුකම් මත සේවයට බඳවා ගත් අය ප්‍රාදේශිය වශයෙන් ගත්ත සමෘද්ධි නිලධාරින් ගත්තේ දේශපාලන සුදුසුකම් මත. ආණ්ඩුවක් වුනාම ඒක කල යුතු දෙයක්, මේ හැම ආණ්ඩුවක්ම එහෙම කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1977 එනකොට තමන්ගේ පක්ෂයට වැඩ කරපු අය වගා නිලධාරි හැටියට විශේෂ සේවා නිලධාරින් හැටියට බඳවා ගත්තා. ඒ වගේම රැකියා බැංකු ඇති කරලා විවිධ අවස්ථා වලදි බඳවා ගත්තා.ඒකට අපි දොස් කියන්නේ නැහැ. හැබැයි ඒ ගොල්ලෝ ක්‍රමක් ක්‍රමයෙන් රාජ්‍ය සේවයට අනුගත වුණා. සමෘද්ධි නිලධාරියාගේ තත්වය ඊට වඩා හාත්පසින් ම වෙනස්, ඒ අයට මේ ක්‍රමයෙන් එහාට යන මාර්ගය ඉතා අඩුයි. වගා නිලධාරියා හැටියට ගත්ත අය ග්‍රාම නිලධාරිලා හැටියට ගියා, පරිපාලන නිලධාරින් හැටියට ගියා. ඒ අයට යන්න මාර්ගයක් තිබුනා. හැබැයි ගමේ සමෘද්ධි නිලධාරියාට ඒ තත්වය තිබුණේ නැහැ. ඒ අයදේශපාලන යන්ත්‍රය ශක්තිමත් කරන්න ආයුධයක් බවට පත් කර ගත්ත කොටසක් හැටියටයි මම දකින්නේ.
ඒක ප්‍රතිපලයක් හැටියට තමයි සමෘද්ධි අධිකාරිය සමෘද්ධි දෙපාර්තමේන්තුවක් බවට 2014 දින පත් වුනාට පස්සේ අඩු තරමේ මේ ගොල්ලන්ගේ රාජකාරිය මොකද්ද කියලා කියන ඒක පැහැදිලි නැහැ. ඒ ගොල්ලන්ගේ සේවාවේ ස්ථිරභාවය තවම නැහැ. ඒ ගොල්ලන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් තාම නැහැ. ඒ මිනිස්සු හුදකලා වෙලා ඉන්නවා. දැනට 300 දෙනෙක් විතර සේවයේ විශ්‍රාම ගිහින් ඉන්නවා. සමෘද්ධි කළමනාකරුවන් හා සමෘද්ධි නිලධාරින් 67 ක් මිය ගිහින් තියෙනවා. ඒ අයට මරණ පාරිතෝෂිත මුදල ලැබිලා ද කියලත් සැකයි. මම දකින්නේ මුලින් ගත්ත සමෘද්ධි නිලධාරියාව දේශපාලනේට යොදා ගෙන පැත්තකට කරලා තියෙනවා. ඡන්ද කාලෙට කතා කරනවා. එයාව අනෙක් රාජ්‍ය සේවකයෝ දකින්නේ දේශපාලනය කරනකෙනෙක් හැටියට.
සමෘද්ධි කාර්යාලට ගියාම ප්‍රාදේශිය ලේකම් කාර්යාලට ගියාම නිලධාරියා ඉන්නේ කොච්චරවත් කොන්වෙලා. හැම වේලාවෙම දේශපාලන කොනේන් තමයි එයාව මනින්න පටන් ගන්නේ, සමහර විට එයා ක්‍රියාකාරි දේශපාලනේ නැහැ. දැන් සාමාන්‍ය රාජ්‍ය සේවකයකු විදිහට හුරු වෙලා. හැබැයි අලවලා තියෙන ලේබල් ඒකෙන්මඑයා තාමත් පැත්තකට කරලා තියෙනවා. ඒක කොච්චර බලපෑව ද කියනවා නම් ගිය මැතිවරණේ සමෘද්ධි නිලධාරියාට ඡන්ද ඉල්ලන්න බැරි තරමට ගියා. යු.එන්.පී කාරයා දකින්නේ සමෘද්ධි නිලධාරියා යකෙක් කියලා. ජේ.වී.පී කාරයා දකින්නේ සමෘද්ධි නිලධාරියා කියන්නේ ශ්‍රි.ල.නි. පක්ෂයේ පන්දම්කාරයෙක් යකෙක් හැටියට තමයි. වෙනත් පක්ෂ වල අය දකින්නේ මෙයා මේකට එල්බ ගන්ත මිනිහෙක් විතරයි කියලා.ඒ මිනිහගේ හොඳ දේවල් දකින්නේ නැහැ. ඒ නිසා ඒ නිලධාරියාට සමාජ තලයෙන් ඔබ්බට යන්න, ගොඩ එන්න විදියකුත් නැහැ. කොන් වෙලා හුදකලා වෙලා ඉන්නවා.
