Saturday, May 13, 2017

ආබාධ සහිත වූවන්ගේ බක්මහ උළෙල

    තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධී සමාජ සංවිධාන  පදනම හා සමාජ සේවා අංශය විසින් සංවිධානය කල ආබාධ සහිත වූවන්ගේ බක්මහ උළෙලක් තවලම ජෙස්මින්වැලිය ක්‍රීඩාංගනයේදී  2017.04.27 දින දවස පුරා පැවැත්විණි.
    උපතින්ම විවිධ  ආබාධ සහිත පුද්ගලයන්  සවිබල ගැන්වීම, මානසික සෞඛ්‍යය යහපත් කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් ධම්මික එස්.වීරකෝන් මහතාගේ මග පෙන්වීම යටතේ ක්‍රීයාත්මක කරන ලදි.
    එදින දවස පුරා  විවිධ තරඟ ඉසව් පැවත්වන ලද අතර අලියාට ඇස තැබීම,විකට ඇඳුම් තරඟය,ජන ගායනා, සංගීත බෝල තරඟය ආදී තරඟ වලට ඉතා උද්යෝගයෙන් සහභාගී වුණි.


අයි. ඩී. විජිත
සමෘද්ධි සන්නිවේදක - තවලම

No comments:

Post a Comment