මම කණගාටු වෙනවා, අවුරුදු ගණනාවක් ශ්‍රි.නි.ප ඇමතිවරු මේ අමාත්‍යාංශය බාර කටයුතු කලත් මේ ගැටළුව විසඳිමට කටයුතු නොකිරිම පිළිබඳව. එස්.බී.දිසානායක මැතිතුමාගේ තමයි මේ දර්ශනය, හැබැයි එතුමාටවත් බැරි වුනා මේ නිලධාරින්ට සාධාරණයක් ඉෂ්ට කරන්න. මේ අවුරුදු ගණනාවේ ම කලේ මැතිවරණයක් ආවාම සමෘද්ධි නිලධාරින්ට කියනවා මිනිස්සු ටික එක් කරපන්, රැස්වීම් කරපන්, දිගටම ඒ මිනිහා වෙනුවෙන් කඩේ ගියා හැරෙන්න හුඟක් අයගේ දක්ෂතා වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. ඒ නිසා අපට පලමුවෙන් ම සිදු වෙනවා මේ අයව ශක්තිමත් කරන්න. දේශපාලනේ ඕන කෙනෙක් කරයි. ඒක ඒ අයගේ අයිතිය හැබැයි ඒ මිනිහට සාධාරණයක් කරන්න ඕනේ. අවුරුදු 15 – 20 ක් 25 ක් කරපු කැපවීමට ඒ මිනිහට ගමේ ගිහිල්ලා කුලී වැඩ කරන්න බැහැ.රාජකාරි මට්ටමක් කරලා තියෙනවා. ඒ මිනිහාගෙන් ගන්ත වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි සමෘද්ධි කළමනාකරු සමහර විට සමෘද්ධි නිලධාරියා පස්සේ උපාධියක් කරගෙන කළමකාකරු බවට පත්වෙලා තියෙනවා. තාම කිසිම වැටුප් තලයක, වර්ධකයක පිහිටුවලා නැහැ.තාම මේ අයට පෙන්ෂන් එකක් නැහැ. තාම සාකච්ඡා උද්ඝෝෂණය කරනවා. පෙළපාලි යනවා, දිපියව් කියලා කියනවා. ඒත් තාම නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්න දෙකටම විසඳුම් හොයන්න තියෙනවා. මම ඊයෙත් දෙපාර්තමේන්තුවේ නිලධාරින්, නිතීඥ මහත්වරුන් ගෙන්නලා සාකච්ඡා කළා. මේ ගොල්ලන්ව වැටුප් තලයක පිහිටුවලා විශ්‍රාම වැටුප් ක්‍රමයට ගෙනියන්න. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ගියපුවාම ඒ අය කියනවා අවුරුදු 10 ට අඩු නම් විශ්‍රාම වැටුප් දෙන්න බැහැ කියලා. දැන් ප්‍රශ්නයක් තියෙනවා මේකට එක එක විකල්ප යෝජනා කරලා තියෙනවා. සමහරු ETF අරන්යන්න ගියා, තවත් පිරිසක් අධිකාරියෙන් අයින් වෙලා ETF අරගෙන අළුත් සේවකයෙක් හැටියට 2014 ඉ ඳලා දෙපාර්තමේන්තුවට එකතු වුණා. එකතු වුනා කිව්වට එතනින් එහාට කිසිම දෙයක් වෙලා නැහැ. දැන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කියනවා මේ අයගේ සේවා කාලය පිළිබඳව... මේ අය වයසට ගියේ මේ අයගේ වැරද්ද නිසා නෙමෙයි.
මේකට ක්‍රමවේදයක් නොමැති නිසා මේ අය හුදකලා වෙලා, තනි වෙලා. ඒ නිසා මම ඉස්සර වෙලාම කියන්න කැමතියි මම මේ අමාත්‍යාංශයේ කොච්චර කාලයක් ඉඳි ද දන්නේ නැහැ හැබැයි මම එකක් කියන්න කැමතියි මම යන්න කලින් ඔබ සැමගේ සේවය ස්ථාවර කරලා විශ්‍රාම වැටුප් හඳලයි යන්නේ.මේ සමෘද්ධි කළමනාකරුටයි සමෘද්ධි නිලධාරින්ටයි මේ ඔක්කෝට ම මේ අවශ්‍ය රාජකාරි කටයුත්ත කරලා යනවා. ඒ ගැන කිසි සැකයක් තියා ගන්න එපා. හැබැයි ඒ පැත්තේ කටයුත්ත වෙනවා වගේ්ම මේ පැත්තේ කටයුත්ත හරියට වෙලාද කියලා දැනගන්නත් ඕනේ. ලබන සතියේ අපි මේ පිළිබඳව වැඩපිලිවෙලක් සකස් කරන්න නිතීපති දෙපාර්තමේන්තුව රාජය පරිපාලන ඇමතිතුමා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ අපේ නිතීඥ මහත්වරු හැමදෙනාම එකතුවෙලා සාකච්ඡාවක් පවත්වනවා. ඔබගේ සේවා කාලය නැත්නම් කාලය ආපස්සට අරන් හරි කමක් නැහැ මම උපරිම උත්සහ කරන්නේ මේ අය 1994 ඉඳලා විශ්‍රාම වැටුප් ක්‍රමයට ඇතුල් කරන්න. එකෙදී හිඟ මුදලක් තිබුනොත් මරණ පාරිතෝෂිත හෝ විවාහ පාරිතෝෂිත හරි ගෙවන්න හිඟ මුදලක් ගෙවලා හරි විශ්‍රාම ගියාට පස්සේ සතුටින් ඉන්න ක්‍රමයක් හදන්න. ඒක කරන්නපුළුවන් මට. ඒකට මට ශක්තිය තියෙනවා. මේ අය ශක්තිමත් වෙලා බලන්න ඕනේ අපේ කාර්ය භාර්ය වෙලාද කියලා. අපි පහළට බැහැලා බැලුවොත් සමෘද්ධි නිලධාරියා තමන්ගේ රාජකාරිය කරලා තියනවද කියලා. 2013 අපේ දිස්ත්‍රික්කේ සාහානාධාර පවුල් 64,000 ක් පමණ ඉඳලා තියෙනවා. දැන් පවුල් 59,000 ක් පමණ ඉන්නවා. එහෙනම් සමෘද්ධි ව්‍යාපාරයේ පරමාර්ථය සාහානාධාර දීම නෙමෙයි මෙතෙන ඉන්න හැම දෙනාම බොහෝම දක්ෂ මේ හැමෝටම දර්ශනයක් තියෙනවා මේ හැමෝටම හොඳ විඥ්ඥානයක් තියෙනවා. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. ඒ තුලින් මිනිස්සු 25 ක් 30 ක් සවිබල ගන්වලා මිනිස්සු ශක්තිමත් කරලා මිනිහෙක් නඟා සිටවලා තුන්වෙල කනවා දකින විට දැනෙන්නේ ලොකු සතුටක්, අපේ ගම් වල රාජකාරි කටයුතු කරන ගමේ නිලධාරියාට සවිබල ගැන්වු පවුල අයින් කරන්න යන විට ඇති වන ගැටළුවත් මම දන්නවා. එතැන ඉන්න සියලු දෙනාම දේශපාලන හෙන්චයියෝවත් අතකෝළුවත් නෙමෙයි. ඒ අයට ඕනේ තව අලුත් පවුලක් දෙකකට සමෘද්ධිය ලබාදෙන්න. එය ලබාදිය යුතුයි කියලා තේරෙනවා. අපි මනුස්සයෝ හැටියට ගමක අතක් පයක් නැති අහිංසක පවුලක් ඉන්නවා ඒ අයට සහනාධාර දෙන්න ඕනේ. නමුත් අවස්ථාවක් නැහැ. මිය ගිහින් අවුරුදු ගණනාවත් වුනත් සහනාධාර තවත ලබා දෙන තැන් තියෙනවා. ඇයි ඒ නිලධාරියාට ඒ කාර්ය භාර්ය කරන්න බැරි. සහනාධාර අයින් කරනවා කියලා දැනගත්තා ම ප්‍රාදේශිය දේශපාලඥයන්ගේ ඉඳන් ඉහළ ම දේශපාලඥයන් දක්වා යනවා. ඉතින් නිලධාරින් අසරණයි. ඒ නිලධාරින්ට තමන්ගේ ප්‍රගතිය පෙන්නන්න ඕනෑකම තිබුණත් තව දුප්පත් මිනිහෙක්ට දෙන්න ඕනෑ කම තිබුනත් ඒකට අවස්තාව නැහැ. ඒ නිසා ඒ වගේ ඉන්න අය සමෘද්ධි නිලධාරියා දිහා වපර ඇසින් බලනවා. දේශපානයට වැඩ කරනවා, අසරනයින්ට දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ නිලධාරියාගේ පැත්තෙන් බලන විට සාධාරණව ඒ මනුස්සයා අමාරුවේ වැටිලා තියෙනවා පෙනවා. ඒ නිසා මම සේවකයාගේ රස්සාවේ ස්ථිරභාවය ආරක්ෂා කරන්නම්, කළමනාකරුවන්ගේ ස්ථිර භාවයත් විශ්‍රාම වැටුපත් ඇති කරන්නම්. හැබැයි වැඩ කිරිම තියෙන්න ඕනේ, ආයේ සමෘද්ධි බැංකු පාඩු ලබන්නත් බැහැ, බැංකුව පාඩු ලැබුවොත් කළමණාකරුත්, අධ්‍යක්ෂකත් වගකිව යුතුයි. එහෙම පාඩු ලබන්න බැහැ. අලුතින් හිතන්න ඕනේ.
මෙතැන ඉන්නේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න විශ්ව විද්‍යාල වල ගිහින් උපාධිය අරන් තව පුහුණු වැඩසටහන් ගණනාවකට සම්බන්ධ වෙලා,මහජනයාගේ මුදලින් අපිව නඩත්තු කරන්න වියදමක් දරන මහ විශාල පිරිසක් අපේ සේවාව ගැනත් බලන් ඉන්නවා. මම කොළඹ අධ්‍යක්ෂකට කිවා බැංකු සම්බන්ධ මාසික ප්‍රගති වාර්තාවක් ලබාගන්න කියල. ඒ අනුව කොට්ඨාශ වල බැංකු පාඩු වෙනාවා නම් ඒකට උපදෙස් දෙන්න කියලා. බැංකු 200 ක් සංවර්ධනය කරන්න මේ අවුරුද්දේ සැලසුම කරලා තියෙන්නේ. මම උපදෙස් දුන්නා හොඳම බැංකු තියෙන අයට ඊළඟ උසස්වීම ලැස්ති කරන්න කියලා. හො ඳම සවිබල ගන්වන නිලධාරියාට උසස් වීමක් ලෑස්ති කරන්න කියලා. සවිබල ගැන්වු පවුල් වල සාහානාධාර ආපසු ලබාගත යුතුයි.

බයිසිකලයක් පදින්න පුරුදු වෙන මිනිහගේ පිටිපස්සෙන් අල්ලාගෙන යන තාක්කල් ඔහු පදින්න පුරුදු වෙන්නේ නැහැ. අතහැරපුවා ම තනියෙන් පදින්න පුරුදු වෙනවා. ඒ විදිහට අභියෝගය බාර ගන්න පුරුදු වෙන්න ඕනේ. ගොවි මහත්තයෙකුට වතුර මෝටරයක් දුන්නා ම එයාට කියන්න ඕනේ දැන් ඉතින් තනියෙන් ජිවත් වෙන්න කියලා.. ඒ තැනට එන්න අවුරුදු තුන හතරක් ගත වෙයි. ලොකේ දියුණු රට වල මෙහෙම සාහනාධාර දීලා නැහැ. අභියෝගය මේ අවුරුද්දේ 10% ක් සවිබල ගැන්විය යුතුයි. වැඩියෙන්ම සවිබල ගන්වන නිලධාරියාට ඊළඟ වර්ධකය දෙන්න කියලා උපදෙස් දුන්නා. ඒ අයගේ වසමේ ඉන්නේ පවුල් 250 ක් නම් අපි කියනවා පවුල් 10 ක් සවිබල ගන්වන්න පවුල් 15 ක් සවිබල ගන්වන්න කියලා හැබැයි සවිබල ගන්නවන්න කියන්නේ සමෘද්ධිය කපන ඒක නෙමෙයි. හරියට ම සාර්තකව සවිබල ගැන්වු කණ්ඩායම කවුද කියලා බලලා ඒ නිලධාරින්ට ඊළඟ වර්ධකය දෙන්න කියලා උපදෙස් දුන්නා. මේ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ උසස් වීම් සඳහා පිටතින් ගන්නවා වගේම ඇතුලේ අයටත් විධිමත් උසස් වීම් ක්‍රමවේදයක් සකස් කරන්න කියලා උපදෙස් දුන්නා. මේ 31 වන දා ලංකාවේ හොඳම බැංකු තෝරනවා. ඒ හො ඳම බැංකු වල නිලධාරින් සතියක් දෙකක් පිටරට යවන්න කටයුතු කරනවා. ඒ විදිහට කටයුතු කලොත් තමයි බැංකු ක්ෂේත්‍රය ශක්තිමත් කල හැකි වෙන්නේ. ඒ අය මහන්සි වෙන්වා නම් වැඩ කරනවා නම් ඊළඟ වර්ධකය දිය යුතුයි. සමෘද්ධි නිලධාරියාට ඒ බැංකුවෙන් ණයක් ගන්න ක්‍රම වේදයක් සකස් කල යුතුයි. සමෘද්ධි බැංකුවේ නිලධාරින් වෙනත් බැංකුවකින් ණය ගන්න යන යුගය වෙනස් කල යුතුයි. එයට අවශ්‍ය නිතී රීති සකස් කිරීමට කටයුතු කරනවා. සමෘද්ධි කළමණාකරුට සමෘද්ධි නිලධාරියාට සමෘද්ධියේ වැඩ කරන ඕනෑම කෙනෙකුට වැටුප ඇපයට තබාගෙන ණය ලබාගත හැකි ක්‍රමයක් සකස් කරනවා. ඒ වගේම මේ බැංකුව අනෙක් අයටත් විවෘත කල යුතුයි. එවිටයි බැංකුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යා හැකි වෙන්නේ. ඒ සදහා සමෘද්ධි බැංකුවේ ණය නිතී රීති ලිහිල් කල යුතුයි. සියලු ම සමෘද්ධි බැංකු නවීකරණය කිරීමේ වැඩපිළිවෙලක් ඉක්මණින් ම ක්‍රියාත්මක කල යුතුයි. එය බැංකුවේ නාම පුවරුවේ සිටම මුළු රටේම එකම ආකෘතියකට අනුව සකස් කල යුතුයි.
මොන ම හේතුවක් නිසාවත් සමෘද්ධි බැංකුව මහ බැංකුවට පවරා ගැනීමට මම ඉඩ දෙන්නේ නැහැ.එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. ඒ පිළිබඳව කිසිම කෙනෙක් සැකයක් බයක් තියා ගන්න අවශ්‍ය නැහැ. මට දුන්න වගකීම මම උපරිමයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබගේ සහයෝගය ලබාදිය යුතුයි. මහ බැංකුවේ නිලධාරියෙක් එනවා මේ බැංකුව පිළිබඳව කටයුතු සොයා බලන්න. භාණ්ඩාගාර නිලධාරියෙකුත් එනවා. ඔහුන් මේ පිළිබඳව සොයා බලා වර්තා සකස් කර ඉදිරිපත් කරයි. මම බලාපොරොත්තු වෙනවා අපේ අමාත්‍යාංශය සමඟ අනෙකුත් අමාත්‍යාංශ හා ඒකාබද්ධව වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. විශේෂයෙන් නිවාස අමාත්‍යාංශය , ග්‍රාමිය ආර්ථික කටයුතු අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශ වල ක්‍රියාත්මක වැඩසටහන් අපේ අමාත්‍යාංශයේ වැඩසටහන් වලට ලේසියෙන් සම්බන්ධ කල හැකි වෙනවා. ඒ සඳහා ප්‍රාදේශිය ලේකම්ගේ සහාය ලබාගෙන කටයුතු සම්බන්ධිකරණය කරගැනිමට අපේ ප්‍රාදේශිය නිලධාරින් දක්ෂ විය යුතුයි.

නව ඇමති සුභ මෙහෙතින් වැඩ අරභයි



  සමාජ සවිබලගැන්වීම් ගරු අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා සුභ මොහොතින් අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කෙරිණී.

ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ..


   තිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන්  ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සදහා ඉදිකල නව ගොඩනැගිලි අතරින් ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය භූමියේ ඉදිකල නව තෙමහල් ගොඩනැගිල්ල ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් 2018.05.12 දින ජනතා අයිතියට පත් කරන ලදි.

නව පහසුකම් වලින් සමන්විත    අංගසම්පුර්ණ වායු සමනය කරන ලද ශ්‍රවණාගාරයකින් සමන්විත නව තෙමහල් ගොඩනැගිල්ල සදහා සියළුම කාර්යාලීය උපකරණ ද  මෙම ව්‍යාපෘතිය තුලින් ලබාදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් කටයුතු සිදු කර ඇත.



   ගරු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමාගේ පූර්ණ මැදිහත් වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය සදහා වැය වූ මුදල රුපියල් ලක්ෂ 500 කි.

   මෙම විවෘත කිරීමේ අවස්ථාවට ගරු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා, අමාත්‍යවරුන් වන ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක.දකුණු පලාත් ගරු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , පලාත් සභා මන්ත්‍රීවරුන් ගෝනාපීනූවල සම්බන්ධීකරණ කමිටු සම සභාපති ඩෙනට් පනියන්දූව මැතිතුමා , අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.පුෂපලාල් කුමාරසිංහ මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය සභා මංත්‍රීවරුන් , ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මහත්මිය,හිටපු ප්‍රාදේශීය ලේකම් වත්මන් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක මහත්මිය සහකාර ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුණසේන මහත්මිය ඇතුළු සියළුම කාර්යාලීය හා ක්ෂේත්‍ර නිලධාරීන්, කොට්ඨාශයේ සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානින්, ප්‍රභුවරුන්, ස්වේජා සමිති නියෝජිතයින් හා ප්‍රදේශ වාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටින ලදි.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක 
ගෝනාපීනූවල

කොවුල් නාදයෙන් සංහිදියාවේ වසන්ත උදානය


   සූර්යයා මීණ රාශීයෙන් මේෂ රාශියට පැමිණිමෙන් උදාවන සිංහල දෙමළ අළුත් අවුරුද්දේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලට සම්බන්ද සියළු නිළධාරීන් සමග  ප්‍රාදේශීය ලේකම් සී.එම්. කරුණාරත්න මෙනවිය නැවුම් ගමනකින් මෙවර අවුරුදු නෑගම් යන ලදි.අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උතුම් සංකල්පයකට අනුව සියළු ජාතීන් හා ආගම් අතර සංහිදියාව ඇති කිරීම පිණීස සංහිදියාවේ වසන්ත උදානය පවත්වන ලද්දේ..... 111 තලාකොළවැව  මයුරපාද විද්‍යාලීය ක්‍රීඩාංගනයේදීය.

  සිංහල දෙමළ සිංහල අවුරුද්ද මෙවර සිංහල මුස්ලිම් වශයෙන් සියළුදෙනා විවිධවූ තරග සදහා සහභාගිවෙමින් නවක අත්දැකීම්ද ඒකරාශි කරමින් ඉතා විනෝදයෙන් සමරද්දී මෙම අවස්ථාවට ජනාධිපති මාධ්‍ය  අංශයේ නිළධාරීන්ද සහභාගිවන ලදි.
                        
වජිරා දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

Saturday, May 12, 2018

හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බක්මහ උළෙල


  හික්කඩුව ප්‍රාදේශිය ලේකම් ඩබ්.එස්.සත්‍යානන්ද  මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්විම මත සහකාර ප්‍රාදේශිය ලේකම් ඩී.එන්.පී කුලරත්න මැතිනිය විසින් කාර්යාල නිලධාරින්  වෙනුවෙන්   බක්මහ උළෙලක් සංවිධානය කරන ලදි. මේ   සඳහා  ගරු ස්වදේශ කටයුතු අමාත්‍ය  වජිර අබේවර්ධන මැතිතුමා ඇතුළු  ආරාධිතයින් රැසක් සහභාගිවිය.  

   මෙහිදි කුඩා ළමයින් සඳහා ටොපි ඇහඳිම, බැලුම් පිපරවිම , හැන්ඳ මත දෙහි ගෙඩිය තබාගෙනයාම, මිටර්100, 200, කාන්තා පිරිම් එක්  එක් වයස් සිමාවන් මත කඹ ඇඳිම, කාන්තා ,පිරිමි,  සෙමින් බයිසිකල් යෑම,  විනාඩි 45 ඇතුලත මනමාලි හා මනමාලයෙක් හැඩ ගැන්වීම (පත්තර කොලවලින්)   
සිඟිති අවුරුදු කුමරිය තේරිම  ,ගෝනි රේස් , යනාදි විශාල තරඟ ප්‍රමාණයක්  පැවැත්විය .මෙම බක් මහ උළෙල ඉතාමත් උත්කර්ශවත් අන්දමින් පැවත්විය.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව


යක්කලමුල්ලේ සමෘද්ධි බක්මහ උලෙල


  ක්කලමුල්ල සමෘද්ධි බක්මහ උලෙල තුනක් එකම දින පසුගියදා පැවැත්වීමට කටයුතු කරන ලදි .මාගෙදර  සමෘද්ධි බැංකුව හා කලාපය බක්මහ උලෙල මාගෙදර විහාරය අසලදී පැවැත්වීමට විය. ජාතික ක්‍රීඩාවලට මුල්තැන දෙමින් මෙම උත්සව සංවිධානය කිරීමට වග බලාගෙන තිබුණි.

    තෙල්ලබුර සමෘද්ධි බැංකුව හා කලාපය විසින් සංවිධානය කරන ලද බක්මහ උලෙල නාවල කනිෂ්ඨ විද්යාල භුමියේදී විශාල ජන සහභාගිත්වයක් ඇතිව පැවැත්වී වු අතර ජාතික කෙලි සෙල්ලම් වලට අමතරව විවිධ තරග සංවිධානය කර තිබිණි.

   පොල්පගොඩ සමෘද්ධි බැංකුව හා කලාපය සංවිධානය කරන ලද බක්මහ උලෙල ඉතා දුෂ්කර ගමක් වූ බදුන්ගල ග්‍රාම නිලධාරි වසමේ දී විශාල ජන සහභාගිත්වයක්  ඇතිව විවිධ වූ සංස්කෘතිකාංග ඇතුලත්ව පැවැත්වීම කාගෙත් සිත් සතුටු කිරිමට සමත් විය.

   මෙම සෑම  බක්මහ උලෙල කටම  දකුණු පලාත් සභා මන්ත්‍රීවරුන් වන සිසිර කුමාරරත්න, ඉසුරු දොඩන්ගොඩ තුමන්ලාත්  යක්කලමුල්ල ප්‍රාදේශිය සභා සහභාගි යු.ජි පියදාස මැතිතුමා සමගින් ප්‍රාදේශීය මන්ත්‍රී තුමන්ලද, යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් සී. මුහන්දිරම් මැතිතුමා ,මුලස්තාන කලමනාකරු යු. අනුර මහතා ,මහා සංගම් අධ්‍යක්ෂිකා තුෂාන්ති මිය හා කලාප කලමනාකරුවන් වන පත්මසිරි මහතා ජිවනි මහත්මිය ,ඉන්දිකා හිමාලි මහත්මිය ,ව්‍යාපෘති කලමනාකාර ආනන්ද මායාකඩුව ,අශෝකා මහත්මිය ,සමගින් සියලුම සංවර්ධන නිලධාරි මහත්ම මහත්මින් මෙම දිනය පුරාවට සහභාගී වූ අතර අති සාර්ථකව ජාතික උත්සව  තුනක නිමාව දක්නට හැකිවිය.

ජේ. එල්. ගාමිණී
සමෘද්ධි සන්නිවේදක
යක්කලමුල්ල

Tuesday, May 8, 2018

යටලමත්ත සමෘද්ධි බැංකුවේ නව පාලක මණ්ඩලය පත්වේ


  නාගොඩ ප්‍රාදේශිය ලේකමි කොටිඪාශයේ යටලමත්ත කලාපයේ, සමෘද්ධි බැංකු කොටස් කරැවන් කැදවා 2018 වර්ෂය සඳහා පාලක මණ්ඩලයේ සභාපතිවරැ තෝරා පත්කිරිමෙි රැස්වීම 2018/ 03 /23 දින කළමණාකාර තුමාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විය‍. මෙම අවස්ථාව කලාප සහකාර සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

ඩබ්ලිව් .ජි කුමාරරත්න
සමෘද්ධි සංනිවෙිදක
නාගොඩ

වෙසක් මාපිය වන්දනාව


  කරන්දෙණිය ජාතික පාසලේ 2018 අ:පො:ස:(සා:පෙ:) කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක ආකල්ප සංවර්ධන වැඩසටහන් මාලාවේ එක් අවස්ථාවක් පසුගියදා පැවැත්වුනා. එළඹෙන දෙසැම්බරයේ විභාගයට පෙනීසිටින දරුවන් වෙත මව්පියන්ගේ අවධානය සුදුසු කල්හි නිසි පරිදි යොමු කිරීම ඉලක්ක කොට මෙම වැඩසටහන් පැවැත්වීමට පාසලේ ආගමික අධ්‍යාපනය භාර ගුරු හාමුදුරුවන් වහන්සේලා කටයුතු යොදා තිබිණ.

   විද්‍යාලයේ විදුහල්පති ශාන්ත ආරියරත්න මහතා විසින් විද්‍යාලයීය ආචාර්යමණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය, ආදී ශිෂ්‍ය සමිතිය සහ පන්ති මට්ටමේ අධ්‍යාපන සංවර්ධන කමිටු මනා ලෙස සංවිධානගත කරමින් විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම සදහා පාසලේ මාපිය ප්‍රජාව සහ ශිෂ්‍ය ප්‍රජාවගේ යොමුව වර්ධනය කිරීම අරමුණ කොට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

  මෙවර සා:පෙ: සහ උ:පෙ: විභාගයට ඉදිරිපත්වන දරුවන් වෙනුවෙන් උදෑසන 6.30ට පාසල ආරම්භ කරන අතර දහවල් 1.30 දක්වා සිරිත් පරිදි පාසල පවත්වන අතර රාත්‍රි 6 සිට 8.30 දක්වා පාඩම් කිරීමේ පන්ති පැවැත්වීම දෛනික කාලසටහන වන අතර ගුරුවරුන් ලබාදෙන සහයෝගය විශේෂයෙන් අගය කල යුතුය.

එල්. පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

Friday, May 4, 2018

හෙළ ජන දිවියයි.....සොබා අසිරියයි........


  පෝෂණය වර්ධණය කර ආහාර සුරක්ෂිත තාවය ඇති කරමින් ජීවන වියදම අවම කිරීමේ පරමාර්ථය ඇතිව ආදායම වර්ධනය කරමින් පිරිපුන් සෞඛ්‍ය සම්පන්න සමාජයක් ඇති කිරීමේ අරමුණ ඇතිව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව 2018 වර්ෂයේදී ආරම්භ කර ඇති එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු හා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උදාරතර සංකල්පයක් වන වෂ විසෙන් තොර ගෙවතු සංවර්ධන වැඩසටහනට සමගාමීව පාරම්පරික ස්වභාවික වගාක්‍රම සහිතව වස විසෙන් තොර පරිසර හිතකාමී ගෙවත්තක් නිර්මාණය කිරීම පිලිබදව පුහුණු වැඩසටහනක් පසුගිය 28 වන දින මැදිරිගිරිය මණ්ඩලගිරිය විහාරස්ථානයේදී පවත්වන ලදි. 

  සොබදහම් ගොවිතැන ප්‍රධාන උපදේශක තිලක් කන්දේගම මහතාගේ මගපෙන්වීම මත සොබාදහම් ගොවිතැන බාහිර උපදේශක ජාතික ගොවි සමුළුවේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බි.ඩි.ඉන්ද්‍රජිත් මහතා සහ ජේෂ්ඨ ප්‍රවීන මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ සහභාගිත්වයෙන් මෙම හෙළ ගොවි ගෙවතු වගා වැඩසටහන 86 ගජබාපුර සමෘද්ධි සංවර්ධන නිලධාරීගේ ඉල්ලීම පරිදි පාරම්පරික වගා ක්‍රම පාරම්පරික කෘමි පාලනය, ස්වභාවික කෘමිනාශක හා ස්වභාවික පොහොර භාවිතය පිලිබදවද  ප්‍රජාව දැනුවත් කෙරිණි. 

   මෙම වැඩසටහන මැදිරිගිරිය හෙළ දිවි සොබා සංවර්ධන පදනමේ ලේකම් ඩි.එම්.පි.කේ.දිසානායක මහතාගේ සම්බන්ධිකරණයෙන් මැදිරිගිරිය සමෘද්ධි බැංකු සමිතියේ කළමණාකාර අධ්‍යක්ෂක චන්දන සුගත් කුමාර මහතාගේ මගපෙන්වීමෙන් සහ 86 ගජබාපුර සමෘද්ධි ප්‍රජාමූල සංවිධානයේ සංවිධානත්වයෙන් පවත්වන ලදි.සොබාදහම් ගොවිතැන හා සම්බන්ද ආචාර්‍ය ආර්.කේ.රෝහන් සිසිර කුමාර මහතා ප්‍රකාශිත ලංකා ජ්‍යොතිෂ දිනපොත හා දේශීය බීජ හෙළ දිවි සොබා සංවර්ධන පදනමේ ලේකම් ඩි.එම්.පි.කේ.දිසානායක මහතාට සොබාදහම් ගොවිතැන බාහිර උපදේශක බි.ඩි.ඉන්ද්‍රජිත් මහතා  පරිත්‍යාග කලේ සොබාදහම සමග කටයුතු කිරීමේදී අත්‍යාවශ්‍ය වන බව පසක් කරමිණි.

වජිරා දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය.

Thursday, May 3, 2018

මහ සග රැවන පුලතිසි වඩිති පිඩුසිගා - සොයා මොක් සුව



   දා බුදුන් දවස ජේතවනාරාමයේ වැඩ සිටි අප ගෞතම අමාමෑණී තතාගත බුදු පියාණන් වහන්සේ රහත් මහ රහතුන් වහන්සේලා ඇතුළු මහා සංඝයා වහන්සේලා පෙරටුකොට ගම් නියම්ගම් වල පිඩුසිගා වැඩීම තම හදවත් වලට සිහි ගන්වමින් මේ උතුම් වූ බුද්ධ තෙමගුල සමරන වෙසක් සතියේ මණ්ඩලගිරිය විහාරාධිපති වටදාගෙය භාරකාර මොරගොල්ලාගම සීවලී හිමිපාණන් වහන්සේ පෙරටුකොට සංඝයා වහන්සේලා මණ්ඩලගිරිය විහාරස්ථානයේ සිට මැදිරිගිරිය බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන අග්බෝ නිරිදුන්ගෙන් පහස ලත් රහත් මහ රහතුන් වහන්සේලා ප්‍රධාන මහා සංඝයා වහන්සේලා වැඩ සිටි වටදාගෙය භුමියට පාගමනින් වැඩියේ දෙනෝදහක් පිංවතුන්ගේ සාධුකාර මධ්‍යයේය.

  පාර දෙපස සිට තමාට හැකි පමණින් නිවසේ උයාපිහා ගන්නා ලද ආහාර මෙන්ම විවිධවූ දේවල් පූජා කලේ තම හිත්වල උපන් බුද්ධාලම්භණ ප්‍රීතියෙනි.කුඩා සාමනේර වහන්සේලාද කිසිදු වෙහෙසකින් විඩාවකින් තොරව කිලෝමීටර් දෙකක් පමණ මෙම පිණ්ඩපාත චාරිකාවට වැඩසිටි අතර පිණ්ඩපාතික දානය වටදාගෙයේ වන රුක්මුල සිට සංඝයා වහන්සේලා සමාපත්ති සුවයෙන් වැඩ හිද දානය වැලදීම කාගෙත් සිත් සතන් ප්‍රීතියට පත් කරන ලදි.

   මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් සී.එම්.කරුණාරත්න මෙනවියගේ මග පෙන්වීම හා මූලිකත්වයෙන් මැදිරිගිරිය සංවර්ධන නිළධාරී සංසදය සංවිධානය කරන ලද මෙම පිණ්ඩපාතික වැඩසටහන සදහා සියළු නිළධාරීන්ගේ මෙන්ම ග්‍රාමීය ජනතාවගේද මහත් උනන්දුවක් හා උද්යෝගයක් සමෘද්ධි ගමනට දක්නට ලැබුණි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

Wednesday, May 2, 2018

හැටන් සම්බුද්ධත්ව අසිරිය


   ශ්‍රි බුද්ධ වර්ෂ 2562 වන සම්බුද්ධත්ව තෙමගුල සැමරුම වෙනුවෙන් මෙවර  හැටන් නගරයේ විශේෂ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි. වෙසක් දිනයේ දි හැටන් නිග්‍රෝධාරාම විහිරස්ථානය සංවිධානය කරන ලද වෙසක් සුමදුර ධර්මදේශනා මාලාව හා පෙහෙවත් සමාදන් කරවිමේ වැඩසටහන් ක්‍රියාත්මක කල අතර ප්‍රදේශයේ දමිළ ජනතාව වෙනුවෙන් දමිළ භාෂාවෙන් ධර්ම දේශනාවක්ද පවත්වන ලදි.ඒ සදහා විශාල දමිල ජාතිකයින් පිරිසක් වෙසක් දිනයේදි විහාරස්ථානයට එක්ව සිටියහ.

   එමෙන්ම හැටන් පොලිසිය සංවිධානය කල වෙසක් කලාපයක් හැටන් පොලිස් ක්‍රිඩා පිටිය හා දුම්රිය ස්ථානය පරිශ්‍රයේ දි පැවැත්විය.

   හැටන් පොලිස් අධිකාරි කොට්ඨාශයට අදාල පොලිස් වසම් අටක පොලිස්ථාන වලින් හා පාසල් වලින් ඉදිකල පහන් කූඩු රැසක් ප්‍රදර්ශණයට එක්කොට තිබින.ඊට සමගාමිව එම ස්ථානයේම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහබාගීත්වයෙන් බැති ගී සරණියක්ද පැවැත්විය.

   එමෙන්ම හැටන් ලංකා විදුලිය බල මණ්ඩලයේ ප්‍රාදේශිය කාර්යාල පරිශ්‍රයේ චුල්ල පද්ම ජාතක කතා වස්තුව නිරූපනය කෙරෙන ඩිජිටල් තොරණක් ප්‍රදර්ශනයට එක් කොට තිබේ.
හැටන් ඉරිදා පොල තරුණ කැල 21 වරට පිරිනැමු බත් දන්සල මෙන්ම 29 වන දිනය පුරා හැටන් නගරයේ විවිධ වර්ගවල ආහාර හා ඖෂ්‍යධ පැන් දන්සල් පැවත්විය.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

Tuesday, May 1, 2018

සමෘද්ධි බක් මහ උදානය....... කළුකැලේ


  මෘද්ධි සංවර්ධන  දෙපාර්තෙම්න්තුව විසින් දිවයින පුරා සංවිධානය කරනු ලැබු අවුරුදු උත්සව 22 ඉරු දින පැවැත්විනි. දිඹුලාගල කොට්ඨාශෙය් නුවරගල කලාපෙය් බක් මහ උදානය කළුකැලේ වසම තුල පවත්වන ලදි. දිඹුලාගල  මුලස්ථාන කළමණාකරු දිසානායක මහතාගේ මූලිකත්වෙයන් හා කළුකැලේ වසම භාර ඒ.ජයවීර මහතාගේ සංවිධානෙයන් පවත්වනු ලැබු අතර නුවරගල කලාපෙය්  සමෘද්ධි සංවර්ධන නිලධාරි මහත්ම මහත්මීන් හා නුවරගල ප්‍රජාමූල බැංකු නිලධාරි මහත්ම මහත්මීන් සියළු දෙනාම සහභාගි විය.

එම් පි රංජනී ජයවර්ධන
සමෘද්ධි ගමන සංනිවේදක
දිඹුලාගල